SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 මා මේ කියන්නට යන්නේ ඊයේ දින නෙළුම් පොකුණේදී පැවැත්වුනු ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලිය හා එහි සිදුවන අසික්කිත තරඟ ක්‍රියාවලිය පිළිබඳවයි.



ඕනෑම තරගයකට තරග කොන්දේසි හා නීති රීති පද්ධතියක් තිබෙන බැව් අපි දනිමු. ඒවා සකස් කරන්නෝ කොතෙක් සර්ව සාධාරණද යන්න නොදන්නා නමුත්, තරගයක් යනු යම් සීමා කොන්දේසි යටතේ පවත්වනු ලබන්නක් බව දන්නෙමු.

 

image 6 800 563




එසේම තරගයකට ඉල්ලුම් කරන්නට ඕනෑම අයෙක් පෙළඹෙනු ඇති අතර එහිදී තරග විනිශ්චය මණ්ඩලය හෝ තේරීම් කමිටුව මුලින්ම සිදු කරන්නේ තම නීති රීති කොන්දේසි පද්ධතියට සුදුසුකම් ලබන පිරිස වෙනම වර්ගකර ගැනීම වන අතර ඉන්පසු ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් සපුරන අයගෙන් අදාළ තරගය ඉදිරියට ගෙන යාමයි. මෙය රූ රැජින තරග පමණක් නොව රාජ්‍ය අංශයේ වේවා පෞද්ගලික අංශයේ වේවා ඔිනෑම කෙෂ්ත්‍රයක ක්‍රියාවලියයි.

 

image 2 800 563




ඊයේ පැවැත්වුනු ශ්‍රී ලංකා රූ රැජින 2020 තරගාවලියත් එවැනි තරග කොන්දේසි වලින් සමන්විත තරගයක්. එහෙත් ඊයේ සිදුවූ එම සිදුවීම අතිශය තුච්ඡ ක්‍රියාවලියක් බව එම තරගයේ සංවිධායකත්වයට වගේම එහි විනිශ්චය මණ්ඩලයටද පැවසිය යුතුය. අපි ඔවුන්ගෙන් මේ ප්‍රශ්න අසන්නේ එබැවිනි.

තරගය මාස ගණනාවක් පුරා පැවැත්වෙද්දී තරගකරුවන්ගේ තරගයට අදාළ අවම සුදුසුකම් මොනවාද යන්න සොයා බැලීමට නොහැකි වීද?

 

Mrs Sri Lanka DeCrowned



එසේ අතපසුවීමක් සිදුවූයේ නම් තරගකාරිනී පුෂ්පිකා සම්බන්ධව සහ ඇයගේ මෙම තරගයට අදාළ නුසුදුසුකම පිළිබඳව අවසන් තරගයට පෙර සමාජ මාධ්‍යයන්හි පැතිරුනු ප්‍රවෘත්තීන් පිළබඳව හෝ අවසන් තරගයට පෙර සොයා බැලීමකට ඔබ නෙපෙළඹුනේ මන්ද?

 

 

සප්ටැ 800 563

 



තවත් එක් තරගයක් පවත්වා අවසානයි කියා මෙම තරගය නිම නොවී මෙවැනි සිදුවීමක් ඇතිකිරීම තුළින් ගන්නට උත්සාහ කළ ප්‍රසිද්ධය කවරාකාරද?

එමගින් එයට මුහුණදුන් ජීවිත සඳහා වගකියන්නෙ කවරෙක්ද?

මෙම තරගාවලී නාට්‍ය පිටපත යට මෙම තරගකාරියන්ද සිටින්නේද?

මෙයින් එළියෙ ජීවත්වන ඔවුන්ගේ දරුවන්ගේ මානසික පීඩනයන්ට වග කියන්නේ කවරෙක් ද?

මේ සඳහා ඇරයුම් ලබා සහභාගී වූ රටේ ප්‍රභූ කාන්තාවන් හා ඔවුන්ගේ දෑතින් පැළඳවූ කිරුළ ගලවා දමමින් ඔවුන්ට සිදුකළ නිග්‍රහයට වග කියන්නෝ කවරෙක්ද?

වර්තමාන ලෝක විවාහක රූ රැජින වූ කැරොලින්ව මෙසේ කිරුළ උදුරාගැනීමට පොළඹවන ලද ඒ කළහකාරී ස්ත්‍රිය කවුද? 

 

 

image 6 800 563




ඕනෑම දේකට ජාතිකවාදය කරපින්නාගෙන නාසයෙන් පිඹින ලංකාවේ දේශප්‍රේමීන්ගෙන් මෙසේ අසමි.

මේ අසික්කිත රටේ හදිසියේම පින් පත්වීම්වලින් අමාත්‍ය ධූර ලබාගෙන සිටින සමහර කාන්තාවන් තම අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් තමාට කුඩය නෑල්ලූ නිසා තනතුරෙන් ඉවත්කිරීමට තරම් රටේ නායකත්වය පෙළඹවීමේ අසික්කිත ක්‍රියාමාර්ගත් මෙවැනි සිදුවීමුත් අතර වෙනසක් තිබේද?

මේ අසික්කිත රටේ අසික්කිත නොවන මොනව හරි තිබෙනවාද?

 

 

 

 

 

අංජලී සූරියබණ්ඩාර

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි