SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ රූ රැජිනියන් හා විනිසුරන් ජාත්‍යන්තර වේදිකා උඩ තම රටට අවමන් කරමින්

කිරුළ වෙනුවෙන් හඬා වැළපෙද්දී මියන්මාර් රූ රැජින තම මාතෘභූමියේ ජනතාව, දරුවන් වෙනුවෙන් තම ජීවිත අවධානම පසෙක ලා හඬා වැටීම ජාතිකවාදය කරපින්නාගත් ඔබට දැනෙන්නේ කෙලෙසද?

මියන් මාර් 563 800

පසුගිය දා තායිලන්තයේදී පැවති Miss Grand International තරඟාවලියට රටවල් 63ක සුරූපිනියන් සහභාගී වූ අතර එහිදී මියන්මාර රැජින තම රටේ මිලිටරි පාලනය විසින් සිදුකරමින් යන සංහාරය පිළිබඳ කතා කරමින් හඬා වැටුනාය.


මේ වනවිට තරඟය අවසන් වුවත් ජාත්‍යන්තරය ඉදිරියේ මිලිටරි රජයට එරෙහිව කතා කිරීම හේතුවෙන් රජය විසින් ඇයටත් ඇගේ පවුලේ සැමටත් ජීවිත තර්ජන එල්ල කර ඇත.


රජය විසින් මාධ්‍යවේදීන් සිරගත කරමින් මරාදමින් සිටින මොහොතක ඇය ජීවිතය නොතකා රට වෙනුවෙන් හඬ අවදි කලා.


ජීවිතය පරදුවට තබා ඇය ජාත්‍යන්තරය ඉදිරියේ කල කතාවේ සිංහල පරිවර්තනය මෙසේය.



මියන් මාර් 800 563 1


“සුභ වේවා මගේ ආදරණීය සහෝදර මිනිසුනි!

ආදරණීය රට මියන්මාරයේ වර්තමාන තත්වයෙන් පීඩා විඳින මගේ ආදරණීය රට වැසියන්ගේ ශෝකය සහ පීඩනය මේ රාත්‍රියේ මම මේ වේදිකාවේ සිටගෙන ඔබව අමතන්නට හේතු උනා.. වීදි මත ජීවිත අහිමි වුනු ජනතාව ගැන මම ඉතාමත් කණගාටුවට පත් වෙමි.

ලෝකයේ සෑම පුරවැසියෙක්ම තම රටේ සමෘද්ධිය සහ සාමකාමී වාතාවරණය අපේක්ෂා කරයි. එසේ කිරීමේදී නායකයින් ඔවුන්ගේ බලය සහ ආත්මාර්ථකාමිත්වය තම ආඩම්බරයට ගොඩනගා ගැනීමට පාවිච්චි නොකල යුතුයි. අහිංසක මිනිසුන්ට ඔවුන්ගේ කාන්තාවන් සහ ළමා ජීවිතයන් අපිට අහිමිව තිබෙනවා.

තත්වය මෙලෙසම සිදුවන්නේ නම්, ලොව පුරා සිටින ජනතාව විසඳුමක් සොයාගෙන ඔවුන්ට උදව් කිරීමට උත්සාහ කලයුතු යැයි සිතනවා.
මං අද මේ වේදිකාවේ සිට කතා කරන්න හේතුව, මගේ රටේ මිනිසුන් 100 කට වැඩි පිරිසක් දවසකට මිය යමින් සිටිනවා. ජීවිත අහිමිවූ ජනතාව ගැන මම ඉතාම කණගාටු වෙමි. මියන්මාරයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වීථියේ පාගමන් යමින් සිටිනවා. මමත් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින කෙනෙක්.

මේ පිළිබඳව ජ්‍යාත්‍යන්තර අවධාන ලබාගැනීම සඳහා මට මේ වටිනා අවස්තාව ලබා දීම සම්බන්ධයෙන් මම miss grand international සංවිධානයට බෙහෙවින්ම ස්තුති කරනවා.”

“මියන්මාරයට උදව් අවශ්‍යයි. අපට ඔබගේ හදිසි ජාත්‍යන්තර සහාය දැන් අවශ්‍යයි.

වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට නව පරම්පරාව ලෙස අපිට වගකීමක් ඇත. ලෝකයටත් මියන්මාරයටත් සාමය උදා වේවා !”

මයිකල් ජැක්සන් ගේ ගී කොටසක් ගයමින්...

Heal the world
Make it a better place
For you and for me, and the entire human race
There are people dying
If you care enough for the living
Make a better place for you and for me

ලෝකය සුවපත් කරන්න එය වඩා හොඳ ස්ථානයක් බවට පත් කරන්න…
ඔබ සහ මා වෙනුවෙන් සහ සමස්ත මිනිස් සංහතිය වෙනුවෙන්…
මිනිස්සු මිය යමින් සිටිනවා…
ජීවත්වීම පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නම්
ඔබත් මමත් වෙනුවෙන් වඩාත් හොඳ ලෝකයක් සාදන්න…  



 

 

උපුටා ගැනීම : මාශා ඩයස්- NEWS WIRE

නවතම ලිපි