SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහතින් දක්වා ඇත්තේ "ජාතික ජන බලවේගයට" පක්ෂපාති නිර්මාල් විසින් අපගේ සටහනක් කිච කිරීම සඳහා දමා ඇති කොමෙන්ටුවකි.

නිර්මාල්ට අනුව එසේ ප්‍රශ්න කරන කෙනෙකු සමග "බුද්ධිමය සංවාදයක්" කිරීම (ඔහු බුද්ධිමය සංවාදය නගා සිටුවන්නෙකි) හෝ නොකළ යුතුය. එසේ අදහස් දක්වා ඇති (තමුන්ගේ බිරිඳ ගණිකාවක් වනවාට අකමැති ඇයි වැනි ප්‍රශ්න) අය විසින් විසින් ගොඩනගන කතිකාව මෙතෙක් කල් බැරෑරුම් ලෙස සැලකුවේ නම් දැන් එය නවතා දැමීමට මේ ප්‍රකාශයන් ඉතාම ප්‍රමාණව ද බව ඔහු විසින් පවසයි.

 

නිර්මාල් ස්පාර්ටකස් 1

 නමුත් එම ප්‍රකාශයන්ගේ ඇති ප්‍රශ්නය කුමක්ද යන්න ඔහු නොපවසයි.

ලිබරල්වාදීන්ට සහ සංස්කෘතික වාමාංශිකයින්ට අනුව එවැනි ප්‍රකාශයන් කරනුයේ අමු බයියන්ය. එහි උච්ඡතම න්‍යායික ප්‍රකාශනය වූ එකල "X කණ්ඩායම" විසින් එවැනි ප්‍රකාශයන් කරන අය හැඳින්වූයේ එසේය.

ගණිකා වෘත්තිය නීතිගත කිරීම සඳහා වම්මුන් පක්ෂපාත වන්නේ ශ්‍රමයේ ස්ථානයෙනි. එනම් මාක්ස්වාදී න්‍යායට අනුව නිර්ධනයා හට ඇති එකම ජීවන මාර්ගය ශ්‍රමය වැගිරීමයි. ඔවුනට අනුව ගණිකා වෘත්තිය ද ශරීරය විකිනීමකි. ඒ අනුව "දියුණු වම්මුන්" (එසේ පවසන්නන්ට අනුව එකල ජවිපෙ යනු ගොඩේ වමකි). ගණිකා වුර්තිය නීතිගත කිරීමට පක්ෂ වේ. එසේ වන්නේ ධනවාදය වර්ධනය වීමට නම් ශ්‍රම සූරාකෑම වර්ධනය විය යුතු සහ ධනවාදයේ විනාශය සාක්ෂාත් වන්නේද එම වර්ධනය තුලය යන න්‍යායික ස්ථාවරයේ සිටය. ඒ අනුව ලංකාව තුල ගණිකා වුර්තිය නීතිගත කිරීම සඳහා පක්ෂපාත අය ලිබරල්වාදීන් සහ වාමාංශිකන් ලෙස දෙකට බෙදේ. නමුත් ලිබරල්වාදීන්ට අනුව එය ද තවත් එක් වෘත්තියකි (ඔවුනට අනුව ලොව පැරණිම වෘත්තිය වූ එය මෙතෙක් කල් වෘත්තියක්ව නොපැවතියේ ආචීර්ණ කල්පික අදහස් හේතුවෙන් සහ පැවතී සදාචාර සීමාවන් නිසාය). වාමාංශිකයින්ට අනුව එය සමාජවාදය තුල නැති වීමට නියමිත වෘත්තියකි. නමුත් ඔවුනට අනුව ආචීර්ණ කල්පික සදාචාර සීමාවන් අභිභවා යාම සහ නව සදාචාර සීමාවන් නීර්ණය වීම සමාජ සංවර්ධනයේ අනීවර්යතාවයකි. එයට විරුද්ධ විය නොහැකිය.

ගණිකා වෘත්තිය නීති ගත කිරීමට ඉල්ලා සිටීම හෝ එය නීති විරෝධී ලෙස සලකා ගණිකාවන් අල්ලා දඬුවම් දීම යනු එකම කාසියේ දෙපැත්තයි. ශ්‍රම සූරාකාමක් නීති ගත කරනු යන්න විමුක්ති දේශපාලනයේ සටන් පාඨ නොවේ. ගණිකා වෘත්තිය අනෙකුත් වෘත්තියට සමාන කිරීමද එවැනිම මුග්ධත්වයකි. ගණිකා වෘත්තිය යම් පමණකට සමාන වන්නේ නීතිඥ වුර්තියට පමණි.

 

ගණිකා නීතිගත

 

මීට පෙර මෙම නීතිගත කිරීමේ කාර්ය සඳහා මුල පිරූයේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි. එකල එහි ප්‍රමුඛත්වය ගත් නිමල්කා ප්‍රනාන්දු වැනි අය විසින් එකල ප්‍රකාශ කරන ලද්දේ "ගණිකාව' නමැති වචනය භාවිතා නොකළ යුතු බවත් "ලිංගික ශ්‍රමිකයා" යන වචනය භාවිතා කල යුතු බවත්ය.

චචන වලට අර්ථ නොමැත. ඒවා අර්ථවත් වන්නේ ඒවාට අදාළ සන්ධර්භයේ ව්‍යවහාරය තුල අනෙකුත් සියලු දේ වෙතට ඇති සම්බන්ධය තුලය. ඒ අනුව ලිබරල් නිමල්කා විසින් සිදු කිරීමට උත්සාහ දැරූයේ නව ලිබරල්වාදය තුල ප්‍රාග්ධන ප්‍රසාරණයට අවශ්‍ය තත්වය සකස් කිරීම වෙනුවෙන් අවශ්‍ය පරිදි "ගණිකාව" නමැති පැරණි වචනයට අදාළ අර්ථයන් විසංයෝජනය කිරීමය. ඒ අනුව "ලිංගික ශ්‍රමිකයා" ("sex worker") යන වචනය හඳුන්වා දෙමින්, එයට අදාළ නව ව්‍යවහාරිකත්වය තුල, අදාළ නීති රීති සම්පාදනය කිරීම සහ ආචාරධර්ම සම්පාදනය කිරීම සඳහා සටන් වැදීම උගතුන්ගේ කාර්යභාරය වේ.

මෙවර ඊට පෙරමුණ ගෙන ඇත්තේ සමජා විද්‍යා අචාර්යවරියක් වන හරිනි අමරසූරියයි. සමාජ විද්‍යාවේ කාර්යභාරය වන්නේ ධනවාදයට තුල සමාජීය ගැටුම් සහ ගැටළු විසඳීම වෙනුවෙන් මැදිහත් වීමයි. එහිදී ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය තුල සමාජ චලනයන්ට අදාළව නව අචාර ධර්ම සම්පාදනය කිරීම එම විෂයට අදාළ මූලික කාර්යභාරයකි. ඒ අනුව හරිනි මේ සඳහා මැදිහත්වන්නේ තම අනන්‍යතාවය තුලම සිටය. එහිදී ධනවාදය යන්න ඇයට ස්වභාවිකය.

තකතීරුවන් පවසන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම හරහා ගණිකාවන් සූරාකෑම හීන වී යනු ඇති බවය. නමුත් ගණිකා වෘත්තිය නීති ගත කොට ඔවුන් ලිංගික ශ්‍රමිකයන් බවට පත් කිරීම තුල ඔවුන් එක විට දෙවරක් සූරාකෑමට ලක්වන්නේ රජයට බදු අය වීම හරහා සහ ඔවුනගේ හාම්පුතුන්ට අතිරික්ත වටිනාකමක් එක්කොට දීම හරහාය. මෙම යුගයේ සූරාකෑම යන්න පැරණි මාක්ස්වාදී අර්ථයෙන් ගණනය කල නොහැක. නමුත් මාක්ස්ගේ අර්ථයෙන් අතිරික්ත වටිනාකම මාක්ස් අත්දුටු යුගයෙහි පැවතියාට වඩා තීර්වතාවයකින් යුතුව ප්‍රවර්ධනය වන්නේ වඩ වඩාත් පරිසරය සූරාකෑම වෙතින්ය. මිනිසුන්ගේ ශ්‍රම කාලය වැඩි වෙමින් දහවල මදි බැවින් රාත්‍රී ආර්ථීකයන්ද ඇති කිරීමට අදාළ අධෝව්‍යුහය එයයි. මෙවැනි මහා පරිමාන ප්‍රාග්ධන සංචිතකරණයන් නැවත වරක් යෙදවෙන්නේ අධ්‍යාපනය, විද්‍යාත්මක පරීක්ෂණ, තාක්ෂනය හරහා වන නව නිෂ්පාදන සඳහා සහ වෙළඳ ප්‍රචාරණය හරහා නැවතත් ඒවා සමාජ ගත කිරීම සහ ඊට අදාළ විනෝදය සංවිධානය කිරීම සඳහාය (මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා Casino චිත්‍රපටය නරඹන්න නරඹන්න).

 ගණිකා 2

Casino

ගණිකා වෘත්තිය නීති ගත කිරීම වෙනුවෙන් පෙනී සිටින්නන් වෙතින්ම ප්‍රකාශ වන පරිදි කැසිනෝ සහ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ලිංගික ශ්‍රමිකයන්ය. එකල මේ වෙනුවෙන් පෙනී සිටි සුනිලා අබේසේකර, නිමල්කා ප්‍රනාන්දු වැනි අය පවසා සිටියේ ලිංගික ශ්‍රමිකයින්ට පිරිමින්ද ඇතුලත් බවය. අප ඊටද එහාට ගොස් ඒ පිළිබඳව ප්‍රකාශ කොට සිටින්නේ ලිංගික ශ්‍රමිකයින් පමණක් නොව මේ සඳහා නවීන පන්නයේ පාතාලයක්ද අවශ්‍ය බවය. ඒ සඳහා බෝක්කු පල්ලේ රිංගා සිටි, පැරණි, ගෝනවල සුනිල්ගේ සිට වර්තමාන පාතාලය දක්වා වූ පාතාලයට වඩා "වැදගත්" පාතාලයක් අවශ්‍ය වනු ඇත. තකතීරු NGO කරුවන්, ලිබරල්වාදීන් සහ වාමාංශිකන් මහත් උජාරුවෙන් ආරක්ෂා කරගැනීමට පේවී සිටිනා ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, මානව හිමිකම්, සමානාත්මතාවය, යහපාලනය වැනි දෑ එසේ පවත්වාගෙන යාමට නම් නීතිය උල්ලංගනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවන් පවත්වා ගැනීම, මානව හිමිකම් උල්ලංගනය කිරීම, ආචාරධාර්මික සංවාද තලයේ හැර සැබවින්ම සමානත්මත්වාය නොපැවතීම වැනි දෑ වෙනත් තලයකදී සිදු විය යුතු බව මොවුන් සිහිනෙන්වත් සිතන්නේ නැත. එය කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම් පවතින නීතිය සහ සාමය ආරක්ෂා වන්නේ ඊට යටින් ක්‍රියාත්මක නීතියක් පවතිනා බැවිනි.සැබෑ නීතිය එයයි.

මේ ගතවන්නේ පරාවර්තිතතාවයේ (reflexivity) නව පශ්චාත් නූතන යුගයයි...

ජේම්ස් පැකර්ලා ලංකාවට පැමිණෙන්නේ ඇයි ? ලාස්වේගාස් වැනි ස්ථාන වල ඉඩ මදි නිසාද? වම්මුන්ට අනුව නම් එසේ නොවිය හැක්කේ ඔවුන්ගේ "විද්‍යාත්මක දියුණුවේ" මුදුන් මල්කඩ වන ඇමෙරිකාවේ එවැනි තත්වයක් උද්ගත විය නොහැකි බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා බැවිනි. එසේ නොමැති නම් ආසියාතික කැසිනෝ හිමියන් ඉලක්ක කර ගනිමින්ද? එනම් එම ධන කුවේරයින් හට ඇමෙරිකාවට යාමට නොහැකි නිසාද? නැතිනම් සාමාන්‍ය ධන හිමියන් ඉලක්ක කර ගනිමින්ද? ජේම්ස් පැකර්ලා ලංකාවට පැමිණෙන්නේ වෙන කිසිවක් නිසා නොව ලාස්වේගාස් වැනි ස්ථාන වල කැසිනෝ ගැසීම සඳහා යාමට මෙම යුගයේදී ධන කුවේරයන් විශාල මැලි කමක් දක්වන බැවිනි. එනම් ඔවුන්ගේ මුදල් පිලිබඳ කැසිනෝ හිමියන්ට, රජයට හෝ පොලිසියට සහතික වීමට නොහැකි තත්වයක් එහි උදා වී ඇති බැවිනි (අවශ්‍ය කෙනෙකුට ඒ පිළිබඳව තොරතුරු සොයා බැලිය හැකිය). පැකර්ලා ලංකාවට පැමිණෙද්දී ලංකා ආණ්ඩුව කැසිනෝ වලට කැමති වන්නේ ප්‍රධාන ආර්ථික කාරනා දෙකක් නිසාය. ලංකාවට වැඩිපුරම එන හිඟන රුසියානු සංචාරකයන් වැනි සංචාරකයන්ගෙන් අදායම් ඉපයිය නොහැකි නිසාත්, කැසිනෝ වලින් විශාල බද්ධක් අය කරගත හැකි නිසාත්ය (ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කැසිනෝ කරුවන්ගෙන් ලැබෙනා සන්තෝසම් මේ විග්‍රහයට අදාළ නොමැති අතර ඒවා අදාළ වන්නේ ආණ්ඩුව පෙරලීමට වලිකන වම්මුන්ටය). ඊට අමතරව වක්‍රාකාර රැකියා අවස්ථා සංස්ථාපනය වීම මේ හරහා සිදුවන නිසාත්ය. ගණිකා වුර්තිය ඉන් ප්‍රධානම තැනක් ගනී. ඒ අනුව බෞද්ධ තායිලන්තය ( ශ්‍රි ලංකාවේ අධිපති බෞද්ධ නිකාය වන්නේ තායි නිරුක්තියකින් පැවත එන සියම් නිකායි ) මෙන් ලංකාවේද ප්‍රධාන විනිමය ඉපයීමේ මාර්ගයක් ලෙස ගණිකා වෘත්තිය ස්ථාපිත වනු ඇත.

ගණිකාවන් වෙතින් රජයට බදු අය කිරීම එය නීතිගත කිරීමෙන් පසුව ඉදිරියේදී ඇරඹෙනු ඇත. ගණිකා වෘත්තියෙහි යෙදෙනා අය සතියකට වරක් අලුත් කෙරෙනා බලපත්‍රයක් ලබාගත යුතුය (නිමල්කා ප්‍රනාන්දු එකල ප්‍රකාශ කල පරිදි... ඇය ඇතුළු බොහෝ දෙනා දියුණුයැයි ප්‍රකාශ කරනා එම නිසාම ඒ පිළිබඳව හීනමානයක් දරා සිටිනා බටහිර රටවල ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමයයි ). එනම් ලිංගික ශ්‍රමිකයා වෙත යන්නන්ගේ ආරක්ෂාව බටහිර වෛද්‍ය විද්‍යාව මගින් තහවුරු කර දීම එහි එක් ප්‍රධාන කොන්දේසියකි. එවිට සිදු වන්නේ වාහන දුම් පරීක්ෂා කරනා ආයතන මෙන් රට පුරා මේ සඳහා ආයතන පිහිටවීමය. ඉන් වක්‍රාකාර රැකියා ද රැසක් බිහිවේ. ඉන් පසු මෙම ආයතන නිසි ආකාරයෙන් කටයුතු කෙරෙන්නේ ද යන්න සොයා බලා වාර්තා කිරීම "නිදහස් මාධ්‍ය ව්‍යාපාරය" ඇතුළු මාධ්‍යවේදීන්ගේ කාර්යක් වනු ඇත. එවැනි සොයාගැනීම් පුවත් පත් වල පල වන විට ඒවා හිමිදිරි උදෑසන රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා තුලින් ද අසන්නට ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවට අදාලව ගණිකා වෘත්තිය වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍ය වරුන් විසින් කරුණු දක්වනු ඇත. කැසිනෝ සහ ගණිකා වෘත්තිය පවත්වාගෙන යාමට අදාළ දේශපාලන ගනු දෙනු පසු පස යන මාධ්‍යවේදීන්ට මරණ තර්ජන එල්ල වූ පසු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමග තකතීරු වම්මුන්ට එකතු වී ලිප්ටන් වට රවුමේ උද්ගෝෂණ කල හැකි වනු ඇත. පාසල් ළමුන් ගනිකාවන් ඇසුරු කිරීම වැළැක්වීම සඳහා රට පුරා කැමරා පද්ධතියක් (මහා අනෙකාගේ කාර්ය) සවිකරන ලෙස ඉල්ලා උද්ගෝෂණ කිරීම වැනි දෑ සංවිධානය කිරීමට ජෝසප් ස්ටාලින් ඇතුළු ලංකා ගුරු සංගමයට හැකි වනු ඇත. ගණිකාවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වෘත්තිය සමිති පිහිටවීමට මෝඩ සහ තකතීරු වම්මුන් උත්සක වනු ඇත. ඒ අනුව අනාගත මැයි දින පෙළපාලි වල කම්කරුවන්, ගොවියන්, දීවරයින් මෙන්ම ගනිකාවන් ද දැකිය හැකි වනු ඇත. ජාතික කැසිනෝ කර්මාන්තය සහ ගණිකා ව්‍යාපාරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් රටට අදාළ ප්‍රධානතම විනිමය මාර්ගය ඇහිරී යාම නිසා රටට විශාල විනිමය හානියක් වන්නේ යයි පවසමින් ජ.වි.පෙ. සහ පෙ.ස.ප. ඇතුළු වමේ පක්ෂ වලට උද්ගෝෂණ සංවිධානය කල හැකිය. ඒ අනුව යමින් කැසිනෝ සහ ගණිකා වෘත්තිය පිළිබඳව කිසිඳු සඳහනක් නොකොට, අධ්‍යාපනය සඳහා 10% වෙන් කල යුතු බව ෆුටා ව්‍යාපාරයට අන්තරය සමග එකතු වී ප්‍රකාශ කල හැකිය. නව පශ්චාත් නූතන යුගය තුල එම පරාවර්තිතතාවයේ (reflexivity) ක්‍රියාකාරිත්වය පිළිබඳව අවශ්‍ය නම් තව තවත් පහැදිලි කිරීම් කල හැකිය.

ජ්‍යාත්‍යන්තර NGO සංවිධාන විසින් මුදල් ලබා දී, කල කාර්යන් ඉටු කර දීමේ කාර්ය දැන් වාමාංශික පක්ෂ වෙතින්ම භාරගෙන ඇත. සියලු දෙනා අවබෝධ කරගත යුතු දෙය සහ අවධාරණයෙන් අප ප්‍රකාශ කරනා දෙය වන්නේ උත්සවශ්‍රීයෙන් අලුතෙන් සංස්ථාපනය කිරීමට නියමිත කැසිනෝ ඇතුළු ලිබරල්වාදයේ අනෙකුත් ප්‍රාග්ධන සංචිතකරනයන්ට, ව්‍යාපාරයන්ට, සේවාවන්ට අදාළ නීති රීති සහ ආචාරධර්ම ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම NGO විසින් භාරගෙන තිබූ තත්වය දැන් වාමාංශිකන් විසින් භාරගෙන ඇති බවය.

ඉදිරියේදී ගණිකා වෘත්තියට අදාලව නව ප්‍රවණතා රැසක් සංස්ථාපනය වීමට නියමිතය. ඒ LGBTIQ+ සඳහා ද වෘත්තිකයින් පැමිණීම තුලය.

@ ස්පාටකස් ලිපි (Spartacus.lk)

නවතම ලිපි