SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාක්ස් ජීවත් වූ යුගයේ නොගෙනිය හැකි තරම් කුඩා වටිනාකමකින් යුක්තව තිබූ සහ ආර්ථිකයට අදාළ නොවූ පොසිල ඉන්ධන මේ වන විට ආර්ථිකයේ ප්‍රධාන සාධකය වී ඇත.

මේ යුගයේ සියලු දේ තීරණය වන්නේ පොසිල ඉන්ධන මතය. එනම් පොසිල ඉන්ධන වලට අදාලව මිනිස් ජීවිත සංකීර්ණ වී ඇත.

රට තුල මේ වන විට ඇති වී ඇති උද්ඝෝෂණ මාදිලි දෙකක් තිබේ.

1. පොසිල ඉන්ධන හිඟතාවය, විදුලි කප්පාදුව, හේතුවෙන් අර්බුධයට ගොස් ඇති මධ්‍යම පාන්තික, ඉහල මධ්‍යම පාන්තික සහ ඉහල පාන්තික මිනිසුන්ගේ ජීවිත අර්බුධයට යාම නිසා ඇති වී ඇති තත්වය තුල උද්ඝෝෂණය සඳහා පෙළඹීම. මුලදී නොතිබුණද ඖෂධ හිඟය මේ වන විට ඔවුනටද බලපා ඇත.

2. පොසිල ඉන්ධන හිඟතාවය, විදුලි කප්පාදුව, අධික ලෙස පොසිල ඉන්ධන සහ උද්ධමනය ඉහල යාම හේතුවෙන් මූලික අවශ්‍යතා සපුරා ගැනීම අර්බුධයට යාම නිසා වියරු වැටුන පහල සමාජ පාන්තික මිනිසුන්ගේ උද්ඝෝෂණ... එසේම ධනවාදය විසින් ඇති කරන ලද රෝග වලට ඖෂධ නොමැති වීම ද ඔවුනට අදාළ තවත් ප්‍රධාන ප්‍රශ්නයකි.

zi 1

මෙහි පළමු කොට්ටාශය ඍජුවම නියෝජනය වනුයේ ගෝල්ෆේස් උද්ඝෝෂනයෙනි. එහි බලපෑම දෙවන කොට්ටාශයට නැතුවාද නොවේ. එනම් "කපුටු කාක් කාක්" , "ගොඨා ගෝ හෝම්" වැනි මධ්‍යම පාන්තික වැදගත්, ළමා සටන් පාඨ පහල සමාජ කොටස් වල මිනිසුන්ද අනුගමනය කිරීමයි. මෙසේ වන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. මීට පෙර පහල සමාජ පාන්තික කොටස් වලට සටන් පාඨ ඉහල පාන්තික කොටස් වෙතින් ලැබී නැත. නමුත් පහල සමාජ පාන්තික උද්ඝෝෂණ වල ඇති රෞද්‍රභාවය හෝ කුණුහරුප කීම, ගිනි ගොඩවල් ගැසීම, පාරවල් හරස් කිරීම වැනි ක්‍රියාවන්ට ඉන් බලපෑමක් සිදුව නොමැත.

ඉහත සඳහන් කල පළමු කොට්ටාශයට, එනම් ගෝල්ෆේස් අරගලකරුවන් හට යම් වාමාංශික මුහුණුවරක් හිමිව ඇත්තේ මධ්‍යම පාන්තික සංස්කෘතික වම සහ ලිබරල් වම ඒ අස්සට රිංගාගෙන තිබීම හේතුවෙනි.

අරගලයේ ගෝල්ෆේස් මාදිලිය මේ අවස්ථාවේ ආණ්ඩුවට එතරම් අභියෝගයක් නොවේ (මේ වීඩියෝව අවසන් වන තෙක් බලන්න. 

 එය මේ මොහොතේ ආණ්ඩුව සහ IMF යා යුතු බව තහවරු කරන විපක්ෂ කණ්ඩායම් වෙත යම් ආකාරයක ආශිර්වාදයක් වී ඇත. ඒ පොලීසියට රෝස මල් දෙන අකාරය වැනි වීඩියෝ සහ ඡායා රූප හේතුවෙනි. ඒවා තුලින් IMF සහ ලෝක බැංකුව වෙත ඒත්තු ගැන්විය හැක්කේ මේ අරගලය එතරම් තීර්ව නොමැති බවය. එනම් උදව් උපකාර ලැබුනහොත් ගැටුම්කාරීත්වයකට නොගොස් බේරාගත හැකි බවය.

නමුත් දෙවන මාදිලිය ආණ්ඩුවට අවාසිදායකය. එබැවින් එය මර්ධනය කිරීමට ආණ්ඩුව පෙළඹී ඇත. එයට IMF වෙත ආණ්ඩුව තල්ලු කිරීම සඳහා කැමැත්තෙන් පසුවන විපක්ෂ බලවේග වලද සහාය ලැබේ. එපමණක්ද නොව, දෙවන මාදිලියේ අරගල සම්ප්‍රදාය රටේ අධ්‍යාහාර වීම ප්‍රභූ දේශපාලනය අර්බුධයට යවන තත්වයකි ( ඒ පිළිබඳව මේ සබැඳියාවේ ඇති ලිපිය කියවන්න.https://www.facebook.com/madawa.rp/posts/2209936029155845 ).

නවතම ලිපි