SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වාම දේශපාලන අවකාශයන්වල ස්ත්‍රීන් ලිංගික හිරිහැරවලට ලක් වීම සම්බන්ධයෙන් වග වීම පිණිස සහෝදරාත්මක දේශපාලනය ඉල්ලා සිටින අපට

ඒ බොහෝ දෙනෙක් පවසන්නේ ඒ සම්බන්ධයෙන් අප කරන චෝදනා පිලිගත නොහැකි බවත්, චෝදනා අධිකරණයක් ඉදිරියේ ඔප්පු කල යුතු බවත් ය. ඔවුනගේ යෝජනාව අප අධිකරණයට ගොස් මේ ප්‍රශ්නය විසදා ගත යුතු බවයි.

නවකවදය සම්බන්ධයෙන් මේ අප ඔවුන්ගෙන් ඉදිරියේදී අපේක්ෂා කරන ප්‍රතිචාරයයි!

 

left woman 1

“තමාට අනුහස තිබෙන අවකාශය තුල නවකවධය 'ඉවසීම' සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් හා අන්තරය වැනි සංවිධානවලට එරෙහිව එල්ල වෙන චෝදනාවලට අනාගතයේ දී ඉදිරිපත් කල හැකි විත්තිවාචක කිහිපයක් මෙසේය:

අ) අපි නවකවධයට විරුද්ධයි. ඒත් ලමයි අතර තිබෙන ඔය පුරුද්දට අපි කියල මොනව කරන්නද? නවකවධ සිද්ධියක් තියෙනව නම්, පොලිසියට පැමිණිලි කරන්න. එතකොට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. (එහෙම නොකරනව නම්, අපිට කරන්න දෙයක් නැහැ නවකවධය දෙන අය එක්ක අපි ඉස්සරහටත් එකට වැඩ කරනවා)

ඇ) අපි නවකවධයට විරුද්ධයි. හැබැයි නවකවධය තියෙන්නේ විශ්ව විද්‍යාලවල විතරද? හමුදාවේ, පාසල්වල නවකවධය නැද්ද? බස්වල තෙරපි තෙරපී මගීන් ගමන් කරන එක 'වධයක්' නෙමෙයිද? මේ මුලු ධනවාදී ක්‍රමයම 'වධයක්' නෙමෙයිද? එහෙම තියෙද්දී, ඇයි මේ විශ්ව විද්‍යාල ගැන විතරක් ප්‍රශ්න කරන්නෙ? (මෙය දැනටත් ඉදිරිපත් වන විත්තිවාචකයකි)

ඇ) අපි නවකවධයට විරුද්ධයි. හැබැයි නවකවධය දෙන අය කරන එකම දේ නවකවධය නෙමෙයි, ඒ අය වැදගත් දේවල් කරනවා. පෝයට සිල් ගන්නවා, ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කරනවා, වෙසක් එකට පිරිත් දේශනා සංවිධානය කරනවා. මේ හොඳ වැඩ අමතක කරල නවකවධයට මේ අයව ඌනනය කරන එක වැරදියි. නවකවධය දෙනවා කියල උන්ව මරන්නද? අපි නවකවධ විරෝධය හිතේ තියාගෙන වුණත්, මේ හොඳ වැඩවලට සහ‍යෝගය දෙනවා.

ඈ) අපි නවකවධයට විරුද්ධයි තමයි. හැබැයි නවකවධ විරෝධය මුවාවෙන් මේ කරන්නෙ අපි කරන බැරෑරුම් අධ්‍යන-දේශපාලන වැඩ කඩාකප්පල් කරන එක, විනාශ කරන එක. අපි ඒකට ඉඩ දෙන්නෙ නැහැ, අපි ඉල්ලන්නෙ නවකවධ විරෝධය හිතේ තියාගන්න ගමන් අපි කරන බරපතල වැඩ ගැන සාවධාන වන ලෙසයි.

left woman 3

නිල වශයෙන් නොකියන නොනිල පැහැදිලි කිරීම - නවකවධය දෙන එක අමුතු දෙයක් නෙමෙයි, සාමාන්‍ය මිනිස් හැසිරීමක්. කන බොන සාමාන්‍ය ආසාවල් තියෙන මිනිස්සු ඕක කරනවා. නැතිනම් සිල් ගත්ත වගේ ඉන්න වෙනව මචං. ඒකට අකමැති නම්, කුඩෙන් ගහන්න, පොලිසියට කියන්න, එහෙම නැතිනම් ඇන්ටි රැග් වෙන්න; නිකම් අවධානය ගන්න නහයෙන් අඩන්නෙ නැතිව!!: ඒ අතරම නිදහස් අධ්‍යාපනය දිනේවා! මිලිටරිකරණය භංගවේවා! පීඩිත දෙමල ජනතාවගේ සමානාත්මතාවය දිනේවා! ( සහ ඒ ආදී වූ තවත් ගොඩක් දේවල්)”

 

@රමිඳු ලක්ෂික පෙරේරා

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි