SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකය වසරෙන් වසර එක් ගැහැනියකගේ ඉරි තැලී කැබැලි වී ගිය ඡායාරූපයක් එකතුකර ඇයව ආදරයෙන් මෙනෙහි කරත්.

ඇය ඔබේ භාෂාවෙන්නම් දෙමලියකි. ඔව්! වර්ගවාදයට පයින්ගසා ඉවතහල, දකුනේ තිරානගම කසාද බැඳගත් උතුරේ දෙමළිය ඇයයි.

එසේම ඇය ප්‍රබල මානව ක්‍රියාකාරිනියක්, වෛද්‍යවරියක් හා යාපනය විශ්ව විද්‍යාලයේ කාය ව්‍යවච්ඡේදන අංශයේ ප්‍රධානියාද විය. ඇගේ පෑන බැට දුන්නේ දකුණේ සිංහල හමුදාව කල කෘෘර මෙහෙයුම්වලට පමණක් නොව උතුරේ දෙමල LTTE යේ කෘෘර බවටද ඇගේ පෑන බැට දුන්නේය. එය ස්ථිර කරගැනීමට යමෙකුට අවශ්‍ය නම් ඇය සහ ඇගේ සමකාලීනයන් ලියූ ‘‘බිදුණු තල්ගස” කියවීමම ප්‍රමාණවත්ය.

 

Rajini 3

එහි ඒකාන්ත ඵලය රාජණීගෙන් ලද මේ සටහන යයි අපි විශ්වාස කරමු .

 

“කවදා හෝ එක් ගිනි අවියක් මා නිසල කරනු ඇත. මගේ ඉතිහාසය ඇතුලත්වන මේ සමාජයේම, ජීවත්වන ගැහැණියකගේ ගැබෙන් උපන් එක් පුත්‍රයකුගේ අතකින් එසැවෙන ගිනි අවියකින් ඒ අවසානය සිදුවනු ඇත”.

  • රාජණී තිරාණගම -( THINA MORASU ' TAMIL NADU)

Rajinee 1

 

1989 සැප්. 21 යාපනයේදි ඇගේ එකී සටහන සනාත කරමින් ඇගේම වර්ගයේ මිනිසුන්  පා පැදියකින් පැමින පළමු උන්ඩයෙන්ම ඇය බිම දැමීය. අනතුරුව පා පැදියෙන් බැස ඉතිරි උන්ඩ ඇගේ හිසටම මුදා හැර මරණය සහතික කරගත් පසු පලා ගියෝය..

කම්පනය විය යාපනය නගරය!

නමුදු නගරයේ සිවිල් පුර වැසියෝ තව දුරටත් නිහඩය. භීෂනයක ස්වාභාවය එපරිදිය. එය මිනිසුන්ව ගල් කරති.

ඇගේ යාපනය විශ්ව විද්‍යාලයේ 4 වසර ආදරණීයයන් සිය ශෝකී හැගුම් මුදා හැරියේ මෙලසටය.

 

“අහස අදුරෙන් පිරිණි

වැහි වැටී ගංවතුර ගලන තුරු

බලා සිටි ඇස් වලට

දිස්වුණේ ශෝකයයි !

රාජණි මෑණියෙනි

“කාය ව්‍යවච්ඡේදන පීඨය” ම

මං මුලා වුයේය.

දැන් ඉතිං ඇසෙන්නද ?

ඔබෙ දිවිය

මරු විසින් හිටි ගමන්

පැහැරගෙන ගිය පුවත

ඇසෙන්නද ?

කුලුණු ගුණ තෙපුල් සර

ගොලු විය

ප්‍රඥාව සිය දෙ ඇස් වසා ගති

සරසවිය උඩින් ඇති නුබකුසින්

තාරකා ඇද හැලිණි

පීඨයම හිස් කරන්

සූර්යයා අහිමි විය

කෙසේ අපි වෑවෙමුද ?

දයාබර සිසුන්ගේ

හෙට දවස දිනාදෙන අදිටනින්

අද දවස උදාකල

රාජණී මැණියෙනි

ඔබේ වර්ගයා ඔබව නැතිකලා

ඇත්තටම ඇත්ත නම් ඒ තමයි

බැගෑපත්වන්නෙමු අපි

ඔව් ඔබේ

ආත්මීය ශාන්තියට !

 

Rajini 2

 

රෙජී සිරිවර්ධන මේ අයෝමය ගැහැනියගේ එක් සංවත්සර සැමරීමකට මෙසේ ලියා තිබිණි.

 

පිටුවහල් ජීවිතයේ තිත්ත විභූතිය

පිලිකෙව් කළ ඔබ,

ළං ළංව ආ මරණයේ පිය හඩ අසමින්

ජීවත්වන්නට පෙරළා පැමිනිමුත්,

හිස ඔබේ නැමුනේ නැත.

වීදියේ බල්ලෙකුට මෙන්

ඔවුහු ඔබට වෙඩි තැබූහ.

එහෙත් මරණය ස්මරණය වනු ඇත්තේ,

ඔවුන්ගේ අවමානයද,

ඔබගේ අභිමානයද ලෙසිනි.

ඉදින්........

මා ඔබට ගෙනෙන්නේ

මල්වඩමක් නොවේ,

මනාලියකට මෙන්

මල් පොකුරකි.

 

@උපාලි ජයසිංහ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි