SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

90 දශකයේ අග භාගයේ මාතර පැවති UNP මහ ජන රැස්වීමක දී මංගල සමරවීර සමලිංගිකයෙකු බව පවසා,

ඔහුව විහිලුවට ලක්වන ආකාරයෙන් රාජිත සේනාරත්න විසින් කතාවක් පැවැත්වීය. එය රට තුල විශාල ආන්දෝලනයක් ඇති කල සිද්ධියක් විය. ඊට විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය වලින් විශාල ප්‍රචාරයක් ද ලබා දී තිබුණි. නමුත් අද කිසියම් ඇමතිවරයෙකු සමලිංගිකයෙකු බව පවසා ඒ අයුරින් රැස්වීම් වල කතා පැවැත්වීමක් සිදු වීමට කිසිඳු ඉඩක් නැතුවා සේම කිසිවෙකු සමලිංගිකයෙකු වීම පිළිබඳව ප්‍රශ්නකාරීත්වයක් සමාජය තුල ඇති නොකරයි.

එකල ඇති වූ දැඩි ආන්දෝලනාත්මක තත්වය තුල මංගල සමරවීර බේරාගැනීමට සිටි එකම වීරයා වූයේ දීප්ති කුමාර ගුණරත්නයි. ඔහු ඒ වෙනුවෙන්ම 'මාතොට' සඟරාවක්ම වෙන් කළේය. ෆූකෝ, ලැකන්, ෆ්‍රොයිඩ්, ගෙනහැර දක්වමින් මංගල සමරවීර වෙනුවෙන් සටන් වැදුන ආකාරය මංගලගේ සිත් ගත් බැවින් එකල ජනමාධ්‍ය ඇමති වූ මංගල රජයේ රූපවාහිනී, ගුවන්විදුලි, නාලිකාවන්හි සහ පුවත්පත් වල විශේෂ ඉඩක් ද ඒ වෙනුවෙන්ම දීප්ති සඳහා වෙන් කොට දෙන ලදී.‍

අභීත සෙන්පති දීප්තිගේ ප්‍රතිප්‍රහාරය කෙතරම් භිහිසුනු ද යත් රාජිත සේනාරත්නට පවා ජාතික රූපවාහිනයට පැමිණ සමාව අයැදීමට සිදුවිය. ඔහු එහිදී ඉතාමත්ම ලජ්ජාවෙන් ඇඹරෙමින් ප්‍රකාශ කොට සිටියේ මාතර පවත්වන රැස්වීම් වලදී සෙනඟ නොරැඳෙන බැවින් සෙනඟ රඳවා ගැනීම සඳහා එවැනි කතාවක් කල බවය.

එදා මංගල සමරවීර පත් වූ තත්වයට අද පත්ව ඇත්තේ පරිඝනක විද්‍යාව පිළිබඳව මහාචාර්ය ආශු මාරසිංහය. ඒ බැල්ලියක් සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවට සාක්ෂි ඉදිරිපත් වීමෙනි. චෝදනා කරුවන් සහ සාක්ෂිකරුවන්ම පවසන පරිදි මිනිසුන් අතර ඕනෑම ආකාරයේ ලිංගික සම්බන්ධයක් නීත්‍යානුකූල විය යුතු අතර එය ප්‍රශ්නයක් නොවන බවත්, එහෙත් සතුන් සමග ලිංගික සම්බන්ධය අනුමත කල නොහැකි, නීත්‍යානුකූල වරදක් බවත් ප්‍රකාශ උනි.

එදා මංගල සමරවීර බේරාගැනීමට සිටියේ එක් වීරයෙකු වුවත් (ඔහුගේ ගෝලබාලයින් සිටිය ද) අද ඔහුට නොදෙවැනි, ඔහු පරයා ගොස් ඇති, ඔහුගේ අනුගාමික වීරයින් සහ වීරවරියන් රැසක් සිටී. නම් වශයෙන් සඳහන් කරන්නේ නම් ඒ, චින්තන ධර්මදාස, සුමිත් චාමින්ද, විදර්ශන කන්නන්ගර, මහේෂ් හපුගොඩ, ප්‍රභා-බුද්ධික යුවල(සමන්ත බණ්ඩාර), වංගීස සුමනසේකර, භූපති නලින්, ගීතිකා ධර්මසිංහ යන සේනාධි නායක නායිකාවන්ය. ඒ අනුව දැන් කල යුතුව ඇත්තේ Ruwan Gurugeගේ සම්බන්ධිකරණයෙන් (එදා මංගල සමරවීර බේරාගැනීමට සම්බන්ධිකරණ කටයුතු මෙහෙය වූ ලෙසම) රජයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නාලිකා තුලින් මේ වීරයන්-වීරවරියන් ලවා ආශු මාරසිංහ බේරාගැනීමේ සටන ආරම්භ කිරීමයි.

මේ සඳහා Sudarshana Gunawardana, Kotawila Withanage Janaranjana, අජිත් පැරකුම් ජයසිංහ, වැනි අයට උදව්කරුවන් ලෙස ක්‍රියා කල හැකිය.

නැවතත් අවධාරණයෙන් පැවසිය යුත්තේ අසරණ වී ඇති ආශු මාරසිංහ ද බේරාගෙන, LGBTIQ+ රට තුල නීත්‍යානුකූල කරවීම කල හැක්කේ මේ සෙන්පතියන්ටම පමණක් බවය. LGBTIQ+ වෙනුවෙන් කොළඹ වීදි වල නැටුම් නටමින් පෙළපාලි පවත්වනවාට වඩා මෙය ඉතා ඵලදායි ක්‍රියාමාර්ගයක් වනු ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි