SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරගලය ආදරය කර බිහි කළ දරුවා රනිල් වික්‍රමසිංහය.එහි පාර්ශ්වකරුවන් දරුවා කැත යයි ප්‍රතික්ෂේප කරයි.

සාමාන්‍ය තියරිය නම් ලිංගිකව හැසිරෙන්නට පෙර අවලස්සන දරුවෙකු ලැබීමේ සම්බාවිතාවය වැඩි බව දැනගෙන හෝ කොන්ඩමයක් බාවිතා කිරීමය.එය එසේ නොවීය.කතාබහට ආවේ බටලන්දය.ඒ ගැන කියවන විට ශුද්ධ වන්ත වන්නට කාටවත් බැරි බව මම ජවිපයේ මිතුරන්ට කීවෙමි.එදා 60000 ක ඝාතනයන් වෙනුවෙන් අන්තර් ජාතිකව යමක් නොකළේ නම් දැන්ද ප්‍රමාද නොවන බව අවධාරණය කළෙමි,තව දුරටත් ඒ කාලයේම බටලන්ද,මාතලේ මිනි වලවල් වලට එරෙහිව ජාත්‍යන්තරය වෙත ගොස් යමක් කලේ නම්,අපිට රනිල් වික්‍රමසිංහ පමණක් නොව ගෝටාබය පවා ජනාධිපති වරුන් ලෙස ලැබෙන්නට පෙර යුක්ති අධිකරණ වල නඩු පැවරී ඔවුන් දේශපාලන භූමියෙන් අතුගෑවී යනු ඇති බවද අවධාරණය කලෙමි.

 කාන්තා4

 

රනිල් වික්‍රමසිංහ පත්වීමේදී තිබුණේ ඔහු ගෝටාබයට සාපේක්ෂව දුර්වල නායකයකු නොවීමය.මාතලේ මිනීවළවල් ගැන ජාත්‍යන්තරය නොදැන සිටියත් ජාත්‍යන්තරයේ අපරාධ කරුවකු වූ ගෝටාබය තරම් රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තරයේ චා නොවී තිබීමය.අනෙක් අතින් අරගලය යයි හැඳින්වූ ඇතැම් විටක නීතියේ ,රාජ්‍යයේ ආධිපත්‍යයට ඉහලින් පියඹා ගිය මනෝ වියාධියය.අදටත් ඇතැම් මාධ්‍ය වේදීන් පොලීසියට තග දාමින් කියන්නේ ඔක්කොටොම අයිතිවාසිකම් නඩු දාන බවය.ඔවුන් මාධ්‍යවේදීන් වූ පමණින් නීතියට ඉහලින් සිටින පිරිසක් බවට අධි මානසික ව්‍යාධි තත්ත්වයට පත් වී සිටිති.

 

කාන්තා2

රටක නිතිය හා රාජ්‍ය එලෙස කාට හෝ අබිබවා ගොස් පිස්සු කෙළීමට පෙර නිවරැදි විය යුතුය.ඒ අතර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීමේ වෛරය සමාජගත කරමින් සිටින පිරිසය.ඔවුන් විසින් බණ්ඩාරනායක පිළිරුව ලනු දමා බිම හෙලීමට තැත් කිරීමය.ඉතිහාසය විකෘති කරන හා ඕනෑම රටක බහුතර ජනයාගේ භාෂාව රාජ්‍ය භාෂාව වීමේ ස්වභාවික ධර්මතාවය නොදත්, යටත් විජිත මානසික මට්ටම හා කොළඹ 07 මානසික මට්ටමෙන් පමණක් ජාතික ප්‍රශ්නය දැකීමෙන්ද ,එල් ටි ටී ඊ කරුවන්ගේ බණ්ඩාරනායක වෛරය වෙනුවෙන් අවබාවිතා වන අරගල කරුවන් ද ජාතිය ට වැරදි යමක් කරමින් සිටින බව අපට ලැබෙන සාක්ෂි සහිත තොරතුරු මත, රනිල් වික්‍රමසිංහගේ ආගමනය ගැන විරුද්ධ නොවී සිටීමට අප තීරණය කළෙමු.(බණ්ඩාරනායක සිද්ධිය ගැන වෙනත් ලිපියකදී කරුණු දක්වමි),

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ ආ පමණින් ලංකාව සුරපුරයක් වන සිහිනය අපට තිබුනේ නැත.රනිල් වික්‍රමසිංහ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ ඔහුට වැරදි ගිය අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන මා කණගාටු වෙමි.මා අදටත් ලංකාවේ අධ්‍යාපන ඇමතිවරුන්ගෙන් හොඳම ඇමති රනිල් බව ට මා වටහාගෙන සිටින ස්ථාවරය මේ වන විටත් වෙනස් කරන්නේ නැත.ඔහුට රාජපක්ෂලා ආරක්ෂා කිරීමට ඇති වගකීම ,බැඳීම මම දනිමි.ඔහුට පැවරී ඇති.රුවන් ,නාමල්,විමුක්ති දේශපාලන පුතුන්ගේ අනාගතය ගොඩ දැමීම ගැනද මට ගැටළුවක් නැත.ඒ මෙතෙක් සිදු වූ දේම ඔහු කරන බැවිනි.ඔහුගේ ගෘෂා චරිතය අබිබවා ගොස් කටයුතු කරන්නට අනෙක් පක්ෂ නායකයන් අසමත් වීම ගැන දුක් වෙමි.කෙසේ නමුත් මම එරෙහි වන්නේ ඔහුගේ පිරිමියා කේන්ද්‍රකරගත් දේශපාලන තීන්දු තීරණ වලටය.ඒ මදිවාට ගැහැණිය ඉලක්ක කරගත් මඩ කැම්පේන් දියත් වෙමින් තිබිමටය.ඒවා සැලසුම් සහගතය.

කාන්තා 7

 

රනිල් ගේ යහපාලන ආණ්ඩුවේ තිබුනේ කාන්තා නියෝජනයන් දෙකකි.රාජ්‍ය ඇමතිකමක් ඔහුගේම හිතවත් රෝසි ට ලැබී තිබුණි.නියෝජය ඇමතිකමක් අනෝමා ගමගේට ලැබී තිබුණි.රටේ 52% ක් වූ කාන්තාවන්ගෙන් කතෝලික ප්‍රජාව හා වටිනාකම් පමණක් හිස් මුදුනින් තබාගත් රෝසි සාමාන්‍ය කාන්තාව ගැන කුමක් කරන්නද? පුෂ්පිකාගේ ඔටුන්න ගලවා දමා සිංහල-බෞද්ධ විවාහක රු රැජිනියන් බිහි වීම වලකා ලීම වෙනුවෙන් අන්තිම වෙනකම් ම ගේම් එකේ සිටි රෝසී මෙවර නම් විවාහක රූ රැජිණට බාල්දියක් ඇද්දේ නැත.ඒ එම තරඟයේ ලෝක ප්‍රජාව අනුමත කරන කතෝලික විවාහ සක්‍රමේන්තුවට අදාලව සියල්ල සිදු වූ බැවිනි.මේ වාක්‍ය දෙකෙන් මා පුෂ්පිකා පවිත්‍ර නොකරන අතර රෝසි ගේ භූමිකාව පමණක් තහවුරු කරමි.එනම් රෝසිලා සමාන්‍ය ගැහැණිය වෙනුවෙන් පෙනී නොසිටින අතර ආගමික කුලකයේ හරයන් පමණක් නියෝජනය කරන බවයි.අනෝමා ගමගේ ට තනතුරු ලැබෙන්නේ දේශපාලන පවුලකින් පැවත ඒමේ වැන්දඹු අනත් දරු පාර්ලිමේන්තු කෝටාව අනුවය.ඒ අනුව රනිල් -මෛත්‍රීගේ යහපාලන ආණ්ඩුවේ කැබිනෙට්ටුවේ කාන්තාවන් නොවීය.රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිකම් දැරූ දෙදෙනාම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කාන්තාව නියෝජනය කළේ නැත.

 

කාන්තා5

කාන්තා6

 

රනිල් වික්‍රමසිංහ 2022 ජනාධිපති වී මාසයක් ගත විය.ඔහුගේ කැබිනට් මණ්ඩලයම දුටු විට එකදු කාන්තාවක් වත් නැති බව ඔබට වැටහෙනු ඇත.ඔහු විදේශ ඇමති ලෙස නම් කරන්නේ අලි සබ්‍රිය.ඔහු ළමා විවාහ හැන්සාඩ් ගත කල බවට ලෝකයම දනී.රනිල් ලාංකීය කාන්තාව දේශපාලනයෙන් එළියෙන් තැබීමට උවමනාවෙන්ම කටයුතු කරන බවට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.රනිල් ට ඒ වරද නිවැරදි කරගන්නට අපි මීට පෙර ලියු ලිපි මගින් සහයන් ලබා දුනිමු.

ඔහුට ජනමතය වැඩක් නැත.දැන් දැන් ව්‍යවස්ථාමය කටයුතු වෙනුවෙන් ජනසභා ජාතික කොමිටියක් ක්‍රියාත්මක වෙමින් පවතී.එයට පැහැදිලි කාන්තා නියෝජනයක් ඉල්ලා සටන් කරන්නට අපට සිදුව තිබේ.රටේ ව්‍යවස්ථාමය වෙනසකට රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන කාන්තාව දායක කර නොගැනීම ශ්‍රී ලංකාවේ පිරිමි දේශපාලනයේ හෙළුව අපට කියාපායි.ගෑස් සිලින්ඩර ආ පමනින් කාන්තාවගේ දේශපාලනය අවසන් යයි රනිල් වික්‍රමසිංහ සිතන්නේ නම්..එය විශාල වරදකි.තවත් වසර දෙකක් වත් ඔහු රටේ නායකයා නම්.අනිවාර්යයෙන්ම ඔහුගේ මේ ස්ත්‍රී න් නොසලකා හැරීමේ ගතිගුණය වෙනස් කල යුතුය.ඔහුම ලඟදි දිනක ඔහුගේ ජීවිතය බේරුනේ ඉඳහිට හෝ බිරිඳ කියූ දෙය ඇසු නිසා බව කැබිනෙට්ටුවේ උපහාසයෙන් කියා තිබේ.කාන්තාවන් නැති කැබිනෙට්ටුව එයට උපහාසයෙන් සිනාසී ඇත.

 කාන්තා3

 

රනිල් ට අවශ්‍ය ගමන කාන්තාවන් විරහිත ගමනක් නම්..ඔහුට ඔහුව පත්කළ අරගලය ඔහුගේ දොරකඩ බව සිතාගන්නට සිදුවේ.ඔහුට එක්සත් ජාතීන්ගේ 17 ක් වන 2030 සපුරාගත යුතු ගෝලීය ඉලක්ක මගහැර ලෝකය ඉදිරියේ ජෙන්ටල්මන් වීමට බැරිය.එයට අප ඉඩ දෙන්නේද නැත.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කාන්තාවන් 52% ක් ඉන්න කාන්තා ආර්ථිකයක් ඇති රටක පිරිමි පමණක් යන සංකල්පයේ ආණ්ඩුවකට ණය අනුමත කරන්නට පෙර තුන් වරක් සිතනු ඇත.ලෝකය රනිල් තරම් වැඩවසම් නැත-කාන්තා විරෝධී නැත.ඉංග්‍රීසි කතා කල පමණින් හම සුදු වූ පමණින් රනිල්ට යුරෝපය හෝ බටහිරය සමග තම වැඩවසම් ගති ගුණ වලින් යැපෙන්නට බැරිය.

කාන්තාවට නිසි නියෝජනයක් නොදෙන නායකයකු පසුපස ගොස් කවි ගී ලියන ගැහැණිය ගැන දුක සිතේ.එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් සාමාජිකත්වය දරාගෙන සිටි කාන්තාවගේ ඉවසීම මහමෙරකි.දෙවරක් සිතමු.රනිල් ට ද නිවැරදි වෙන්නට ටික කලක් දෙමු.ගෝටා ට වසර තුනක් ම දී ඇති නිසා මිස...එහෙත් රනිල් කාන්තාවට ආණ්ඩුව හා අනෙකුත් සෑම තැනකම පිළිගත හැකි නියෝජනයක් ලබාදීමට අනිවාර්යයෙන්ම කටයුතු නොකරන්නේ නම්...එයට විසඳුම් තිබේ.

නවතම ලිපි