SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනෝමා ජිනාදරී කියන්නෙ අපිට හිටපු චරිතාංග රංගනවේදිනියක්. ප්‍රතිභාපූර්ණ කලා කුසලතාවන් සහිතව කලා නිර්මාණ රාශියකට දායක වූ ස්ත්‍රියක්.

ලාංකීය සමාජයේ ඇය පිළිබඳ මතවාදය වෙනස් වෙන්නේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටියේ ඇයගේ රංගනයත් එක්ක. තහනමට ලක්වෙලා තිබුණු මේ චිත්‍රපටිය තිරගත වීමත් එක්ක එවක ඇය බොහෝ දෙනෙකුට ඇදහිය නොහැකි කාන්තාවක් උනා. කොටසක් ඇයගේ රංගනයේ නිරුවත් දර්ශන පිළිබඳව ඇයව ඉහළට ඔසවා වර්ණනා කරද්දි තවත් කොටසක් ඇයට ගර්හා කරනවා. මේ චිත්‍රපටිය එවක ඇගේ සැමියා, දරුවන්ගේ පියා වූ අශෝක හඳගම නිර්මාණය කරන්නෙ.

ඒ සිනමාතරණය ඇගේ ජීවිතයට නව මානයක් එකතු කරනවා. නව දිශානතියකට ඇයව මෙහෙයවනවා. ඇය ඇයගේ ඉරණමේ වගකීම, ඇයගේ ජීවිතයේ අනාගත සිහින, ඇයගේ වෘත්තීයමය ප්‍රතිරූපය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තියන්නෙ ඇයගේ සැමියා මත. ඇයගේ සැමියාගේ ප්‍රේමය මත.

එහෙත් පසුකාලීනව සිදුවූ සියළු සිදුවීම් හා තීන්දු තීරණවල ආරම්භය ගැන අනෝමාගේ චෝදනාවට හඳගම ලක් වෙනවා. ඔබ දන්නා, ඔබ අසා ඇති සහ ඔබ කියවන ‘පිරිමියා’ සම්බන්ධව ඇය කියන කතා කොතෙක් නිවැරදියි ද? ඒ පිළිබඳ ඇත්තම ඇත්ත දන්නෙත් ඔබම පමණක් නොවෙයිද? බහුතරයක් සමාජය පවතින්නෙ එවැනි පිරිමින්ගෙන් කිවුවොත් නිවැරදි, සාමකාමී, ගැහැණියට ගරු කරන පිරිමි පාර්ශ්වයට අයුක්තියක් වෙයිද?

අනෝමා ගැන කියන්නත් යමක් නැතුවාම නොවේ. ද්වේශය හෝ පළිගැනීම තුළ තබා අප කුමන චෝදනාවක් කාහට එල්ල කළද එහි අවාසි පැත්තට ඇත්තේ වැඩි බරකි. අප දන්නා ඉතිහාසය තුළ එහි අත්දැකීම් සම්භාරයක හිමිකාරීත්වය අප ලබා ඇත. තරහව යනු අකීකරු මිතුරෙකි. වේදනාව යනු දුර්වල මිතුරෙකි. තමාට තමාව පාලනය කරගැනීමට නොහැකි තාක් තමා පරාජයේ අයිතිකරුවාය.

එහෙයින් අනෝමාගේ මෙම විචාර වීඩියෝවේ ඇයගේ භාවමය හැගීම් නොසලකා ඇය ඉදිරිපත් කරන කරුණු පිළිබඳව ඔබට අවධානය යොමු කරන්නට අවස්ථාවක් ලැබේනම් එය වටිනු ඇත.

වම් ඉවුරට අයිති උනත්, දකුණු ඉවුරට අයිති වුනත්, පශ්චාත් නූතනවාදයේ පියා වුවත්, ධනවාදයේ කපිර් උනත්, කාල් මාක්ස් වුවත්, ගාන්ධි තුමා වුවත් ලෝකයටම පාඩම් කියාදෙන මහා දාර්ශනික පිරිමි මහත්වරුන්! නොසෙල්වී ඇහුම්කන් දෙන්න. මේ ඔබ ගැනද කියන්නේ.. ? කියා. තමන්ට නොවෙයි වගේ, තමන්ට අදාළ නෑ වගේ, තමුන් මාරයි වගේ ඉන්නත් පුළුවන්.. ෂෝක් නේද අපේ රට?

මෙතන ඉඳල අනෝමගේ කතාවට ඇහුන්කන් දෙමු.

 

මේ ගැහැණුන්ව නිරුවත්කරලා එළියේ සමාජයට කකුල් කෙටි දෙකෙන් අල්ලා වීසි කරපුවාම ඒ ගැහැණියට අත්වෙන ඉරණම ගැන කියන්න ආයෙත් එනවා!

  • අනෝමා ජිනාදරී

 

 

අශෝක හඳගම

 

 

 

 

 

 

 

 

 

මම ආයිත් ආවා. ඇන්ටික් බඩු කඩේක මරණ තුනක් නාට්‍ය විචාරය කරන්න.


දැන් මේ නිර්මාණකරුවා ගැහැණියව ප්‍රබන්ධ කරනවා ස්ත්‍රියට නිදහස අවශ්‍යයි කියලා. කියන මේ අධ්‍යක්ෂකවරයා ශ්‍රී ලංකාවේ ගැහැණියට නිදහස අවශ්‍යයි කියලා සමාජයට කියන අධ්‍යක්ෂකවරයා පිරිමියෙක්.

මේ පිරිමි අධ්‍යක්ෂකරයා දැනටමත් ඔප්පු කරලා තියෙනවා ස්ත්‍රියට නිදහස අවශ්‍යයි කියලා කියන කාරණාව ඔහුගේ ජාවාරමක් කියලා. ඔහු පමණක් නෙවෙයි පතිරාජගේ ඉඳලා වම් ඉවුරේ කියලා කියන සියලුම සිනමාකරුවන් තමන්ගේ ගෙදර ගැහැණියට දාව ළමයි හදලා, ගෙදර ගැහැණියව කසාද බැඳලා, පිට පැනලා මැරෙන තුරාවට පිස්සු කෙලපු ඩිරෙක්ටර්ස්ලා.

 


මේ අධ්‍යක්ෂකවරුන්ගේ බිරිඳට දරුවො කතා කරොත් මුළු ජීවිතේ පුරාම මේ අධ්‍යක්ෂකවරුන්ට සාප කරනවා. උන් තමන්ට සලකපු හැටි ගැන කියලා.

 

 

අශෝක හඳගම 1



එතකොට මේ වම් ඉවුරේ සිනමා කරුවොද?

වම් ඉවුරේ සිනමාකරුවා ස්ත්‍රිය ගැන කතා කරන සිනමා කරුවො.


එතකොට ගෙදර ගැහැණිය ස්ත්‍රියක් නෙවෙයිද?


තමන් හදපු දරුවො දරුවො නෙවෙයිද?

එතකොට ඒ දරුවො සාප කරන සාප කෙරිල්ල

අඩුම තරමේ මැරුණහම මිනියට කරගහන්න ඉන්නේ ඒ ගෙදර ගැහැණියයි.

නිදාගත්ත ගැහැණු එන්නේ නැහැ මිනිය කරගහන්න. උන් අතහැරලා දාල යනවා ප්‍රයෝජනය අරගෙන.

හැබැයි ගෙදර ගැහැණියට තමයි මිනියට කරගහන්න වෙන්නේ තමන් අකමැති වුණත්.

ඉතින් කරගැහුවා. දැනටත් කරගහනවා. ඉස්සරහටත් කරගහනවා.

මේ ස්ත්‍රීවාදී සිනමාකරුවා කෙලපු පිස්සුවලට ගෙදර ගැහැණි තමයි කර තියන්න ඕන, උර තියන්න ඕන ජීවිතේ දෙන්න ඕන.

දැන් මේ පිස්සු කෙලපු ඩිරෙක්ටර්ස්ලා මේ චිත්‍රපටි හදල තියන්නේ.

ගැහැණියට සාමානාත්මතාවය නිදහස, විමුක්තිය ඔක්කොම ඕන කියලා. හැබැයි මේ විදිහට චිත්‍රපටි හදපු ඩිරෙක්ටර්ස්ලගෙන් වැඩිපුරම පීඩාවට පත් වෙච්ච ගැහැණිය මමයි.


හේතුව මේ ඩිරේක්ටර්ස්ලගේ එක අඹුවක් වත් නිලියක් නෙවෙයි. හොර අඹුවන් ඉන්න ඇති එක එක ඩිරෙක්ටර්ස්ලට හැබැයි මම හොර අඹුව නෙවෙයි. එතකොට මම දැක්ක ස්ත්‍රිය ගැන හදපු මේ හැම නිර්මාණයකම, ටෙලි නාට්‍යයකටම, වේදිකා නාට්‍යයකම මේ ගැහැණියට නිදහස දෙන්න ඕන කියලා කියපු නිර්මාණකරුවා ගෙදරදි කොහොමද මට සැලකුවේ කියලා.

 
ඊට අමතරව මේ විචාරකයෝ, හඳගමව අගය කරපු පිටකසපු පස්ස හෝදන, පස්චාත්භාගය අතපත ගාන, හිතලුවො විචාරකයෝ සියලුම දෙනා,

තමුන්ගේ බිරිඳට කොහොමද සලකන්නේ.

සලකන විදිහ ගැන මම දන්නවා. මේ ලියවිලි මේ විචාර මේ සියලු දේවල් පට්ටපල් බොරු. මේක කුමන්ත්‍රණයක්. මේක ජාවාරමක්.

මේ ජාවාරමේ කොටස්කරුවෝ මේ විචාරකයෝ.

සෙට් එකේදි මගේ හැට්ට ගලවලා ඒක ෂූට් කරනවා.

ඊලඟට මට චරිතයක් දීල මාව නිරුවත් කරනවා. මගේ වෘත්තීය අයිතිය පැහැරගෙන, එ්ක සුන්නත්දූලි කරනවා.

 


නිෂ්පාදන කළමණාකාරිනියත් එක්ක එකතුවෙලා මාව නිරුවත් කරලා මගේ ගෙදරදොරේ තහඩුව මාරු කරලා, මාව එළියට විසිකරනවා.

 

 

අනෝමා ජිනාදරි 1



මම මේ හඳගම හොඳයි හොඳයි කියලා කියන විචාරකයෝ, උන්ට තමයි මම මේ කියන්නේ. හඳගම හොඳයි කියලා ඇටවලු කහන විචාරකයෝ, උන්ට බැහැ ආපහු හඳගමව යහමඟට ගන්න. මාව වීසි කළා ඉස්සරවෙලා.

ඊට පස්සෙ අක්ෂරය කියලා එකක් කළා. පියුමිව අරගෙන වැඩි ගානකුත් දීල විසි කරා ඇමෙරිකාවට. ඒවා කළේ හොර රහසේ.

ඊට පස්සේ ගත්තා, රිතිකා කොඩිතුවක්කුව. රිතිකා කොඩිතුවක්කුව බොහොම කීකරු බලු පැටියෙක්, පූස් පැටියෙක් වගේ තියාගෙන ඉන්නවා. එයාව පාවිච්චි කරලා හොර රහසේ.

අලුත්ම බිල්ල තමයි සාරධා.


මේ සාරධා ඇතුළු සියලුම ගැහැණුන් නිරුවත් කරලා මේ සමාජයට වීසි කරා.

 

මේ නාට්‍ය බලලා එදා ජයසිරි ඇතුළුව සියලුම දෙනා තමන්ගේ වයසට ගිය එල්ලා හැලෙන වලු කහ කහ වෙිදිකාවේ එල්ලි එල්ලි හඳගමට සුබපතපු විදිහ මම බලාගෙන හිටියා.

මුන් කිසිම දවසක ගැහැණියකට ගරු කරන උන් නෙවෙයි.

එතකොට මම කියන්නේ නවත්තපන් මේක නවත්තපන්. උඹ ලිංගික කුහකයෙක් කියලා පුන පුනා නැවත නැවතත් මම කියනවා.


හැබැයි මම උඹේ කලාවට ගරු කළා. මම හිතුවා උඹට දර්ශනයක් තියනවා කියලා. හැබැයි උඹ විහින් පුන පුනා ඔප්පු කරනවා උඹ පර්වර්ඩ් කෙනෙක් කියලා.


උඹ ලිංගික කුහකයෙක්. ලිංගික තෘෂ්ණාවෙන් කුහකත්වයෙන් පෙළෙන තිරිසනෙක්. මට මේ සලකන විදිහෙන් උඹ ඒක ඔප්පු කරනවා.

දැන් නිළියෝ කියලා ගැහැණු ළමයින්ව නිරුවත් කරලා සමාජයට විසි කරනවා. එතකොට උඹව ආදර්ශයට ගන්නවා සංජීවලා වගේ මන්දබුද්ධිකයෝ.

ඒ නිසා මම උඹට කියන්නේ හොඳින් මේක නවත්තපන්. විචාරකයොන්ට මම කියන්නේ.


තොපි තොපේ ගැහැණුන්ට සලකනවද කියලා හෘර්ද සාක්ෂියෙන් අහලා බලපන්.


මේ ජාවාරම් නවත්තපල්ලා. තොපි එකෙක්වත් හිතන්න එපා මගෙන් ගැලවෙන්න.

මම තොපේ කලිසම් ගලවලා තොපේ ඔය කඩාගෙන හැලෙන ඇටවලු නිරුවත් කරනවා. මේ විදිහට උඹලා ගැහැණිය ගැන හිතනවා කියලා පෙන්වන එක නෙවෙයි උඹලගේ කෙරුවාව.

උඹලා දෙබිඩ්ඩො ඒක නිසා මේ දෙබිඩි වැඩේ නවත්තපන්. මම ආයෙත් එනවා මේ ගැහැණුන්ව නිරුවත්කරලා එළියේ සමාජයට කකුල් කෙටි දෙකෙන් අල්ලා වීසි කරපුවාම ඒ ගැහැණියට අත්වෙන ඉරණම ගැන කියන්න ආයෙත් එනවා මම. බලාගෙන හිටපන්

 

 

  • අනෝමා ජිනාදරී

 

 

 





 

 

නවතම ලිපි