SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද දින රනිල් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී. ඔහු එහිදී පැහැදිලිව ප්‍රකාශ කල ප්‍රධාන කරුණු කිහිපය වූයේ,

ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් රටේ පැවතී බවත්, ව්‍යවස්ථා වැඩක් නැති බව සමහරු කියන බවත්, එසේ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමට ඉඩ නොදිය හැකි බවත්, ෆැසිස්ට්වාදය ස්ථාපිත කිරීම සඳහා උත්සාහයක් ඇති බවත්ය.

 

රනිල් විසින් කල සුවිශේෂීම සඳහන වූයේ,

"අපේ සාම්ප්‍රදායික දේශපාලනඥයන් කිහිප දෙනෙකුත් අරගලය පාර්ශවය අරන් තියනවා" යන්නයි.

එම ප්‍රකාශයට අදාළ අවිඥානය වන්නේ ප්‍රභූ දේශපාලනඥයා යනු සාම්ප්‍රධායික ප්‍රභූ උරුමයේ වර්තමාන, අනීවාර්ය පරිනාමික තත්වය බවත්, එය ස්වාභාවික බවත්, ප්‍රභූන් යනුවෙන් කොටසක් සමාජයේ අනීවර්ය ලෙස පැවතීම ස්වාභාවික බවත් (විද්‍යාත්මක), එනම් එය 'පරම සත්‍යයක්' බවත් එම 'පරම සත්‍යයට' එරෙහි දෘෂ්ටිවාදයන් පරාජය කල යුතුව ඇති බවත්ය.

රනිල්ට අනුව සාම්ප්‍රදායික ප්‍රභූන් යනු එසේ අරගලකරුවන්ට එකතු වන්නන් නොවේ.

 

ඉන් පසුව රනිල් විසින් ප්‍රකාශ කරන ලද්දේ හදිස්සි නීතිය සහ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කොට මෙම ෆැසිස්ට්වාදී තර්ජනය නැති කොට දමන ලෙස තමන් විසින් ත්‍රිවිධ හමුදාපතිවරුනට සහ පොලීසියට උපදෙස් ලබා දුන් බවය.

ඔහු ඉතා තදින්ම කියා සිටියේ ආරක්ෂක මණ්ඩල ප්‍රධානියා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලීස්පතිවරයා ඇතුළු කොමිටියකට සම්පූර්ණ බලතල පැවරූ බවත්ය. ඒ අනුව ඒවාට කිසිඳු දේශපාලන මැදිහත් වීමක් නොමැති බවත්, ඒ වැඩකටයුතු අවසන් කිරීමෙන් පසුව ඒ පිළිබඳව තමන්ට වාර්තා කරන ලෙසත් නියෝග කල බව රනිල් විසින් ප්‍රකාශ කළේය.

ඒ අනුව පෙනී යන්නේ රනිල් විසින් ඉතා තදින් පවසා ඇත්තේ කෙසේ හෝ සියලු අවුල් 'පිරිසිදු' කල යුතු බවය ("clean this mess up")... පිරිසිදු කරන ආකාරය ඔහුට අදාළ නැත. ඔහු එකල බටලන්දට පැමිණ ප්‍රකාශ කරන්නේද එසේ බව ප්‍රසිද්ධ කරුණකි.

මැතිවරණයෙන් එකඳු ආසනයක් ලබා ගැනීමට නොහැකි වූ, පරාජය වූ පසුව හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්තීදූරයෙන් පාර්ලිමේන්තු පැමිණ, අවුරුදු 28ක් තිස්සේ UNP නායකයාව හිඳිමින්, මෙතරම් ස්ථිරසාරව තද තීරණ ගැනීමේ හැකියාව සහ අවශ්‍යතාවය පිටුපස ඔහුට ඇති බලය වන්නේ මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රභූන්ය. ඔවුන්ගේ සැබෑ සහ සාප්‍රදායික උරුමක්කරුවා ඔහුය. ඔහු ඔවුන්ගේ නියම නියෝජිතයාය.

ඊයේ වන තෙක් රනිල්ට එරෙහිව සිටි 'සිරස' පවා අද දින ප්‍රකාශ කලේ රනිල්ගේ ප්‍රකාශය නිවැරදි බවත් ව්‍යවස්ථානුකූලව කටයුතු කල යුතු බවත්ය.

එසේම නීතීඥ සංගමය අද දිගින් දිගටම රනිල්ට සහාය වන ප්‍රකාශ නිකුත් කරන ලදී. ඔවුනට අනුව 9 වෙනිදා ඇඳිරි නීතිය නීත්‍යානුකූල නොවූ අතර අද ඇඳිරි නීතිය සහ හදිස්සි නීතිය යන දෙකම ඔවුනට අනුව නීත්‍යානුකූල වී ඇත. 9 වෙනිදා විශාල සෙනඟක් කොළඹට පැමිණියේ එදින පැවරූ ඇඳිරි නීතිය නීත්‍යානුකූල නැතැයිද, අත්අඩංගුවට ගැනීම් කල නොහැකියයිද යන ඔවුන්ගේ ප්‍රකාශය නිසා බව සහ ඔවුන්ගේ ප්‍රකාශ වලින් පසුව ඇඳිරි නීතිය ඉවත්කොට ගත් නිසා බව ඔවුන් දනී. එනම් ඔවුන් නොකියා කීවේ උඹල අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ... බය වෙන්න එපා... අපි ඉන්නවා... යනුවෙනි. අද ඔවුන් නොකියා කියන්නේ උඹලා දඟලනවා වැඩියි... අපි තව දුරටත් නැහැ... යනුවෙනි.

මේ වන විට අවශ්‍ය තරම් ප්‍රමාණයටත් වැඩියෙන් ඉන්ධන තොග, ගෑස් සහ පොහොර පැමිණ ඇති බවද මෙහිදී මතක් කල යුතුය.

කෙසේ වෙතත් රනිල් විසින් කල ප්‍රකාශය ජන මාධ්‍ය වෙත නිකුත් කරන විට සියල්ල සිදු වී අවසන්ය (ඒ ෆොන්සේකාගේ ප්‍රකාශයත් සමගය). එනම් ඔහු ප්‍රකාශය නිකුත් කල වෙලාව සහ එය ජන මාධ්‍ය වෙත පැමිණෙන්න ගිය කාලය තුලය. ඒ අනුව බලාපොරොත්තු වූ අයුරින් රනිල්ට cleaner වීමට මේ මොහොත වන තෙක් නොහැකිව පවතී. 

නවතම ලිපි