SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Mahjaabeen Hakimi

ඇෆ්ඝනිස්ථානයේ ඉතිහාසය සහ වර්ථමානය ගැන අපි සති ගාණක් කතා කරා. සෞදි හා පාකිස්ථානයට පිංසිද්ධ වෙන්නෙ ඔළු ගෙඩි හිස් වූ.. කාම අසහණයෙන් හා ඊර්ශ්‍යාවෙන් පෙළෙන තලෙයිබාන් නම් අමුතුම කොට්ඨාශයක් මේ ලෝකෙට බිහිවුනේ පාකිස්ථාන පෙශාවා බිමෙන් බව අපි දැන් දන්නවා.

මේ මිනිස්සුන්ට තියෙන්නෙ පුදුමාකාර අසහණයක්.... ඒ අය හිතන් ඉන්නෙ කාන්තාවන් ඒ අයගෙ සෙල්ලම් බඩු කියල.

නොදන්න ආගමකින් අන්ධ වෙලා ඉන්න මේ මිනිස්සු ලෝකෙට පෙන්වන්නෙ ආගමානුකූල..විණයානුකූල පිරිසක් කියල.

මගෙ මිත්‍රයෙක් සහභාගි වුනා අවුරුදු ගාණකට කලින් දෝහා නගරයේ ( කටාර්)තිබුණු සාකච්ඡා වටයකට.

එයා කියපු විදිහට අමාරුම වැඩේ වුනේ සාකච්ඡාවන් නෙවෙයි.

උදේ පාන්දර හතර පහ වෙනකල් නිල් චිත්‍රපටි බලන තලෙයිබාන් නියෝජිතයොයි... ඒ අයගෙ කාමර වල එලිවෙනකල් ගත කරන රුසියානු හා යුක්‍රේන් ජාතික තරුණියන් අතරෙයි සිදුවෙන ගැටුම් වලක්වන එකයි අමාරුම කාර්‍ය වෙලා තියෙන්නෙ.

පහුගිය සතියෙ මේ නඩේ රුසියාවෙ සාකච්ඡා වටයකට සහභාගි වුනා.

චීනයයි.. පාකිස්තානයයි.. සෞදි අරාබියයි ඇරෙන්නෙ තලෙයිබාන්ල ගැන සංතෝශ වෙන තවත් රටක් තමයි රුසියාව.

ඇෆ්ඝන් ඉතිහාසය ගැන ටිකක් හදාරපු අපි දන්නව ඇෆ්ඝණිස්ථානයේ බිඳ වැටීමට මුල්ම දායකත්වය දුන්නෙ රුසියානුවන් කියල.

ඒත් ගිය සතියෙ මට මතක් වුනේ අසරණ රුසියානු ලිංගික සේවා සපයන තරුණ තරුණියන්වයි.

මොන යම් හෝ රටක .. ආගම සදාචාරය උඩ දාගෙන කෑ ගහන කවුරු හරි ඉන්නවද... අන්න ඒ මිනිස්සු තමා වඩාත්ම කාම අසහනයෙන් පෙලෙන්නෙ.

ගැහැණුන්ගෙ ඇඳුමෙ දිග හෝ කොට හොයන පිරිමින් හිතන් ඉන්නෙත් ගැහැණු ඒ අයගෙ සෙල්ලම් බඩු කියල. ඒ අයට වැටහීමක් නෑ සංවර විය යුත්තෙ තමාගෙ හිත මිස ගැහැණුන්ගේ ඇඳුම නොවන බව.

මගෙ මිත්‍රයෙක් මේ මානසික තත්වයට අපූරු නමක් දෙනව. ලෝකයේ විවිධ රටවල ඉතිහාසය හා සංස්කෘතීන් ගැන ටිකක් අහල තිබුනත් මේ සංකල්පය ලංකාවෙ මනුස්සයෙක්ගෙන්ම මතු වීම පුදුම සහගතයි.

එයා ඒකට දෙන නම “බිජු හීන තාවය”.

 

sport 3

 

ලෝකයේ බහුතරයක් පිරිමින් බිජු හීන තාවයෙන් පෙලේ කියන කියමන ඇහුවාම යම් කෙනෙක්ට තරහ යනව නම් ඒක සාමාන්‍යයි.

මේ හීනමානයෙන් පෙලෙන තලෙයිබාන්ලගේ අලුත්ම ගොදුර තමා මහ්ජාබීන්.

මේ දක්ශ කෙල්ල ඇෆ්ඝන් කාන්තා වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකාවක්.

 

කාබුල් වොලිබෝල් කණ්ඩායමේ තරුව තමයි මේ ලස්සන කෙල්ල. ඒ ලස්සන නිසාම නෙවේ.. එයා ඒ තරමට දක්ශයි.

අවුරුදු දාහත වෙද්දි මේ දක්ශ ක්‍රීඩිකාව ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ඉන්න වේගවත්ම ප්‍රහාරක ක්‍රීඩිකාව (කෙටි එසවුම් සඳහා)වෙනව..

 

sport 4

මේ දැරිවි අයිති වෙන්නෙ හසාරා ( Hazara) නම් කුලයට හෝ ජාතියට. ඒ අය පැවතෙන්නෙ මොංගෝලියානු ජන වර්ගයකින්. අපි කතා කලා එකොලොස්වෙනි දොලොස්වෙනි සියවස් කාල තුල බලවත් වූ මොංගෝලියානු රාජධානීන් ගැන.

1206 - 1294 කාලය තුල ආසියාවේ සිට යුරෝපය දක්වා බලය පැතිරවූ ඉතාම බලවත් අධිරාජ්‍යයක් තමයි මොන්ගෝල් අධිරාජ්‍යය.

අදත් රුමේනියාව.. බල්ගේරියාව..ග්‍රීසිය ..ඉරානය වගේ රටවල බොහෝම ලස්සන සංස්ක්‍රෘතික අංග ඉතුරු කරල ගියේ මේ මොංගෝලියානුවන් තමයි.

අන්න ඒ අයගෙන් පැවත එන බොහොම සාමකාමී ජන කොටසක් තමයි හසාරා කියන්නෙ.

ඒ වගේම හසාරා තමා ඇෆ්ඝනිස්තානයේ තුන්වන විශාලම ජන කොටස.

ඇමරිකානු පාලනය තුල ඇෆ්ඝ්න් කාන්තාවො නිදහස බුක්ති වින්දා. පිරිමි විතරක් නෙවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් පවා තමන්ගෙ දක්ශ කම් ප්‍රදර්ශණය කලා. මළල ක්‍රීඩා.. වොලිබෝල් .. බොක්සිං.. බර ඉසිලීම් වගේ ක්‍රීඩා වලින් ඇෆ්ඝන් ක්‍රීඩිකාවො පුදුමාකාර විදිහට පෙරට ආව.

නමුත් තලෙයිබාන් මිනිස්සුන්ට මේක දිරව ගන්න බැහැ...

ඒ නිසාමයි මේ අමුතු ආගමික කණ්ඩායම බලයට එද්දි බොහෝ ක්‍රීඩිකාවන් වෙනත් රටවලට පැනල ගියේ.

 

sport 5

 

අද ලෝක මට්ටමේ පෙරමුණේ ඉන්න කාන්තා පාපන්දු ශූරියන් බොහෝ දෙනෙක් ඉන්නවා ඇෆ්ඝ්හනිස්තානයෙන් පලා ඇවිත් වෙනත් රටවල පුරවැසි භාවය ලබාගත්.

එහෙම පැනල යන්න බැරුවුණු තවත් දැරියක් විතරයි මහ්ජාබීන් හකීමි කියන්නෙ.

ඒ කෙල්ල ආදරේ කලේ ක්‍රීඩාවට...

ආරංචි වුණු විදිහට එයා කෙටි පණිවිඩයක් යවල තියනව සහෝදර ක්‍රීඩිකාවකට "2024 ඔලිම්පික් වෙනකල් කොහොම හරි ඉවසගෙන ඉමු .. අපිට දවසක් ඒවි "කියල.

කාමයෙන් අන්ධවෙලා.... නොදන්න දෙවියෙකුට වන්දනා ක‍රන වයසක් ලොක්කෙක්ගෙ ලිංගික වහලියක් වෙනවට වඩා එයා මරණය තෝර ගන්න ඇති.

තලෙයිබාන් පාලනයේදී කාන්තාවන්ට ක්‍රීඩා තහනම්.

තමන්ගෙ ගෙදර වොලිබෝල් දෙකක් හා දැලක් තබාගත් වරදට මේ දැරිවිට ලැබෙන්නෙ මරණ දඬුවම.

හිස ගසා මරා දැමූ බවයි අල්ජසීරා වාර්ථා කරන්නෙ.

හසාරාස් ජන කොටසට අන්තගාමී ආගම් බලෙන් අන්දවන්න තලෙයිබාන් වරු නොගන්න උත්සාහයක් නෑ. ඇෆ්ඝනිස්තානයේ වඩාත්ම හිංසනයටත් ..ඝාතනයන්ටත් ලක්වූ ජන කොටස තමයි හසාරාස්.

 

sport 1

 

මේක පුදුම ලෝකයක්.. ගැලීලියෝ ලෝකෙ රවුම් කීවට මැරුම් කෑවෙ දැනට අවුරුදු හය හත් සීයකට කලින්.

විසි එක්වන සියවසේ වෙලත් කාන්තාවන් මැරුම් කනව ක්‍රීඩා කරනවට.

තවත් සමහරු මාධ්‍යයේදීත් ..සමාජ මාධ්‍යයේදීත් කාන්තාවන් නොමරා මරණව කොටට අඳිනව.. ඉස්කෝලෙට කලිසම් අඳිනව..දික්කසාද වෙනව.. අරක කරනව මේක කරනව කියල.

මේ ගෝත්‍රික සමාජ කවදා නිදහස් මාවතට එයිද.....

 

sport 2

 

දෙවියන්ගෙ නමින් පූජකයො බොරු කියනව.. බුදුන්ගෙ නමින් ඡීවර ධාරීන් බොරු හා අසහණය වපුරනව... ඒ දොගොල්ලට මුවාවෙලා කපටි දේශපාලකයන් වාසි ලබනව.

මේ තුන්ගොල්ලම පිටු දැකල ගැහැණුන්.. මිනිසුන් අවදිවෙන දවස හීනයක් වගෙයි.

මහ්ජාබීන් උඹව කවදාවත් අමතක නෑ..

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි