SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Nirmal Dewasiriගේ අදහස් ප්‍රකාශ කිරීම මූලික වශයෙන් කොටස් දෙකකට වෙන් කල හැකිය.

පළමු කොටස වෙන්වන්නේ පවතින තත්වය පිළිබඳව හැඳින්වීමක් සහ විග්‍රහ කර ගැනීමක් සඳහාය (එය අපගේ ස්ථාවරය සමග ආසන්නභාවයකින් ඉදිරිපත් කෙරේ).

ඔහු එහිදී රැගෙන එන මූලික කොන්දේසියක් වන්නේ ජනගහන තත්වයයි (එය අපට නම් අදාළ කාරණාවක් නොවේ).

දෙවන කොටස වෙන් වන්නේ "බුද්ධිමය සංවාදයක්" තුලින් "සාමුහික මැදුම් පිළිවෙතක්" වෙත ප්‍රවේශ වන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

ඔහු එහිදී අවධාරණය කරනුයේ "මැදුම් පිළිවෙත" යනු විකල්පයක් නොවන බවයි. ඔහු එසේ ප්‍රකාශ කිරීම තුල සහ ඔහුගේ ඉදිරිපත් කිරීම තුල විකල්ප පල රහිත බව පිළිගෙන ඇත.

 

ඒ අනුව නිර්මාල්ගේ ප්‍රවේශය වන්නේ ආශාව පිළිබඳව ප්‍රශ්නය වෙත බුද්ධිමය, එසේ නොමැති නම් දෘෂ්ටිවාදී මැදිහත් වීමකි. වෙනත් විදියකුන් ප්‍රකාශ කරන්නේ නම් ඔහුගේ ප්‍රවේශය ආගමික වේ (දාර්ශනික). ප්‍රශ්නය වන්නේ එය නැවතත් විකල්පයක් නොවන්නේ කෙසේද යන්නයි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කොට සිටින්නේ අපට අවශ්‍ය මොන විදියේ සංවර්ධනයක්ද යන ප්‍රශ්නය "බුද්ධිමය සංවාදය" තුලින් සාක්ෂාත් කොට ගත යුතු බවය. එනම් අපට අවශ්‍ය "මැදුම් පිළිවෙත" ගැන දන්නා, අදහසක් ඇති, බුද්ධිමතුන් විසින් ඇති කරන බුද්ධිමය සංවාදයක් සමාජ ගත කිරීමෙන් අදාළ "සාමුහික මැදුම් පිළිවෙත" සාක්ෂාත් කොට ගත යුතු බවය (වම එකතු කොට බුද්ධිමය සංවාදයක් කිරීමට අඩ ගසන, සාමුහිකත්ව, එකා සැමටත් සම එකාටත් වැනි ආගමික ස්ථාවරයන් සහ පාරිභෝනය සීමා කිරීම විසඳුම ලෙස දකින අය ද මීට දෙවෙනි නැත).

 

Getty diachronic linguistics  

ඒ අනුව නිර්මල්ගේ බුද්ධිමය සංවාදය සඳහා පදනම සකස් කොට ගත හැකි වන්නේ මිනිස් ආත්මය ඓතිහාසික බව පිළිගැනීමෙනි. නිර්මාල් දිගින් දිගටම ප්‍රකාශ කරනුයේ මිනිස් ආත්මය ඓතිහාසික බවය. නමුත් අපට අනුව ආත්මය යනු භාෂාවේ ආචරණයකි. වෙනත් වචන වලින් කිවහොත් එය හැඟවුම්කාරකයට යටත් වීම හරහා සිදු වේ. එනම් හැඟවුම්කාරකය තවත් හැඟවුම්කාරකයක් සඳහා නියෝජනය කරනුයේ ආත්මය විසිනි. නමුත් ආත්මය ගොඩනැගෙන විට ඒ වන විට පවතින භාෂාවේ ඓතිහාසික විකාශනය ඊට අදාළ නැත. එනම් භාෂාව, කාලය ඔස්සේ වර්ධනය වී, අද ඇති ආකාරයට සකස් වී තිබීම අද ඉපෙදෙන දරුවෙකුට අදාළ නැත (diachronic). යමෙකු භාෂාවේ පාරකාලිකත්වයට අදාළ කරුණු කාරනා සෙවීම (භාෂාවේ අවකල සංගුණකයන් සෙවීම) භාෂාව පළිබඳව ඇකඩමික අධ්‍යයනයන්ට සහ ඉතිහාස, පුරා විද්‍යාව වැනි විෂයන්ට අදාළ කාරණාවන්ය. ආත්මය ගොඩනැගෙනුයේ ඒ වන විට පවතින භාෂාවේ සමකාලිකත්වය (synchronic) සමගිනි. ඒ අනුව ලකානියානු ආත්මය ඓතිහාසික නොවේ (එය සතුව පවතින ඓතිහාසිකත්වය වන්නේ මිනිස් ජීවිතයක ආයුකාලයට අදාළ අතීතය සහ වර්තමානය තුල පමණි).

 

බුද්ධිය

ඉන් පසුව නිර්මාල් විසින් නැවතත් පෙන්වා දෙන කාරණයක් වන්නේ බුද්ධිමය මැදිහත් වීමේ තීරණාත්මක බවය. ඒ සඳහා උදාහරණයක් ලෙස එන්. එම්. සහ ජේ. ආර්. අතර වෙනස පෙන්වා දේ. එනම් දෙදෙනා වෙනස් ආකාර දෙකක බුද්ධිමය සිතන්නන් බවය. ඔහු ඉන් අවධාරණය කරනුයේ වත්මන් සමාජය ජේ. ආර්.ගේ බුද්ධිමය මැදිහත් වීමේ ප්‍රථිපලයක් වන විට එන්. එම්.ගේ බුද්ධිමය මැදිහත් වීම පරාජය වී ඇති බවය. ඒ අනුව ඔහුගේ අවධාරණය වන්නේ සමාජය වෙනස් කිරීම සඳහා අවශ්‍ය බුද්ධිමය මැදිහත් වීම බවය.

ඉන් පසුව ඔහු විසින් මෙසේ ප්‍රකාශ කරයි "දැන් ඉන්න ජනාධිපතිවරයා හදනවා ජේ. ආර්. අවුරුදු 45කට පෙර දීපු උත්තරය දෙන්න. දැන් ඒක හරි යන්නේ නැහැ ඓතිහාසිකව වෙනස්".

නිර්මාල්ට අනුව ආර්ථික විකල්පය (ඔහු විකල්ප වලින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව පවසමින්ම නැවත විකල්පයක් ඉදිරිපත් කරයි) වන්නේ බෞද්ධ විසඳුමයි. එනම් මධ්‍යම ප්‍රතිපදාවයි. ඔහු එය "සාමුහික මධ්‍යම ප්‍රතිපදාව" ("collectively middle path") ලෙසින් අර්ථවත් කරයි. එම වැඩපිළිවෙල සඳහා බුද්ධිමය මැදිහත් වීමේ පුරෝගාමියා වන්නේ සුනිල් විජේසිරිවර්ධනය.

පවතින්නේ බුද්ධිමය මැදිහත් වීම වල ප්‍රථිපලීය සමාජයක් නම්, බුද්ධිමය මැදිහත් වීමකින් ගොඩනගන නව සමාජය මෙවැනිම හෝ මීට වඩා දරුණු ප්‍රථිපල-ප්‍රතිවිපාක ගෙන දෙන්නක් නොවන බව ඒ අය නිශ්චිතවම දන්නේ කෙසේද ? වාමාංශිකයන් විශ්වාස කරනවාක් මෙන් 'වාස්තවික සත්‍යය’ සොයාගෙන ඇති ඇති බවක් නිර්මාල්-සුනිල් විජේසිරිවර්ධන වැන්නන් පිළිගන්නේ නැත. නමුත් ඔවුන් හට එසේ නම් වෙනත් කුමක් හෝ 'සත්‍යයක්' පහල වී තිබිය යුතුය. එසේ නම් ඒ කුමක්ද සහ එය දැනගත්තේ කෙසේ ද ?

 

බුද්ධිය2

 

ෆොයාබාක් පිළිබඳව තිසීස තුලත්, "ලුද්විග් ෆොයාබාක් සහ සම්භාව්‍ය ජාමනු දෘෂ්ටිවාදයේ අවසානය" නම් කෘතිය තුලත්, මාක්ස් පෙන්වා දෙන කාරණය වන්නේ ඉහත සඳහන් කල බුද්ධිමය මැදිහත් වීම අකාරයේ සියලු මැදිහත් වීම් වල ඇති ආගමික ස්වභාවයයි. ඔහු දර්ශනයට එරෙහි වන්නේද එම පදනමිනි.

Sunil Wijesiriwardena ඇතුළු පිරිසක් පරිසරවාදී, මැදුම් පිළිවෙත්වාදී, සහ ඒවයින් බැරි කොටස අධ්‍යාත්මික ගුණ වගාව සහ අධ්‍යාත්මික මාර්ගයක ගමන් කරමින් සොයනා විමුක්තියක් බවට පත්ව ඇති අකාරයෙන් පෙනී යන්නේ එම වැඩපිළිවෙලේ ආගමික (දාර්ශනික) ස්වභාවයයි. එම වැඩපිළිවෙල සාර්ථක කොට ගත හැකි නම් මෙතෙක් ලොව පවතී ආගම් අසාර්ථක වී ධනවාදයටම උචිත තත්වය නිර්මාණය කරමින් සිටින්නේ ඇයි ? අද ධනවාදයට හොඳින් ගැලපෙන ආගම බුද්ධාගම බවට පත්ව ඇත.

බුද්ධිය3

 

නිර්මල්ගේ අදහස් දැක්වීමට අදාලව කියවිය හැකි අපගේ ලිපි:

http://www.spartacus.lk/page/2/

http://www.spartacus.lk/1038-2/2022/

http://www.spartacus.lk/1054-2/2022/

http://www.spartacus.lk/%e0%b6%ba%e0%b7%9d%e0%b6%b0.../2022/

http://www.spartacus.lk/508-2/2020/

http://www.spartacus.lk/371-2/2019/

@Madawa Ruwanpathirana fb page

නවතම ලිපි