SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් සහ බැසිල් අතර දැඩි ආරවුලක් සහ ප්‍රතිවිරෝධයක් ඇති බව පෙන්වීමට පොහොට්ටුව සහ UNPය උත්සාහ දරමින් සිටි.

එය UNP සහ පොහොට්ටු එකඟතාවයෙන් කෙරෙන නාට්‍යයකි. UNP පොහොට්ටු එකඟතාවයේ මූලිකම කොන්දේසිය වන්නේ තමන්ගේ කොටස වෙනුවෙන් කරන අරගලය පවත්වාගෙන යාමට ඉඩ දීමය.

මෙවැනි තත්වයන් තුල ගොඩනැගෙන ඕනෑම සන්ධානයක ස්වභාවය එයයි (උදාහරණයකට චම්පික සහ සජිත් මෙන්ම චම්පික සහ රනිල් සමග ඇත්තේද එවැනි එකඟතාය). එම තත්වය නාට්‍යමය අකාරයෙන් ප්‍රචාරය කිරීම UNP හිතවාදී මාධ්‍ය මෙන්ම පොහොට්ටු හිතවාදී මාධ්‍යය ද කරගෙන යයි. මේ තත්වය තේරුම් නොගන්නා අමනයින් ඒවාට රැවටෙයි.

රනිල් හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ UNPය ගොඩ ගැනීමය. ඒ සඳහා සජිත් පරාජය කොට සජබේ පිරිස් නැවත ඒ වෙත දිනාගත යුතුය. රාජපක්ෂලාට අනුව ඔවුන්ගේ අනාගතයයට වාසිදායක වන්නේ රනිල් ප්‍රමුඛ UNP ශක්තිමත් වීමය. නමුත් දෙපාර්ශවයම පොදු එකඟතාවයක සිටිනුයේ ජවිපෙ, 43, පෙසප වැනි පක්ෂ ශක්තිමත් වීමට ඉඩ නොතැබීම වෙනුවෙනි.

ගෙවල් ගිනි තැබූ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත්තේ සති දෙකක් ඇතුලත හානිපූර්ණ ගණනය කොට වාර්තාවක් සකස් කොට එවන ලෙසය. ඒ ජූලී මස වන විට අර්බුධය උග්‍ර වී ඇති වන තත්වයෙන් පසුව ඒවා අය කොට ගත නොහැකි බව ඔවුන් දන්නා නිසාය. බැසිල්ගේ එම යෝජනාව සඳහා රනිල්ගෙන් පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. එසේම මැයි 9 අරගල කරුවන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරන ලෙස බටලන්ද පවත්වාගෙන ගිය රනිල් විසින් උපදෙස් දී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒවා රනිල් සහ බැසිල් පොදු එකඟතා නොවන්නේ කෙසේද ?

aragale 8 

එසේම අනෙක් පොදු එකඟතාවය ලෙස පෙනී යන්නේ රාජපක්ෂලාගේ කුණු විමල්, ජොන්ස්ටන් වැනි අයගේ පිටින් යැවීම සඳහා රාජපක්ෂලා විසින් රනිල් එකඟ කොටගෙන ඇති බවය (ජොන්ස්ටන් රාජපක්ෂලාගේ පැරණි සතුරෙකු වන අතර විමල් වර්තමාන සතුරෙකි). ඒ අනුව ශිරන්තිට, සංගක්කාරලාට නැති නීතියක් ශෂීට ක්‍රියාත්මක වීම යනු රනිල් බැසිල් එකඟතාවයේ තවත් ප්‍රතිපලයකි. ඉන් දෙපාර්ශවයම බලාපොරොත්තු වන්නේ නාමල්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ බැසිල් හට ගෞරවනීය ලෙස ඇමරිකාව බලා පිටව යාමට ඉඩ දීමකි. එසේම රටේ මිනිසුන්ගේ කෝපය ජොන්ස්ටන්, විමල් වැනි අයගේ පිටින් යැවීමකි.

පොහොට්ටු ඡන්ද යාන්ත්‍රනයයට අදාළ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය මෙන්ම ගල්, වැලි, පස්, බොරළු, මැටි, ලී ආර්ථිකය යම් මට්ටමකින් හෝ පවත්වාගෙන යාම සඳහා ඉඩ සලසන ලෙස රනිල් එකඟ කොටගෙන ඇත. එසේ නොවන්නට කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් නොමැති තත්වයක් යටතේ විශාල ඉන්ධන පිරිවැයක් වැය වන ටිපර්, බැකෝ යන්ත්‍ර වැනි වාහන ක්‍රියාත්මක වන තත්වයකට ඉඩ හැරීම මේ තත්වය තුල නොකළ යුතු දෙයකි. උදාහරණයකින් පවසන්නේ නම් පොළොන්නරුවේ ගොවීන් මේ දිනවල ඩීසල් පෝලිම් වල සිටින අතර හෝ වගා අත්හැර දමා ඇති තත්වයක් තුල මනම්පිටියෙන් වැලි ටිපර් 1000ක් තවමත් දිනකට කොළඹ බලා පමණක් පිටත් වේ. අනෙකුත් ප්‍රදේශ වලද තත්වය එයයි.

මේ සියල්ල මෙසේ සිදුවද්දී රනිල් සහ බැසිල් දෙදෙනා අතර මහා ආරවුලක් ඇති බවක් එලියට පෙන්විය යුතුව ඇත. UNPයට මෙන්ම පොහොට්ටුවට ද වාසිදායක වන්නේ එවිටය.

aragale 9

චෞරයාගේ භූමිකාව රඟ දැක්වීමට මේ මොහොතේ බැසිල් විශාල කැමැත්තක් දක්වයි. 2015 පරාජයෙන් පසුව පොහොට්ටුව ගොඩනගා රාජපක්ෂලා නිදොස් කොට නිදහස් කරගත්තාක් මෙන්ම මෙවරද රාජපක්ෂ පව් සියල්ල ඔහු කරගසා ගන්නා බවට මහින්ද ගෝඩ්ෆාදර් වෙත බැසිල් විසින් පොරොන්දු වී ඇති බව හොඳින්ම පෙනී යයි. ඒ තුලින් රාජපක්ෂලා උත්සාහ දරනුයේ මහින්ද, නාමල් යන දෙදෙනා 'ශුද්ධවරයට' ඔසවා තැබීමටය.

වර්තමානයේ අර්බුධයට ගොස් ඇත්තේ බැසිල්ගේ පමණක් ආර්ථිකය නොවේ. එය 2002 රනිල් විසින් අරඹා බැසිල් විසින් වැඩි දියුණු කරමින් ජනතාවට ෆුල් ආතල් එකක් දී, 2015දී නැවත රනිල් විසින් භාරගෙන පවත්වාගෙන ගිය ආර්ථිකයයි. රනිල් සහ බැසිල් යන දෙදෙනාගේම එකඟතාවය පවතින්නේ දෙදෙනාගේම එම අසාර්ථක වීම තුලය. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ එකඟතාවයේ අනෙක් ප්‍රධාන කරුණ වනු ඇත්තේ නිෂ්පාදනය තුලින් නැවත තිබූ තත්වය අත්පත් කොට ගත යුතු බවය (එය කල හැකිද යන්න වෙනම ප්‍රශ්නයකි). ඒ සඳහා පොහොට්ටු සහාය ලබා දෙන බවට බැසිල් අනීවාර්ය ලෙසම පොරොන්දු වී නැත්තම් රනිල් අගමැති තනතුර ලබා ගන්නේ නැත.

ඒ අනුව 21වන සංශෝධනය යනු එම නාට්‍යය සඳහා අවශ්‍ය තත්වය සකසා ගැනීමට අටවාගත් බොරු හේතුවක් පමණි.

අවබෝධ කොට ගත යුතු දෙය වන්නේ බැසිල්ට නැවත පාර්ලිමේන්තු යාමට හෝ අගමැති වීමට නොහැකි බවය. නමුත් බැසිල් විසින් පෙන්නුම් කරමින් සිටිනුයේ තමන් අගමැති වීමට උත්සාහ දරන බවය. අගමැති වීමේ සිහිනයක් මේ මොහොතේ දරාගැනීමට තරම් බැසිල් මෝඩයෙකු නොවේ.

@spartacus.lk

නවතම ලිපි