SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මායාවක් වගේ මේ සිස්ටම් එක ඇතුලේ දුවන අපිට අපි මැරෙනවා කියන එක අමතක වෙලා තියෙන්නෙ..

ධනය, බලය, මුදල් ඉස්සරහා මිනිස්සු තමන්ගේ හෘද සාක්ෂිය කුඩුපට්ටම් කර ගන්නේ ඒ නිසා....


එහෙත් කොවිඩ් මේ ලෝකයට කරන පළවෙනිම බලපෑම උඹලත් මැරෙනවා කියලා මිනිස්සුන්ට මතක් කරන එක කියලා කොවිඩ් ආපු පළවෙනි තත්පරේ ම අපි සටහන් කලා..

සහ වයිරස් එකත් එක්ක ෆයිට් කරන්න පුළුවන් තමන්ගේ ශරීරය ඇතුලින් ප්‍රතිශක්තිය හදාගන්න පුළුවන් ප්‍රධානතම කාරණාව මානසික සුවය සහ මානසික හයිය කියන කාරණාව පවිත්‍රා ගේ අදහසිණුත් ඔප්පු වෙනවා.

මරණය ළඟටම ගිහින් නැවත ජීවිතය කෙනෙකුට ලැබුණොත් හෙණයක් පාත් වුනා වගේ මම ඉඳලා තියෙන්නෙ විශාල මායාවක කියලා සාමාන්‍ය සංවේදී කමක් තියෙන ඕනිම ජිවියෙකුට දැණෙන්න ගන්නව..

පවිත්‍රා වන්නිආරච්චි ත් ඒ මරණය දැකලා ආවෙ.

පවිත්‍රා අවසන් තත්පරයේ නිර්වානය සිහි කරල තිබුන.. පවිත්‍රා ඒක ගීතයක් විදිහටත් කියනවා.. මැරුනට පස්සෙ නිර්වාණය බලාපොරොත්තු වෙනවට වඩා ඒක හොඳ දෙයක්.. බෞද්ධ දර්ශනය අනුවත් නිර්වාණය කියන්නේ උඩින් යන්න බලයක් හම්බවෙන මනෝ විකාරයක් නෙවෙයි.. ජීවිතයෙ අපිවම රවට්ටන් කියල දැණෙන ජීව්තය විශාල අවුලක් කියලා අහුවෙන තත්පරයක්.. එක්තරා අන්දමක ඥානයක් සහ හිතන විදිහ අනිත් පැත්තට පෙරළෙන අවබෝධ වීමක්..

පවිත්‍රා මෙහෙම කියනවා..

" මම මගේ හෑන්ඩ් බෑග් එකට නයිටිය දාගත්තා.. ෆෝන් දෙක දාගත්තා.. මට දැණුන මම මැරෙන්න යන්නේ කියලා.. මට දැනුනා මොනතරම් දේවල් තිබුනත් ජීවිතේ එක මොහොතක මේ සියල්ලේ වටිනාකම නැතිවෙනවා කියලා.. "

ලෝකයෙ අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයෙක් පිළිකාවක් හැදිලා ලෙඩ ඇඳේ ඉන්න ගමන් කිව්වේ මට නැවත අවස්ථාවක් එනවනම් ජීවිතය වෙනස් කරන්න මට මගේ තරුණ කාලයට යන්න,... සාර්ථකත්වය කියන මායාව පිටුපස මම දුවමින් විනාශ කරගත් ජීවිතය විඳින්න බැරි වුන ජීවිතය නැවත විඳිනවා කියලා..

නමුත් ඔහුට ඒ අවස්ථාව හම්බවුණේ නැහැ..

පවිත්‍රා ඔබට ඒ අවස්ථාව ස්වභාදහම දීලා තිබෙනව..

මේ මජර දේශපාලන සංස්කෘතිය සහ මේ තිරස්චීන අයුක්තිසහගත සිස්ටම් එක වෙනස් කරන දේශපාලනයට ඔබ ආවේ නැති උනත් ඔබ සිටින පෙරමුණේ සිටිනා ගමන් හෝ ඔබේ බලය පාවිච්චි කරලා ඔබ කියනවා වගේ ම දෙවිවරු වගේ ඔබට පිහිට වුණ සාත්තු සේවකයා ගෙ ඉඳලා හෙදිය, වෛද්‍යවරයා, සහ පීඩාවට පත්වෙන සමස්ත රෝගීන් වෙනුවෙන් ඔබේ ජීවිතයෙ ඉතුරු කාලයේ කුමක් හෝ කරන්න පුළුවන් නම් ඒ සඳහා ඔබට ස්වභාදහම තවත් අවස්ථාවක් ලබාදීල තිබෙනව..

ලෝකයෙම මිනිස්සු පීඩාවට පත් කරපු කොවිඩ් නිර්මාණය කරපු පරිසර පද්ධතිය විනාශ කිරීමට එරෙහිව කුමක් හෝ කරන්න ඔබට ස්වභා දහම තවත් අවස්ථාවක් ලබා දීල තිබෙනව..

ඒ අවස්ථාව මග නොහැරියොත් ඔබ මරණයට ළං වන ඊළඟ අවස්ථාවේ ඉතා සතුටින් හිනාවෙලා යන්න පුළුවන්..

ජය....

( Lakmal Ranabahu ගේ FB පිටුවෙන්)