SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිරිතුංග සහෝදරයාගේ "වම සහ ජීවිතය " කියන පොත එළි දැක්වූ දවසේ, බූපති වාසුදෙවට කල දේශපාලන විවේචනය ගැන

මා මුහුණු පොතට තැබූ "සංකල්පීය ප්‍රහාරයක් උණ්ඩයකට වඩා බලවත් වූ මොහොතක් " කියන සටහනට කඩි ගුලකට ගැසූ ගල් පහරකින් පසු, එම කඩි ගුල අවිස්සෙනවා වගේ බොහෝ දෙනෙක් එයට ප්‍රතිචාර දක්වා තිබුණි. එයින් බොහෝ දෙනෙක් බූපති කල වැඩේ සාධණීය දෙයක් ලෙස ප්‍රතිචාර දක්වා තිබුණු අතර, දෙතුන් දෙනෙක් බූපතිටත් මටත් එම වැඩේ එතරම් සදාචාරාත්මක දෙයක් නොවෙයි කියා විවේචනය කර තිබුණි.

ඒ අතරින් මගේ මිතුරෙකු වන Rasika Kotudurage එයට ප්‍රතිවිරුද්ධව මුහුණු පොතට සටහනක් දමමින් කියා තිබුනේ බූපති යනු "දේශපාලන මුග්ධයෙකු" බවත්, මම "සුනිලුන් සෙවනේ Sunil Wijesiriwardena වඩවාගත් සමාධිගත චින්තනය අවභාවිතා කර ඇති බවත්ය. මේ සම්බන්දයෙන් මට ඉතාමත්ම දීර්ග පැහැදිලි කිරීමක් කිරීමට තිබෙන නමුත්, මේ අවකාශය එයට එතරම් සුදුසු තැනක් නොවන නිසා, කෙටියෙන් හෝ පිළිතුරක් දීම මගේ යුතුකමකි.

වාසුදේව නානායක්කාර යනු වාමාංශික දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාකාරී චරිතයකි. දක්ෂිනාංශික දේශපාලන මතවාදයන්ට ප්‍රතිවිරුද්ධව ජාති, ආගම්, කුල ගෝත්‍රවලින් තොරව, කම්කරුවන්, ගොවියන් සහ පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් තම ජීවිතය කැප කල, ඒ වෙනුවෙන් හිරේ විලංගුවේ වැටුණු බලවත් වාමාංශික චරිතයක්‌ වගේම උතුරේ ජනතාවගේ ජාතික ගැටළු වෙනුවෙන් සුභවාදී මනසකින් ඒ දෙස දේශපාලන ඇසකින් බැලු, ජාතිවාදී අදහස් වලට විරුද්ධව මත දැරූ දේශපාලන චරිතයකි. එහෙත් පසුකාලීනව ඒ ප්‍රගතිශීලි අදහස් උදහස් පසෙකලා, වර්ගවාදී, ආගම්වාදී, ජාතිවාදී අදහස් දරණ රාජපක්ෂ රෙජීමය සමග සම්බන්ද වී එම රජයේ ඇමතිකම් පවා දරමින් එම පසුගාමී දෘෂ්ටිවාදයන් සුජාත කළේය.

 

ඉතිං!, වාසුගේ වාමාංශික කැඩපත තමන් විසින්ම කෑලි විසි වෙන්නට පොළොවේ ගැසූ පසු, අනෙකා විසින් බිඳුණු කන්නාඩි කෑල්ලක් අහුලලා "වාසු මේ ඔයාගේ බිඳුණු කන්නාඩි කෑල්ලක්, මේකෙන් ඔයාගේ මුහුණ බලන්න, ඒකෙන් ඔයාගේ මුහුණ පේන්නේ අඩකින් අඩයි " කියලා පෙන්නන කෙනා එක්ක තරහා වෙලා නැගිටලා ගියාට සම්පුර්ණ මුහුණ පෙනෙන්නේ නැහැ. බූපති කලේ වාසුගේම බිඳුණු කන්නාඩි කෑල්ලෙන් මුහුණ බලන්න දුන්නු ඒකයි. ඉතිං, මම නම් මේක දැක්කේ දේශපාලන ඇසකින් මිසක්, පුද්ගලවාදී තනි ඇසකින් නෙවෙයි.

සමාජ වේදනය තියුණු වීම යයි අප හඳුන්වනුවේ අනෙකෙක් නොව, පංති සටනේ ප්‍රතිපලයක් වශයෙන් මුල් බැස ගත් බලාපොරොත්තු පිළිබද වෙනස් වූ අදහස්ය. ඉතිං, ඒ අදහස් මියගිය තැන සමාජ ප්‍රගමනයන් එක තැනක නතර වනු ඇත. බොහෝ ව්‍යාජ විඥානයන් සහිත මිනිසුන් පතන්නේ ව්‍යාජ සාම්යක් සහිත සමාජයක්‌ය. එවැනි සමාජයක් යනු අතාර්කික බෝල් මිනිසුන් වෙසෙන අක්‍රීය සමාජයකි.

අනුභුතිඋත්තර සමාධිගත චින්තනය අවසන් වන්නේ දේශපාලන දොරටුව අභියසදීය කියන සමාජමය කාරණය නොදත්, දේශපාලන සවිඥානයක් නැති ව්‍යාජ සුධීමතුන්ගේ ලෝකය අඳුරට පාර කපන ලෝකයක් බව නොවැටහෙන තාක් කල් ඔබ‍ට සුවසේ නින්දට යා හැකිය. එහෙත් ඔබ‍ට සුවබර නින්දේදී දකින සුන්දර සිහින යතාර්ථය තුළ දකින විට, එය තව දුරටත් සුන්දර නොවන බව දැනුන විට, දේශපාලනික මොහොත ඔබ‍ට මග හැරෙනු ඇත. එතෙක් ඔබ‍ට සුවබර නින්දක සුවය ලැබේවා

ආමේන්..

 

@සාලිය ඉඳුරුවිතාන

නවතම ලිපි