SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"මැරුණම යන එකනම් මම දන්නේ නැහැ, ඒත් මම අවබෝධ කරගෙන ඉන්න විදිහට නිරය කියන්නේ ආවේග වලට ඇබ්බැහිය,

ඉතින් රඟපාන බොහෝ අය නිරිගාමී වීමේ ප්‍රභවයක් තියෙනවා හැබැයි මැරෙන්න කලින්, ඒ වගේම තම සිරුරම භාවනාවක් කරගන්න උණත් ඒ අයට පුළුවන් උවමනා නම්" මගේ පිළිතුර විහිළුවට වගේ.

"නෑ නෑ එහෙම සූත්‍රයක් තියෙනවා තාලපුට කියල, ඒ අනුව තමයි මේ කතාව කියන්නෙ" යාළුවා විස්තර කළා.

නළු 2

මම මේ සූත්‍රය කියවා බැලුවා. සූත්‍රය කොතරම් විකෘති කර ඇත්ද යන්න සූත්‍රය කියවීමෙන් මනාව පැහැදිලි වෙනවා. මේක තමයි කතාව. මම කෙටියෙන් කියන්නම්.

ඔන්න එක දවසක ගාමිණී කියලා නළුවෙක් බුදුන් වහන්සේ බැහැ දකින්න ඇවිත් මෙහෙම ඇහුවලු.

"භාග්‍යවතුන් වහන්ස, මගේ ගුරුවරයා කියලා තියෙනවා රංග පීඨයකදී නළුවෙක් සත්‍යය කතාවක් හෝ ප්‍රබන්ධ කතාවක් හෝ රඟ දක්වමින් ජනයා සතුටු කරමින් ඉදලා මැරිලා ගියාම පහාස කියලා දිවිය ලෝකෙකට යනවා කියලා. මේක ඇත්තක්ද ? "

නළු 3

බුදුන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු නොදී ඔය ප්‍රශ්නය මගෙන් අහන්න එපා යන්න ප්‍රකාශ කරලා තියෙනවා. ගාමිණී නළුවා නැවත නැවතත් ඇවිටිලි කරාට පස්සේ, බුදුන් වහන්සේ මෙහෙම පිළිතුරු දීලා තියෙනවා.

"ඔබ ඔය කියන දෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය මිත්‍යා දෘෂ්ටික අදහසක්. නමුත් එය ඔබේ වෘත්තීය එය බැවින් තමයි මම නිහඩ උන්නෙ. නළුකම කියන්නේම මවා පෑමක්. ඔබේ ප්‍රශ්නයට සැබෑම පිලිතුරක් දෙනවා සත්‍යය හෝ ප්‍රබන්ධ චරිතාපදාන නැටුම් වැනි රංගනයෙන් ප්‍රේක්ෂකයන්ගේ පවත්නා 'රාග දෝෂ මෝහාදී' කෙලෙස් ධර්ම තීවෘර කරනවා. රංගනයක දර්ශනයක් මගින් ඉපිද නැති කෙලෙස් ධර්ම ඉපදවීම කරනවා. ඔය කරන සියල්ල ප්‍රේක්ෂක ජනයාගේ හැඟීම් සහිත කෙලෙස් ධර්ම අවුලුවා ලීමට හේතු වේ. ඒ හේතුව නිසා එවන් තැනැත්තා නිරගාමී හෝ තිරස් චීන ගාමී ගති සිරිත් ඉපැද්දවීම කරමින් ඉන්නවා. එසේම දිගින් දිගටම මෙවන් රංගනයන් කරගෙන යෑම නිසාම නළුවන් තුළද එම ගති එලෙසම මුවහත් වීමට ඒ රංගනයම හේතු පාදක වෙයි.

නළු 6

එසේ තිබියදී රගපෑම් හේතුකොටගෙන පහාස නම් දෙව්ලොවක ඉපදෙනවා යැයි කීම තනිකරම මිත්‍යා දෘෂ්ටියක ගිලී සිටීමක්. ඔබ මේ මිත්‍යා දෘෂ්ටියේ හිරවීම සිට මේ රංගනය දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් ඔමේ සිතුවිලි එයාකාරයෙන්ම සංස්කරණය වෙනවා. එයින් ගැලවී ගත නොහැකිව එම ගතිය තුළම හිරවීම නිරගාමී චිත්තයක අයිතිය ඔබට සදාකාලිකව හිමිවෙනවා. එම ස්කන්ධ ආශ්‍රව ලෙස ඔබේ චිත්ත ශක්තිය තුලම පිහිටනවා"

හොඳට මතක තියාගන්න මේ සූත්‍රය මගේ ප්‍රත්‍යක්ෂය අනුව මගේ කියවා ගැනීම ලිවීමක් මිස thipitak.lk එකට ගිහින් cut and paste කිරීමක් නොවෙයි.

ඊළඟට මගේ විග්‍රහය මැරුණට පස්සේ වෙන එක නොවෙයි ජීවත් වෙලා ඉද්දි වෙන එක. මොකද මම මැරුණට පස්සේ වෙන දේවල් දන්නෙ නෑ, මම මැරිලා නෑනෙ තාම.

නළු 9

දැං මේකෙට මම දෙන අටුවාව සලකා බලමු. මේක ඇවිල්ලා 22 සියවසේ අටුවාව. මේ සූත්‍රය හැබෑ අද තත්වය ඇති සැටියෙන් හෙලි කරනවා. හේතුව හොඳට කල්පනා කර බලන්න. ඇත්තටම නිරය කියන්නේ නරකාදිය තමයි. නිරය කියන්නේ එතනින් ගැලවිලා එන්න බැරි තරමට එතැන හිරවීම.

හිතලා බලන්න අපි action movie එකක් බලන කොට හෝ පොතක් කියවන විට කතුවරයාට කලින් අපරාධකාරයා මරන්නේ කවුද ? අපි. අපි කල්තියා ම ඒකට ලැස්ති වෙනවා, මරණ චේතනාව අපට එනවා. ඒ තමයි වළුවො අපේ ද්වේශය අවුස්සන ආකාරය.

නළු 4

රොමෑන්ටික් පොතක් හරි movie එකක් බලන කොට අපි නිකංම රොමෑන්ටික් වෙනවා. කොටින්ම සිතුවිලි ගිණි තියා ගන්නවා. නිවන ඈත් වෙනවා. අපි hot වෙනවා. ඔය හොඳටම නිවුණු අය අර නිල් චිත්‍රපට බලන්නෙ ගිණි තියා ගන්න.

ඒ වගේම තමයි මෝහය. අපි අපිට රවට්ටා ගන්නවා. ඇමරිකාවෙ එන්න ආසයි හොලිවුඩ් ඇමරිකාව ලස්සනට. හැබැයි යථාර්ථය black discrimination, islamophobia, අපිම රැවටෙනවා. විශේෂයෙන්ම ළමයි වෙඩි තියලා action movie වල ඒවා අත්හදා බලනවා. ඉස්කෝලෙ වල වෙඩිතබා ගැනීම් කොච්චර වෙනවාද? හොරකම් සැලසුම් කිරීම් කොච්චර වෙනවාද ? නළුවො විතරක් නොවෙයි මේ ක්ෂේත්‍රයේ ඉන්න සේරම ඒකට වගකිවයුතු වෙනවා. ඇමරිකාවො war movies වල වීරයන් ආලම්බනය කරලා තමයි තරුණ ළමයි හමුදාවලට බඳවා ගන්නෙ. ජාත්‍යාලය, ඇමරිකානු ආඩම්බරය දෙන්නෙ ඒ අයගෙ බොරු වීර කම් ප්‍රදර්ශනය කරලා. මතකනෙ hurt locker movie එක. කොල්ලා මාපට ඇඟිල්ල දික් කරගෙන මැරෙන්න යනවා ඇෆ්ගනිස්ථානයට ඒවා බලලා. මොකද මාර විචිත්‍ර චිත්‍ර තමයි මවන්නෙ ඒවායේ. ගියාට පස්සේ සහ ආවාට පස්සේ ඒවා නිරයවල් තමයි. ආපහු ඇවිල්ලා PTSD එක්ක homeless විදිහට පාරවල් වල ඉන්න ගණන් එක්ක මම කලින් දාලා තියෙනවා. ඒ තමයි නළුවන්ට ලැබෙන තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර. හැබැයි නළුවො විතරක් නොවෙයි හුණු ක්ෂේත්‍රයම. හින්දි චිත්‍රපටි බලන්න, ඉන්දියාවේ කෙල්ලො දූෂණය කරලා මරනවා පාරවල් ගානෙ, හැබැයි ඇමරිකාවෙ ඉඳලා පෙම්වතා එනවා බේරා ගන්න චිත්‍රපටි වල.

නළු 10

අනික මාධ්‍යය ක්ෂෙත්‍රය බලන්න. මොන තරම් බොරු රඟපෑම් ද අද ජඩ මාධ්‍ය ව්‍යාපාරයම කරන්නෙ. බොරු රඟපෑම් වගේම ඇත්ත දේවල් අතිශෝක්තියෙන් වර්ණනා කරනවා, බේගල් ඇද බානවා, එක දෙක කරනවා, දේශපාලනයට පක්කලි නම් කරනවා. ඉතිං අමු නිරතමයි ඒවා, මොකද ඒවායෙන් ගැලවීමක් නෑ.

තව නිරයේ රඟපෑමක් තමයි advertising ලෝකය. බලන්න විෂ බීම, සිගරැට්, බෙහෙත් වර්ග, ශරීරයට අහිතකර ආහාර වර්ග ඉතිං ඕවා කරන අය නිරයෙ නොවෙයි ද ඉන්නෙ? ප්‍රේකෂකයො නිරයට නොවෙයි ද යවන්නෙ එයාලා.

ඔය හැම රඟපෑමක් ම සත්‍යවාදී ලෙස, කෙලෙස් අවුස්සන්නෙ නැතුව කරන්න පුළුවන්. හැබැයි ඒවට මාර්කට් එකක් නෑ.හැමදාම මාර්කට් එක තිබුණෙ සහ තියෙන්නේ ගිණි අවුළුවන රංගනයන්ට. ගිණි නිවන ඒවට මාර්කට් නෑ. ඒ කිසිම තමයි නලුවො සහ කලා කරුවා බොහෝ විට කෙලෙස් අවුළුවන පැත්තට විතරක් හැරෙන්නෙ.

නළු 8

අනික හොදට බලන්න නළුවන්ගෙ පැත්තෙන්. ජනප්‍රියත්වයේ හිනි පෙත්තට යන නළුවන්ට නිළියන්ට මොකද වෙන්නේ? ඒ අයට ඒ අය අහිමි වෙනවා. ඒ අය සංස්කරණය කරන්නෙ අර මාර්කට් mechanism එක. ඒ අය බොහෝ දෙනෙක් තමන්ගෙ ඒ රඟපාන චරිත වලම හිරවෙනවා. සැබෑ ලෝකයේ ඒ අය ඒ අයගෙ ඒ කීර්තිය දරා ගන්න බැරිව අසරණ වෙනවා, තනි වෙනවා, අතරමං වෙනවා. මත්පැන් වලට, සිගරැට් වලට, මත්කුඩු වලට ඇබ්බැහි නොවුණු නළු නිළියො හොයාගන්න අමාරුයි නේද? Britney ට මයිකල් ජැක්සන් ට මොකද උණේ? ඇයි එහෙම වෙන්නේ? ලංකාවෙත් මේ අය ඉන්නවා මම නම් වශයෙන් කියන්නෙ නෑ, ඔයාලා දා ගන්න.

නළුවො ගායකයෝ විතරක් නෙවෙයි බොරු රංගනයෙන් ජනතාව මුලා කරන දේශපාලඥයන් පවා නිරයෙ තමයි ඉන්නේ. කලා ක්ෂේත්‍රයේ බොහෝ අංශ මේ යටතට එනවා නේද කියලා මට හිතෙනවා. ගණිකාව ආලම්බනය කරමින් කවි ලියන පොත් ලියන ගීත ගයන අය ඇත්ත ජීවිතයේ ඒක කරනවාද? එහෙම නෑ නේද? එතන අලි බොරු රංගනයක් තියෙන්නේ.

යමෙක් බොරුවෙන් හෝ ඇත්තට මානුෂීය ධර්ම විකෘති කරන මනෝ භාවයන් ගේ වැඩිවීමක් කරන්නේද එයට ඇබ්බැහි වූ මානසික ගතියක තුළ ඒ අය සදාකාලිකව හිර වෙනවා. ඒ තත්ත්වයට නිරය කියනවා මිස කීමට වෙන නමක් නොමැත. බුදුන් වහන්සේ අද වැඩියත් ඔය සූත්‍රයම තමයි දේශනා කරන්න තියෙන්නේ. දේශනා කරන එකක් නෑ ත්‍රිපිටකය කියවා ගන්න කියලා කුටියට වඩීවි.

ඒ හිංදා මෙන්න;

ගාමිණී සංයුක්ත තාලපුට සූත්‍රය ; tripitaka.lk

පිංතූරය: Shayam Balangoda

නවතම ලිපි