SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහතින් දක්වා ඇත්තේ හර්ෂ ද සිල්වා සමග සම්මුඛ සාකච්ඡාවකි.

එය අරගලයෙන් පසුව ගොඩනැගෙන ලංකාව පිළිබඳව ඉතාම හොඳ ලිබරල්වාදී පැහැදිලි කිරීමකි. මේ අරගලය ලිබරල් අරගලයක්. නමුත් මෝඩ වාමාංශිකයින් ඒක පිළිගන්නේ නැහැ. අරගලය කොතනද ඔවුන් එතන. ඉතිහාසය පුරාම වාමාංශිකන් විසින් සිදු කොට ඇත්තේ මේ ආකාරයේ ක්‍රියාවන්ය. ඔවුන්ගේ අරගල අවසානයේ සැමවිටම ධනවාදය තිබුනාටත් වඩා හොඳින් විධිමත්ව සංවිධානය වීම සිදුවිය.

මෙම වීඩියෝවේ හර්ෂද සිල්වා විසින් පවසන්නේ ඉදිරිදී ධනවාදය සකස්විය යුතු ආකාරය පිළිබඳවයි. 

 

 

 

ඔහු විසින් පැහැදිලිවම ප්‍රකාශ කොට සිටිනුයේ ලංකාව කර්මාන්ත පුරයක් කල යුතු බවය. එය සැබෑවැකි. මේ ගොඩනැගී ඇති තත්වය පවත්වාගෙන යාමට හෝ තව දුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය නම් එසේ නොකට වෙන කල හැකි දෙයක් නොමැත. අරගල කරුවන්ගේ ඉල්ලීම ද එයයි (අර්බුධය ඇති වීමට පෙර තිබූ තත්වය තව තවත් වර්ධනය කිරීම.. සියලු දෙනාට කාර්, ජීප් තියන සමාජයක්). මේ අරගලකරුවන් 69 ලක්ෂය සහ 52 ලක්ෂය සමග සිටියේදී 3% ජවිපෙ විසින් දිගින් දිගටම කියා සිටියේ දැන් අරගල කරුවන් කියන කතාය.

ඒ අනුව පෙනීයන්නේ කුමක්ද?

හර්ෂද සිල්වා විසින් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තවත් අපූරු පැහැදිලි කිරීමක් සිදු කරයි. ප්‍රශ්න අසන "පිස්සු කන්නා" (පිස්සු නොමැති කන්නා නොහොත් තට්ට කන්නා නොවේ. මේ වෙන කන්නෙකි.) විසින් හර්ෂගෙන් විමසා සිටිනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම සඳහා යම් නිර්ණායක පැනවිය යුතුද යන්නයි.

එනම් සාකච්ඡාවේ පසුබිම තුල ඔහු විසින් විමසා සිටිනුයේ නිශ්චිත අධ්‍යාපන සුදුසුකම් මාලාවක් පැනවිය යුතුද යන්නයි (ඊට පෙර හර්ෂ විසින් ප්‍රකාශ කරනුයේ ප්‍රශ්නය නූගතුන් රට පාලනය කිරීම බවය). එවිට හර්ෂට සිදු වනුයේ තම පරපුරේ පූර්වජයා වන ජේ. ආර්. විසින් සකස්කොට ඇති, ලංකාවේ තත්වයට අදාලව ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වීම සඳහා වන කපටි ක්‍රමයේ පිහිට පැතීමටය (ලෝකයේ අනිත් රටවල ප්‍රජාතන්ත්‍රවාදී කපටිකම් සකස් වී ඇත්තේ මීට වෙනස් අකාරයන්ටය). ඔහු පවසා සිටින්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දූර 29ක් ඇති බවත්, එම 29හි ප්‍රධාන අරමුණ උගතුන් පාර්ලිමේන්තුවට ගෙන ඒම බවත්, එසේ නොමැති නම් සුළු ජන නියෝජයනක් සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් (ඔවුන්ද උගතුන් වීම) පාර්ලිමේන්තු ගෙන ඒම බවත්ය.

ඒ අනුව හර්ෂ මෙහිදී පවසා සිටිනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම සඳහා අධ්‍යාපනික සීමා පැනවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. එහෙත් රට පාලනය කල යුත්තේ උගතුන් විසින් බවය. එනම් රට පාලනය කරන රෙජීමයක් තිබිය යුතු බවය. එවිට ප්‍රජාතන්ත්‍රවාදය යනු කෙතරම් ව්‍යාජයක් ද?

ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති ඉහත කී ස්වභාවය පිළිබඳව කොතරම් ප්‍රකාශ කලද වාමාංශික මෝඩයින් ඒවා පිළිනොගනී. ලොව පුරාම තත්වය මෙයයි. පහත ලිපියේද  http://www.spartacus.lk/%e0%b6%ba%e0%b7%9d%e0%b6%b0.../2022/  මේ පිළිබඳව වෙනත් ආකාරයකින් සාකච්ඡා කොට ඇත. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහසක් නොමැති බව නොදන්නා මිනිසුන් බිහි වන සමාජයකි. අරගලකරුවන් රට ගෙනයමින් තිබෙන්නේ එතැනටය.

@Spartcus.lk

නවතම ලිපි