SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජීවත්වෙන්න තමන්ගෙ සිරුර විකුණන ගැහැණියක් කියන්නෙම හඩා වැළපෙන ආත්මයක්...

මේ අඩන ආත්මයට බොහෝ දුරට ඒකෙන් මිදෙන්න මේ පවතින පිරිමි සමාඡය ඉඩ දෙන්නෙ නෑ . මේ හැම පිරිමියම කැමතියි උන්ට කැමති විදිහට උන්ට ඔන වෙලාවට නිදිවදින්න ලෑස්ති ගෑනියෙක් ඉන්නවනම්. හරියට භාන්ඩයක් වෙළඳ පොලෙන් ගන්න තරම් ලේසියට. ඒ ගැහැණියව හසුරවන්නෙ මේ පවතින නිදහස් වෙළදපොළ ක්‍රමය මිසක් ඒ ගෑනිගෙ සිරුරවත් හැගීම්වත් ආත්මයවත් නෙවි.

upa 2

ඇගේ නම එලීනාය. වරක් බැලූවෙක් නැවත වරක් හැරී බැලීමට තරමි ඇය සුරූපීය, සිත් ඇදගන්නා සුලුය. මාෆියා කල්ලි බලහත්කාරයෙන් එක්සත් ජනපදයට ගෙන ආ ඇය රුසියානු රූමතියකි. ඔවුහු ඇයව පාලනය කරති. ගැනුම්කරුවෝ තෝරන්නේද, සපයන්නේද මාෆියා කල්ලිය විසිණි.

ඔහු රොබට්ය. පොත් ගුල්ලෙකි. සෑම සවසකම ළගම ඇති අවන්හලට වැද හේ කෝපි කෝප්පයක් තොල ගාමින් පොතක් කියවයි. එලිනාද මේ අවන්හලට වැද සිය ගැණුම් කරුවා එනතුරු රොබට් විසින් ඇයට විස්තර කරන සියලු පොත් රස විඳී. මේ සැදෑවේ ඔහු කියවන්නේ අර්නස්ට් හෙමිංවේගේ ‘‘මහල්ලා සහ මුහුදය”

‘‘එයාට තවම මාලුවෙක් අහුවුනේ නැද්ද රොබට්?”

‘‘නෑ කෙල්ලේ. හැබැයි දැන් ලොකු මාලුවෙක් මිනිහගෙ ඔරුව වටේ කැරකැවෙනවා . ඌව අල්ලගන්න උන්දැට පුලුවන්වෙයිද මන්ද? ඒ තරමට මාලුවා ලොකුයි එලීනා”

‘‘ෂි! හරි ඉතිරි ටික ඔයා මට හෙට කියන්න ඔින . මාව ගෙනියන්න මගේ ඌරා ඇවිල්ලා රොබට්”

upa 3

ඊ ළග දිනය...

“ඊයෙ මහ අම්මගෙ දවසක් රොබට් . මට එපා වුනා අරූත් එකක් ඉදලා... අරයව ඇල්ලුවද ?”

‘‘ කාවද ? ‘‘

“මාලුවව අනේ මාලුවව”

“ඔව් එලීනා ඒ නාකි මිනිහා ඌව අල්ල ගත්තා”

“ෂා ... සතුටු හිතෙන අවසානයක්... එහෙම නේද රොබට්...”

“නෑ එලීනා...! ඒක එහෙම නෑ. මිනිහා මාලුව ඇල්ලුවට ඌ ඔරුවට ගන්න බෑ ලොකු වැඩියි කෙල්ලේ...”

“මදෑ ඉතින් මොකෝ කලේ”

“මාලුව වතුරෙ ඉන්දැද්දි නාකි මනුස්සයා අර ඇම කාපු නයිලෝන් ලනුවත් එක්කම ඌව ඔරුවට තියල ගැට ගැහුවා. ඒත් මාලුවා එතැනින් ගැලවෙන්න අප්‍රමාණ වීරියක් ගන්නකොට එතැනට එනවා මෝරු. උන් අර බැඳල ඉන්න පලායන්න බැරි මුළු මාලුවගෙ කෑල්ල කෑල්ල කඩා ගන්නවා උගෙ ඇට කටුවලට වෙනකන්ම. වෙරළට එනකොට වයසක මනුස්සයට ඉතිරි වෙන්නෙ දැවැන්ත මාලුවෙක්ගෙ ඇට සැකිල්ලක්”

upa 4

‘‘අපොයි දෙයියනේ අපේ අහිංසකය . ඒක මහ අපරාධයක්නේ ඒයි”

‘‘ඒක තීරණය වෙන්නෙ ඔයා ඒක දිහා බලන විදිහටයි එලීනා... මිනිහ ඇම ගිලපු මාලුවව ඔරුව ගාවට ඇද ගන්න මාර සටනක් කලා. මාලුව තමන්ගෙ ජීවිතේ බේරගන්න ඊටත් වඩා සටනක් කලා. නමුත් මාලුව පරාද වුණා. ඒ වුනාට ඒ වයසක මිනිහ දිනුවද එලීනා!නෑ! ජයග්‍රහණය වින්ඳෙ වෙන එවුන්. ඒ වෙනුවෙන් කිසිම සටන් නොකරපු එවුන්. ඒත් මේ නාකි මිනිහ අන්තිම මොහොත වෙනකන් සටන් කරපු ඒ මාලුවට හරියට ගෞරව කලා. ඔහු ඒ මාලුවගෙන් දැක්කෙ තමන්වමයි එලීනා..

‘‘ඉතින් රොබට් එහෙමනන් මිනිහට තිබුනනේ මාලුවව අත ඇරල දාන්න”

‘‘එලිනා සමහර දේවල් තියෙනවා ඒක සිද්ධ වෙනතුරු කාටවත් බෑ ඒ ගැන මොනවත් කියන්න. මෙහෙම කළා නම් මෙි විදිහට වෙන්න තිබුණ අරහෙම කලානම් අර විදිහට වෙන්න තිබුණ. ඒ අවස්ථාව හැදිල තිබුණෙ මාලුවට මාලුව වෙන්න. නාකි මිනිහට නාකි මිනිහා වෙන්න. ඒ කියන්නෙ ඒ අවස්තාවට අනුව ලෝකෙට විය යුත්තා වෙන්න විය යුතු දේ කරන්න...මන් හිතන්නෙ දැන් ඔයාට තේරුනා කෙල්ලේ”

නවතම ලිපි