SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මතක තරමින්, ඒ 2007 වැනි වර්ෂයක දී ICT ආයතනය වෙනුවෙන් ‘අපේ ශ්‍රී ලංකා’ ගීතය නිර්මාණය කරමින් සිටි අවධිය යි.

දමින්ද සහ මා එම ගීතයේ පිටුපසින් සිටියේ, X කණ්ඩායම විසින් නිෂ්පාදනය කළ 90 දශකයේ  ස්ත්‍රී හිතවාදී ආදර සංස්කෘතියේ උරුමක්කාරයන් ‘කසුන්-චාපා’ යැයි සමපේක්ෂණය කළ නිසා ය. ‘අපේ ශ්‍රී ලංකා ගීතය’ කලඑළි බැස්සේ ‘සිනමන් ග්‍රෑන්ඩ්’ හෝටලයේ දී වන අතර අහම්බයකින් දමින්ද මට ‘රුවිනි’ නම් තරුණියක් හඳුන්වා දුන්නේය. ඇය අපගේ ගායකයන්ගේ සිවිල් හයිය ගැන උමතුවකින් සිටි අතර මාව සතපහකට මායිම් නො කළේ X කණ්ඩායමේ මට පසු පරම්පරාව මාව කදිමට පාවාදුන් සමය ඒ යුගය වූ නිසා විය හැකි ය.

ලංකාවේ ‘ජනතා විමුක්ති පෙරමුණ’ හෝ වෙනත් කිසිදු වාම කණ්ඩායමක් ‘සංකල්පයක්’ ලෙස ආදරය දේශපාලනයට හඳුන්වා නොදුන්නේය. මතුපිට තලයේ දී ඔවුන් පැවසුවේ, වාම දේශපාලනය රාජ්‍යයට එරෙහි අරගලයක් නිසා ආදරයට දේශපාලනයේ දී බොළඳත්වය හැර අන් ඉරණමක් නැති බවයි. එසේ කියූ ඔවුහු ආදරය සමඟ SEX පටලවා ගත් අතර ‘කුහක ආදරය’ යනුවෙන් සංකල්පයක් යෝජනා කරන ලදී.

 

ආදර ගීතය 4

 

රුවිනි 90 දශකයේ දී X කණ්ඩායම නිෂ්පාදනය කළ ‘සමාජ ආදරය’ වටහා ගත්තේ, ‘අලිබබා සහ හොරු හතළිහ’ ඇසුරිනි. පාදඩ සහ ආදරනාශක පිරිමි රංචුවක් විසින් 2005 ට පසුව මුදා හරින ලද විපරිත ලිංගික ජවනිකා ඇය අපගේ උරුමය ලෙස භාර ගත්තාය. නමුත් දශකයකට පමණ පසු ඇයට වැටහී ගොස් ඇත්තේ, මේ පිරිමින්ගේ ආදරය තැටියක් මත තබා පුච්චන රොටියක තැනින් තැන පිච්චි යන කාබන් පැල්ලම් මෙන් පරපීඩා ලිංගික හිංසනයක් පමණක් බවයි. යමක නපුර යමෙකු අන්තවාදීව විශ්ලේෂණය කරන්නේ නම්, ඒ තැනැත්තා ද සිටින්නේ නපුරෙහි දෘෂ්ටිය තුළම ය. ආදරය ලෙස ‘පාදඩ හිංසනය’ කියවූ රුවිනිගේ නපුර ඇයගේම ෆැන්ටසියකි. ඇයට ඇය ඉල්ලූ හිංසනයම අපගේ ගායකයන් උරුම කර ඇත. වයසට ගිය යුගයක ඇය පූසන්ට බිස්කට් කවයි දැයි මම නොදනි.

            ‘කසුන්-චාපා’ යනු, X කණ්ඩායමේ ‘ආදර භාෂාව’ සංගීතයට පරිවර්තනය කරන පිරිමි ජෝඩුව යැයි සහශ්‍රකයේ මුල් දශකයේ දී මම අනුමාන කළෙමි. X කණ්ඩායම නිසා එම යුගයේ දී බොහෝදෙනා මෙන් මේ අය ද X හි උරුමය ලෙස භාර ගත්තේ, ‘X ආදරය’ යක්ෂයාට පාවා දුන් වෘකයන් රංචුවක් විසින් තැනූ කතිකාවයි. ‘බුද්ධිමය උරුමය’ සහ මිචෙල් ෆූකෝ විසින් න්‍යායගත කළ ‘බලය’ පිළිබඳ අලිඛිත නිතී සමූහය අතර ඇති රහස් එකඟතාවය කියවීමට තරම් කිසිවෙකු එඩිතර වූයේ නැත. සහශ්‍රකයේ දෙවන දශකය තුළ ‘කසුන්-චාපා’ සංගීත ලෝකයේ අධිකතර විපරිත උප-සංස්කෘතියක් තුළ දිය වී යන ලදී. වෙළඳපොළ විසින් ඔවුන්ව කෙතරම් සමතික්‍රමණය කළේ ද යත් ඔවුන්ගේ හුස්ම පවා මුදල් විය.

 

ආදර ගීතය 5

 

මා සිතුවේ, මා විසින් රොහාන්ට වෙනස්ව ස්ත්‍රිය වෙනුවෙන් ගොඩනැගූ ‘X ආදරය’ මා සමඟ මිය යනු ඇති බවයි. මගේ ජීවිත කාලය තුළ මේ දක්වා මා කිසිදු ස්ත්‍රියකට නිල් වන්නට පහර දී නැත්තෙමි. 90 දශකයේ දී මාව පාවා දුන් 70 දශකයේ උපන් පරම්පරාව මගෙන් ඇසුවේ, ‘හොඳ මිනිසාගේ දැක්ම’ කෙතරම් නපුරු ද යන්න ය. ඔවුන්ට අනුව, හොඳ වෙනුවෙන් කැපවීම ව්‍යාධිවේදීය ගැටලුවකි. කාන්ට් කතා කළේ, මහා අනෙකාට යට නොවූ ‘සාරධර්ම’ ගැන මිස ගල් යුගයේ පරපීඩා සාරධර්ම ගැන නොවේ. ස්ත්‍රී-පුරුෂ ප්‍රේමයේ හිංසනීය ෆැන්ටසිය නොමැතිව ලැකානියානු ආදරයට පැවැත්මක් නැත. ලැකාන් බඩුකාරයෙකු බවත් ඩෙරීඩා ආදරවන්තයෙකු බවත් රොහාන් මෑතක දී මා සමඟ පැවසීය. මිනිසාට භාෂාව පවතින තුරු අවිඥාණයක් තිබෙන අතර ඒ නිසාම නිදහස පිළිබඳ ඉවර නොවන ගැටලුවක් ද උරුම වෙයි. නූතන ධනවාදය පොරොන්දු වන්නේ, මේ අවිඥාණය මඟ හැර සෘජු ලෙස ‘විනෝදය’ සහතික කිරීමට ය. ”අවිඥාණය සහ තම අනෙකා” නො තකමින් යන විචාර කලාව තුළ ‘ආදරය’ විපරිතභාවය සමඟ පටලවාගෙන ‘නරක මිනිසා’ උත්තර දාර්ශනිකයෙක් වීම පිරිමිකමේ අවසානය නොවේ ද?

                X කණ්ඩායම නිපද වූ ආදරයට අනාගතයක් නැතැයි සිතන ‘මතියක’ පැටලී සිටින විට, කැලුම් රණවක නම් Z පරපුරේ ගායකයෙකු විසින් ගායනා කරන ආදර ගීතයක් මගේ අවධානයට ලක් විය. ජනප්‍රිය ‘ජිනා ජිනා’ නම් හින්දි ගීතයේ තනුවට සිංහල භාෂාවෙන් වචන අමුණා ඇති ‘හිත දැන් ඔයා වෙලා’ යන ගීතය එහි හින්දි ගීතයට වඩා අව්‍යාජ ලෙස ආදරය ගැන ලියා ඇත. 70 දශකයට පසු එළැඹි ලංකාවේ වෙළඳපොළ ආර්ථිකයට පසු ආදරයට අහිමි වූයේ, ආකෘතිය නොව අන්තර්ගතය යි. මිල්ටන් සහ ජෝතිගේ ආදර ගීතවලට පසුව ආවේ, රූකාන්ත විසින් තනන ලද ආදර ගීත කලාවයි. නමුත් මිල්ටන්-ජෝති ආදර ගීතවල අඩංගු වූ ආදර අන්තර්ගතය අපි රූකාන්තගේ ගීතවලින් නො දුටුවෙමු. රූකාන්ත කළේ, ආදර ගීතවලට අලුත් ආකෘතියක් සවි කිරීම පමණි. සහශ්‍රකයේ දී කසුන්-චාපා ද සිදු කළේ, ආදර ගීත පිළිබඳ ආකෘති වෙනසකි.

 

ආදර ගීතය 3

           

ආදර ගීතවල දී වඩා වැදගත් වන්නේ, අත්දැකීම නොව භාෂාවයි. මේ භාෂාව ආදරයට එන්නේ අත්දැකීම් වලින් නොව චින්තනයෙනි. චින්තනය විපරිතභාවයට වෙනස්ව සොයන්නේ, විනෝදය නොව අනෙකාගේ අඩුවයි. ආදරය යනු, දෙදෙනෙකු එක් අයෙකු වීමට දරණ අනවරත අසාර්ථක වෑයමකි. එය ඉන්ද්‍රියගෝචර ප්‍රපංචයක් නොවේ. එය යථාර්ථය චින්තනයට සම්පාත කරන තත්‍යසමාන තාක්ෂණයක් ද නොවේ. එසේ නම්, ආදරය කිරීම අපට සමාජ-මාධ්‍ය වලට, ඩිජිටල් තාක්ෂණයට භාර දීමට නො හැකි ය.

                ‘හිත දැන් ඔයා වෙලා’ ගීතය තුළ දී සිදු වන්නේ, ලංකාවේ ආදරයට අත්දැකීම වෙනුවට යළිත් භාෂාව එන්නත් වීමයි. ආදර ගීතවල දී පර්යේෂණ කටයුතු සිදු විය යුත්තේ සංගීතය තුළින් නොව භාෂා චින්තනය තුළින් ය. ආදරයේ දී භාෂාව කපා කොටා ආදරයට එළියට එන්නට ඉඩ දිය යුතු ය. සංගීතය මෙම භාෂා චින්තනය තුළ දී පසුපසින් ගාටන ප්‍රවේශයකි. මේ ගීතය තුළ අඩංගු වන්නේ, ආදරයේ අන්තර්ගතය මිස එහි ආකෘතිය වූ ස්ත්‍රී-පුරුෂ ප්‍රතිවිරෝධය නොවේ.[CONTENT AS FORM] ඒ නිසාම, ‘ආදරය’ විසින් ආදරය කතා කරන්නට පටන්ගෙන ඇත.

           මේ ගීතය සරල ය; අති සරල ය. එහි රූපාවලිය ඊටත් වඩා සරල ය. නමුත් ගීතයේ දෘශ්‍ය-ශ්‍රව්‍ය චින්තනය හරහා ආදරය කතා කරයි. මෙය Z පරම්පරාව වෙළෙඳපොළ අතහැර ආදරය සොයා යෑමට ගත් ප්‍රථම වෑයමකි. ‘හිත දැන් ඔයා වෙලා’ යන අදහස ව්‍යුහාත්මක අදහසකි. හිත ඔයා වුණාට පසුව ඒ තුළ වෙනත් අවකාශයක් නැත. ඉතුරු වන්නේ, කාලය පමණි. හිත ඔයා වුණ කෙනාට කාලය තුළ ගමන් කිරීම හැර අන් විකල්පයක් නැත. ස්වර ප්‍රස්තාර වෙනුවට ආදර ප්‍රස්තාර ඇත. බීතෝවන්ට පෙර බොහෝදෙනා පියානෝව වාදනය කළේය. නමුත් බීතෝවන් පියානෝවේ යතුරු පුවරුවට පහර දුන්නේ ය. හැඟීම් කියන සංගීතයක් බිහි වූයේ එලෙස ය. Z පරම්පරාව ආදරය ගැන කියන්නට භාෂාවට පහර දෙමින් සිටිති. පර්යේෂණයේ මුල ඇත්තේ, භාෂාව තුළ මිස තාක්ෂණය තුළ නොවේ. සිවිල් නැති මේ නූතන ආදර සංස්කෘතිය X කණ්ඩායමේ සැබෑ අනාගත උරුමය යි. 

  

Featuring – Ramod Malaka, Sajini Ishara, Sheshan Maash ♪ Dance Choreography: @RaMoD with COOL STEPS ♪ Production Manager: Dilan Madushanka ♪ MUA – Sanka Madhu ♪ Camera Assistant: Akila Sandamal ♪ Graffer: Madushanka Pieris ♪ Lighting: Munasinghe, PCS Sampath ♪ Special Thanks – Reshan Godage, Dileep Sandaruwan

”ඇහැරී මගේ දෑස් හොරෙන් ඔබමයි හොයන්නෙ වගේ 

මතකේ ඇදී තිබූ හසරැල් දැන් මට අයිති වාගේ 

හිතම දැන් ඔයා වෙලා 

මට ඔයා වෙලා 

මුළු හිතම වෙලා ඔබ දැන්

 හුස්ම ටික ඔයා වෙලා 

දන්නවද ඔයා ආදරෙයිනේ මන් එතරම්.. 

එලිය කලේ මගේ ලෝකේම 

ඔය හිනාවටයි මම ආසම 

දැක ගන්න ඇති වරම් හැමදාටම ඉන්නද කෙල්ලේ මන් ඔය ලගපාතම අපි තනිවුනා

ලස්සන හීන ලෝකේ සුරලොව මට නුඹ පේන මානේ දෙතොලක රස විදගන්න ආයේ 

මම රහසෙම එන්නද හුලග වාගේ 

නුබ වාගේ නෑ කවුරැත් තාම තේරැම් ගත්ත කෙනෙක් නෑ ලොවේ මේ මාව මම නැවතුනේ ඔය හිතගාව 

ආදරෙන් මට දුන්න වරම ඔයාද”

 

උපුටාගැනීම - ත්‍රිමාන වෙබ් අඩවියෙන්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි