SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොවිඩ් එන්නත ලබා ගැනීමට යන අවස්ථාවේ, එන්නතෙන් ඔබට ඇතිවිය හැකි අතුරු බලපෑම් ගැන අනතුරු අඟවනු ඇත.

එම අතුරු බලපෑම් ලැයිස්තුවට උණ, හිසරදය, දිනක් හෝ දෙකක් අත රිදුම් දීම ඇතුළු වුව ද ඔසප් චක්‍රයේ වෙනස්කමක් ගැන සඳහන් නොවේ. නමුත් ඔසප් වීම නියමිත දිනට පෙර සිදුවීම, රුධිරය වැඩියෙන් වහනය වීම මෙන්ම වේදනාකාරී බව ලැයිස්තුගත නොකළ අතුරු බලපෑමක් විය හැකිදැයි ලොව පුරා කාන්තාවන් අන්තර්ජාලය ඔස්සේ විමසීමට පටන් ගෙන ඇත.

මොඩර්නා එන්නත ලබා ගැනීමෙන් පසු ඔසප් වීමේ දී අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීමක් අත්විඳි බව සඳහන් කරමින් මිනිස් සෞඛ්‍ය සහ රෝග, සෞඛ්‍ය සත්කාර ක්‍රමවේද සහ ජෛව සංස්කෘතික අනුවර්තනය පිළිබඳ මානව විද්‍යාඥ ආචාර්ය කේට් ක්ලැන්සි ට්විටර් පණිවිඩයක් පළ කර තිබූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් තවත් සමාන අත්දැකීම් රාශියක් පළ වී තිබිණි.

සිය හිටපු සගයෙකු වන ආචාර්ය කැතරින් ලී සමඟ ඇය පුද්ගලයන්ගේ අත්දැකීම් ලේඛනගත කරමින් සමීක්ෂණයක් දියත් කර ඇත.

මෙම වෙනස්කම්වලට එන්නත හේතු වී ඇත්දැයි අප තවමත් නොදන්නා අතර, එය තවමත් අධ්‍යයනය කර නොමැත.

එන්නත ලබා ගැනීමෙන් පසු සහ විශේෂයෙන් අන් අයගේ අත්දැකීම් ගැන ඇසීමෙන් පසුව කාන්තාවන් වෙනස්කම් ගැන සැලකිල්ලක් දැක්වීම හෝ ඒවා ආරෝපණය කරගැනීම ද සිදු විය හැකිය.

menseus 1

නමුත් ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්හි ප්‍රජනක ප්‍රතිශක්ති විද්‍යාඥ ආචාර්ය වික්ටෝරියා මාලේ පැවසුවේ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන ඇතැම් කාන්තාවන් සහ හෝමෝන ගැනීමෙන් ඔසප් වීම නැවතුණු පුද්ගලයින් අතර ද රුධිරය වහනය වීමක් වාර්තා වී ඇති බවය.

එබැවින් හානිකර නොවන කායික ප්‍රතික්‍රියාවක් සිදු වෙමින් පවතින බවට සැකයක් ගැන ඇයගේ අවධානය යොමුව තිබේ.

ඔසප් වීම සාමාන්‍යයෙන් සිදු නොවන සංක්‍රාන්ති ලිංගික පුරුෂයන් සහ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන කාන්තාවන් ගණනාවක් කේට් ක්ලැන්සි සහ කැතරින් ලී යන ආචාර්යවරුන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ, එන්නත ලබා ගැනීමෙන් පසු තමන් රුධිර වහනයක් අත්විඳි බවය.

මෙම සිද්ධීන් අතර සම්බන්ධය සනාථ කර නොමැති වුවද, එන්නත නිසා ඔසප් වීමේ වෙනස් කම් ඇති විය හැකි බවට තාර්කික කරුණු ඉදිරිපත් වී තිබේ. නමුත් මෙම වෙනස්කම් ගැන බිය විය යුතු නැතැයි ප්‍රජනන විශේෂඥයෝ පවසති.

පිළිගත හැකි සම්බන්ධය

ගර්භාෂ ආස්තරය (womb lining) ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසකි. පොදුවේ ගත් කළ ශරීරයේ සෑම කොටසකම ප්‍රතිශක්තිකරණ සෛල ඇත.

ගර්භාෂයේ ආස්තරය ගොඩනැගීම, නඩත්තු කිරීම හා බිඳ දැමීම සඳහා ද ප්‍රතිශක්තිකරණ සෛල කාර්යභාරයක් ඉටු කරයි. ගැබ් ගැනීමක් සඳහා සූදානම් වන විට එය ඝන වන අතර, ඩිම්බය සංසේචනය නොවුණ හොත් රුධිරය ලෙස පිට වේ.

ඔසප් කව

එන්නත ලබා දීමෙන් පසු, ප්‍රතිශක්තිකරණ සෛලවලට බලපෑම් කිරීමේ හැකියාවක් සහිත රසායනික සංඥා විශාල ප්‍රමාණයක් ශරීරය පුරා සංසරණය වේ. මෙය ගර්භාෂ ආස්තරය ක්ෂය වීමට හේතු විය හැකි අතර, රුධිර බිංදු පිටවීම හෝ නියමිත කලට පෙර ඔසප් වීම ඇති විය හැකි බව ආචාර්ය වික්ටෝරියා මාලේ පැහැදිලි කළාය.

ගබ්සා වීම හා සම්බන්ධයක් නැත

මෙය හා ගබ්සාවන් අතර සම්බන්ධයක් ඇතැයි මින් අදහස් නොවේ. ගර්භණී සමයේදී විවිධ ක්‍රියාදාමයන් මගින් වැදෑමහ ඇතුළු ගර්භාෂ ආස්තරය නඩත්තු කරයි. වැදෑමහ යනු කලලය සහ මවගේ රුධිර සැපයුම සම්බන්ධ කරන ඉන්ද්‍රියයි.

මේ වන විට, එන්නත සහ දරු ගැබ අහිමිවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව යෝජනා කිරීමට හැකි පුළුල් සාක්ෂි තිබේ.

ඔසප් 3

මේ අතර, උදාහරණයක් ලෙස, යමෙකුට උණ වැළඳීමෙන් ඇතිවන ප්‍රදාහයෙන් ගර්භාෂ ආස්තරයට මෙන්ම ඩිම්බකෝෂ මුදා හැරීමට ද බලපෑම් එල්ල විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඇලෙක්සැන්ඩ්‍රා ඇල්වර්ග්න් පැහැදිලි කළාය. මේ හේතුවෙන් නියමිත කාලයට පෙර හෝ ප්‍රමාද වී ඔසප් වීම සිදු වීමට ඉඩ ඇත.

ප්‍රදාහයේ ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ට ඔසප් වීමේ දී වඩාත් වැඩි වේදනාවක් දැනී ඇති බව මීට පෙර සිදු කළ අධ්‍යයනයක ඇතැම් සාක්ෂි මගින් පිළිඹිබු වේ.

එන්නත් මගින් ද ශරීරයේ ප්‍රදාහක ප්‍රතිචාරයක් ඇති කරයි. ඒ සියල්ලම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණ ගැන්වීමේ සහ රෝගවලට එරෙහිව සටන් කරන ප්‍රතිදේහ සහ අනෙකුත් සෛල නිෂ්පාදනය ආරම්භ වීමේ කොටසක් වේ.

බලපෑම් සියල්ල තාවකාලිකයි

උණ රෝග සහ පිළිකා වළක්වා ගැනීමේ එන්නත්වලින් ඔසප් චක්‍රයට තාවකාලික බලපෑම් එල්ල විය හැකි බවට සාක්ෂි තිබේ. නමුත් දිගු කාලීන අතුරු ආබාධ නොමැත.

සරුභාවයට ඒවා බලනොපාන බවට "සාක්ෂි රාශියක්" ඇති බව වෛද්‍ය වික්ටෝරියා මාලේ පැවසීය.

මෙම වෙනස්කම් ගැන බිය නොවිය යුතු නමුත්, මෙම ලිපිය සඳහා අදහස් දැක්‌වූ වෛද්‍ය වික්ටෝරියා මාලේ සහ සෙසු පුද්ගලයෝ, එන්නතෙන් ඔසප් චක්‍රයට විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරති. එවිට මෙයින් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ ජනතාවට දැනුවත් විය හැකිය.

"බොහෝ විට, කාන්තාවන්ගේ සෞඛ්‍යය නොසලකා හැරීම සම්බන්ධයෙන් මෙහි ගැටලුවක් තිබෙනවා," ඇය පැවසුවාය.

"නිකමට සිතා බලන්න උණ ගැනීම එන්නතේ අතුරු බලපෑමක් විය හැකි බව ඔබ නොදැන සිටියා නම්?" නාරිවේද විශේෂඥ වෛද්‍ය ජෙන් ගන්ටර්, 'වජෙන්ඩා' (Vajenda) නමින් පවත්වා ගෙන යනු ලබන ඇයගේ වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි.

ඔසප් 4

"ඔබ බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් එන්නතක් ලබා ගැනීමෙන් පසු ඇති වෙන උණ තත්ත්වයක් වුවත්, ඒ වෙනුවට බලාපොරොත්තු නොවූ දෙයක් ඔබේ ශරීරයට සිදුව ඇත්නම් ඒ ගැන බියක් ඇති විය හැකියි, ඔසප් චක්‍රය අක්‍රමවත් වීමේදීත් එය එසේමයි."

ඒ හා සමානව, සංක්‍රාන්ති ලිංගික පුරුෂයින් සහ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන කාන්තාවන්ට රුධිරය පිටවීම, පිළිකා ලක්ෂණයක් විය හැකි බැවින් එය එන්නත නිසා හටගත් අහිතකර නොවන අතුරු බලපෑමක් ද යන්න වටහා ගැනීම වැදගත් බව ආචාර්ය කැතරින් ලී පැහැදිලි කළේය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්ගේ රාජකීය විද්‍යාලයේ උප සභාපති වෛද්‍ය සූ වෝඩ් පැවසුවේ, අසාමාන්‍ය රුධිරය ගැලීමක් ඇස ගැටෙන ඕනෑම අයෙකු තම වෛද්‍යවරයා හමුවීම ගැන සිතා බැලිය යුතු බවය.

එන්නත ගැන වැරදි තොරතුරු

මේ අතර එන්නත්, ඔසප් චක්‍රයට බලපෑම් ගෙන දෙන බවට වූ අදහස, සමාජ මාධ්‍ය තුළ දුස්තොරතුරු පතුරුවා හරින පුද්ගලයන් විසින් අහුලා ගනු ලැබ ඇත.

එන්නත් හානි ගෙන දෙන බව හෝ එය මිනිසුන් වඳභාවයට පත් කිරීමට ලොව ප්‍රභූ පැලැන්ති විසින් දියත් කරනු ලැබ ඇති කුමන්ත්‍රණයේ කොටසක් බව එන්නත් විරෝධී සහ කුමන්ත්‍රණ න්‍යායන් ඉදිරිපත් කරන කණ්ඩායම්වල අදහස වී තිබේ. ආචාර්ය කේට් ක්ලැන්සි වැන්නවුන්ගේ අව්‍යාජ පුද්ගලික අත්දැකීම් ඔවුහු ඒ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරති.

එන්නත් ලබා ගත් පුද්ගලයින් අසල ගැවසුන ද, කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට හෝ ගැබ් ගැනීමට පවා බලපා හැකි බවට වූ අසත්‍යය ප්‍රකාශ මෑත සතිවල දී සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු ලෙස සංසරණය වී තිබේ.

අප්‍රේල් මැද භාගයේ සිට 300,000 අධික වාරයක් නරඹා ඇති එවැනි එක් වීඩියෝවක එකතරා "සාකල්‍ය ප්‍රජනන සෞඛ්‍ය වෘත්තිකයෙකු" අනතුරු අඟවන්නේ, "තමන් එන්නත ලබා නොගත්ත ද කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට සැලකිය යුතු බලපෑමක් එල්ල වන බවය."

සෙසු එන්නත් විරෝධී උපදේශකයින් සහ රෝග ලක්ෂණවලට පමණක් සීමා නොවී, රෝගියෙකුගේ මානසික සහ සමාජීය කරුණු ද සැලකිල්ලට ගෙන සමස්ත වශයෙන් ප්‍රතිකාර ලබා දෙන (සාකල්‍ය) සෞඛ්‍ය වෘත්තිකයන්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය දහස් සංඛ්‍යාත නරඹන්නන් වෙත ලඟා වෙමින් පවසන්නේ, එන්නත් ලද පුද්ගලයින්ට වෛරසය සතු උල් හැඩති ප්‍රෝටීන අන් අය මත "හෙලිය" හැකි බවය.

ඔසප් 2

මෙය භෞතිකව කළ නොහැකිය.

බොහෝ කොවිඩ් -19 එන්නත් ක්‍රියා කරන්නේ වෛරසයේ සුවිශේෂී උල් අතර ඉතා කුඩා කොටසක් සෑදීමට ශරීරයට උපදෙස් ලබා දීමෙනි. වෛරසයට එරෙහිව කටයුතු කරන්නේ කෙසේදැයි යන්න එමගින් දැන ගත හැක. ප්‍රති-නිෂ්පාදනය කළ නොහැකි උල් ප්‍රෝටීන, පසුව බිඳ විසුරුවා හරිනු හෝ විනාශ කරනු ලැබේ.

ඉහත කී ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශරීරයට උපදෙස් ලබා දීම ද අතිශය සියුම් ලෙස හසුරුවා ගත යුතුය. මෙම එන්නත් ගබඩා කිරීම සහ ප්‍රවාහනය මෙතරම් දුෂ්කර කාර්යයක් වී ඇත්තේ ඒවායේ අන්තර්ගත ජානමය තොරතුරු පහසුවෙන් බිඳ වැටිය හැකි බැවිනි. එසේ වුවහොත් එන්නතෙන් ප්‍රයෝජනයක් නොමැති වනු ඇත.

මේ ඕනෑම එන්නතක් වෛරසයේ කිසිඳු කොටසක අනුපිටපත් සැකසීමට සහ වැගිරීමට ඉඩ නොදෙයි. අනුපිටපත් සෑදෙන එකම දෙය වන්නේ වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවනු ලබන ප්‍රතිශක්තිකරණ සෛල පමණි.

(BBC රියැලිටි චෙක් හි ඔල්ගා රොබින්සන් සහ රේචල් ශ්‍රෙයර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි