SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇයව ලෝකය හදුන්වන්නෙ කැරීබියානු කලාපයේ අති මනරම් දුපතක් වන බාර්බඩෝස් රාජ්‍යයේ නායිකාව විදිහට.

ඒ වගේම නිර්භීත තමන්ගේම අදහස් ගැන අචල විශ්වාසයක් ඇති ගැහැණියක් විදිහට. එයා තමයි බාර්බඩෝස් අගමැති සහ ජාතික ආරක්ෂාව සහ සිවිල් සේවය පිළිබඳ අමාත්‍ය මියා අමෝර් මොට්ලි.

ඇය පසුගිය සැප්තැමිබර් 24 නිවියෝක් එක්සත් ඡාතින්ගේ මුලස්ථානයේ ලෝක නායකයන් 193 ක් ඉස්සරහ මෙසේ පවසා තිබිණි.

 

උපාලි 1

‘‘මිනිසුන් සඳට යැවීමට සහ පිරිමින්ගේ තට්ටය පෑදීම නතර කිරිමට අපට විසදුම් සොයාගත හැකි නම් ... අපේ මිනිසුන්ට දැරිය හැකි මිලකට ආහාර ගැනීමට ඉඩ දීම වැනි සරල ගැටළු අපට විසඳා ගත නොහැකි ඇයි ?,"

මොට්ලි නැසීගිය ජැමෙයිකානු ගායකයා, ගීත රචකයා සහ සංගීතඥයා බොබි මාලේගේ ගීත සිහිපත් කරමින් මෙසේ පැවසීය: "අපේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්නේ කවුද?"“මේ බිහිසුණු වසංගතය තුළ මියගිය සියලු දෙනාගේ නාමයෙන් නැගී සිටින්නේ කවුද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ ලස්සන වචන ඇහිම පමනක් ප්‍රමාණවත් බවයි. ඒ ලස්සන වචන කිසිදා ක්‍රියාවට නොනංවයි. මේ වේදිකාවට තවත් ප්‍රබලම නායකයින් කී දෙනෙක් පැමිණිය යුතුද, ඔවුන් පැමිණීම නතර කලේ ඔවුන්ට නොඇසෙන නිසාද? මෙවන් හිස් ශාලාවකට සහ ආයතනයකට අපි කී වතාවක් කතා කළ යුතුද?" 

 

උපාලි 2

"මේ ග්‍රහලෝකයේ සිටින සෑම දරුවෙකුටම ටැබ්ලට් පරිගණකයක් ලබා දීමට අපට ක්‍රම තිබේ. ඒ වගේම සෑම වැඩිහිටියෙකුටම වසංගතය සඳහාවු එන්නතක් ලබා දීමටත් අපට ක්‍රම තිබේ. දේශගුණික විපර්යාසයකින් අපේ පෘථිවියේ වඩාත්ම අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කිරීමට හා ආයෝජනය කිරීමට අපට ඔිනෑවටත් වඩා මාධ්‍යයන් තිබේ. නමුත් අපි ඒවා තෝරා නොගන්නෙමු ,

“ඒ අපිට මදි නිසා නෙවෙයි, තියෙන දේ බෙදාගන්න අපිට කැමැත්තක් නැති නිසා,” ඇය පැවසුවාය.

ඒ අභීත නායිකාව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී (COP26) Caribbean කලාපයම නියෝජනය කලාය. කැරිබියානුවන් ඒ සා විශ්වාසයක් බලාපොරෙත්තුවක් මේ ගැහැණිය කෙරෙහි තබා තිබිනි. එමෙන්ම ඇගේ පෙනී සිටීම ලෝක නායකයින්ගේ සහ කලාපීය රටවල දැඩි අවධානයට ලක්ව ඇත.

 

barbados 2

සැප්තැම්බර් 23 වන දින එක්සත් ජාතීන්ගේ දේශගුණික සිදුවීම් සමුළුවේදී දේශගුණික අර්බුදය විසඳා නොගතහොත් මහා සංක්‍රමණයක් ගැන ඇය අනතුරු ඇඟවූවාය.#COP26 ලෝක නායක සමුළුවේ සමාරම්භකයේදී ඇයගේ දේශනය දේශගුණයේ අහිතකර බලපෑම්වල පෙරමුණේ සිටින කැරිබියන් වැනි කුඩා දූපත් සහ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් ගේ භයානක යථාර්ථයට එක්සත් ජාතින්ගේ සීනි බෝල අනවශ්‍ය බව පෙන්වා දුන්නාය.

 2019 දී සියයට 25කින් පමණ පහත වැටුණු කැරිබියානු රටවල තීරණාත්මක දේශගුණික මූල්‍ය පහසුකම් සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත් වීම ඇය හැඳින්වූයේ “අශීලාචාර” සහ “අසාධාරණ” යමක් ලෙසය.

‘‘ගෝලීය ගැටලු සඳහා ජාතික විසඳුම් ක්‍රියාත්මක නොවන බව වසංගතය අපට උගන්වා ඇත. අපි ග්ලාස්ගෝ වෙත පැමිණෙන්නේ අපගේ ජනතාව බේරා ගැනීමට සහ අපගේ පෘථිවිය සුරැකීමට ගෝලීය අභිලාෂයෙනි. ලෝකයට කාබන් ඩයොක්සයිඩ් වායුව තුනෙන් එකක් එකතුකරන පෟතුවියේ විශාලතම අපයෝජකයන් දෙදෙනා ලෝක පරිසර සමුළුවට පැමිනියේ නැත. ඒ චීනය සහ රුසියාවයි”.

 

උපාලි 3

ඇය ඔවුන් දෙදෙනාව නිර්දය ලෙස විවේචනය කලාය.

‘‘මේ ලෝකයේ සමහර නායකයන් විශ්වාස කරන්නේ තමන්ට තනිවම ජීවත් වී දියුණු විය හැකි බවයි? ගෝලීය ගැටලු සඳහා ජාතික විසඳුම් ක්‍රියාත්මක නොවන බව වසංගතය අපට උගන්වා ඇත. ඔවුන් වසංගතයෙන් පවා පාඩම් ඉගෙන ගෙන නැද්ද? ලෝකයෙන් තුනෙන් එකක් වචනානුසාරයෙන් සමෘද්ධිමත් වන අතර ලෝකයේ අනෙක් තුනෙන් දෙක අහිතකර පාරිසරික වටලෑමකට ලක්ව අපගේ යහපැවැත්මට විපත්තිදායක තර්ජනවලට මුහුණ දෙන්නේ නම් පෟතුවිය තල සාමය සහ සමෘද්ධිය තිබිය හැකිද? ඔවුන්ට අපේ මාර්ගයට පයින් ගැසීම කල හැක ඔවුන්ට අපව නොපෙනෙන නිසා ඔවුන්ට හැකි බව ඔවුන් විශ්වාස කරයි.

 

barbados 3

 

ඒ සමගම ඔවුන් තමන්වම දැකිය යුතුය:

ඔවුන් බලාසිටින්නේ එය ඔවුන්ට පහර දෙන තෙක්ය. නමුත් අපි සැබවින්ම බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙකුම ආරක්ෂිත වන තුරු කිසිවෙකු ආරක්ෂිත නොවන බව ඔවුන් හඳුනා ගනු ඇතැයි කියාය. සහ වසංගතය සඳහාවු එන්නත් කතාව අපට එය පෙන්වා දී ති‌බේ. එය නොතකාහරීනම්, අපි කිසි විටෙකත් ඉගෙන නොගනු ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි