SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ නාගරික අවකාශයෙන් පිටත ප්‍රදේශවල ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරකම් කෙරේ ඇති වෙමින් තිබෙන ජනතා ආකර්ශනය ධෛර්යමත් කළ යුතු සංසිද්ධියක් බව මගේ අදහසයි.

පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පැරණි වාමාංශයේ බිද වැටීමෙන් පසුව මේ ප්‍රදේශවල අර්ථාන්විත දේශපාලන නායකත්වයක් යැයි කිව හැකි දේශපාලන ක්‍රියාකාරකම් පෙළක් මැතිවරණ දේශපාලනය තුළ වර්ධනය වන්නේ ජවිපෙ/ජාජබ ක්‍රියාකාරකම් හරහාය.

ලංකාවේ නූතන ග්‍රාමීය දේශපාලනයේ අවධි තුනක් හදුනාගැනීමට මම කැමැත්තෙමි.

* සම්ප්‍රදායික පූර්ව-ප්‍රජාතන්ත්‍රවාදී අධිකාරීත්ව ව්‍යුහයන්හී අනුග්‍රහය යටතේ ඉහළ ඉඩම් හිමි පංතිය දේශපාලන අධිපත්‍යය හෙබ වූ අවධිය. 1956 දක්වා එක්සත් ජාතික පක්ෂයේ (හා ලංකා ජාතික සංගමයේ) දේශපාලනය විසින් මෙය නියෝජනය කෙරිණි. මීට අභියෝග කෙරුණු ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමීය ආන්තික ජන කොටස්වල සහය ලැබූ වාමාංශික දේශපාලනය මතුවිය. 1947 පාර්ලිමේන්තු මැතිවරණය මේ අවධියේ හොදම ප්‍රකාහනයයි.

* ග්‍රාමීය මැද මට්ටමේ ඉඩම් හිමි පංතිය දේශපාලන වශයෙන් ශක්තිමත් වූ යුගය. මෙය සග-වෙද-ගුරු-නොතාරිස්වරු- රෙජිස්ටර් රාලහාමිලා වැනි ග්‍රාමීය සමාජයේ ප්‍රභූත්වයක් දැරූ (ගුණදාස අමරසේකරගේ “බාල මහත්තයා වැනි) පිරිස් ග්‍රාමීය ජනයාට දේශපාලන නායකත්වය සැපයූ යුගයයි. ජාතික දේශපාලනය කලින් අවධියේ පංතිය විසින්ම හෙබවූ අතර මේ ග්‍රාමීය පංතිය එම ප්‍රභූන් වෙනුවෙන් ග්‍රාමීය දේශපාලනය කලමණාකරණය කලේය. මේ පංතියේ බලපෑම නිසා ග්‍රාමීය ප්‍රෙද්ශවල වාමාංශික දේශපාලනයේ නැගීම ඇණ හිටිණි. 1956 මේ පංතියේ දේශපාලනය ජයගත් අතර 1977 දී එය තීරණාත්මක ලෙස පරාජයට පත්විය.

* ආර්ථිකයේ සාපේක්ෂ ව්‍යාප්තිය නිසා අළුතෙන් මුදල් හම්බ කරගත් ග්‍රාමීය නව සමාජ පංතියක් ග්‍රාමීය දේශපාලනයේ ප්‍රමුඛත්වයට පත් වූ අවධිය. 1977 දී එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණය පසුපස් සිට ග්‍රාමීය දේශපාලනය කලමණාකරණය කලේ මේ පංතියයි. 1977න් පසු මේ පංතිය දේශපාලන අනුග්‍රහය යටතේ ධනවත් හා බලවත් පිරිසක් බවට පත්විය. 1994 දක්වා එජාපය තුළ ගොනු වී සිටි මේ පංතිය, 1994න් පසු ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙත නැඹුරු විය. ඒ නැඹුරු වීමේ උච්චතම අවස්ථාව මහින්ද රාජපක්ෂගේ නැගීමත් සමග සිදුවිය. 1994න් පසු එක්සත් ජාතික පක්ෂයට ස්ථිරසාර ලෙස හිස එසවීමට නොහැකි වූයේ මේ පංතිය මත එජාපයට තිබූ දේශපාලන ඒකාධිකාරය අහෝසි වීම නිසාය. මෙම පංතියේ අවසාන දේශපාලන කළමණාකරුවා වන්නේ බැසිල් රාපක්ෂයි. පොහොට්වේ බිදවැටීමත් සමග ග්‍රාමීය මැතිවරණ දේශපාලනය තුළ මේ පංතියේ ආධිපත්‍යය දුර්වල වෙමින් පවතින බව පෙනේ.

ජවිපෙ/ජාජබ දේශපාලන ආමන්ත්‍රණයට ආකර්ශනයක් ඇති වී තිබෙන්නේ ඉහත කී තෙවෙනි අවධියේ දී ග්‍රාමීය දේශපාලනය හැසිරවූ පංතියේ දේශපාලන ආධිපත්‍යය දුර්වල වීම නිසාය. දැන් ග්‍රාමීය ඡන්දදායකයින්ට එක් ආකර්ශනීය කේන්ද්‍රයක් නොමැති බව ඉදිරි මැතිවරණවලදී පෙනී යනු ඇත. මේ නිසා ග්‍රාමීය ඡන්ද පුවක් වල්ල පොළවේ ගැසුවා මෙන් විසිරී යනු ඇත. මෙයින් වැඩි කොටස සමගි ජන බලවේගය පැත්තට සේන්දු වීම සාමාන්‍ය ඡන්දදායක චර්යා ව්‍යුහය නිසා සිදු වීමට වැඩි ඉඩ කඩක් තිබේ. එහෙත් දේශපාලන සාක්ෂරතාවයෙන් ඉහළ පිරිස් අතර වැඩි ආකර්ශනයක් නිසැකවම ජවිපෙ/ජාජබ කෙන්ද්‍රය වෙත යොමු වීම හදුනාගත හැක.

 

@Nirmal Devasiri fb

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි