SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන විනාශය ආරම්භ කරන ලද්දේ ජේ, ආර්, විසිනි. ඒ 1948 වසරේ සිට ය.

ජේ. ආර්. ව්‍යාපෘතියේ නියම අනුප්‍රාප්තිකයා රනිල් ය. 2015 වසරේ පත් වූ යහපාලන ආණ්ඩුව තුල ජේ. ආර්. ව්‍යාපෘතිය ඉදිරිය ට ගෙන යාම ට නොහැකි වූයේ සිරිසේන හේතුවෙනි. තකතීරු වාමාංශිකන් සහ ලිබරල්වාදීන් වී සිටින තකතීරු වාමාංශික කොටස් ඇතුළු ශුද්ධ ලිබරල්වාදීන් ඒ පිළිබඳව චෝදනා කලේ සිරිසේන ට ය.

රනිල් ට අවශ්‍ය විධිය ට වැඩ කිරීම ට නොහැකි තත්වයක් යටතේ රාජපක්ෂලා හිරගෙවල් වල යවා SLFP ය ට බලය හිමි කොට දීම ට රනිල් අකමැති විය. එබැවින් රනිල්ගේ ව්‍යාපෘතිය රනිල් ට අවශ්‍ය ම විධිය ට නැතත්, අඩුපාඩු සහිතව හෝ කරගෙන යා හැකි රාජපක්ෂලා හට ම රට භාර දීම ට රනිල් තීරණය කරන ලදී. රනිල් ඊට අදාලව දීර්ගකාලීන උගුලක් ඇටවූයේ ගෙවීමට ඇති ණය වාරික අවුරුදු 5කින් කල් දමාගැනීමෙනි.

R15

රාජපක්ෂලාගේ අරමුණ වූයේ නඩු හබ වලින් නිදහස් වීම ය. ඔවුන ට තිබූ පළමු සහ ප්‍රමුඛ කාර්යය එය විය. දැන් එය සම්පූර්ණ වී ඇත. දැන් ඔවුනගේ ඊළඟ කාර්ය වන්නේ උපක්‍රමිකව පසු බැස යාම යි. ඒ සඳහා මෙවර ද ඔවුන ට පිහිට වන්නේ රනිල් ය. සර්වපාක්ෂික නාටකයේ සිදු වූයේ බොරු රඟ දැක්වීමකි. ඒ රංගනය නොමැතිව රනිල් අගමැති වන්නේ කෙසේ ද?

යහපාලන සමයේදී දිගින් දිග ට ම රාජපක්ෂලා බේරාගැනීම සිදු කරන ලද්දේ රනිල් විසිනි. සිරිසේන අවසානයේ රාජපක්ෂලා හට ම පාලනය භාරදෙන්නේ එය ඉවසා ගත නොහැකි තැන ය. එසේම SLFP යේ බහුතරය වෙතින් එල්ල වූ පීඩනය නිසාවෙනි.

යහපාලන සමයේ සතියකට වරක් රනිල් මුණ ගැසී සාකච්ඡා කරනා තකතීරු වාම එකතුවක් තිබුණි. එම හමුව සිදු වූයේ සිකුරාදා දින වල ය. එය ට සහභාගී වන්නෙකු වෙත, රනිල් විසින් රාජපක්ෂලා බේරාගන්නා බවත්, එසේ කරනුයේ රනිල් ප්‍රභූන් ට දඬුවම් පමුණුවන සම්ප්‍රදායක් රටේ ස්ථාපිත වීම ට අකමැති නිසාත්, SLFP සිරිසේන ව්‍යාපෘතිය පරාජය කිරීම සඳහාත් බව දිගින් දිගටම පැවසීමේදී, කෙසේ වෙතත් ප්‍රභූන් හට දඬුවම් පැමිණ වීමට රනිල් අකමැති බව එම පුද්ගලයා අවසානයේ පිළිගන්නා ලදී. ඊට හේතු වූයේ ඔහු වෙත ගෙනහැර දැක්වූ කරුණුය (රුවන් විජේවර්ධන UNP නායකයා කිරීමට තැත් කිරීම, රනිල්ගේ රෝයල් උන්මාදය වැනි කාරනා...).

පසුව රනිල් හමුවීමේදී ඔවුන් විසින් රාජපක්ෂලා බේරාගැනීමේ කාර්යයක් රනිල් වෙතින් සිදුවන්නේ දැයි එම කණ්ඩායමේ කිහිප දෙනෙකු එකතුව විමසා තිබුණි. එවිට රනිල් ඊට පිළිතුරු ලබා දෙමින් පවසා තිබුනේ තමුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන බවත්, නඩු හබ පිළිබඳව තමන්ගේ උනන්දුවක් නොමැති බවත්, එසේ උනන්දු වීම ට යාම යනු ම තමන් ද කලින් තිබූ පාලනය වැනි පාලනයක් ක්‍රියාත්මක කරන්නෙකු බව ට පත්වීමක් බවත් පවසා තිබුණි.

නමුත් මෑතකදී එකී පුද්ගලයා පැවසූයේ රනිල් රාජපක්ෂලා සමග සැබෑව ට ම ඩීල් එකක් තිබූ බවත්, එම ඩීල් එක පදනම් වූයේ සොරකම් කරන ලද මුදල් (දැන් ඉතින් වෙච්ච දේ ට මුන් ට දඬුවම් දෙනවා ට වඩා හොඳ මුන් ගෙනිච්ච ඒවා ටිකක් හරි ගෙන්නවා ගන්න එක කියන පදනම) වලින් කොටසක් හෝ ලංකාව තුල ආයෝජනය කරගත යුතු නිසා බවත් ය යන්න පැවසීය.

දැන් නැවතත් රනිල් කරලිය ට පැමිණ ඇත. එසේ වීම බොහෝ දෙනෙකුට පුදුමයක් වුව ද අපට නම් පුදුමයක් නොවේ. එය එසේ වන්නේ ලාංකීය වත්මන් තත්වයේ කතුවරයා වන්නේ රනිල්ගේ මාමා ජේ ආර් බැවිනි (ජවිපෙ පවා ඉන්නේ ජේ ආර් ව්‍යාපෘතිය තුලය). මෙතෙක් පත් වූ ආණ්ඩු අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන ලද්දේ ජේ. ආර්. ව්‍යාපෘතියයි

(ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා මේ ලිපි කියවන්න http://www.spartacus.lk/%e0%b7%80%e0%b6%b8-%e0%b6.../2019/).

R16

ආර්ථික විද්‍යා උගතුන්ට අනුව ප්‍රමුඛතම කාර්ය වන්නේ ආර්ථිකය වර්ධනය කර ගැනීම ය. ඒ සඳහා සෑම ක්ෂේස්ත්‍රයක් ම තව තවත් පුළුල්ව වර්ධනය විය යුතු ය. උදාහරනයකට ඉදිකිරීම් ක්ෂේත්‍රය ගතහොත් ආර්ථික විද්‍යාව ට අනුව ඉදිකිරීම් එන්න එන්න ම වර්ධනය විය යුතු ය. ඒ ක්ෂේත්‍රය තුලින් ආර්ථික ය පුළුල් වන්නේ සහ රැකියා අවස්ථා උත්පාදනය වන්නේ එවි ට ය. නව ඉදි කිරීම් සිදු කිරීම ට ඉඩ නොමැති නම් පැරණි ඉදි කිරීම් කඩා බිඳ දමා නව ඉදිකිරීම් සිදුකරමින් ක්ෂේස්ත්‍රය පවත්වා ගැනීම සහ වර්ධනය කිරීම කල යුතු වීම ආර්ථික විද්‍යාව ට අදාළ ප්‍රධාන මූලධර්මයකි.

රනිල් ප්‍රමුඛ UNP යේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අගයන එවැනි ආර්ථික විද්‍යා උගතෙකු වන්නේ රොහාන් සමරජීව ය. රොහාන් සමරජීව යනු ආර්ථික විද්‍යාවේ සම්භාව්‍ය ප්‍රකාශනයකි. ඔහුට අනුව මූලික 'මිනිස් ස්වභාවය' යනුවෙන් 'සාරයක්' පවතී. එම සාරය ට අනුව මිනිසා යනු නිරතුරුවම නව නිර්මාණ සිදු කරන්නෙකි (එය සිදුවන්නේ දක්ෂ සහ අදක්ෂ යන උපරිම සහ අවම සීමාවන් තුල ය).

ඒ අනුව ඒවා තුලින් ජීවිතය පහසු වන අතර මිනිසා යනු ඒවා නිෂ්පාදනයේ නොතිත් ආශාවකින් පෙළෙන්නෙකි (රොහාන් ලා ට අනුව ආශාව ස්වභාවික ය). ඒ අනුව නිෂ්පාදන සහ සේවාවන් ලොව පුරා පැතිර යා යුතු අතර නිදහස් වෙළඳපොල යනු ඒ සඳහා ඇති හොඳ ම විසඳුමයි. ධනවාදයේ ආප්තය වන්නේ නිෂ්පාදනය ට සහ වෙළඳපොළ ට කිසිම සීමාවක් නොපැනවිය යුතුය යන්නයි. වෙළඳපොල ට අදාලව එය හොඳින්ම ක්‍රියාත්මක කල රටක් වන්නේ ලංකාවයි. 1977 වසරේ ලංකාවේ ඇති කල ආර්ථිකය වැනි නිදහස් ආර්ථිකයක් ලොව කිසිම රටක නොමැත (තිබේ නම් ඕනෑම අයෙකු ට ඒ කිනම් රටේ දැයි පෙන්වා දිය හැකි ය).

R18

ලංකාව IMF සමග ගැටගසෙනුයේ 1950 වසරේදී ය. එය සිදු කරන ලද්දේ ජේ. ආර්. විසිනි. IMF සහ ලෝක බැංකුව වැනි ආයතන යනු ඉහත සඳහන් කල නොතිත් නිෂ්පාදනය සහ වෙළඳපොල පවත්වා ගැනීමේ අර්බුධයන් සඳහා ලෝක පරිමාන විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ගොඩනැගුන ආයතනයන් ය.

එවැනි ආයතන පිහිටුවාගත් සමයේ ඒවායේ කාර්යභාරය වූයේ ලෝක ධනවාදී පර්යාය තුල ට ඇතුළු වී නොමැති රටවල් ඒ පිළිවෙලට සකස් කොට ගැනීම ය. ඒ අනුව එවැනි ආයතන නය ලබා දුන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නම් පමණි. ඔවුන්ගේ ප්‍රතිපත්ති වන්නේ නිදහස් වෙළඳ පොළ සහ නිෂ්පාදනය ඉදිරියට වර්ධනය කිරීමයි. එකල එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික ප්‍රශ්න යනු කිසිඳු අදාලත්වයක් නොමැති කාරනා විය. නමුත් මේ වන විට එවැනි ස්ථාවරයක සිටීමේ ප්‍රථිපල ලැබෙමින් පවතින බැවින් 'තිරසාර සංවර්ධනය', 'පුනර්ජනන බලශක්තිය' වැනි විකාර වෙත එවැනි ආයතන යොමුව ඇත. මීට පෙර නිදහස් වෙළඳපොල සහ නිෂ්පාදනය යන්න විය යුතු එක ම දෙය බව ට තීරණය කල උගතුන් ම දැන් 'තිරසාර සංවර්ධනය' සහ 'පුනර්ජනන බලශක්තිය' එක ම විසඳුම බව තීරණය කොට ඇත. නමුත් ඒවා හුදු ව්‍යාජයන් ම පමණි. සංවර්ධනයේ සීමාවන් දන්නා අය සිටීම සහ පුනර්ජනන බලශක්තිය යනුවෙන් දෙයක් පිළිගැනීම යනු ම තකතීරුකමකි.

IMF, ලෝක බැංකුව වැනි ආයතන පිහිටුවනු ලබන්නෙ ම ධනවාදය අර්බුධය ට යාම වලකා ගැනීම සඳහා ය. ලෝක ධනවාදය ට සම්බන්ධිත එක් ප්‍රධාන රටක අර්බුධයක් මුළු ලෝකයේ ම ආර්ථිකය ට බලපෑම් සහගත ය. එසේම වෙළඳපොල පවත්වාගෙන යාම ට නොහැකි වීම තුලින් අර්බුධයන් නිර්මාණය වේ.

උදාහරණයක ට දැනට පවතින ලංකාවේ ආර්ථික අර්බුධ ය හේතුවෙන් ඉන්දියානු වාහන වෙළඳපොළ ට බලපෑම් සිදු වී ඇත. එය ඉන්දියානු ආර්ථිකය ට යම් ආකාරයක බලපෑම් සහගත ය. එසේ බලපෑම් සහගත වීම යනු අදාළ නිෂ්පාදන ආයතන අර්බුධයට යාමකි. ඉන් ඒවායේ රැකියා කරන්නන් අර්බුධය ට යනු ඇත. එසේ ම එම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල්, ඒවාට අදාළ වෙළඳපොල, වෙළඳ දැන්වීම් ආයතන, ප්‍රවාහන, වාහන අලවි කරුවන් සහ රැකියා, අර්බුධය ට යනු ඇත. ඒ අනුව IMF සහ ලෝක බැංකුවේ කාර්යභාරය වන්නේ යම් රටක් එසේ අර්බුධය ට ගියහොත් එරට ඉන් ගලවාගැනීම සඳහා විශේෂඥ උපදෙස් සමග ණය ලබා දීම ය. ඒ සඳහා එවැනි ආයතන වල විදේශීය උගතුන් සහ දේශීය නියෝජිත උගතුන් ඇත.

රාජපක්ෂ ආණුඩුව ට IMF යාම සිදු කල නොහැකි බාධාවන් ඇත. ඒ එය සතු ජාතිකවාදී සහ වාමාංශික අඩංගුව හේතුවෙනි. අනෙක් කාරණය වන්නේ IMF ආයතනය කැමති ම ලාංකීය නියෝජිත පක්ෂය වන්නේ UNPය බැවිනි.

ඒ අනුව රනිල් නැවත පනගසා එමින් තිබේ. ලිබරවාදීන් සහ තකතීරු වාමාන්ශිකයින් රනිල් උඩ දැමීම දැන් ආරම්භකොට ඇත. රාජපක්ෂවරුන් ට අවශ්‍ය වන්නේ රනිල් ප්‍රමුඛ UNPය වෙත සුහද බල හුවමාරුවකින් ජාමේ බේරාගැනීම ට ය. ඒ නාමල් කුමරාගේ අනාගතය ගැන සිතා ය.

රනිල් අගමැති වුවහොත් සහ ඔහු IMF ප්‍රතිපත්තීන් වෙත එක හෙලා එකඟ වන්නේ නම් නැවත ණය දෙනවා පමණක් නොව IMF ආයතනය එය ට ගෙවීම ට ඇති ණය 100%ක් කපා හැරීමට වුවද පියවර ගනු ඇත. ඒ අනුව ආතල් කැඩී තිබූ 'ජනතාව' ට නැවතත් ආතල් ලබා දුන් දෙවියා බවට රනිල් පත්වීම නොවැලැක්විය හැකි ය.

R17

රනිල් අගමැති වුවහොත් සහ ඉදිරියේදී UNP ය ට එවැනි තත්වයක් ඇති වුවහොත්, "ජාතික ජන බලවේගය" ට සහ "43 සේනාංකය" ට සිදුවනුයේ ඔහේ බලාගෙන සිටීම ට ය. ජවිපෙ සහ 43 දිගින් දිග ට ම කියා සිටියේ ආතල් කැඩී ඇති ජනතාව ට තමන් බලයට පැමිණියහොත් ෆුල් ආතල් දෙන බව ය. එසේ නොමැතිව පවතින සංවර්ධනය ප්‍රශ්න කරමින් මේ විනාශකාරීත්වය නවතා දැමිය යුතු බවට වන සංවාදයක් ඔවුන් විසින් ආරම්භ කොට නොමැත.

දේශපාලනය යනු බලය ලබා ගැනීම නොවේ. පොරොන්දු දී බලය ලබාගෙන එකී පොරොන්දු ක්‍රියාත්මක නොකොට වෙන දේවල් කිරීම ට යාම ඉක්මන් අර්බුධ නිර්මාණය කරනු ඇත. ඒ අනුව මේ මොහොතේ කල යුතු ප්‍රමුඛ කාර්ය වන්නේ නව කතිකාවක් ආරම්භ කිරීම ය. එසේ නොමැතිව පවතින සංවර්ධන සහ පාරිභෝජන කතිකාව තුල ම බලය කේන්ද්‍ර කරගැනීම තුල ඉතා සුළු වෑයමකින් එම කතිකාව ඩැහැ ගැනීම ට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමත් වනු ඇත. මැතිවරණ වල ට පෙර තමන් මෙවර දිනනාවය කියනා ජවිපෙ ට අවසානයේ දී 3%ක් ලැබෙන යථාර්තය එයයි.

ලාංකීය සමාජයට වෙනසක් ගෙන ඒමට තිබූ හොඳම අවස්තාව ඒ අනුව නැවත වරක් ව්‍යර්ථ වනු ඇත. එය ට බොහෝ සෙයින් වග කිව යුත්තේ ජවිපෙ උද්දච්ච කම ය. වර්තමාන ජවිපෙ යනු පාර්ලිමේන්තුවාදී හය දෙනෙකුගේ නියෝජනයකි. ඒ අනුර, විජිත, බිමල්, සුනිල්, නලින්ද, වසන්ත යන අය යි. එම හය දෙනා සිටින තුරාවට ජවිපෙ ගමන් මග වෙනස් නොවනු ඇත.

 R13

කෙසේ වෙතත් දැන් රනිල් අළු ගසා නැගිටීම තුල වඩාත්ම ප්‍රමෝදය ට පත්ව ඇති පිරිස වන්නේ ලිබරල් මංගලගේ ගෝලබාලයින්ය. එම පිරිස නඩත්තු කිරීම සඳහා කලක් මංගලගේ ප්‍රතිපත්ති වල ට හොඳින්ම ගැලපුන පුද්ගලයා වූයේ දීප්ති කුමාර ගුණරත්නය. දැන් ඊළඟ රනිල් ව්‍යාපෘතිය සඳහා එම ගෝල පිරිස නඩත්තු කිරීම ට ගැලපෙනුයේ වල් ධර්මේ නොහොත් කල්ට් චින්තාය.

රනිල් ට ආවැඩීම සඳහා අවශ්‍ය මාධ්‍ය භාවිතා කරන්නන් ට අවශ්‍ය දෘෂ්ටිවාදය නඩත්තු කිරීම ට අමතරව ලාංකීය ධනවාදය ඉදිරිය ට ගෙනයාම සඳහා අවශ්‍ය විපරීතභාවයන් ප්‍රවර්ධනය සඳහා සුදුසු ම පුද්ගලයා වන්නේ වල් ධර්මේ ය. ඒ අනුව ඉදිරි රනිල් ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යයක් කල හැකි පුද්ගලයෙකු බව ට වල් ධර්මේ නමැති විපරීතයා ඉදිරියේදී පත්වනු ඇත. ඔහු ඉදිරියේදී ජාතික රූපවාහිනිය තුලින් ජාතික වීරයෙකු බව ට පත් වීම ට නියමිත ය.

@Spartacus.lk

නවතම ලිපි