SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිංහරාජය අසන්නයේ වනාන්තරය විනාශ කිරිම සම්බන්ධයෙන් රක්වානේ භාග්‍යා අබේරත්න නම් තරුණිය විසින් පළ කරන ලද අදහසට එරෙහිව ආණ්ඩුවේ බලධාරීන් දක්වන ලද ප්‍රතිචාර හා පොලිසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජය තුල බරපතල විරෝධයක් එල්ල වෙමින් ඇත.


එසේම, භාග්‍යා අබේරත්න නම් තරුණියට සහය පළකරමින් මේවනවිට මෙරට ජනප්‍රිය චරිත පවා ඉදිරිපත්වෙමින් සිටිති.

මෙරට සිටින ජනප්‍රියම කලා ශිල්පිනියක වන යුරේනි නොශිකා සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

YureniN


ආදරණීය භාග්‍යා,

මට තේරෙන විදියට ඔයා රූපවාහිනි නාලිකාවකට ඇවිල්ලා රටටම කිව්වෙ එක දෙයයි. ඒ සිංහරාජය කියන ලෝක උරුමයට හානි කරන්න එපා කියලා.

සිංහරාජය කියන්නේ ඔයාට විතරක් නෙවෙයි, මේ රටේ ලෝකෙ හැම කෙනෙකුටම අයිති සම්පතක්. ඒක රැකගන්න එක අපි කාගෙත් වගකීමක්.

කොහොම වුණත් නාලිකාවකට ඇවිල්ලා ඔයා කරපු ඒ කතාවෙන් සමහරුන්ගෙ ඇස් ඇරුණා. සමහරුන්ට කේන්ති ගියා.

කේන්ති ගිය අය ඔයාගෙ කතාව ස්ක්‍රිප්ට් එකක් කියලා කියනවා. ඒ වගේම තවත් සමහරු ඔයාගෙ කතාවට දේශපාලන මුහුණුවරක් දෙන්න හදනවා. තවත් කට්ටිය නොයෙක් විදියට ඔයාව බිලිබාගන්න උත්සාහ කරයි කියලා මම හිතනවා.

"ඒත් හැමදාම වගේ දැන් මිනිස්සු කතා කරන්නෙ ඔයා ගැන මිසක් ඔයා ඉස්මතු කරන්න හදපු මාතෘකාව වන සිංහරාජය රැකගැනීම ගැන නෙවෙයි. සිංහරාජය අමතක කරලා දැන් හැමෝම news එක කරගෙන තියෙන්නේ ඔයාව. මට දුක ඒ ගැනයි. ලංකාවට හැමදාම වැරදුණේ ඔය හින්දම තමයි. හඳ පෙන්නන්න ඇඟිල්ල දික් කළාම අපේ රටේ මිනිස්සු බලන්නේ ඇඟිල්ල දිහා මිසක් හඳ දිහා නෙවෙයි."

ඒ හින්දම මේ වෙලාවේ ඔයා ඉන්නවා ඇත්තේ ලොකු පීඩනයක. ඔයා ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිල්ලා මේ වගේ සිද්ධියක් ගැන එළිපිට කතා කරන්න ශක්තියක් තිබ්බ පුංචි ගෑනු ළමයෙක් නිසා මේ වෙලාවෙ දැනෙන පීඩනයට ඔයත් ඔයාගෙ පවුලෙ අයත් කොහොම මුහුණ දෙනවද කියන්න මම දන්නේ නැහැ.

ඒත් ඔයා වගේ ගෑනු ළමයි රැකගන්න එක සමාජයේ වගකීමක්. හෙට දවසේ හරි ලස්සන රටක් හදන්න නම් ඔයා වගේ ශක්තිමත් ගෑනු ළමයි අපි ආරක්ෂා කරගන්න ඕනෙ.

තව තවත් ශක්තිමත් වෙන්න. අභියෝගවලට අභියෝග කරන්න. පීඩනය වැඩිවෙන තරමට හිතට ධෛර්‍යය අරගෙන අනාගතය ලස්සන කරගන්න.

හැමදාමත් ආදරෙයි?
යුරේනි නොශිකා

YureniN