SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර වේ අඩිවියක් හයිටි ජනතාව හැදින්වීම සදහා යොදාගෙන තිබුනේ එවැනි වචනය. ඔිනෑම ජනතාවක් හැදින්වීම වෙනුවෙන් ඒ වචන මොනතරම් ශීලාචාරදැයි අපි නොදනිමු.

හයිටිය යනු සිය වහල් ඉතිහාසයේ පීඩක පන්තිය හා සටන් වැද එය ජයග්‍රහණයෙන් කෙළවර කර රාජ්‍යයක් පිහිටවා ගත් මිනිසුන්ගේ අනගි ඉතිහාසයක් ඇති රටකි. ලෝක ඉතිහාසයේ එසේ කල එකම වහල් කණ්ඩායම ඔවුහුය.

එහෙත් වර්තමාණ හයිටිය අපට කියා සිටින්නේ මිනිසුන්ට සිය නිදහස තිබු පමණින් සමාජයක් සංවර්ධනය කල නොහැකි බවයි.

ඔවුන්ට එය ඉටු කිරීමට අති විශාල දැනුම් සමභාරයක්ද බුද්ධියක්ද අවශ්‍යය.

හයිටියට නොතිබුනේ ඔය දෙකය.

 

හයිටිය 2

අප දැන් කතාකරන්නේ මානව ඛේදවාචකයක් බඳු හයිටියේ Port-au-Prince, කඳුකරයේ ජීවත් වන ජනතාව ගැනය. මේ ජනතාව හැදින්විම උදෙසාය Pinterest.com විසින් කඳුකර නාගරික සත්තු ලෙස ඔවුන්ව නම් කලේ.

Port-au-Prince යනු හයිටියේ අගනුවරයි. එහි ජන ඝණත්වය කොතරම්ද යත් වර්ග කිලෝ මීටර් 2 ක බිම් කැබැල්ලෙක එක්ලක්ෂ තිස් දාහක් පමණ මිනිසුන් ජීවත්වෙති. ඉන් සියයට අනුවක් දිවි ගෙවන්නේ යන්තමින් අටවාගත් පැල්පත් තහඩු ගොඩවල් තුලය. පෝට් අවු ප්‍රින්සස් නගරයේ මෙම කඳුකර බෑවුම්වල පමණක් ලක්ෂ 40 ක් ජනතාව ජීවත් වෙති. කෝටියක පමණ ජනතාවක් ජීවත්වෙන හයිටියේ 40% ඡිවත්වෙන්නේ මෙම නගරය කේන්ද්‍ර කොට ගෙනය.

 

haity 2

නගරය මත්ද්‍රව්‍යය හා අපරාධ කල්ලි වලින් ගහනය. “අපරාධ කල්ලිවල ක්‍රියාකාරිත්වය ඔවුන් කැමති පරිදි කළ හැකිය” හයිටියේ එක්සත් ජනපද පොලිස් කොමසාරිස් සර්ජ් තෙරියෝල්ට් සම්මුඛ සාකච්ඡාවකදී එසේ පවසා තිබිණි. රටේ නොනවතින උද්ධමනය සමඟ වෙන ආර්ථික පසුබෑම සහ අඩු ආදායම්ලාභී පවුල් වල ආයෝජන හිඟකම ද අපරාධ ඉහළ නැංවීමට උපකාරී වේ. එමෙන්ම මේ රටාව රාජ්‍ය තාන්ත්‍රිකයින් බිය ගන්වන, සංක්‍රමණ මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරම් වලට බලපෑම් ඇති කළ හැකි කලාපීය ස්ථාවරත්වයට වැඩෙන තර්ජනයක් නියෝජනය කරයි.

නගරවාසින් පවසන්නේ කල්ලි විසින් “ආරක්ෂණ” ගාස්තු අයකරගෙන මත්ද්‍රව්‍ය හා අවි වෙළඳාම සිදුකිරීම සදහා භූමිය පුරා සටන් කරන බවයි. අපරාධ කල්ලිවල බලය හා ස්වාභාවය කෙබදුද යත් විපක්ෂයෙන් මුදල් ලැබුණු විට ඔවුන් ජනතාවට පාරට බැසීමට බල කරති බලයේ සිටින අය ඔවුන්ට මුදල් ගෙවන විට, කල්ලි විසින් ජනතාව පාලනය කරත්.

 

හයිටිය 1

බටහිර අර්ධ ගෝලයේ ඇති දුගීම හා අසරණම රාජ්‍යය හයිටියයි. එහි ඡනගහනය මිලියන දහය ඉක්මවමින් සිටී. ස්වාභාවික සම්පත් හීන හයිටි පොලොව නිරන්තරයෙන්  භූමි කම්පා, ගංවතුර සහ නාය යාම්වල තර්ජනයන්ට මුහුණ දේ. බොහෝ විට මෙම ස්වාභාවික විපත් නිසා මිනිසුන් කඳු මුදුන් මත සිය නිවාස සාදා ගැනීමට උත්සුක වෙති.

කැරිබියන් කලාපයේ කියුබාවට සමීපව හයිටිය පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පිලිකන්නේය. කියුබාව ගැන සෙවීමට එක්සත් ඡනපදයේ බුද්ධි අංශය පැය 24 ම යෙදී සිටියත්, එක්සත් ජනපද දේශපාලකයන් කියුබාව ගැන අද්භුත කතාන්දර කීවත් ඒ අසලම ඇති දුප්පත් හයිටිය ගැන වගේ වගක් නැත.

වගේ වගක් නැත්තේ හයිටියෙන් සුරා කෑම සඳහා කිසිවක් ඔවුනට නැත. හයිටියේ මිනිසුන් කියුබානුවන් සේ

අධ්‍යාත්මිකව හා ප්‍රායෝගිකව දේශපාලනිකද නැත.

අනෙක් අතට ධනවාදයේ පැවැත්මට

හයිටිය අබමල් රේණුවක තරම බාධාවක් නැත.

ලෝක‍‍යේ බල ක්‍රියාවලිය කැරකෙන්නේ මේ කාරණා වටාය.

 

උපාලි ජයසිංහගේ මුහුණු පොතෙන්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි