SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුද්දා පාදඩයෙකි. සුද්දා ප්‍රජාතන්ත්‍රවාදය බිහි කළේ පාදඩයන්ගේ පැවැත්ම උදෙසාය.

දියවන්නාව පාදඩයන්ගේ ජයභූමියකි. එහි සිටින කුමන අයෙකුගේ පැත්ත ගත්තත් ඔබ ගන්නේ පාදඩයන්ගේ පැත්තයි.

ලින්කන්ගේ කතාව:-

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ලින්කන්ගේ නිර්වචනය අප කණපිට ගසා බාර ගත යුතුය. ඒ තත්වය වෙනස් කරන්නට ලින්කන් අවංක උත්සාහයක් ගත්තා විය හැකිය. එතුමා සාහසිකයෙකුගේ වෙඩි පහරට ලක්වූයේ ඒ නිසා ද විය හැකිය. සාහසිකයෙකුගේ නොව ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෙකුගේ වෙඩි පහරටය.

දියවන්නාවේ ඇත්තෝ සියලු ඇත්ත කියති. එහෙත් මේ ඇත්ත නොකියති. ඒ දියවන්නාවේ පමණක් නොව සියලු පාදඩයන්ගේ ස්වභාවයයි. තමන්ට අවශ්‍ය ඇත්ත පමණක් කීමයි. ඒ සදහා සියලූ පාදඩයන් අතර පොදු සම්මුතියක් ඇත. එකගතාවක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට එය අවශ්‍යය.

sudda 2

ලින්කන්ගේ කාලයේ පැවතියේ ද ප්‍රජාතන්ත්‍රවාදයයි. එනම් පාදඩයන් විසින් පාදඩයන් උදෙසා වන පාදඩයන්ගේ පාලන ක්‍රමයකි. එය මහජනතාව විසින් මහජනතාව උදෙසා වන මහජනයාගේ පාලන ක්‍රමයක් බවට පත්කරන්නට ලින්කන් උත්සාහ කළේය. එහි ප්‍රතිඵලය වූයේ ලින්කන් සාහසිකයෙකුගේ වෙඩි පහරකට ලක්වීමයි. සාහසිකයෙකුගේ නොව ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෙකුගේ වෙඩි පහරටය.

ඉන්පසුව ඒ මුරදේවතාවුන් විසින් ම ලින්කන්ගේ පිළිරුවක් ඉදිකරනු ලැබිණ. ඒ පාදඩයන්ගේ ස්වභාවයයි. ජීවත් ව සිටි ලින්කන් පාදඩයන්ට එරෙහිව සටන් කළේය. මියගිය ලින්කන් පාදඩයන්ගේ මුර දේවතාවෙකි. ලින්කන්ගේ පිළිරුව කරන්නේ එයයි. ලින්කන් යම් තැනක ඉන්නවා නම් එහි සිට තමන්ගේ ම පිළිරුව දැක හූල්ලනවා විය හැකිය.

ජේවීපී එකට යම්තම් හෝ රිදවීමක් කළා යැයි මට සතුටක් සිතේ...!

 

sudda  

අපි සුද්දන්ට බනිමු. එහෙත් අද අපි අමාරුවේ වැටී ඇත්තේ සුද්දන් ලංකාවට එන්නේ නැති නිසාය. සුද්දන්ට බනින අපේ එකම ප්‍රාර්ථනාව සුද්දන් හැකිතරම් වැඩියෙන් ලංකාවට ගෙන්වා ගැනීමය. එසේ නැතිව ගොඩයාමක් නැත. කෙසේවුවත් සුද්දන් ලංකාවට එන්නේ හඳගමගේ චිත්‍රපට බලන්නට නොවේ. පරාක්‍රමබාහුගේ, ධාතුසේනගේ මෝඩකම් බැලීමටය. සුද්දා වුණත් ගොනෙකි.

ලංකාවට එන සුද්දන් අතරින් සෑහෙන සංඛ්‍යාවක් සුද්දෝ ම නොවේ. රුසියන්කාරයෝ ද වෙති. අප්‍රිකාවේ කලු මිනිසුන් වහලුන්ට නොවික්ක රුසියන්කාරයන් සුද්දන් වශයෙන් හැදින්වීමට නොහැක. ශතවර්ෂ ගණනාවක් පුරා එක රටක් ව පැවති ශ්‍රේෂ්ඨ රුසියාව කැඩී ගියේ 1917 දී ලෙනින්ගේ මාක්ස්වාදී සිහිනය නිසාය. නැපෝලියන් පරාජය කළ හිට්ලර් දණගැස්සූ රුසියාව ලෙනින්ට පින්සිදුවන්නට දැන් නැත. ඒ වෙනුවට ඇත්තේ එකිනෙකා හා සටන් වදින රුසියාවක් හා යුක්‍රෙනයකි. සුද්දන්ට ඒ දෙය කරවාගත්තේ මාක්ස්වාදය හා ලෙනින් ලවාය. පුෂ්කින්ගේ රුසියාවට සුද්දන් වැඩේ දුන්නේ කාල් මාක්ස්ගේ සමාජවාදයෙනි. සුද්දා එතනදී නම් ගොනෙක් නොවේ.

sudda 5

ලංකාවට ඇත්තටම ආදරේ දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් බවත් ඔවුන් රාජපක්ෂවරුන්ට ඡන්දෙ නොදෙන්නේ ඒ නිසා බවත් මට ඊයේ පෙරේදා අසන්නට ලැබිණ. ඔහුගෙන් එසේ අහගන්නට ලැබුණේ ඔහු බෝංචි කරලක් රුපියල් දොලහක් බව කියද්දී මා වට්ටක්කා ගෙඩියක් රුපියල් සියයක් බව කියන්නට යාම නිසාය. විදුලිබලයට වෙන්නට යන දෙය ඇසීමේ දී සිතෙන්නේ වට්ටක්කා නොකා බෝංචි කෑවත් ඔහුගේ කතාව ඇත්ත බව ය.

ඇතැම් හාමුදුරුවරු අද උත්සාහ කරන්නේ ජනතාව නිවන් දැක්කීමටය. මාක්ස්වාදී පඩියන් මෙන් ම අභිධර්ම පඩියෝ පිරිසක් ද ගිහි පින්වතුන් අතර සිටිති. අධිවේගී මාර්ගවලට හුරු වී ඇති අපේ ජනතාවට අද අවශ්‍ය අධිවේගී නිවන් මාර්ගයකි. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවකියවා සිටීමට වෙලාවක් නැත. අභිධර්මය ඔස්සේ අධිවේගයෙන් නිර්වාණය කරා ළගාවිය යුතුය. අධිවේගී මාර්ග නිසා අද නිවන් මාර්ගය ද වෙනස් වී ඇත.එදා එම්සීසී ගැන කතා කළත් විදුලිබල ගිවිසුම ගැන හා තවත් එවන් ප්‍රශ්න ගැන හාමුදුරුවරු කතා කරන බවක් ද නොපෙනේ. ඇමරිකාවෙන් වුවත් දානේ හම්බ වෙනවා නම් කමක් නැතැයි යන්න ඇතැම් හාමුදුරුවරන්ගේ කල්පනාවයි.

ta2

ජේවීපී එක අසූඅටේ දී දුටු සිහින යළිත් දකිමින් සිටී. මා කියන්නේ ටයර් ගැන නොවේ බලය ගැන ය. එහෙත් ඇමරිකාව, ඉන්දියාව හෝ චීනයේ සහාය නැතිව කිසිදු දේශපාලන පක්ෂයකට අද රටේ බලය අල්ලන්නට නොහැකිය. අද අපට කළ හැක්කේ චීනයෙන් ඇමරිකාවටත් ඇමරිකාවෙන් චීනයටත් බලය මාරු කිරීම පමණි. ජනතාව නොදැන සිටියාට ජේවීපී නායකත්වය එය දැන සිටියි. අපේ එකමුතුකම එබදුය. අපේ දැක්ම එබදුය. එකිනෙකාට එරෙහිව යන දැක්මක් විනා එකට යන දැක්මක් අපට නැත. තව චිරාත් කාලයකට ඇති වන්නේ ද නැත. ඒ නිසා ගෝටාට බැනීමෙන් අත්වන සුගතියක් ද නැත.

කෙසේවුවත් ඊළග ඡන්දය ජේවීපී එකට දීමට දැනට සිතා සිටිමි. ගෝටාට දුන් ඡන්දය බැසිල්ට හිමිවී අපතේ යාම ඉවසා සිටි මට අනාගතයේ දී ජේවීපීයට දෙන ඡන්දයට ද එවැන්නක් සිදුවීම ඉවසා සිටීම මහ කජ්ජක් නොවේ. බැසිල්ගේ මුහුණ මට තවත් අයගේ මුහුණුවල පෙනේ. අවසාන වශයෙන් අපට දිනවීමට හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය පමණි. කෙසේවුවත් බොහෝ අය එය ජයග්‍රහණයක් වශයෙන් සිතති.

 

ta3

බෝංචි කරල රුපියල් දොළහක් බව කී තැනැත්තා වට්ටක්කා නොකන්නේ යැයි මට සිතේ. ගෝවා කැරට් චිකන් විනා මැල්ලුම් කන්නේ යැයි නොසිතේ. කොළකැද බොන්නේ යැයි ද නොසිතේ. නොඑසේනම් මැල්ලුම් හා වට්ටක්කා කෑවත් ඔහු කතා කරන්නේ බෝංචි ගැන ද විය හැකිය. එබදු ප්‍රශ්න ඇත.

මේ මොහොතේ මට ඇත්තේ බෝංචි, වට්ටක්කා හා මැල්ලුම්වලට සීමා වූ චින්තනයක් පමණි. එය ද ඒවා පොළෙන් ගැනීමට සිමාවී තිබේ.

වාර්තා කිරීමක් විනා මා මේ ලියා ඇති දේවල ඊට එහා ගිය දෙයක් නැති බව දැන් මට වැටහෙයි. එහෙත් සමහර අවස්ථාවල අපට කළහැක්කේ එය පමණි. එහෙත් එය කරන්නේ මා පමණක් නොවේ. පාර්ලිමේන්තුව තුළ සිදුවන්නේ ද එයයි. සියලූ දෙනා ම සිදුකරන්නේ එයයි. පුවත්පත් වාර්තාකරු කියා යෙදුමක් තිබේ. අපි සියලූ දෙනා අද වාර්තාකරුවන් බවට පත්ව සිටිමු.

එහෙත් අපට එය බොහෝවිට මෙනෙහි නොවේ. ඒ නිසා අපට සිතෙන්නේ අපි කෙරුම්කාරයන් බව ය. අපේ රටේ කෙරුම්කාරයන් වී සිටින්නේ ඇත්ත වශයෙන් ම වාර්තාකාරයන්ය. කෙරුම්කාරයන් සිටින්නේ රටින් පිටය. එකමුතුකමක් නැති රටක ඉරණම එබදුය. එකට යන ගමනක් හෝ දැක්මක් නැති රටක ඉරණම එබදුය.

ගෝටාට බනින්නෝ බොහෝ සිටිති. ජේවීපී එකට යම්තම් හෝ රිදවීමක් කළා යැයි මට සතුටක් සිතේ.

නවතම ලිපි