SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර කාන්තා දින 2021 සැමරුම වෙනුවෙන් රජරට ප්‍රජා කේන්ද්‍රය සංවිධානය කරන

“කාන්තා අපි ශක්තිමත්ව පෙරට යමු, කොරෝන උවදුර පරදවමු”

තේමාව ඔස්සේ සිදුකරන ප්‍රජා අදහස් විමසීම සහ ප්‍රජාව දැනුවත් කිරීමේ ගමන, ප්‍රදර්ශන රථ සමගින් අද (22) කැකිරාවෙන් ආරම්භ කෙරිණි.
අනුරාධපුර දිසාපති කාර්යාලය දක්වා පැමිණි පිරිස, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය හමු වූ අතර, රජරට ප්‍රජා
කේන්ද්‍රය සහ ඒකාබද්ධව සිටින ප්‍රජා මූල සංවිධාන, සිවිල් සංවිධාන සහ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා ජාලය විසින්
හඳුනාගත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් මුහුණපාන ගැටලු සහ ඊට විසඳුම් සඳහා යෝජනා ඇතුළත් සංදේශයක්
පිළිගන්වනු ලැබුවා.

එහිදී අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කර තිබෙන්නේ මෙම හඳුනාගෙන ඇති ගැටලු සහ විසඳුම් සහිත යෝජනා
ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය ලෙස තමන් කැපවන බවයි.

‍මෙම අවස්ථාවට රජරට ප්‍රජා කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ශිලා රත්නායක මහත්මිය, වැඩසටහන් අධ්‍යක්ෂක
සහ සමාජ ක්‍රියාකාරී ඉරෝෂන් හල්ගමුව මහතා සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්, කාර්යමණ්ඩලය සහ අනුරාධපුර
දිස්ත්‍රික්කයේ ප්‍රජාව සහභාගී විය.

මෙහිදී වර්තමාන සමාජය මුහුණ දෙන, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වඩාත් අර්බුද තත්ත්වයකට පත්ව ඇති ජල අර්බුදය
සහ පාරිසරික විනාශයත් සමඟ උඩු දුවන කාන්තා හිංසනය සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කතිකාවතක් ඇති වීමද
සුවිශේෂී වේ.

NewsHub.lk වෙබ් අඩවියෙන් උපුටා ගැණුනි.