SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා ඇමෙරිකානු CBS පුවත් සේවයේ සුප්‍රසිද්ධ මාධ්‍යවේදීනි ඔප්රා වින්ෆ්‍රේ විසින් මේගන් මාකෙල් සමග ඇයගේ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා.

ඒම සම්මුඛ   සාකච්ඡාවකට එක්වෙමින් මේගන් මාකෙල් කියා සිටියේ බිතාන්‍ය  රජ පවුලේ වර්ගවාදී හැසිරීම් හේතුවෙන් තමාට සිය දිවි නසා ගන්නට සිත් වූ බව ය.

 

harry 23

 

 

‘මට තවත් ජීවත් වෙන්න හිතුණේ නැහැ!’

 

සිය පළමු දරුවා පිළිසිඳ ගත් පසු දරුවාගේ සමේ පැහැය කුමක් විය හැකි දැයි රජ පවුල තුළ කසු කුසු තිබූ බව මේගන් වේදනාවෙන් යුතුව කියා සිටියේය.

මෙහිදී මුව අයාගත් ඔප්රාට කියවුණේ  'මොකක්?'  කියාය.

“මෙතැන මෙහෙම ඉඳගෙන ඉන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒක හරි නිදහසක්. මගේ බිරිඳ සමඟ ඉඳගෙන මෙතැන කතාකරන්න ලැබීම සතුටක්. ඇය මගේ ළඟ ඉන්නවා. මට හිතාගන්න බැහැ මගේ අම්මා මේ දේවල් කොහොම විඳ දරාගත්ත ද කියලා. මම වැඩියෙන්ම හිතුවේ ඉතිහාසය යළි යළිත් සිදුවේද  යන්නයි.”  

 

harry nun 1

 

“මට මගේ අම්මට වුණ දේවල් මගේ බිරිඳට වෙනවා දකින්න ඕනෑ වුණේ නැහැ”

තම බිරිඳගේ දෑගිලි වැරෙන් අල්ලාගත් හැරී කුමරු කිවේය.

තම මව වෙනුවෙන් පියා නොකළ අත්හැරීම තම බිරිඳ වෙනුවෙන් හැරීට කරන්නට දිරිය දුන්නී කවරෙක්ද? ඇය හැරීගේ මව ඩයනා විය නොහැකි ද?

 

harry nun3

 

ඔහුගේ තෝරා බේරා ගැනීම රජ පවුලේ පරම්පරා ගණනාවක් තිස්සේ මේන්ටේන් කරන කුණු ගොඩට වඩා සාමකාමී නිදහස වන්නට ඇත. ඊටත් එහා ගිය මේගන් හා බැඳි ප්‍රේමය වන්නට ඇත.

තීරණය ඇත්තේ ඔබ අතේය. වඩා යහපත් අනාගතයක් වෙනුවෙන් නිසි දේ නිසි වෙලාවට අත්හැරීම තරම් අරගලයක්, අභියෝගයක් තවත් නම් පවතීද?

 

harry nun 34

 

harry nun345

 

harry nun 3456

 

 

 

වීඩියෝව

 

 

නවතම ලිපි