SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව බොහෝ විරලයි.

නමුත් එහෙම වෙලාවක් ආවත්, නිසි ලෙස කරුණු දැනගන්න තිබෙන අවස්ථාවත් අඩුයි.

නමුත්, පිලිකා කාරක පොල්තෙල් කියන මාතෘකාව හරහා විද්‍යාත්මක කරුණු දැන් දැන් කරලියට එනවා. ඒ නිසාම සාමාන්‍ය මිනිස්සුත් මේ ඇෆ්ලාටොක්සින් කියන්නෙ මොකද්ද කියලා හොයනවා... 

ඇෆ්ලාටොක්සින් කියන්නෙ පිළිකාකාරක රසායන ද්‍රව්‍යයක්. 

ලෝකයේ ඇෆ්ලාටොක්සින් වර්ග 14 ක් පමණ තිබුණත් මිනිසාට සහ සතුන්ට හානිදායකවන්නේ වර්ග 4 ක් පමණයි.  මෙය  ප්‍රධානවශයෙන්ම නිපදවන්නේ Aspergillusflavus සහ Aspergillus parasiticus නම් දිලීර (පුස් වර්ගය) මගින්.

ඇෆ්ලටොක්සින් කියන්නේ හයිඩ්‍රොකාබන වලලු පහක්එකිනෙක බැඳී සෑදුන රසායනිකයක්. Aflatoxin B1, Aflatoxin B2, Aflatoxin G1, Aflatoxin G2, (AFB1, AFB2,AFG1, AFG2) කියලාවර්ග හතරක් තියෙනවා. මේවා නම් කරලා තියෙන්නෙ පාරජම්බුල කිරණ හමුවේ නිකුත් වනෆ්ලොරසන්ට් ආලෝකයේ වර්ණය අනුව මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරයට B1,B2නිල් පාටයි, G1,G2, කොළ පාටයි. Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර Aspergillus flavus  නිෂ්පාදනය කරන්නේ B වර්ගය පමණයි. 

මේ දිලීර වර්ග හැදෙන්නේකෘෂිකාර්මික නිෂ්පාදන මත. විශේෂයෙන්ම ඒවා තෙත්, උණුසුම් ස්ථානයක වැඩිකාළයක් ගබඩා කිරීම නිසා මෙම දිලීර වර්ධනය වෙනවා. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහකුළුබඩු වර්ග මත වර්ධනය වනවා. ඒ නිසා තමයි කියන්නේ මේ දේවල් හොඳින් අව්වේ වියලාගබඩා කරන්න කියලා.

මේ නිසා ඇෆ්ලටොක්සින් නිසා සිදුවන හානි වැඩිපුරම දකින්නටලැබෙන්නේ ඝර්ම කලාපීය රටවලයි.මේ දිලීරවල හැදෙන ඇෆ්ලටොක්සින්ආහාර ද්‍රව්‍ය මත රැඳෙනවා.

 ඇෆ්ලටොක්සින්වල භයානක කම තියෙන්නේ, පියවි ඇසට අවර්ණ, ගඳක් සුවඳක් රසක් තිත්තක් නැති රසායන ද්‍රව්‍යයක් නිසා. ආහාරයකඇෆ්ලටොක්සින් තියෙනවද කියලා බලන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. එයට TLC වර්ණාලේඛන ක්‍රමවේදයන් හෝ HPLC වැනි රසායනාගාරයක පමණක් දැකිය හැකි උපකරණ හරහා පමණයි.

එපමණක් නොවෙයි එය තිබේදැයි සහතික කර ගැනීමටසුපිරිසිදු ඇෆ්ලටොක්සින් සාම්පල ද අවශ්‍ය වනවා. ඒවා සුවිශේෂී තත්ත්‍ව යටතේ භාවිතකළයුතු වනවා. වැරදිලාවත් ශරීරයේ තැවරුනොත් සම හරහා ඇතුල් විය හැකියි.

ශරීරයට ඇතුළු වන ඇෆ්ලටොක්සින් වැඩි වශයෙන්මහානි කරන්නේ අක්මාවට. අක්මාවේ ඇති සයිටක්‍රෝම් P 450 මගින් ඇෆ්ලටොක්සින් සක්‍රීය කරනවා. ඉන්පසු එය අපේ සෛලවල වූ DNA හා සම්බන්ධ වනවා. එහිදී DNA නිෂ්පාදනය අවහිර කිරීම, DNA ප්‍රතිවලිත වීමට බාධා කිරීම, පිළිකා කාරක ජාන සක්‍රීය කිරීම, සෛල විභේදනය විකෘති කිරීම යන කරුණු මගින්සාමාන්‍ය සෛල පිළිකා කාරක සෛල බවට පත් කරනු ලබනවා. ඉන්පසු පිළිකා සෛල වේගයෙන්විභේදනය වෙමින් පිළිකාව ඇතිකරනු ලබනවා. 

ඇෆ්ලටොක්සින් ශරීරගත වී ඇතිදැයිබැලීමට ඇති එකම මාර්ගය වන්නේ මුත්‍රා පරීක්ෂාවයි. ශරීරයේදී glutathioneS-transferase නම් ප්‍රතික්‍රියා දාමය හරහා සාමාන්‍යයෙන් ජලයේ අද්‍රාව්‍යඇෆ්ලටොක්සින්, ජලයේ දියවිය හැකි ව්‍යුහයක් බවට පත් කරනවා. එවිටඇෆ්ලටොක්සින් මුත්‍රා සමග පිටවනවා. නමුත් මුත්‍රා පරීක්ෂාව ඇෆ්ලටොක්සින් ශරීරගත වීපැය 24 ක් ඇතුළත කළ යුතුයි.ඇෆ්ලටොක්සින් සිරුරේ පවතින්නේ උපරිම පැය 24 ක් පමණයි. ඉන්පසු හෝ ඒ අතරතුරශරීරය විසින් ඇෆ්ලටොක්සින් බැහැර කරනු ලබනවා. 

මිනිසුන්ට ඇෆ්ලටොක්සින් විෂ වීම දෙආකාරයකට සිදුවෙනවා. සුළු වශයෙන් දීර්ඝ කාලයක් සිදුවන ශරීරගත වීම (chronic toxicity) සහ විශාල ප්‍රමාණයක් කෙටි කාළයක් ඇතුලතසිදුවන ශරීරගත වීම (acutetoxicity) වශයෙන්. 

ඇෆ්ලටොක්සින් නිසා සෑදෙන පිළිකා ප්‍රධානවශයෙන්ම හැදෙන්නේ අක්මාව සහ වකුගඩු ආශ්‍රිතවයි. මිනිසුන්ට වඩාත්ම හානිදායක වන්නේ AFB1 වර්ගයයි. දීර්ඝකාලීන ශරීරගතවීම නිසාවිශේෂයෙන්ම අක්මාවේ HepatitisB වෛරසය මගින්හානියක සිදුවී ඇතිනම් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. කුඩා දරුවන්ට දිගුකල් පවතිනබඩේ අමාරු/බඩයාම, බෝවන රෝග මෙන්ම අංගවිකල/විකෘති දරුවන්ඉපදීම, මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාලකිරීම ද සිදු කරනවා. මේ තත්ත්‍වයන් ඇෆ්ලටොක්සිකෝසිස් aflatoxicosis යනුවෙන් හඳුන්වනවා.  

එකවර විශාල ප්‍රමාණයක් ශරිරගතවීම අක්මාවට හානිපැමිණීම හරහා මරණය ලඟාකරදීමට සමත් වනවා. ශරීරය කහපැහැ වීම (පිත්තාශයේ අක්‍රීයතාවයනිසා) අලසබව, වමනය සහ කරකැවිල්ල, මරණය යන දේ වලින් ඕනෑම දෙයක් හෝ කිහිපයක් මේනිසා සිදු වන්න පුළුවනි. දරුවන්ට වඩා වැඩුනු පුද්ගලයින් මේ රෝගයන්ට ප්‍රතිරෝධයක්දක්වනවා. නමුත්, අවම වශයෙන් ආහාර කිලෝග්‍රෑමයකට ඇෆ්ලටොක්සින්මිලිග්‍රෑම් 1ක් (1 ppm) ඇති ආහාර ශරීරගතවීම ඇෆ්ලටොක්සිකෝසිස් තත්ත්‍වයන් ඇති කිරීමට සමත්, සති 1-3 ක්  පුරා දිනකට AFB1 2… 

මේ නිසා පුස් බැඳනු ආහාර භාවිතයෙන් වැලකීම කවදත් ගුණදායකයි. 

ඇෆ්ලටොක්සින් යනු බහුවලීය සංයෝගයක් වන නිසා එහිතාප ස්ථායීතාවය අධිකයි. මේ නිසා පොල්තෙල් රත් කිරීම මගින් ඇෆ්ලටොක්සින් ඉවත් කළනොහැකියි. ඒවායේ භෞතික ගතිගුණ පිළිබඳ පින්තූරය බලන්න 

කන දේ දැනගෙන කන්න.!

ලංකාවෙ මිනිස්සුන්ගෙ පිළිකා තත්ත්‍වයන්වැඩිවීමට ප්‍රධානතම හේතුව තමන් ගන්නා ආහාරවල අඩංගු විෂ රසායන ද්‍රව්‍ය, පොහොර, පලිබෝධනාශක, දිලීර නාශක වගේම, සකස්කළ ආහාරවල ඇති විවිධ රසායන ද්‍රව්‍ය, එසේම මෙවැනි ස්වභාවිකව හැදෙන රසායනික ද්‍රව්‍යමේ තත්ත්‍වයන්ට ඍජුව වගකිව යුතුයි. 

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හෝවෙනත් වගකිවයුතු ආයතනයකින් මේ ප්‍රමිතීන් පාලනය නොවුනහොත්,තවත් අවුරුදු 20 ක් පමණ ගතවන විටලංකාවේ බොහෝ දෙනෙකු පිළිකාරෝගීන් බවට පත් වීමවලක්වන්න බැහැ. 

 

 

අන්තර්ජාලයෙන්.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි