SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්ලැවොයි ජිජැක් කියනවා යටත්විජිත විදිහට තිබිලා නිදහස් උන රටවල් වල මිනිස්සු හිතන විදිහ ගැන අපූර්ව කතාවක්.

ඔහු කියනවා ඒ රටවල් වල මිනිස්සු සුද්දෝ එන්න කලින් තිබ්බ ක්‍රමයේ ශේෂ වෙච්ච සංස්කෘතික කෑල්ලක් අලුත් එකට එකතු කරගෙන හිතනවා කියලා.

ඕක අපේ රටට අදාලව ගත්තොත් මෙහෙමයි. සුද්ද එන්න කලින් හිටිය වෙද මහත්තයට තිබ්බ භය පක්ෂපාතිකම මිනිස්සු බටහිර දොස්තරට දක්වනවා. අනිත් පැත්තට ඒ දොස්තර මහත්තයා අතීත වෙද මහත්තයා වගේ වෙයි කියල මිනිස්සු අවිඥානිකව බලාපොරොත්තු වෙනවා. ඒක නිසා තමයි ඔය නොමිලේ වෙදකම් කරන උතුම් දොස්තර මහත්තයා වගේ මාතෘකා යටතේ පත්තර වල ඉඳල හිටලා ලිපි යන්නේ. ඒවා ෆේස්බුක් එකේ හිටු කියල ශෙයා වෙන්නේ එහෙම, අතීතයේ වෙද මහත්තයා තොවිල් පහේ හිටියා නඩු ඇහුවා. වෙද මහත්තයගෙන් ජිවිතේ අනිත් ප්‍රශ්න ගැනත් උපදෙස් ගත්තා. ඒක තමයි දොස්තරලා අතීත වාරි තාක්ෂනය ගැන එහෙම කතා කරන්න දොරමඩලාවට එන්නේ. කෘෂිකර්මය ගැන උපදෙස් දෙන්නේ එහෙම, අනිත් පැත්තට දොස්තරලා බහුතරයකුත් අර වෙද මහත්තයට තිබ්බ ගෞරවය බලාපොරොත්තු වෙනවා , තමන් එද්දී නැගිටියි එහෙම කියල.

 

edu 1

 

දොස්තරලා විතරක් නෙමෙයි, ග්‍රාමසේවක හිතනවා තමන් ආරච්චි කියල , දිසාපති හිතනවා කෝරලේ මහත්තයා කියල, මිනිස්සුත් ඒ කෑල්ල හලා ගන්න කැමති නෑ.

ගුරුවරු ගැන මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නෙත් අර දඬුබස්නාමානයේ ටෙලියේ හිටපු ගුරුවරයාගේ චරිතය, ඒ ගුරුවරු අඩු පඩියක් අරගෙන, ඒකත් ළමයින්ටම වියදම් කරගෙන , මුළු ජිවිත කාලෙම  ළමයින්ගේ ගෙවල් වලට ගිහින් දඬුවම් කරගෙන , හොයල බලාගෙන හිටපු ගුරුවරු. ඒකනේ අපේ කාලේ හිටිය ගුරුවරු හරි උතුම් ස්ට්‍රයික් කරේ නෑ වගේ කතා බුකියේ ලියන්නේ.  හැබැයි ඒ කාලේ මිනිස්සු ඒ ගරු සේවේ හිලව්වට වේදමහත්තයගේ, ඉස්කෝලේ මහත්තයාගේ,  විදානේගේ කුඹුරු වල වැඩට නොමිලේ ගියා. තමන්ගේ හේනේ අස්වැන්නෙන් කොටහක් ගිහින් දුන්නා.

ආපහු ජිජැක් ගේ කතාවට හැරුනොත් ඔහු යෝජනා කරනවා, ජේසු තුමාගේ කුරුසප්‍රාප්තිය නිසා ශුද්ධ වූ ත්‍රිත්වය ලෝකෙට ලැබුනා වගේ අර වැඩවසම් අදහස් ටික කුරුසේ තියල ඇන ගහල අලුත් ලෝකේ බිහි කර ගන්න ඕනි කියල.

 

edu 6

දැන් ඉස්කෝලේ මහත්තයාගෙන් මොඩර්න් ගුරුවරයාට හැරුනොත්  ගුරුවරුන්ගේ පඩිය රාජ්‍ය සේවයේ අනිත් සේවකයින්ට සාපේක්ෂව ඉතා අඩු පඩියක්. ඒ මිනිස්සු ඉඩම් ගන්නේ ගෙවල් දොරවල් හදන්නේ තමන්ගේ ළමයි ලොකු මහත් කරන්නේ කැම්පස් යවන්නේ ළමයි කසාද බන්දලා දෙන්නේ, කන්නේ බොන්නේ, ලිසිං ගෙවන්නේ, හවුසින් ලෝන් ගෙවන්නේ ඔය පඩියෙන් .

ඒ පඩිය ගන්න ගුරුවරු නහින නැහිල්ල දන්නේ ගුරුවරු විතරයි. පැය හයක් ඉගැන්නුවට, එක එක වැඩකට නැති කොළ පුරවන එක ගෙදර ඇවිල්ලත් කරනවා. ඊට අමතරව අපේ රටේ සුපිරි කාර්යක්ෂම ක්‍රම නිසා බොහෝ වෙලාවට ගුරුවරුන්ගේ පත්වීම් ලැබෙන්නේ අනුරාධපුරේ කෙනාට කොළඹ, කොළඹ කෙනාට අනුරාධපුරේට, නැත්තම් බස් දෙක තුනක එල්ලිලා පැය දෙක තුනක් මග ඉන්න විදිහට. ගුරුවරුන්ගේ ට්‍රාන්සර් එකක් හදා ගන්න එක එහෙම සූර පප්පා එකේ විසි නම වෙනි අවසර පත්තරේ ගන්නවටත් වඩා අමාරුයි, ඒ නිසා ඕක මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ සුපිරි, සැපපහසු රස්සාවක් නෙමෙයි.

 

edu 4

මීට අමතරව ඉස්කෝලේ ප්‍රින්සිපල්ට හිතුනහම දාන අමතර පන්ති, ඉස්කෝලවල සංගම් බාර දුන්නම, ඉස්කෝල වල ක්‍රීඩා බාර දුන්නම, ළමයින්ව තරග වලට එක්කන් යන්න උනාම , ගුරුවරුන්ගේ අතින් කයිට්.

ගුරුවරයෙක් ටියුෂන් එකක් කරන්න යන්නේ ජිවත් වෙන්න ලැබෙන පඩිය ප්‍රමාණවත් නැති නිසා. එතකොටත් අර ඉස්කෝලේ මහත්තයා කතාව එනවා. මිනිස්සු ගෞරවාන්විත ගුරුවරයෙක් විදිහට දකින්නේ ටියුෂන් කරන්නේ නැති තමන්ගේ වියදමෙන් ඉස්කෝලෙට වතුර අරගෙන දෙන ජාතියේ ගුරුවරු. එහෙම ගෞරවාන්විත විදිහට ජිවත් වෙන්න නම් ගෞරවාන්විත වැටුපක් ඕනි.

ගුරුවරු ඔන්ලයින් ක්ලාස් කරන එක ගැන අඩුතක්සේරු කරලා තක්කඩි කතා ලියපු අයට ඒ මිනිස්සුන්ගේ ජිවිත ගැන කිසිම අවබෝදයක් නෑ. ගුරුවරුන්ගේ ගෙවල් බොහෝ විට සුවිසල් මන්දිර නෙමෙයි. ඒ අයට වෙනම ඔෆිස් රූම් නෑ. උගන්නන වෙලාවට තමන්ගේ දරුවෝ "අම්මේ "ගාගෙන දුවගෙන එන එක නවත්තන්නම මාර ගේමක් දෙන්න ඕනි. උදෙන්ම නැගිටලා උයන්න ඕනි. ගෙදර වැඩ දරුවන්ට කවන පොවන වැඩ බලන්න ඕනි.

 

edu 7

ළමයින්ගේ ඉගෙන ගන්න වැඩ කරන්නත් ෆෝන් හරි ලැප් ටොප් හරි ඕනි. එහෙම ගුරුවරයෙක්ගේ පඩියෙන් එක ගෙදරක ලැප් ටොප් දෙකයි. අන්රොයිඩ් ෆෝන් දෙක තුනයි නෑ , ඉතින් තියෙන විදිහට තියෙන මොකක් හරි අටමගලේ බෙදාගෙන තමන්ගේ ළමයින්ගේ ඉගෙන ගන්න වැඩ වලටත් දෙන්න ඕනි. තමන් උගන්නනත් ඕනි. උගන්නන වෙලාවට සාරිය පටල ගන්නත් ඕනි. නැත්තම් සදාචාරේ අප්සෙට් යනවා. ඔන්ලයින් සෙෂන් එකක්, ප්‍රසන්ටේෂන් එකක් ශෙයා කරලා පැහැදිලිව පැටලෙන්නේ නැතුව කරන්න යන ඩේටා ප්‍රමාණය දා ගන්න ඕනි. ෆෝන් ලැප් ටොප් චාජ් කරගන්න ඕනි.

ඔන්ලයින් ඉගැන්නිල්ල නිසා නිදහසේ කෝල් එකක් වත් ආන්සවර් කර ගන්න බෑ. මෙහෙම කරන ගුරුවරුන්ගේ කැපවීම දේශපාලන අඳබාලයෝ පහත් කරලා තිබ්බේ බස් එකට යන ගාස්තු ඉතුරුයි කියල. කොහොමද ටිකිරි මොලේ.

ගුරුවරුන්ගේ ස්ට්‍රයික් එක විවේචනය කරපු අයගේ ප්‍රධාන තර්ක

මේ වෙලාවේ වැටුප් වැඩි කරන්නේ කොහොමද,කොරෝනා තියෙද්දී ?

 

edu 9

ඇයි යකෝ අර පාර්ලිමේන්තු මන්ත්‍රීලා කාර් ගෙන්නන්නෙත් කොරෝනා තියෙද්දිනෙ. එකෙක් කට ඇරියද? බතික් ඇමති ,මැටි ඇමති කියල විහිලු ඇමතිකම් හදලා සල්ලි නාස්ති කරද්දී එකෙක් කට ඇරියද? ඒවා මාර විද්‍යාත්මක ඇමතිකම් කියල කවි සින්දු ලිව්වා. අනික මේ රට මොකක් හරි ප්‍රශ්නෙක තිබ්බේ නැත්තේ කවද්ද? යුද්දේ ඉවර වෙනකන්, යුද්දෙට වියදම් උන නිසා රට ස්ථාවර වෙනකන්, අරක වෙනකන් මේක වෙනකන් කියල අපිට පටි තද කරගන්න කිව්වට උන් පටි තද කරගත්තද ?

මේ අස්සේ දේශපාලනේ කරනවා

මේ රටේ දේශපාලනික නොවන්නේ මොකද්ද ? සුනාමි වංචාව ,මහ බැංකු වංචාව, සිනී වංචාව, ඇවන්ගාඩ්, ඊලාම් යුද්ධය , සහරාන්ගේ ප්‍රහාරය මේවා හැම එකක් යටම මොකක් හරි දේශපාලනයක් තියෙනවනේ, ෆ්‍රොයිඩ් ඒකනේ කියන්නේ මිනිසා දේශපාලනික සත්වයෙක් කියල.

 

edu 2

ගුරුවරු ගෙදර හිටිය කාලේ පඩි ගෙව්වා.

ඇයි ගුරුවරු විතරද? අනිත් රාජ්‍ය සේවකයෝ, මැති ඇමතිලා, උන්ගේ ඩ්‍රයිවර්ලා, ලේඛම්ලා, ලස්සන සේකට්‍රිලා, මාද්‍ය අංශ වල ස්ටාෆ් මේවටත් ගෙව්වා,

මේ සටන ජයග්‍රහණයකින් කෙලවර වෙලා ගුරුවරුන්ට පඩි වැඩි වෙනවානම් මම කැමතියි, හැබැයි ඊයේ කියවුන පරිදි ගුරුවරු කාලකන්නි කියල හිතන උන්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ, අනික මේ ගුරු සංගමේත් ඉන්නේ තක්කඩි ,මුන්ට නිරෝදායනය කරාම තමයි ගුරුවරුන්ගේ පඩිය මතක් වෙන්නේ.

තව ඉන්නවා ගොන් අමන හැතිකරයක් උන්ට ඕනි මොන මගුල හරි කරලා තමන් කඩේ යන ආණ්ඩුව රැක ගන්න, ඒ ආණ්ඩුවට හුණු ගාන්න, දුමින්දව එලියට දානකොට ගලේ කක්ක දාපු පූස් පැටව් වගේ ඉඳලා දැන් ගුරුවරු අල්ලාගෙන කෑ ගහන්නේ වලව්ව දකිනකොට සුම්බරේ ගලවලා කාණුවට ඉබේ බැස්සෙන ගහලයෝ සෙට් එකක්.

තව ඉන්නවා රාජ්‍යයේ සහ ආණ්ඩුවේ වෙනස දන්නේ නැති, පුරවැසියා කියන්නේ කවුද දන්නෙත් නැති, උන්ගේ අයිතිය දන්නෙත් නැති බහුතර මිනිස්සු. උන් ඉන්නකන් මේ රට මෙහෙම තමයි, ගුරුවරු කාලකන්නි තමයි.

 

@ හසිත එරංග වලගමගෙදර

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි