SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ කලාකාරිනිය සම්බන්ධව ගතහොත් වත්මන් ස්ත්‍රීය සමාජීය වශයෙන් සේම කලාව තුළ හසුරුවනු ලබන්නේ පුරුෂාධිපත්‍යයිකවයි.

කලාව තුළ ස්ත්‍රීය පාලනයවනු ලබන්නේ පුරුෂාධිපත්‍යට නතු වු ආකාරයෙනි. විශේෂයෙන් සිනමාව, රූපවාහිනිය, වෙළඳ දැන්වීම්කරණය තුළ නියෝජනය වන ස්ත්‍රීය ඉතා සුක්ෂම ලෙස පීඩාවට පත් වෙන්නේ ඈ නොදැනුවත්වමය.

නිළිය, මෝස්තර නිරූපණ ශිල්පිනිය, නර්තන ශිල්පිනිය, යනාදි වශයෙන් ස්ත්‍රීය කලාව තුළ නියෝජනය වෙයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ වෙළෙඳ දැන්වීම් කලාව තුළ ස්ත්‍රීය යනු අලෙවි භාණ්ඩයකි. වෙළඳ දැන්වීම් කලාවේ ආරම්භය කවදා කොතැනක සිදුවුණද, එදා සිට මේ දක්වාම ස්ත්‍රීය වෙළෙඳ භාණ්ඩයක් ලෙස යොදාගනු ලබන්නේ පැතලිමය ස්වරූපයෙනි. ස්ත්‍රීය ඉතා ආකර්ෂණීය ලෙස ලිංගික ඇවිලීම සිද්ධ කරන ආකාරය, ලිංගික අවුළුවාලී ප්‍රේක්ෂකයාගේ ගුප්තමය ආශාව අවුළුවාලන භාණ්ඩය බවට පත් වී ඇත්තේ ස්ත්‍රීයයි.

 

ත්රී සිස්ටර්ස් කවරය

 

යම් භාණ්ඩයක වටිනාකම සහ අගය පෙන්වීමට වෙළඳ දැන්වීමක අඩ නිරුවත් ස්ත්‍රීය යොදාගන්නා අතරම, කල්පැවැත්ම, දරාගැනීම විදහා පෙන්වීමටද ඇය යොදාගනු පෙනෙයි. මෙට්ටයක් නම් එහි සුමුදු බව, සුව බර පැවැත්ම, අනුරාගිකත්වය ඇයගෙන් නිරූපණය කරන අතර සබන් වැනි වෙළෙඳ භාණ්ඩයක ද “පෙණ පිඩු” සමග කැටිවූ ඇයගේ සුන්දරත්වය කදිම ආකර්ෂණයක් ගෙන දෙනු ඇත. සුවඳ විලවුන්, ආලේපන, ආදී බොහෝ නිෂ්පාදනවල පිරිමි ශරීරයක හැඩි දැඩි පෙනුම සමග ඇයගේ සරාගිකත්වය ඉස්මතු කරනු ලබයි.

මේ සෑම අවස්ථාවකදීම අන් සෑම මනුෂ්‍යයෙකු සේම මනුෂ්‍ය ප්‍රාණියකෙු ලෙස දැකීම වෙනුවට ඇය ඇයට වඩා යම් දෙයක් බවට පත්කර තිබෙනු දකින්නට ලැබෙයි. ස්ත්‍රීන්ට කිසිදු අදාළත්වයක් නොමැති භාණ්ඩ අලෙවි කිරීමට පවා ස්ත්‍රී රුව යොදා ගනි. මෙහි ඛේදජනක තත්වය නම් ස්ත්‍රීය ලිංගික භාණ්ඩයක් බවට පත් කිරීම හා ස්ත්‍රී සිරුර අසභ්‍ය ප්‍රකාශන සඳහා යොදා ගැනීමයි.

 

ත්රී සිස් 9

වෙළඳ ප‍්‍රචාරණය කාර්යයන් තුළ බොහෝවිට කාන්තාව පෙනී සිටින්නේ ඉවුම් පිහුම් හෝ රෙදි සේදීම සිදුකරන ගෘහණියගේ චරිතයටයි. එසේ නොවන අවස්ථාවල වෙළඳ දැන්වීම් විසින් ගැහැණියගේ සරාගී ඉරියව් දක්වමින් හෝ ඇයගේ සිරුරේ අඟපසඟ ඉස්මතු කරමින් ඇයව නිරූපනය කරන අතර ඒ හරහා ලිංගිකත්වය උත්තේජනය කරන්නියක වශයෙන් ඇය පිළිබඳ ඇති සම්ප‍්‍රදායික ප‍්‍රතිරූපය වර්ධනය කරන්නට කටයුතු කරයි.

ජනමාධ්‍යවල පළවන කාන්තාවන් පිළිබඳ සරාගික දර්ශන සහ කාමය අවුස්සන සුලු දර්ශන ස්ත්‍රී දූෂණ සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් වර්ධනය වීම කෙරෙහි සෘජුව බලපාන බව බොහෝ සමාජවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් අනාවරණයව ඇත. නිදසුනක් ලෙස ලංකාවේ ජාතික පුවත්පත්වල ටැබ්ලොයිඩ් අතිරේකයන්, සඟරා ආදිය තුළ මුල් පිටුව සරසන්නේ ස්ත්‍රී අඟපසඟ සහ අවයව වැඩ් වශයෙන් නිරාවරණය වන ඇඳුම් ඇන්දවීමෙනි. ඒ එම මුල් පිටුව වෙනුවෙන් පෙනී සිටින නිළිය හෝ නිරූපණ ශිල්පිනිය නොදැනුවත්වම පුරුෂයාගේ බලය ඉදිරියේ ක්‍රියාකරන ආකාරයයි. අනෙකක් නොව එයින් ගම්‍යමාන වන කාරණය නම් මානසිකව කලාකාරිනිය ප්‍රචණ්ඩත්වයට පත්වන ආකාරයයි.

 

ත්රී සිස් 10

 

කාන්තාව උපයෝගීතා භාණ්ඩයක් වශයෙන් සමාජගතකිරීම හැරුණුකොට ජනමාධ්‍ය විසින් කාන්තාවට අත්කරන භයානකම තත්ත්වය නම් කාන්තාව සහ පුරුෂයා අතර සම්ප‍්‍රදායික සබඳතාවයේ උසස් බව පෙන්වා සිටීමට සහ කාන්තාවට එරෙහි හිංසනය සහ ප‍්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය කිරීමට කටයුතු කිරීමයි.

රූපවාහිනි නාට්‍ය හෝ රූපවාහිනිය මගින් ප‍්‍රචාරණය වන චිත‍්‍රපටි හරහා ගැහැණිය පිරිමියාගේ ශාරීරික අඩන්තේට්ටම්වලට ලක්වන ආකාරය හා ඇය එවැනි හිංසනයන් තනිව දරා සිටින ආකාරය ආදිය පෙන්වා සිටී. කාන්තා හිංසනයන් නිරූපනය කරන මුත් එයින් පිරිමියාගේ ආධිපත්‍ය ගම්‍යකිරීම හැර කාන්තාව එයට විරුද්ධව නැගී සිටින ආකාරය හෝ ඇය ඒවාට විරුද්ධව නීතිය ඉදිරියට යන ආකාරය බොහෝ විට ලංකාවේ නාට්‍ය සහ චිත‍්‍රපට තුල දර්ශනය නොවේ. ඒ හරහා පිරිමියාගේ ඇති අධිපතීත්වය තහවුරු කරන්නටත් පිරිමි ආධිපත්‍ය හමුවේ කාන්තාව ප‍්‍රතිචාරය දැක්විය යුත්තේ හුදෙක්ම නිහඬතාවයෙන් පමණකැයි ඒත්තු ගන්වන්නටත් මාධ්‍ය දායකවේ.

 

ත්රී සිස් 8

 

ලංකාවේ සිනමා කලාව තුළ නිළියක ලෙස ස්ත්‍රී මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයන් නම් බොහෝ ය. බොහෝවිට නිළිය යන වෘත්තිය හුදු ලිංගික භාණ්ඩයක් බවට පත් වී ඇත. නිළියක ලෙස චිත්‍රපට සඳහා රඟපෑමට සහ වෘත්තිමය බව ආරක්ෂා කිරීමය. ලිංගික අල්ලස් පවා චිත්‍රපට අධ්‍යක්ෂවරයාට ලබා දෙන්නට සිදු වන බව අප්‍රසිද්ධියේ අත්දැකීම්වලට මුහුණ දුන් නිළියන් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ කලාකාරිනියක ලෙස ස්වාධීනව සහ ඈට උරුමව ඇති ඛේදවාචකයයි.

 

ත්රී සිස් 7

 

නමුත් කිසිවිටකත් කලාව තුළ ස්ත්‍රීය මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්නට සමාජයේ කිසිවිටකත් සුදානම් නැත. මන්ද සමාජය විසින්, සංස්කෘතිය විසින් පාරභෞතික ලෙස ගොඩනැඟු නිළිය පිළිබඳ ඇති ආකල්ප, දෘෂ්ටිවාද විසින් ඈට ප්‍රසිද්ධියේ සමාජය ඉස්සරහට පැමිණි ගැටලුව ඉදිරිපත් කිරීමට එකී සමාජ, සංස්කෘතිය විසින්ම ඉඩ අහුරා ඇත. පුරුෂයා විසින් තම බලය යොදාගෙන නිළිය පාලනය කරයි. ඈ අඩ නිරුවත් කර තම හුදු අරමුණු වෙනුවෙන් ඇගේ වටිනාකම, ගෞරවය උකසට තබයි.

ස්ත්‍රීන්ගේ භූමිකාව සැබෑ මනුෂ්‍ය ප්‍රාණියෙකු ලෙස ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට ඇය දුර්වල, දෙවන පෙළ පුරවැසියෙකු ලෙසත්, මවක ලෙස, ගෘහණියක ලෙස, දියණියක, නැඟනියක ලෙස පවුලේ යුතුකම් හා වගකීම් කරපින්නා ගත් කෙනෙකු ලෙස පමණක් නිරූපනය කිරීමත්, ඒ පිළිබඳ දෘෂ්ටිය ඉදිරියට ගෙන යාමත් දැකිය හැකිය. මෙම සම්ප්‍රදායිකත්වයට අභියෝග කරන යම් යම් කලා නිර්මාණ, රූපවාහිනි වැඩසටහන් කිහිපයක් පමණක් ඉතාමත් කලාතුරකින් දැකිය හැකිය. විධායක ශ්‍රේණිවල කටයුතු කරන, නව නිපැයුම් බිහිකරන, ලෝකයේ ශ්‍රේෂ්ඨ ස්ත්‍රීන් අතර නම රඳවන පිරිස් හඳුන්වාදීම, ස්ත්‍රී දේශපාලන චරිත හඳුන්වා දීම, ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ දැනුවත් කිරීම හා ඊට එරෙහිවීම ආදිය ඊට නිදසුන් ලෙස සැලකිය හැකිය.

 

ත්රී සිස් 11

 

එසේ වුවද ඒ ඉතාමත් කලාතුරකින් බැව් නැවත නැවතත් අවධාරණය කළ හැකිය. මෙ විට ස්ත්‍රීන් විවිධ ජයග්‍රහණ ලබා ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රධාන භූමිකාවක් උසුලමින් පිරිමින් හා සමානව කරට කර ඉදිරියට ගමන් කරමින් සිටීයි. ඇය ලබන විජයග්‍රහණ ඇගේ බුද්ධිමත්භාවය කාර්යශූරත්වය මාධ්‍ය මගින් ප්‍රතිනිර්මාණය කිරීම් මානව හිතවාදී මාධ්‍යයන්හි වගකීම හා සමාජ සංවර්ධනය මාධ්‍ය කාර්යභාරය ඉෂ්ට කිරීමකි. ලංකාවේ කලාකාරිනියකට කලාව තුළ ස්වාධීනත්වයක් සහ සමානාත්මතාවය ඇති වීමට නම් ඊට පුළුල් කථිකාවතක් ඇතිවිය යුතුය. වාරණා සහ සීමාකම් ඉවත්ව සංස්කෘතික සහ සාමාජීය වශයෙන් එල්ලවන පීඩාවන්ට එරෙහිව ස්ත්‍රීයක, කලාකාරිනියක වශයෙන් කටයුතු කිරීමට ඇති ප්‍රායෝගික අවකාශයක් නිර්මාණය විය යුතු ය. ඒ සඳහා ලබාගත හැකි සුළු අවකාශයක් හෝ හැකි උපරිම ඵලදායිකත්වයකින් හා නිර්මාණශීලිව යොදාගැනීම සමාජයේ ද වගකීම වන්නේය.

 

ත්රී සිස් 3

 

එසේ නොවුණහොත් ලාංකේය සමාජය තුළ, ප්‍රධාන කතිකාව තුළ පවත්නා “බලය” සහ පුරුෂාධිපත්‍යට නතු වු ස්ත්‍රීය යන සාධකය හුදු කථිකාවතක් බවට පත්වනු ඇත. විශේෂයෙන් ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යාපාරයේ අනාගතය හා එහි ප්‍රගමනය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි. ස්ත්‍රීන් පිළිබඳ ව දිනෙන් දින අසන්නට ලැබෙන වධහිංසන, ඝාතන, ස්ත්‍රී දුෂණ, බාල අපචාර ආදියෙහි නිමාවක් නැත. ශ්‍රී ලංකාව බඳු රටක ස්ත්‍රීවාදී ව්‍යාපාරයකට ඒ සඳහා කළ හැකි මැදිහත් වීම ද සීමා සහිත ය.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි