SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දරුවන් වැදීම ආශ්චර්යයක් ලෙස සලකන ලද සහ ස්ත්‍රීත්වය වන්දනා කල ආදී කාලීන මාත මූලික සමාජයක ජීවත් වූ ජෛව විද්‍යාත්මක පිරිමි මිනිසා,

ජෛව විද්‍යාත්මක ස්ත්‍රියට වඩා පහත් සමාජ වටිනාකමක් ඇති කෙනෙක් වීය ... තමන්ගේ බාහු බලය හැර,අනෙකුත් සියළුම සමාජයීය කටයුතු වලදී ඔහු සිය ගෝත්‍රයේ ස්ත්‍රියට වඩා පහත් තැනක් ගත්තේය ... ස්ත්‍රියට ජෛව විද්‍යාත්මකව හිමි මාසික ඔසප් වීම පවා පූජනීය දෙයක් වූ අතර, පිරිමියා සමාජයේ දෙවැනි පංතියේ ගෝත්‍ර වැසියෙකු විය ... එසේම ජෛව විද්‍යාත්මක පිරිමි මිනිසාගේ එකම අවිඥාණික අභිලාශය සහ හැඟීම වූයේ තමන්ටම අයිති වාසිකම් කිව හැකි ගැහැණියක ලබා ගැනීම සහ ඒ හරහා තමන්ගේ මව,එනම් Primary caregiver ගෙන් ඔහුගේ ළදරු කාලය තුල මොලයේ ලිම්බික් පද්ධතියේ හණ ගසන ( Limbic imprint ) ලද ආදරයට, ආරක්ෂාවට සහ පසු කාලයේ ලිංගික උද්දීපනයට (Sexual arousal) හේතු වන Oxytocin රසායණය උද්දීපනය කර ගැනීම වීය ...

 

සුමුදු 3

ඒ කාලයේ ස්ත්‍රියක් සින්නක්කර ලෙස අත් පත් කර ගැනීම හිතළුවක් පවා නුවූ කාරණයක් වූ අතර, තම පුරුෂ ලිංගික සහකරුවන් තෝරා ගැනීම තනිකරම ස්ත්‍රියගේ කැමැත්ත පරිදි සිදු වීය ... බොහෝ විට ස්ත්‍රිය වරෙකට පිරිමින් කීප දෙනෙකු සමග සංවාසයේ යෙදුනු අතර, මේ සඳහා පරිණාමය විසින් සකසන ලද සහ අදටත් ස්ත්‍රිය කෙරේ ඇති බහු සුරාන්ත ශක්‍යතාවය ඉවහල් වීය ...

ස්ත්‍රියක තනිව අයිතිකර ගැනීම හෙවත් ප්‍රාථමික ආරක්ෂකයාගේ ( Primary caregiver ) ආදරය සහ ආරක්ෂාව නැවත ලබා ගැනීම පිරිමියාගේ අවිඥාණික සහ හැඟීම්බර අභිලාශයක් වූ අතර, මෙම "දෙවැනි පංතියේ ගෝත්‍ර වැසියා" තම ලිංගිකත්වය, එනම් තමන් ජෛව විද්‍යාත්මක පිරිමියෙකු වීම පිලිබඳ පොදු හීනමානයකින් (Collective inferiority) පසු වීය ...

සුමුදු 4

පිරිමියාගේ මෙම "පොදු හීනමානය" හෙවත් collective inferiority පුරුෂාත්ම හීනනය (Male Inferiority Complex) නම් වෙයි ... මෙය දැනට පවතින පුරුශ කේන්ද්‍රීය මනෝ විශ්ලේෂණය තුල හඳුනා නොගත් (හෝ ඉතාමත්ම අඩුවෙන් සැලකිල්ලට භාජනය වූ) ලෝකයේ මානව වර්ගයා අතර මුලින්ම ඇති වූයේයැ යි සිතිය හැකි මානසික සංකූලතාවයයි ... තවද ජෛව විද්‍යාත්මක ස්ත්‍රිය බහු කාර්‍ය ශක්‍යතාවක් ඇති සහ පිරිමියාට වඩා මානසික ආතතීන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය වී ඇති අතර, ඇයට සාපේක්ෂව ජෛව විද්‍යාත්මක පිරිමියා බොහෝ අතින් අසරණ සත්වයෙක් වීමත් අද පවා පවතින මේ හීනමානයට හේතුවක් වෙයි ...

නොයෙක් ක්ෂීරපායීන් මනෝභ්‍රාන්තිකයන් ( Psychedelic ) අත් හදා බලන්නා සහ ඒවාට ඇබ්බැහි වන්නා සේම මේ අපේ ආදී මිනිසා ද මනෝභ්‍රාන්තිකයන් අත් හදා බලන්නට පටන් ගත් අතර,ඒ හරහා ඔහුගේ මොළයේ Oxytocin, Seratonin මෙන්ම Dopamine යන ජෛව රසායණිකයන් ඉහල නගින්නට පටන් ගෙන,ඔහුගේ පරිකල්පන හැකියාව අවදි වන්නට පටන් ගත්තේය ... මේ හරහා What? Why? How? වැනි ප්‍රශ්ණ ඔහුගේ මොළය තුල පැන නැගීමට පටන් ගත්තේය ... එනිසාම ඔවුන්ගේ භාෂාව දියුණු වන්නට පටන් ගත්තේය ... ඔවුහු මෙම පරිකල්පණ හැකියාව "දිව්‍යමය" දෙයක් යැයි සිතන්නට පටන් ගත් හ ...

ග්‍රීසියේ වයින් වලට අධිපති දෙවියා බාකුස් සහ සෘග් වේදයේ එන සෝම පානයට අධිපති දෙවියා වන සෝම නම් දෙවිවරුන් නිර්මාණය වූ අතර ඔවුන් පසු කාලයේ අපරදිග සහ පෙරදිග ආගම් වල සහ චින්තන පද්ධතීන් වල බීජයන් බවට පත් වීය ...

එසේම භාෂාව යනු සංස්කෘතියේ පාදම වන අතර අද පවා සමහර ආගමික අභිචාර වලට සහ මානසික සුවකිරීම් ( Healings ) වලට කංසා,පෙයෝටේ,අයාහුවස්කා, LSD වැනි මනෝභ්‍රාන්තිකයන් යොදා ගනී ...

අතීත ජෛව විද්‍යාත්මක පිරිමි මිනිසා ලිංගික කාර්යය සහ ගැබ්බර වීම පිළිබඳ අභිරහස සොයා ගත් දා , එනම් ස්ත්‍රියක් ගැබ්බරවීම සහ ඊට පිරිමියා,පුරුෂ ලිංගය සහ ශුක්‍රාණුවල දායකත්වය සොයාගන්නා ලද දා , ඔවුන් විසින් යම් ගැහැණියකට උපදින දරුවා සහ පිරිමියා අතර සම්බන්ධය සොයා ගත්තේය ...

 

සුමුදු 5

මේ "අභිරහස" පිලිබඳ සෙවීමට ඔහුව පොළඹවන්නේ අර පෙර කී "පුරුශාත්ම හීනනය" ( Male Inferiority Complex ) නම් මානසික සංකූලතාවයයි ... මේ "පුරුශාත්ම හීනනයේ" පලමු නිර්මාණය වන්නේ ඉන් පෙර ඔවුනගේ භාෂාවන් තුල නොවූ "පියා" යන වචනය සොයා ගැනීමයි!

යම් ස්ත්‍රියකට උපදින දරුවා තම ග්‍රහණයට ගෙන,ඒ හරහා දරුවාගේ සහ මවගේ ආධිපත්‍යය තමාවෙත පවරාගෙන යුගලන පවුල නිර්මාණය කර ගන්නට පටන් ගත්තේය ... එක් පිරිමියෙකු හට එක් ගැහැණියක් අත් පත් කරගැනීම දේශපාලන ඇසකින් බලන කල මිනිස් "ඉතිහාසයේ" ප්‍රථම පෞද්ගලික දේපලෙහි ආරම්භයද වෙයි ... හෙවත් ධනවාදයේ පාදම වෙයි ... ඒ හරහා මෙතෙක් කල් ගැහැණියට පමණක් කල හැකි ආශ්චර්යයක් වූ දරුවන් වැදීම, පිරිමියා සහ ඔහුගේ පුරුශ ලිංගයත්, එයින් පිටවන "ශුක්‍ර ධාතූන්" විසින් අත් පත් කරගන්නා ලද අතර ඒ හරහා ජෛව විද්‍යාත්මක පිරිමියා තමාව වන්දනීයත්වයට පත් කරගන්නට දේවල් නිර්මාණය කරන්නට වීය ... Male Inferiority Complex හෙවත් පුරුශාත්ම හීනනය එහි විලෝමය වන Male Superiority Complex හෙවත් පුරුෂාධිපත්‍යය දක්වා රූපාන්තරණය වන්නට පටන් ගත්තේය ...

 

සුමුදු 2

දඩයමට සහ යුද්ධයට අධිපති බැබිලෝනියානු ඉෂ්ටාර් වැනි දේවතාවියන් පුරුෂ කේන්ඳ්‍රීය ගිල්ගාමේශ් වැනි පුරා කතාවන් තුල ඉන් පෙර භාෂාව තුල නොවූ "වෛශ්‍යාව" වැනි වචන භාවිතයෙන් අපහාසයට පත් කරන ලද අතර,දේව කතා වල දේවතාවියන්ට ඔවුනට වඩා බලවත් ස්වාමි පුරුශයන් නිර්මාණය වන්නට පටන් ගත්තේය ... මව් දෙවඟන වන්දනය වෙනුවට පුරුෂ ලිංග වන්දනය, පුරුෂ දෙවියන් වන්දනය වැනි අභිචාර ආරම්භ වූ අතර,පුරුශ ලිංගය බලයේ සංකේතයක් වන්නට පටන් ගත්තේය ...

කෙටියෙන්ම කිවහොත් ඉහත කී Male Superiority Complex ( පුරුෂාධිපත්‍යය ) විසින් මීට අවුරුදු 4000 දහසකට පමණ පෙර සියළු දේ මැවූ යාහ්වේ නම් සර්වබලධාරි දෙවියන් වහන්සේව මැවීය ... මේ පුරුෂාධිපත්‍යය හෙවත් Male Superiority Complex පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාම සඳහා භාෂාව ලේඛන ගත කිරීමට පටන් ගත් ඔවුහු, යුගලන පවුල සහ ඒ හරහා ගොඩ නගා ගත් Male Superiority Complex හෙවත් පුරුෂාධිපත්‍යයද ටිකෙන් ටික ලෝකය පුරා ව්‍යාප්ත වන්නට පටන් ගත් අතර,තනි පුරුෂයෙකුගේ ටෙරිටරිය හෙවත් ඔහුගේ යුගලන පවුලේ ටෙරිටරිය,ගෝත්‍රයේ ටෙරිටරිය දක්වා ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය ... වඩාම ශක්ති වන්ත සහ දඩයමට ශූර පුරුෂයා ගෝත්‍රයේ නායකයා බවට පත් වීම ඇරඹුණි ... අවට ගෝත්‍රයන්හි ස්ත්‍රීන් සහ ලමයින් අල්ලා ගැනීමට යුද්ධ ප්‍රයාණයන් දියත් කල අතර, ඒ මගින් මේ ගෝත්‍රයන් සුපිරි ගෝත්‍රයන් බවටත්, සුපිරි ගෝත්‍රයන් ප්‍රාදේශීය රාජාණ්ඩු දක්වාද, රාජාණ්ඩු අධිරාජ්‍යයන් දක්වාද, කාලයාගේ ඇවෑමෙන් අද අප දකින ජාතික හෝ වෙනත් ආකාර පාලන ක්‍රමයන් පවතින රාජ්‍යයන් දක්වාද වැඩි දියුණු විනි ...

 

sumudu

ආගම,චින්තනය,නීතිය,අධ්‍යාපනය,කලාව,දේශපාලනය,ආර්ථිකය ආදී සියලු දේ පුරුෂයා නගා සිටවීම සඳහා යොදා ගත්තෝය ... ගිල්ගාමේශ් වීර කාව්‍යය මෙහි ආදීතම උදාහරණය වන අතර,එය ලේඛණය සම්බන්ධව අපට හමුවන පැරණිම සාක්ෂියයි ...

ඉතාමත්ම කෙටියෙන් කිවහොත් පිරිමියා විසින් ඔහුගේ ආරක්ෂාවට "ඉතිහාසය" ආරම්භ කලෝය ... අද අප විසින් "පරිභෝජණය" කරන ධනවාදය,ගෝලීය පරිසර හානිය ආදී නොයෙක් ආකාර "සමාජ රෝගයන්" හි මූල හේතුව ( Root cause ) වන්නේද මේ කිවාවූ පුරුශාත්ම හීනනයයි ...

මේ සියල්ල අතරතුර, අදටත් පැපුවා නිව් ගිනියාවේ යුධකාමී Dani ගෝත්‍රිකයන් තම ඇඳුම ලෙස භාවිත කරන්නේ පුරුෂ ලිංගය වසා ගැනීමට භාවිත කරන අඩියකට වඩා දිග පුරුෂ ලිංගාකාර ලබු කට්ටක් වන අතර,ඔවුන් ඒ හරහා සංකේතවත් කරන්නෙ දිගු ප්‍රාණවත් වූ පුරුෂ ලිංගයන් සහ ඔවුන්ගේ බලයයි ! 

සැ.යු.

මෙය සාමාන්‍ය පාඨකයා හට තේරුම් ගැනීමට හැකි පරිදි හැකි තාක් සරළ ආකාරයෙන් විස්තර කිරීමට සිදු වීම නිසා මෙය ඇකඩමීකයන්ගේ දෝෂාරෝපණයට භාජනය වීමේ අවදානමක් ඇති බව කාරුණිකව සලකන්න ...

@ සුමුදු ගුරුගේ

againstgreatdissorder.blogspot.com

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි