SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දවසකට 500ක් කසාද බඳිනවා කියල දැනගෙන හිටියට 400ක් දික්කසාද වෙනවා කියල දැනගත්තෙ දැන්..

දුක්කසාදයට වැඩිය නම් දික්කසාදය දහස් වරක් හොඳයි.. ඒක ඇත්ත, හැබැයි රැඳෙන්න බැරිම නම් බිඳෙනවා මිසක, බිඳෙන්න ම බලාගෙන බඳින එක නම් හෙනම මෝඩ වැඩක්.  බඳිනවද නැද්ද, කියන තීරණය බුද්ධිමත්ව ගත්තොත් දික්කසාද වෙනවද නැද්ද කියන තීරණය ගන්න වෙනවා අඩුයි. ඒ නිසා කසාද බඳින්න කලින් දෙසැරයක් නෙමෙයි, දහස් සැරයක් හිතලා තවත් සැරයක් හිතන්න.

 

♦අවුරුදු 25ට කලින් කසාද බඳින්නම ඕනෙ කියල නීතියක් සම්මත වෙලා නැහැ, 25ද, 35ද 45ද එහෙමත් නැත්තම් අවුරුදු 50දී උනත් කමක් නැහැ, අම්මට, තාත්තට, යාලුවන්ට, සමාජෙට ඕන දවසට නෙමෙයි, තමන් සුදානම් වෙච්ච දවසට විතරක් කසාදයක් බඳින්න.

 

♦සහකරුවව තේරුම් ගන්න කලින්, මුලින්ම තමන්ව තේරුම් ගන්න, තමන් කව්ද තමන්ට අවශ්‍ය මොන වගේ සම්බන්ධයක්ද කියල තීරණය කරන්න. බඳින්න කලින් අනිත් පාර්ශ්වය කසාදයක් තුලින් බලාපොරොත්තුවෙන දේවල් ගැනත් විවුර්ත්ව කතා කරලා ඒ දේවල් වෙනුවෙන් තමන්ට කැපවෙන්න පුලුවන්නම් විතරක් කසාදය කියන තීරණය ගන්න.

 

♦ගොඩක් අය හිතන්නෙ කසාදය කියන්නෙ, පුනරුත්තාපන කඳවුරක් එහෙමත් නැත්තම් ඉස්කෝලයක් කියලා.අනේ එයා බැන්දම හැදෙයි,කසාද බැන්දම ඕවා හරියයි කියල හිතාගෙන, අම්මල තාත්තලට හදන්න බැරි වෙච්ච ගෑණු සහ පිරිමි, හදාගෙන ජීවත්වෙන්න බලාගෙන නම් කසාද බඳින්න එපා, හැදිච්ච එකෙක් හොයාගෙන කසාද බඳින්න, එහෙම නැත්තම් එයාට හැදෙන්න කාලයක් දීලා හැදුනට පස්සෙ බඳින්න. නිකන් අනවශ්‍ය අවදානම් ගන්න එපා.

 

♦ධනවත්, උගත්, බුද්ධිමත්, කුලවත්,රූමත් මනුසත්, ප්‍රේමණීය, ෆුල් රොමැන්ටික්, මේ ඔක්කොම එක්කෙනක්ගෙන් හොයන්න තරම් සිඟිති දරුවො වෙන්න එපා, අපි හැමෝටම හොඳ නරක දෙපැත්තක් තියනව, අනිත් කෙනාගේ හොඳ වගේම නරක පැත්තත් දරාගන්න පුළුවන් විදිහට මනස හැදුන දවසක බඳින්න හිතන්න.

 

♦බෙරේ ගහන්න ඕනෙ පිටේ බැඳගත්ත ඩබල මිසක් රටේ ලෝකෙ අය නෙමේ, නෝනගේ අඩුපාඩු, මහත්තයාගේ මදි පාඩු, දුවගෙන ගිහිං අම්මට තාත්තට කියන්න හිතෙනතාක් කසාද බඳින්න හිතන්න වත් එපා. දෙමව්පියො, සහෝදරයො යාලුවෝ එක්ක ඕන දෙයක් බෙදාගන්න, කසාද ජීවිතේ නම් බෙදාගන්න එපා. ලංකාවේ දික්කසාද වලට ලොකුම හේතුව, නෝනා vs අම්මා සහ නෑදෑ පිරිවර vs සැමියා අතරට මැදි වෙලා අසරණ වීමම තමයි, අම්මා තාත්ත, අයිය අක්කා, යාළු මිත්‍රයෝන්ගෙ උදව් උපකාර නැතුව ජීවිතේ ගැන තනියම තීරණ ගන්න පුළුවන් වෙච්ච දවසක බඳින්න, නැත්තම් ඉතිං දික්කසාද වෙන්න වෙනවම තමයි.

 

♦ඇඳුමක් උනත් ගන්න කලින් තමන්ට සෙට් වෙනවද කියල fit on කරල බලන්න හැමෝම කැමතියි , ඒ නිසා යුරෝපයේ මිනිස්සු බඳින්න කලින් පෙරහුරුවක් විදිහට එකට ජීවත් වෙලා බලනවා, ඒකට තමයි live in together කියන්නෙ, අපේ අය බැඳලා ඉවර වෙලා ගැලපෙනවද බලනවා.. 


Live in together ක්‍රමය මොන තරම් ප්‍රායෝගික උනත් ලංකාවේ මිනිස්සුන්ට ඉතිං තව වසර ගානක් යනකම් ඕවා හීන,
ඒ නිසා ඇස් මානෙන් බලලා ෆැන්ටසියකින් හරි අනුමාන කරලා, මිසක් බඳින්න හදිස්සි වෙන්න එපා.

 

කොකාගේ සුද පේන්නේ ඉගිලෙද්දී වගේ, සතා කව්ද කියල හරියටම දැනෙන්නෙ බැන්දට පස්සෙ කියල කෙනෙක් කියන්න පුළුවන්, ඒකෙත් ඇත්තක් තියනවා.

කොහොමින් කොහොම හරි කසාදය කරුමයක් වෙච්ච දවසට, රටේ දික්කසාද අනුපාතය පහත හෙලන්න කියල හිතාගෙන විඳින්න තියන ජීවිතේ විඳවන්න ඕනෙ නැහැ.බැඳෙන්න ම බැරි නම් බිඳින්න.. මොකද දික්කසාදය කියන්නෙ අහස පොළව නුහුලන අපරාධයක් නෙමෙයි.

හැබැයි බඳින්න කලින් හොඳට හිතන්න,රැඳෙන්න පුලුවන්නම් විතරක් බැඳෙන්න.. මොකද අවිවාහක, විවාහක සහ දික්කසාද කියන්නෙ එකක් නෙමෙයි කැටගරි තුනක්‌, ඒකයි.

 

අනිශා ජයකොඩි

නවතම ලිපි