SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකයේ බොහෝ තුන්වෙනි ලෝකයේ රටවලට සාපේක්ෂව ලිංගික කුහකකමින් අපි බෙහොම ඉදිරියෙන් ඉන්න රටක්.

ඒක පවුල තුළ, ආගමික සංස්ථාව තුළ, උසාවිය තුළ, බන්ධනාගාරය තුළ, පොලීසිය තුළ, පාසැල තුළ, සේවා ආයතන තුළ, පාර්ලිමේන්තුව තුළ, රජය තුළ, සමාජ ව්‍යාපාරය තුළ වගේම අපි තුළමත් අරගල කරනවා. පහත් කරනවා. අයුක්ති සහගත වෙනවා. නටවනවා. නැටවෙනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් බහුල වෙත්ම අපේ වගේ සමාජයනුත් විවෘතභාවයක් සහිතව ප්‍රශ්න එළියට දාන්න මේ වේදිකාව පාවිච්චි කරන්න පටන් ගැනීම එක් පසෙකින් බැලූ විට වැදගත්.

 

me 8

කාන්තාවක් පවුල තුළ හිංසනයට ලක් වුවත්, සේවා ස්ථානය තුළදි හිංසනයට ලක්වුවත් ඇයගේ හඩ අවදි වූයේ බොහෝ කලාතුරකින්. මන්ද කුමන තත්ත්වයක් යටතේ හෝ එකීගැටළු කතාකරන්නට යෑමෙන් නැවත නැවතත් ඇයව හිංසනයට ලක්වීම සිදුවන නිසා නිහැඩියාව දරාගැනීමට කාන්තාව ආරම්භයේ සිට ප්‍රගුණ කරලූවක්. ලිංගික බලහත්කාරකමට ලක්වූ එදා කාන්තාව පොලිස් ස්ථානයේදී, උසාවියේ පැමිණිලි කූඩුවේදී නැවත නැවතත් තමා මුහුණදුන් හිංසනයට මානසිකව මුහුණ දෙන්නට සිදුවීම නිසා බොහෝ කාන්තාවන් නැවත නැවතත් හිංසනයට ලක්විය නොහැකි බැවින් තම හිංසාව දරාගන්නට පෙළඹුනේ යුක්තියේ ධර්මතාවයේ හිඩැස් අහුරන්නට බාල බොළඳ වර්ගයේ කාන්තා සංවිධාන හෝ කාන්තා ව්‍යාපාරවලට, කාන්තා අමාත්‍යාංශවලට නොහැකි වූ නිසාවෙනි.  එහෙත් වර්තමාන ලෝකය එයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකින් තම ආත්ම ගරුත්වය හා ශක්තිය පෙන්නුම් කරන්නට උත්සාහ ගැනීම ප්‍රශංසනීයය.

 

3me 3

ලංකාවේ ජනමාධ්‍ය ආයතනයන්හි ජනමාධ්‍යවේදිනියන්ට සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳව කතාබහක් ආරම්භ වෙලා. මේක ජනමාධ්‍ය ආයතනවල විතරක් නොවෙයි ලංකාවේ බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි තිබෙන පොදු තත්ත්වයක්. දැන් තත්ත්වය භයානකයි. සමාජ මාධ්‍ය වේදිකාව තුළ වර්තමාන පරම්පරාව විවෘතව තමා මුහුණ දුන් හිංසනයන් හෙළිදරව් කරනවා. මේකෙ භයානක තවත් පැත්තක් තියෙනවා. මේ ප්‍රශ්නය රාජ්‍ය මැදිහත්වීමෙන් නොවිසඳුනොත් අර්බූධ සහිත සමාජ සංස්ථාව තව තවත් අර්බූධයට යාහැකි මාවතක් විවෘත වෙනු ඇත.

කෙනෙක් ලිංගික හිංසනයට ලක්කිරීමට තවත් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට කිසිදු අයිතියක් නොවේ. එහෙත් අප දන්නා ඉතිහාසය පුරාම  යුක්තිය පතා නිවසෙන් එළියට බට කාන්තාව තවත් ආකාරයකින් සමාජයේ ලිංගික හිංසනයට මුහුණ පෑවෝය. මුහුණු පොත දිහා බැලුවද එහිද කාන්තාවන්ට ලිංගික හිංසනයන් සහිත වදන් හා අදහස් එමටය. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ කතා මධ්‍යයේත් කාන්තාවන්ට භාෂාව හරහා හිංසනයන් එල්ල වන්නේය.

me 7

කෙසේ වුවද මෙය වල්ගයේ කොනකින් අල්ලාගත් පමණින් විසඳිය හැකි ගැටළුවක් නොවේ.  මන්ද බොහෝ ආයතනයන්හි කාලාන්තරයක් තිස්සේ සේවය කරන කාන්තාවන්ද පිරිමි නිළධාරීන්ගේ දුර්වල ස්ථානය කුමක්ද යන්න හඳුනාගනිමින් ඔවුනුත් ඔට්ටු සෙල්ලමේ යෙදෙන්නේය. එම නිසාම අලුතින් පැමි‌ණෙන ස්ත්‍රීන්ට සිදුවන හිංසනයන්ට සෘජුව හෝ වක්‍රව කාන්තාවනුත් සම්මාදන් වන්නෝය. බොහෝ අවුල් ලිහා ගැනීමට නොහැකි ලෙස ගැට ගැසෙන්නට එයද බාධාවක්ව පවතින්නේය. විශේෂයෙන් දේශපාලන පත්වීම් ලබමින් ආයතනවල මුල් පුටුවලට පත්වන්නන්ගේ අපේක්ෂාවන් වටහාගන්නා නිළධාරිනියන් තම රැකියාවේ තාන්න මාන්න ලාභ වෙනුවෙන් වෘත්තීයමය වටිනාකම් පහතට දමන බව අපි දනිමු. එය වෙනත් මාතෘකාවකි.

කෙසේ වුවත් #MeTooSrilanka ලංකාවේ නව කතිකාවක මුලාරම්භයක් වන නිසාවෙන් එය අගය කළයුතු වෙමු. ජනමාධ්‍යවේදිනියන්ට වූ ලිංගික හිංසනයන් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමම ස්ත්‍රිය තම චින්තන ගල් ගුහාවෙන් පිටතට පැමිණ විවෘතව තමන්ගේ ශරීරය පිළිබඳ තමාට ඇති අයිතිය හැගවීමකි. “ස්ත්‍රිය යන්න දෙයක් ලෙස” වරනැගූ සමාජයට ස්ත්‍රිය යනු ද මනුෂ්‍යයෙකි යන්න ඉදිරිපත් කෙරෙන මෙම මොහොත ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ පමණක් නොව සමස්ත සමාජය තුළම ඔඩුදුවා ඇති කාන්තා හිංසනයන් පිළිබඳ කතිකාවතකට මග පෑදිය හැක.

 

me 1

#MeTooSrilanka අරගලය වෙනුවෙන් තම අභිමානය සමග රැකියාවෙන් ඉවත් වූ මාධ්‍යවේදිනී දිනිති ධර්මපාල සහෝදරියගේ සටහන පහත දක්වා ඇත.

#MeToo ව්‍යාපාරයට සහය දැක්වූ මාධ්‍යවේදිනියකට ආයතනයෙන් බලපෑම් කිරීම නිසා ඉල්ලා අස්වෙලා

ජනමාධ්‍ය ආයතන තුළදී ජනමාධ්‍යවේදිනියන්ට සිදුවන විවිධ ලිංගික හිංසන හා අඩංතේට්ටම් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන #MeTooSrilanka ව්‍යාපාරයට සහය දැක්වීම නිසාවෙන් ආයතනයෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් ජනමාධ්‍යවේදිනියක් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙලෙස සිය ඉල්ලා අස්වී ඇත්තේ මේ වන විටත් ආන්දෝනලයට තුඩුදී තිබෙන මාධ්‍ය ජාලයක, ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙස හා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ දිනිති ධර්මපාල මෙනෙවියයි.

ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ මාධ්‍ය ආයතන තුළදී කාන්තාවන් හට සිදුවන ලිංගික හිරිහැරයන් පිළිබඳව විවෘත සංවාදයක් ගොඩනගන #MeToo ව්‍යාපාරයට සහය දක්වමින් තම පුද්ගලික ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයට පත් කරන ලද ට්වීට් කිහිපයක් ඉවත් කළ යුතු බවට ආයතනය විසින් තමන් හට දැනුම්දුන් බවයි.

මෙවැනි අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ආයතනය තුළ අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම සඳහා අදාළ හෙළදරව් කිරීම් වේදිකාවක් ලෙස භාවිතා කරනවා වෙනුවට, කළමනාකරණය අවධානය යොමු කළේ තමන්ව නිහඩ කරවීමට බව ඇය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

තමන් එම ආයතනයෙහි සේවය කළ පසුගිය මාස 8ක කාලය තුළ තමන්ට සහ තම කාර්යාලීය සගයන්ට විඳදරාගැනීමට සිදුවූ දෑ සහ සිදුවීම් පිළිබඳව ඉහළ කළමනාකාරිත්වයත්, මානව සම්පත් කළමනාකාරිත්වයත් හොඳින් දන්නා බව ඇය දන්නා බවයි.

කෙසේ වෙතත් එවැනි සිද්ධීන් පිළිබඳව ඔවුන්ට වාර්තා කළ පසුවද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, මෙම භයානක තත්වය වෙනස් කිරීමට කිසිඳු උත්සාහයක් නොදරා ඇති බවත් දිනිති මෙනෙවිය සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

 

එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවැනි කෙටි දැනුම්දීමකින් ඉවත්වීම ගැන තමන් සමාව අයදින නමුත් ආයතනයේ සේවය කරන කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා ආයතනයේ කළමනාකාරිත්වය දරන උත්සහය පිළිබඳ තමන්ට තවදුරටත් විශ්වාසයක් නොමැති අතරම ආයතනය තුළ තමන් හට ආරක්ෂාවක්ද නොදැනෙන බැවින් ඉල්ලා අස්වෙන බවත් එය වඩාත් සාධාරණ වීම උදෙසා, ජුනි මාසය සඳහා වන වැටුප ඉල්ලා නොසිටින බවත්ය.

තම අත්දැකීම් බෙදාහදා ගැනීමට ඇය ගත් තීරණය ලිංගික හිරිහැරයන්ට ගොදුරු වූවන්ට දක්වන සහයෝගය පෙන්වීමක් ලෙස පමණක් බව පැවසීමට තමන් කැමති බවත්, සමාගමේ නිවැරදි ප්‍රතිචාරය විය යුතුව තිබුණේ මේ පිළිබඳව වහාම විමර්ශනය කිරීම සහ ලිංගික, ශාරීරික, වාචික හා මානසික හිරිහැර ඇතුළු සේවා ස්ථානයේ සියලු ආකාරයේ හිරිහැර මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම බවත් ඇය පෙන්වා දී තිබෙනවා.

අවසාන වශයෙන් ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත්තේ මෙම සමාගමට තම දායකත්වය හා කැපවීම 100% කින් ලබා දී ඇති අතර, තම රාජකාරිය පිළිබඳ එකදු ගැටළුවක් හෝ පැමිණිල්ලක් නොනැඟී තිබුණද, ආයතනයට ඔවුන්ගේ යුතුකම් කොටස වන ආරක්ෂිත සහ විශ්වාසනීය සේවා පරිසරයක් ලබා දීම තහවුරු කිරීමට මුළුමනින්ම අසමත් වී ඇති බවයි.

 

meee

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි