SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

X නායක දීප්ති කුමාර ගුණරත්නයන්ගේ සමබිම පක්ෂය විසින් පලකරන ලද ලිපියක් පහත පළකරමි.

ලේඩි ලීඩර් අපට කියන්නට ඇත්තේ කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු “ස්වල්පය” බැගින් හෝ ඇති බව පමණකි. එසේම ඒවැනි හුණු වලින් අපට ඇති පලක් ද නැත. මන්ද මෙවැනි ප්‍රශ්නවලට මෙවැනි ක්‍රමයක් නඩත්තු කරන්නන් පිළිතුරු ඉල්ලා සිටින්නේ කාගෙන්ද යන්නම අපට ප්‍රශ්නයක් වන බැවිනි.

samabima 2

දකුණු ආසියාවේ පවතින විශ්ව විද්‍යාල අතරින් අන්ත දූෂිතම විශ්වවිද්‍යාල පවතින්නේ අපේ රටේය. එක් අතකින් ශාස්ත්‍රීය වශයෙන් පරිහානියට යාමත් අනෙක් අතින් විද්‍යාර්ථයින් සහ ආචාර්ය වරුන් දූෂණ හා වංචා සිදු කිරීම මෙන්ම ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වීමත් යන කරුණු ප්‍රධාන වශයෙන් මෙම ඉරණම අත්කර ගැනීමට හේතු විය.

විශ්වවිද්‍යාලය සඳහා ආචාර්යවරුන් බඳවා ගැනීමේ පටිපාටිය වන්නේ ශාස්ත්‍රීය දක්ෂතා මත බඳවා ගැනීමයි. එහෙත් අද වන විට විශ්වවිද්‍යාල ආචාර්ය වරු බඳවා ගන්නේ තමන් සමඟ ලිංගික ක්‍රියාවන්ට සම්බන්ධ පිරිමින් සහ ගැහැනුන් ය. උදාහරණයක් ලෙස පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජීවීතය පවා දීමට යන එක්තරා මහාචාර්යවරයෙක් සිය අධ්‍යනාංශය වෙත තමන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදෙන පිරිමින් පත් කරයි.


තවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශ්වවිද්‍යා පරීක්ෂණ සදහා වෙන්කර ඇති මුදල් තමන්ගේ කාර්‍ය්යන් සඳහා හොරා ගන්නා බවද පෙනී යන්නකි.එනම් පර්‍යේෂන කාර්‍යාය සඳහා ඇති මුදල් හොර පර්‍යේෂන වාර්තා පෙන්වා ලබා ගෙන එම මුදලින් එක්කෝ තම නිවස අලුත් වැඩියා කරයි. එසේත් නැත්හොත් සිය නවීන මෝටර් රථයට ගෙවයි, පිටරට සංචාරයේ යයි. උදාහරණයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිරියේ සාදා ඇති විශාල ගේට්ටුව යනු එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විසින් සිදු කල මහා පරිමාණ මුදල් මංකොල්ලයකි.

විහිලුව වන්නේ මෙවන් පුද්ගලයන් දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන උපදේශකයන් බවට පත්ව තිබීමයි. එක් උපදේශක ආචාර්යවරයකු ස්ත්‍රීන් ව අපහරණය කිරීම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනප්‍රිය චරිතයකි. මේ පිළිබඳ අප දුමින්ද නාගමුවට පැමිණිලි කල විට ඔහු පැවසුවේ දේශපාලනයට සදාචාරය වැඩක් නැති බවයි. මේ නිසා දුමින්ද නාගමුවගේ දතකට පූට්ටු වීමට ඉතා ආසන්නය.

හැම අසාධාරණයකටම පාරට බහිනවා කියන අන්තරේ මෙයට විරුද්ධ නොවන්නෙ ඇයි? ඔවුන් එසේ විරුද්ධ උවහොත් විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරුන්ගේ සහය ඔවුන්ට නොලැබෙන බැවින් සහ එසේ උවහොත් ශිෂ්‍යයින් තමන්ට අවශ්‍ය විධිහට හසුරුවා ගැනීමට නොහැකි බැවින් ය.

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධානීන් යනු ශිෂ්‍යයින් වෙනුවෙන් සිටින්නන් නොව ඔවුන්ද බඩු කාරයන් ය. අවශ්‍ය නම් මොවුන්ගේ නම් ගම් සියල්ල පවා හෙලි කල හැක.

නමුත් මෙම නායකයන් ත්‍රිමා, නිෂ්මි වැනි 80/90 දශකයේ සිටි ශිෂ්‍ය නායකයන්ගේ නම් කිසිඳු හිරිකිතයකින් තොරව වෙළදාම් කරමින් සිටී. මෙම නව නිෂ්මිලා කොන්ඩම් ගත් කඩ ගැන පොතක් පවා ලියා ඇත.

80/90 වේ සිටි ශිෂ්‍ය නායකයින් යනු අධ්‍යාපනය වෙනුවෙන් සටන් වැදි පිරිසක් නම් දැන් නව නිෂ්මිලා සටන් කරන්නේ බඩු ගැසීම සඳහා ය.

මේ හේතූන් නිසා විශ්වවිද්‍යාලය පද්ධතිය ඇතුළතින් කඩා වැටී ඇත. මධ්‍යම පංතිය විකල්පය ලෙස ඔවුන් සිය දරුවන් පිටරටක විශ්වවිද්‍යාලයකට හෝ මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ‍යැවීම හෝ සිදු කරයි. එබැවින් ඔවුන් සඳහා ලංකාව තුළ Newyork, Monash, University of London වැනි පිටරට විශ්වවිද්‍යාලයන්ගේ ශාඛාවන් පිහිටුවීමට සැලසුම් කර ඇත. මේ තත්වය යටතේ ලංකාවේ විශ්වවිද්‍යාලයන් ට සිදු වන්නේ කුමක්ද ? දැන් රජයේ විශ්වවිද්‍යාලයන්ගේ ඉතුරු ව ඇත්තේ ඈත ගම්වල දුප්පත් දෙමව්පියන් ගේ දරුවන් ය. ඔවුන්ට මෙම විශ්ව විද්‍යාල මගින් විධිමත් දැණුමක් ලබා නොදෙන අතර ඔවුන්ට ඉගැන්වීම වෙනුවට රැකියාවන් සඳහා පුහුණු කිරීම පමණක් සිදු කරයි. එහෙයින් අද වන විට විශ්වවිද්‍යාලයන් යනු ඔවැනි විකාරයකි.

මේ සඳහා වගකීම බාරගැනීමට කුමාර් ගුණරත්නම්, අනුර කුමාර දිසානායක, පුබුදු ජයගොඩ, ටිල්වින් සිල්වා වැන්නන් සූදානමින් සිටිය යුතුය. මන්ද නුඹලා විනාශ කරන්නේ නුඹලා ඊනියා ලෙස පෙනී සිටිනවා යයි පවසන පංතියේම අනාගතය වන බැවිනි.

@samabima party fb page

නවතම ලිපි