SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පියුමි හංසමාලි විටින් විට ශ්‍රී ලංකාවෙ ප්‍රවෘත්ති මවන චරිතයක් බවට පත්ව ඇත.

ඒ ඇයගේ හැසිරීම් රටාව සහ වාග් රටාව සාමාන්‍ය සම්මත ගත සමාජ සංස්කෘතික සම්ප්‍රදායන්ට නොගැලපීම හෝ අභියෝග කිරීම හේතුවෙනි.

සාමාන්‍ය ව්‍යවහාරය ගත්කල දන්නා පරිදි ඇය හොද මවකි.සැමියා නැති පවුලක තම පුතු ආදරයෙන් රැකබලා ගනිමින් පෝෂනය කරමින් සතුටින් තබමින් හොදින් උගන්වමින් කිසිවෙකුටවත් අත නොපා ජිවත්වන ගැහැනියකි. ජීවිතේ සියලුම කඩාවැටීම් සවියක් කරගෙන කිසිවෙකුටවත් ශාප කිරීමකින් තොරව නැගී සිටින්නට වෙර දරන්නියකි.ජිවිතය දෙස සුභවාදීව බලන්නියකි.තම හිතවතුන්ට හිත මිතුරියන්ට හැකි උපරිමයෙන් උපකාර කරන්නියකි. සැබවින් ලබපු ගැහැනු ආත්මය තුල සතුටින් ජිවත් වන්නියකි (බ්‍රිතාන්‍යයේ විවාහක කාන්තාවන්ගෙන් 37% පමන දික්කසාද වීමෙන් පසු පිරිමියෙක් නොමැතිව තම දරැවන් සමග ජිවත්වේ.පියුමි අයත් වන්නේද එම කුලකයටමය.ලංකාවේද සෑම දිනකම අලුත් දික්කසාද නඩු 300ක් පමන උසාවි වලට ඉදිරිපත් වේ)

piumi 2

 

ඇය තම යම් යම් ක්‍රියාකාරකම් සහ කතාවන් හරහා සම්ප්‍රදායික සමාජ සංස්කෘතික ආදිපත්‍යන් අතර උඩුගං බලා යන්නට වෙර දරන්නියක් බව පෙනේ.ඒ ඇය සම්මත සංස්කෘති කොටු පවුර ඇතුලේ සිටීමට වෙර නොදරා සංස්කෘතික ගත නොවු සොභාවික ජීව විද්‍යාත්මක හැසිරීම් රටාවක් පවත්වාගෙන යන හෙයිනි.

බමුනු සමාජයේ සම්මතයන් උල්ලංගනය කරන හෙයිනි. ඇයට පහර දීම අරඹන්නේ මේ හේතුවෙනි.

ඇය ගණිකාවක් ශරීරය විකුණන්නියක් බව බොහෝ පිරිමි දමන පොස්ට්වල මම දැක ඇත්තෙමි. එහෙත් ඒ එක් පිරිමයෙක් හෝ ඇය එසේ කරන බව තහවුරු කරගෙන ඇද්ද? නැතහොත් ඇයට මුදල් දී ඇය සමග එසේ හැසිරී ඇද්ද? එය සනාත කලහැකි මුලාශ්‍ර ඔවුන් සතුව පවතීද? එසේනම් ඒ මොනවාද? ඇය කාගේ හො සැමියෙකු පැහැරගෙන අඩුම ගානේ එක් දරු පවුලක් වත් කඩා බිදදමා ඇත්ද? ඇයගේ පුද්ගලික ලිංගික ජීවතය ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත්තේ කාටද?

 

piyumi 1

 

ඇයගේ ඇදුම් පැලදුම් රටාව, යුරෝපීය ආරයක් ගනී. එය උනුසුම් කාලවලදී අදින නිදහස් ආකෘතියකි. විලිය යනු තැන් දෙකකි. ඇය එය පෙන්වමින් දැමු ජායාරූප මා නම් දැක නැත. නමුත් අඩ නිරුවත් ජායාරූපයක ගැහැනියකගේ කලවය දකින ගමන් ක්ෂනික ශුක්‍ර මෝචනයට ලක්වන ලංකාවේ පිරිමීන්ට මෙය ඉමහත් ගැටලුවකි. සංස්කෘතික මහාචාරීන් ට වදයකි. ගැහැනුන්ගේ ඇදුම් පැලදුම් අල්ලා ගනිමන් ධර්ම දේසනා කරන්නන්ට කදිම නිමිත්තකි.

තම fb එකේ ඉන්නා මිතුරියක් අඩුම ගානේ දනිසෙන් තරමක් උඩට හෝ පෙනෙන්ට සේයාරුවක් දැමුවහොත් දහස් ගනන් like දමන පිරිමින්ට පියුමි හංසමාලි ගැටලුවක් වුවේ කෙසේදැයි යන්න මටනම් ප්‍රහෙලි කාවකි. Googol ආයතනයට අනුව SEX කියන වචනය වැඩිම සොයාඇති මිනිසුන් ජීවත්වන රටේ පිරිමින්ට මෙය ගැටලුවක් වුවේ කෙසේදැයි යන්න මට ඇත්තටම ගැටලුවකි. කිලෝමීටර් බාගයෙන් බාගයට අනුන්ගේ ගැහැනුන් රැගෙන ගොස් රතිකෙලියේ යෙදීමට rooms තියෙන රටක පියුමි මහා සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ඇයි යන්න ප්‍රහෙලිකාවකි.

piyumi 5

අපි ගැහැනුන්ට පද හදන සමාජයකි.  එසේ පද හැදීමට හොද වේදිකාවක් mark Zuckerberg විසින්ද නිර්මාණය කරදී ඇත. වෙනස් ලෙස හිතන පතන අදින පලදින හැසිරෙන ගැහැනියක් දුටුකල වේසි, ගනිකාව, බඩුව, කෑල්ල, ගොනා යනාදි පද භාවිතා කරමින් පෝස්ට් නිර්මාණය කරන්නන් තමාගේ මානසික ආකෘතිය ගැන වරක් නොව දෙවරක් සිතිය යුතුය.

 

piyumi 4

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් වාර්තාවකට අනුව ලංකාවේ ගැහැනුන් 10 දෙනෙකු පොදු බසයකට නැංගොත් ඉන් අවම වශයෙන් 08 දෙනෙකුට කවරාකාරයක හෝ අතවරයක් (අඩුම තරමේ ඇහෙන් හෝ අතවර කිරීම) කරන පිරිමි සිටින සමාජයකට සැබවින්ම පියුමි හංසමාලිව ප්‍රශ්න කල නොහැකිය.

 

ලසන්ත කාරියප්පෙරුමගේ මුහුණු පොතෙන්.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි