SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි මේ ගත කරන්නේ කොරෝනා වසංගත කාලයයි.

මේ වසංගතය එක්ක තව කොච්චර කාලයක් අපිට ජීවත් වෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. වසංගතය අපේ සමීපතමයින්ව අපෙන් ඈත් කරලා. සමහර අයව සදහටම වෙන් කරලා. අවුරුදු දෙකක් තුළ මුළු ලෝකයක් උඩුයටිකුරු කරන්න මේ වසංගතය සමත්වෙලා.

යුරෝපයේ දියුණු රටක ධනවත් ගෙදරක තරුණ දියණියක් තමන්ගේ තාත්තා ගැන සටහනක් තියලා තිබුණා.

"අපේ තාත්තට ෆැක්ටරි ගොඩාක් තිබුණා. යාන වාහන මතක නැති තරමට තිබුණා. සේප්පු පිරෙන්න සල්ලි තිබුණු කාමරයේ ඇඳක් උඩ අපේ තාත්තා හිටියේ. වේදනාවෙන් ආයාසයෙන් හුස්ම ගන්න වෙර දරපු අපේ තාත්තා කදුළු පිරිච්ච ඇස්වලින් කතා කරමින් අපෙන් ඉල්ලුවේ පෙනහලු පිරෙන්න හුස්ම ගන්න හොඳ වාතය ටිකක් විතරයි. ඒත් හැමදේම තිබිච්ච අපිට තාත්තගේ ඒ ඉල්ලීම ඉටුකරන්න බැරිවුණා. සල්ලි පිරිච්ච සේප්පු අපි දිහා බලන් ඉන්නකොට තාත්තා අපෙන් සමුගත්තා. මොනවා තිබුනත් මොකටද අපිට අපේ තාත්තා නැතිවෙලා. හුස්ම .... හුස්ම.... හුස්ම ........ තාත්තා ඉල්ලුවේ හුස්ම ටිකක් විතරමයි."

 

අහස 6

මිලියන ගානක් අසනීප කරපු ලක්ෂ ගානක් මරලා දාපු කොරෝනා වසංගතයේ මේ එක කතාවක් විතරයි. සල්ලි වලින් ජීවිත රැකගන්න පුළුවන් කියලා හිතපු හැමෝටම කොරෝනා ඇවිත් කිවුවා කවුරුත් ආරක්ෂිත නැහැ කියලා. රජ මැදුරේ ඉදං පැල්පත දක්වා කාගෙත් ජීවිත අනතුරේ කියලා කොරෝනා අපිට කියලා දුන්නා.

අපි හම්බකරොත් අපි කනවා. අපිට වැඩක් නැහැ කවුරුවත් කරන දේවල්. අපි කරන දේවල් අපි අරං යනවා..... වගේ දේවල් හිතපු, එහෙම කියපු අයට අද කියන්න වෙලා තියෙන්නේ මොනවගේ කතාවක් ද? කොරෝනා ඇවිත් කිවුවේ වෙන මොකවත් නෙමෙයි. ඔහොම ආත්මාර්ථකාමී වෙලා යන්න හිතපු පාරේ යන්න පුලුවන් උපරිම දුර දැං ගිහිල්ලා ඉවරයි. සාමූහිකව හිතන්න දැන්වත් තීරණය කළේ නැත්නම් ඔක්කොම විනාශ වෙලා යන දවස වැඩි ඈතක නෙමෙයි. කොරෝනා කිවුවේ ඒ කතාව නෙමෙයි ද? විනාශය, වේදනාව, මරණය, බය අපේ දෙපා මුලටම ඇවිත් නැද්ද?

 

අහස 0

 

ඉතිං ජූලි මාසය අපිට හමුවෙන්නේ මෙහෙම වටපිටාවක.

අහස පුස්තකාල ජාලය ....... ආත්මාර්ථය වෙනුවට පරාර්ථය. මම වෙනුවට අපි. තනිව තැවෙනවා වෙනුවට සමූහයක් තුළ සිනාසීම. ඔව්. අහස පුස්තකාල ජාලය, නොදැනුවත්භාවය වෙනුවට බුද්ධිමත් වීමට. අකුර අකුර ඇහිදින පරපුකින් පටන්ගෙන ලෝකයට ආදරය කිරීමට.

ජූලිය කියන්නේ ඉතිහාසය මත ලස්සන දේවල් වලට වඩා අවලස්සන දේවල් තවරපු මාසයක්. නමුත් අපිට පුළුවන් නම් මේ ජූලියේ ම පුලුවන් තැනක ඉදං ලස්සන දේවල් අරුත් පිරි දේවල් සාමූහිකත්වය පිරි දේවල් ඉතිහාසයේ තවරන්න, ඔව්, ඔබ, මම, අපි ජූලි ඉතිහාසය අලුතින් ලියනා මිනිසුන් වෙනවා.

ඉතින් ජූලි වලින් පටන් ගමු.

 

@ අහස පුස්තකාල ජාලය

SKY Library Network

#sky #skylibrarynetwork #july

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි