SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොහෝ දෙනා අතර දික්කසාදය ගැන නොදන්නකම නිසා හෝ දුර්මත තියනවා ඒවයෙන් සමහරක් අද කෙටියෙන් සාකච්ඡා කරමු.

එයා දික්කසාදය දෙන්නේ නෑ.

සමහරු කියනවා අනේ එයා දික්කසාදය දෙන්නේ නැ කියල ඒ හින්දා මට දික්කසාදය ගන්න වෙන එකක් නෑ කියල, මේක සත්‍යයෙන් තොරයි.

එහෙම දෙයක් නෑ දික්කසාදය දෙන්නේ එයාවත් ඔයාවත් නෙමෙයි නමුත් අධිකරණය. ඔබට දික්කසාදයට හොඳ හේතුවක් තිබේ නම් එහෙනම් ඔබට කාගෙවත් රැස් බලබල ඉන්න ඔින නෑ. ඔබට තියෙන්නේ නීතීඥයකු හමුවී නඩු දාන එක.

එයා දික්කසාදය දෙන්න අකමැතිනම් නඩුව දික් ගැහෙනවා, කැමතිනම් නඩුව ඉක්මනින් අවසන් වෙනවා. සමහර විට නඩුව දාලා ටික දිනක් යනකොට කැමති වෙන්නත් පුලුවන්. ඒ හින්දා දික්කසාදය දෙනකම් ඉන්න එපා ගන්න.

ඩිවෝස් පේපර්ස් (Divorce papers) අත්සන් කරන්න කිව්වා.

එහෙම ඒව ලංකාවේ නෑ , සමහර ඉන්දීය ටෙලි නාට්‍යවල නම් තියනවා, අපේ රටේ දික්කසාද නඩුවක් දානවා නම් තමන් ගිහිල්ල නීතීඥවරුන් හමුවී තමන්ගේ කථාව කියල සුදුසු දික්කසාද පදනමක් මත නඩුව දාන්න, සිතාසී එකක් අනෙක් පාර්ශවයට ගියාම එයා කැමති නම් පමණක් පලමු දවසෙම 72 වගන්තිය යටතේ එයා හබ නොකරනවා කිව්වම නඩුව ඉක්මනින්ම ඉවර කරන්න පුලුවන්. නැතුව දෙන්නම එකට නීතීඥයකු හමුවී එකට දික්කසාදයට අත්සන් කරන්න බෑ. ඒක නීතී වීරෝධීයි.

හබ කරනවා කියන්නේ මොකද්ද?

හබ කරනවා කියන්නෙ නඩුවක් අනෙක් පාර්ශවය සමග එකිනෙකාට ප්‍රති විරුද්ධව හා එරෙහිව පවත්වාගෙන යාම, අභියෝග කිරීම හා නඩු විභාගයට යාම. ඉංග්‍රීසීයෙන් කියනවානම් කන්ටෙස්ට් (contest) කිරීම.

දෙන්නම කැමති නම් උසාවි නොයා දික්කසාද වෙන්න පුලුවන්ද ?

බෑ කොහෙත්ම බෑ. ඒත් උඩරට ක්‍රමයට බැඳපු අයට නම් ප්‍රාදේශීය ලේකම් ගාව එහෙම දික්කසාද වෙන්න පුලුවන්.

අවුරුදු 5ක් වෙන්වෙලා හිටියොත් නිකම්ම දික්කසාදද?

නෑ එහෙම නෑ. අවුරුදු 100 ක් වෙන්වෙලා හිටියත් නිකම්ම දික්කසාදය වෙන්නේ නෑ. උසාවි යන්නම ඔින. ඒත් අවුරුදු 7ක් වෙන්වෙලා හිටියෝත් ලඝු ක්‍රමයට ඒ කියන්නේ කෙටි ක්‍රමයට දික්කසාදය ගන්න පුලුවන් ඒත් දික්කසාද පදනමක් ඔිනමයි.

අනෙක් කෙනා රට ගියා හොයා ගන්න බෑ ඒ නිසා මහ ගෙදරට සිතාසි යවන්න පුලුවන් ද ?

එහෙම බෑ හොයා ගන්නම වෙනවා සීතාසී යවන්න අද කාලේ නම් ටෘ කෝලර් හා මුහුනු පොත හරහා පුලුවන් වේවී. ඒත් ෆිස්කල් කියනවා නම් මහගෙදර සිතාසී භාර ගන්නේ නැ කියල ආදේශ ක්‍රමයට සීතාසෙ භාරදී නයී සයී එක ගන්න පුලුවන් ඒත් නයී සයී නියෝගයත් එහෙමම තමයී භාර දෙන්න වෙන්නේ ඒතරම් සාර්තක නැ. ඒත් හොඳ උත්සහයක් කරන්න දෙයක් නැතීම නම්. හොර වැඩ කවුරුත් කරන්න කිව්වට කරන්න එපා.

නඩත්තු ඉල්ලන්න පුලුවන් ගැනු කෙනාට විතරද?

නෑ පිරිමි කෙනාටත් පුලුවන්. තමන්ට තමන්ව නඩත්තු කරගන්න බැරි අයට තමයි.

දෙපොල අයිති වෙනවද?

ඒක නඩුවේ කාරනය අනුව තමයි වෙන්න පුළුවන්. කාටවත් උනා කියල තමන්ට වෙන්නේ නෑ. වෛවාහක නිවසේ සිටීමේ අයිතිය ලැබෙනවා සිද්ධි කාරනා අනුව. ඒත් එ්ක හැම විටම නෑ.  ඒ හින්දා නීතීඥවරුන්ගෙන්ම අහල දැනගන්න තමන්ගේ කථාවට අදාලව. .

පිරිමි ළමයි අිතිවෙන්නේ තාත්තටද?

ඒක එහෙමම නෑ. දරුවන්ගේ උපරිම සුභසිද්ධිය තමයි ඉස්සර රෝම ලංදේසී නීතිය අනුව නම් තාත්තට සහජතර භාරකරු කියල පිලිගැනීමක් තිබුනා. දැන් පිලිගන්නේ දරුවගේ උපරීම සුභසිද්ධිය , තීරනය කරන්නේ උපරිම භාරකරු කියන්නේ අධිකරණය.

දික්කසාදය ඔින උසාවියක දාන්න පුලුවන්ද? කසාදය වුන තැන දාන්න පුලුවන්ද ?

බෑ පුරුෂයාගේ හෝ බිරිඳගේ අධිකරණ කලාපයේ පමනයි.

වන්දි කොච්චර ගෙවන්න ඔිනද?

ඒක තීරණය කරන්නේ අධිකරණය දෙපැත්තේම කරුණු හා සාක්ෂි අහලා, වරදකරු තමයි වන්දි ගෙවන්න ඔින.

ගොඩක් කල් යනවද ?

හබ කරොත් ඔව්, කල් යනව. හබ කරන්නේ නැත්නම් ඉතාම ඉක්මනින් ගන්න පුලුවන්. සමහර විට එක අධිකරණ දවසකින් පවා නයිසයි නියෝගය ලැබෙනවා.

නඩුව අතරමග ආයේ බඳින්න බැරීද ?

බෑ.

ඒකපාර්ශ්වීයව නඩුව දාන්න පුලුවන්ද ?

එහෙම තමයි නඩු දාන්නේ. ජෝඩු දාල ගිහිල්ල නඩු දාන්නේ නෑ. අනෙක් පාර්ශ්වය සිතාසී ලැබිලා නඩුවට ආවේ නැත්නම් ඒක පාර්ශවීයව ඉල්ලන්න පුලුවන්.

නීතීඥයීන් මාරු කරන්න බැරිද?

පුලුවන් ඔිනැම වෙලාවක.

පිටරට ඉන්නකොට නඩු දාන්න බැරිද?

කලිනුත් කිව්ව, විදේශ ඇටොර්නී බලපත්‍රයකින් පුලුවන්.

කැන්දාගෙන ගිහින් නෑ.

ඔව්. පුලුවන් ශූන්‍යයි, අවලංගුයි, හැබැයි අවුරුදු 2කට පස්සේ වෙන්නම ඔින. එක දවසක්වත් ඉඳලත් තියෙන්න බෑ? ඉක්මනට ඉවර කරන්නත් පුලුවන්.

අඩු වයසෙන් බැන්ඳේ?

ශූන්‍යතා නඩුවක් දාන්න වන්දිත් ගන්න පුලුවන් , අකමැත්තෙන් විවාහ උනත් ඒවගේම දික්කසාද නොවී විවාහ උනත් ශූන්‍යතා නඩුව තමයි උත්තරය.

දැන් එයාට ලිංගීක බෙලහීනතාව. දික්කසාද වෙන්න පුලුවන්ද?

බෑ. ඒක විවාහයේ මුල සිටම හා බලවත් හා සුවකල නොහැකි එකක් වෙන්න ඔින. ගෑණුන්ටත් ලිංගික බෙලහීනතාවය තියනවා, සංක්‍රාන්තී ලිංගික අයට එරෙහිව නම් පුලුවන්.

අත් අල්ලන් ඉන්න හෝ කපල් ෆොටෝ එකකින් අනාචාරය ඔප්පු කරන්න පුලුවන්ද?

ඒකෙන් විතරක් බෑ , ගොඩාක් ප්‍රභල සාක්ෂි ඔින, ගොඩාක් ශක්තිමත් බරපතල ඡායාරූප වෙන්න ඔින හෝ වෙනත් සාක්ෂී විවාහයෙන් පිට දරුවකු ලැබීම වගේ .

එයා පැමිනිල්ල. ඒත් උසාවි එන්නේ නෑ.

ඇටෝර්නී බලකරුවකු එනවා නම් ප්‍රශ්නයක් නෑ. නීතීඥයකුත් එන්නේ නැත්නම් , උනන්දුවක් නැතිකම උඩ නඩුව නිශ්ප්‍රභා කරන්න කියල ඉල්ලන්න.

අපි පිටරට දික්කසාද උනා

වැඩක් නෑ. ලංකාවේ විවාහ වුන අය නම් ලංකාවේ දික්කසාද නඩුවක් දාන්නම වෙනවා.

මුස්ලිම් වෙලා ආයේ බඳින්න පුලුවන්ද ?

බෑ. ඒ ගැන පිලිගත් නඩු තීන්දු තියනවා බෑ කියලා. අබේසුන්දර එරෙහිව අබේසුන්දර

මගේ වයීෆ්ට මට ගහන්න පුලුවන්ද?

බෑ ඒක කොහෙත්ම බෑ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට යනවා.  ඒ විතරක් නෙමෙයි කුනුහරුපෙන් බනින්නත් බෑ.

වයීෆ් ව ගෙදර හිරකරගෙන ඉන්න පුලුවන්ඳ ?

බෑ එයා නිදහස් පුරවැසියෙක්. එයා මනුශ්‍යයෙක් ඔබේ බිරිඳ වුනාට.

නැන්ඳම්මා ගෙන් කරදරයි. දික්කසාද වෙන්නද?

එපා බැන්ඳේ එයාව නෙවෙයිනේ. වෙන ගෙදරකට යන්න.

දෑවැද්ද නීත්‍යනූකුලද ?

නෑ , කොහෙත්ම නෑ

බොහෝ දේවල් දුර්මත  වෙන කෙනෙක්ගේ කතාවක් තමන්ට ආදේශ කරගෙන නීතීඥවරුන්ගෙන්වත් අහන්නේ නැතුව තනියම දුක් විඳිනවා.

ඉස්සර ගොඩ වෙද්දු නිසා මිනිස්සු ගොඩාක් මැරුණා.

 

නීතීඥ ලක්ෂාන් ඩයස්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි