SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් යුතු 

දාර්ශනික දේශපාලන පක්ෂයක් වශයෙන් සැලකෙන සම බිම පක්ෂයේ අධ්‍යාපන අංශය නිකුත් කළ වීඩියෝවක මා හට විවේචනයක් එල්ල කර තිබිණ.

 

 

පළමු ව මෙවැනි විචාරයකට වාදයකට එළැඹීම සම්බන්ධයෙන් සමබිම පක්ෂයට ස්තුතිවන්ත වෙමි. දර්ශනය විෂය වැනි විෂයක් වර්ධනය වන්නේ එවැනි වාද විවාද ඔස්සේයි.

කො‍හොම වෙතත්, දීප්ති කුමාර ගුණරත්නගේ පිංතූර එක දිගට පෙන්නමින් එක දිගට ගැහෙන හඩකින් වෙවලුමින් ලියා දුන් කොළයක් කියවන්නාක් මෙන් දැනෙන කොලු ගැටයා ගැනත් දීප්ති කුමාර ගුණරත්න ගැනත් සම බිම පක්ෂය ගැනත් ඇති වන්නේ අතිශය කනගාටුවකි.

ඔවුන් ව්‍යුහවාදය ගැන කතා කළ ද Ferdinand de Saussure ගේ Course in General Linguistics කෘතියේ පිටුවක් පෙරළා බලා හෝ නැති බව එසේත් නොමැති නම් ව්‍යුහවාදය ගැන ගැඹුරු අවබෝධයක් නොමැති බව පෙනී යයි.

ව්‍යුහවාදය ගැන විකිපීඩියා පිටුවකින් හෝ ඊට සමාන වෙනත් වෙබ් පිටුවකින් පහසුවෙන් ලබා ගත හැකි අතිමූලික තොරතුරු ටිකක් යන්තමින් ඉදිරිපත් කරමින් මා වෙත විවේචනය එල්ල කර තිබේ.

දීප්ති කුමාරගේ කොලුගැටයාට හෝ සම බිම පක්ෂයට නොතේරන දෙය නම් සංඥාව (sign) වෙනස (difference) හදන්නේ නැති බවයි.

සම බිම පක්ෂය Course in General Linguistics කෘතියේ පිටු අංක 120 හා 121 හොඳින් සීරුවෙන් අවබෝධයෙන් කියවා ගත යුතුය. දීප්තිගේ කොලු ගැටයා මෙම වීඩියෝවේ 5 මිනිත්තුව ආසන්නයේ දී කියන්නේ "හැම වෙලේම සංඥාවක් කියන්නේ නෙගටිව් දෙයක්" කියලා. එයා ඊට පස්සේ දිගට ම හිතන්නේ differences හදන්නේ සංඥාවලින් කියලා.

විකිපීඩියා ඔස්සේ දර්ශනය කරන්න ගියොත් නම් ඔය අකරතැබ්බයකට මුහුණ දෙන්න වීම අහන්න දෙයක් නෙමෙයි.

සෝසියුර් කියන්නේ මෙහෙම දෙයක් "Although both the signified and the signifier are purely differential and negative when considered separately, their combination is a positive fact;" (පි. 120, Course in General Linguistics).

සෝසියුර්ට සංඥාවක් කියන්නේ positive term එකක්. දීප්ති කුමාරගේ ගෝලයා සම්පූර්ණයෙන් ම පටලගෙන. එයාට අනුව නෙගටිව්. මෙතන සංඥාකෘතය සහ සංඥාකාරකය තමයි වෙනස් සහ නෙගටිව් විදිහට වෙන් වෙන් ව හැසිරෙන්නේ (signified and the signifier are purely differential and negative when considered separately). නැතිව සංඥාව නෙමෙයි.

සංඥා අතර එකකට එකක් distinct වෙනව මිසක් different වෙන්නේ නෑ. දීප්තිගේ ගෝලයට different සහ distinct අතර වෙනස තේරෙන්නේ නෑ. සිංහලෙන් නම් දෙක ම වෙනස තමයි. එතකොට සංඥා දෙකක් අතර වෙන්න පුළුවන් distinct වීමක් විතරයි. Difference එකක් හැදෙන්න ම ඉඩක් නෑ මොකද ඒවා පොසිට්ව් නිසා.

"two signs, each having a signifed and signifer, are not different but only distinct. Between them there is only opposition. The entire mechanism of language, with which we shall be concerned later, is based on oppositions of this kind and on the phonic and conceptual differences that they imply." (පි. 121, Course in General Linguistics).

මේ අනුව සම බිම පක්ෂ තේරුම් ගන්න ඕන දෙයක් තමයි සංඥා දෙකක් අතර ප්‍රතිවිරුද්ධතා තියෙනවා ඒවා different නෙමෙයි කියන එක. ඒක නිසා වීඩියෝ 4.30 මිනිත්තුවේ වගේ සිට ඉස්සරහට ආපසු ඉගෙන ගත්තා නම් හොදයි කියලා හිතෙනවා. අවශ්‍ය නම් සම බිම පක්ෂයට නොමිලේ දේශනයක් කරන්නම්.

නැත්නම් දීප්ති කුමාර ගුණරත්නට මේ ගැන ප්‍රසිද්ධ වාදයකට එන්න කියන්න.

නවතම ලිපි