SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය (AI) හරහා ලකානියානු සහ ශිෂැකියානු

මනෝවිශ්ලේෂණාත්මක ලිපි රචනා කිරීමේ ප්‍රවණතාවක් පැවතියද, ඊට අදාළ සැබෑ දේශපාලනික මානය හෝ "ආත්මීයත්වය" (Subject) ග්‍රහණය කරගැනීමට AI ආකෘති සම්පූර්ණයෙන්ම අසමත් වන බව ස්පාටකස් සාමූහිකය විසින් ගෙන එන මෙම ලිපියෙන් අවධාරණය කෙරේ. හුදෙක් පවතින සම්මත 'විශ්වවිද්‍යාල කතිකාවේ' වාග් මාලාවන් ප්‍රතිනිෂ්පාදනය කරනවා විනා ලකානියානු දයලෙක්තික ගැඹුර ස්පර්ශ කිරීමට තාක්ෂණය සමත් නොවන බවත්, එබැවින් නිවැරදි න්‍යායාත්මක හා දේශපාලනික කියවීමක් උදෙසා සැබෑ මනුෂ්‍ය ආත්මීය මැදිහත්වීමක ඇති අනිවාර්ය අවශ්‍යතාවයත් මෙයින් තවදුරටත් විග්‍රහ කෙරේ.

 

 

826666409_1141931708182648_7087416958199089198_n.jpeg

 

 

ලකානියානු මනොවිශ්ලේෂණය තුලින් ලිපි ලියන අයගේ ප්‍රමාණය සීග්‍රයෙන් ඉහල යමින් තිබේ. ශිෂැක් ගැන ලියන අය ද දැක ගත හැකිය. මෙවැනි අය තව ඉදිරියට තවත් බොහෝ සෙයින් වැඩි වනු ඇත. දැන් මෙය අමාරු කාර්යක් නොවේ. ChatGPT, Gemini, Claude වැනි AI මාදිලි ලවා ඒවා ලියවා ගත හැකිය.

 

 

නමුත් ඒවායේ ඇති ප්‍රධාන ප්‍රශ්නයවන්නේ එවැනි ලියන්නන් හට ඊට අදාළ දේශපාලනික මානය සලකුණු කල නොහැකි වීමයි.

 

 

එසේම ඒවායේ පැහැදිලි අඩුපාඩු තිබේ. උදාහරණයක් ලෙස සලකන්නේ නම් ඔය ඕනෑම AI මාදිලියක් ලකාන්ට අදාලව කරන වරදක් වන්නේ 'empty signifier' (හිස් හැඟවුම්කාරකය) යන්න ලකාන්ගේ ඉදිරිපත් කිරීමක් ලෙස ගෙනහැර දක්වීමයි. එය එසේ වන්නේ ලක්ලාව්-මූෆ් පශ්චාත් මාක්ස්වාදී ස්ථාවර AI විසින් පටලවා ගැනීමෙනි. නමුත් AI හරහා ලියන අයට එවැනි දේ නිරීක්ෂණය නොවේ. ඒ ඔවුනට සැබවින්ම ලකාන් පිළිබඳව අවබෝධයක් නොමැති හෙයිනි. එසේම, ඔවුනට කෙතරම් ලිපි ලිවිය හැකි වුව ද සංවාදයක් කල නොහැකිය.

 

 

AI හරහා ලියන අයට මුණ ගැසෙන ලකාන්ගේ විද්‍යාව පිළිබඳව ස්ථාවරය බොහෝදුරට ජවිපෙ, පෙසප වගේ පක්ෂවල, උදාහරණයකට පුබුදු ජයගොඩගේ ස්ථාවරයට සමාන ලෙස පෙනී යාම නොවැලැක්විය හැකිය. ඔවුනට ඉන් කෙසේවත් ගැලවිය නොහැක.

 

 

ChatGPT හෝ වෙනත් ඕනෑම සාමාන්‍ය කෘත්‍රිම බුද්ධි ආකෘතියක් එසේ වීමට බලපාන ඉතා පැහැදිලි න්‍යායික සහ තාක්ෂණික හේතු කිහිපයක් තිබේ.

 

 

පවතින විද්‍යාත්මක ආධිපත්‍යයට එරෙහි ලැකානියානු ප්‍රවේශය කෘතීම බුද්ධියට පහසුවෙන් හසු නොවේ. ඊට හේතු වන ප්‍රධාන න්‍යායික සහ තාක්ෂණික කාරණා මෙසේය:

 

LLM සතුව මනුෂ්‍යයෙකුට තිබෙන ආකාරයේ “විශ්වාස”, සත්භාවත්මක හෝ ඥානවිද්‍යාත්මක බැඳීම් නොමැත.

 

LLM විසින් නිෂ්පාදනය කරන පිළිතුරු, එය පුහුණු වූ සංග්‍රහයේ පවතින 'කතිකා' (discourse) වල සංඛ්‍යාත්මක විධිමත්භාවයන් මත පදනම් වන අතර, එම සංග්‍රහයන් තුළ පවතින ඇකඩමික, විද්‍යාත්මක, විශ්වකෝෂ, සහ සම්මතගත විග්‍රහක කතිකාවන් සඳහා විශාල බරක් ලැබේ.

 

ඒ නිසා AI විසින් පවතින දැනුම්-කතිකා වල භාෂාමය විධිමත්භාවයන් (linguistic regularities) ප්‍රතිනිෂ්පාදනය කිරීමට ව්‍යුහාත්මක නැමියාවක් දැක්වීම එහි ස්වභාවයයි.

 

AI සතුව ආත්මයක් (subject) නැත. දේශපලනය්දී තීරණාත්මක සාධකය වන්නේ ආත්මීයත්වයයි. එබැවින් AI සතුව ලකාන් පිළිබඳව විශාල වාග් මාලාවක් තිබිය හැකිය. නමුත් එයින් "දේශපාලනිකව ලැකානියානු න්‍යායාත්මක මෙහෙයුමක්" සිදුවන බව ඉන් අදහස් නොවේ.

 

කෘත්‍රිම බුද්ධි ආකෘති (ChatGPT ද ඇතුළුව) පුහුණු කර ඇත්තේ ලෝකයේ පවතින ප්‍රමිතිගත, විද්‍යාත්මක සහ වාස්තවික දැනුම් පද්ධතිය මතය. ලැකාන් හරහා පවසන්නේ නම්, AI ක්‍රියාත්මක වන්නේම "විශ්වවිද්‍යාල කතිකාව" තුළයි. එය විද්‍යාත්මක වාස්තවිකත්වය පරම සත්‍යය ලෙස සලකයි.

 

එබැවින් එම පදනමට පහරදීමක් AI ආකෘතියක් හරහා පහසුවෙන් සිදු වෙන්නේ නැත.

 

උදාහරණයකට විද්‍යාව විසින් "ආත්මය පෙරවරණය කිරීම" යන්න වටහා ගැනීමට තරම් ලැකානියානු දයලෙක්තික කියවීමක් සම්මත AI ආකෘතියකට ස්වභාවිකව නොමැත.

 

අනිත් ප්‍රධාන කාරණය වන්නේ සම්මත විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක ආකෘතියට ගැලපේද යන්න මත AI විසින් තීන්දු ගැනීමයි.

 

AI ලියන්නන් මුහුණ දෙන තවත් ගැටළුවක් වන්නේ සිංහල යෙදුම් පටලවා තිබීමයි. ඒ නිසා AI හරහා ලකානියානු ලිපියක් ලියන කෙනෙකුගේ ප්‍රධාන ගැටලුව වචන “වැරදිව පරිවර්තනය වීම” පමණක් නොව, එම වචන අතර ලකාන් විසින් ගොඩනගන ව්‍යුහාත්මක වෙනස්කම් නොමැති වීමයි.

 

AI මගින් ලකානියානු වචන විශාල ප්‍රමාණයක් සහ ලකානියානු ආකාරයේ භාෂාවක් නිෂ්පාදනය කළ හැකි නමුත්, එය ස්වයංක්‍රීයව ලකානියානු න්‍යායාත්මක ක්‍රියාකාරීත්වයක් සිදු කරන බව අදහස් නොවේ.

 

එබැවින් කෙටියෙන් පවසන්නේ නම්, AI තුලින් වන නිෂ්පාදනය පවතින දැනුම්-කතිකා, ඇකඩමික වර්ගීකරණයන් සහ සම්මත සංකල්පීය සිතියම්ගත කිරීම් ප්‍රතිනිෂ්පාදනය කිරීමට ව්‍යුහාත්මකව නැඹුරු වන අතර, ලකාන්ගේ ඉදිරිපත් කිරීම් වල වැදගත් වන lack, contradiction, subject, foreclosure, discourse සහ the Real වැනි ස්ථාන එම සම්මත ආකෘතීන් තුළට නැවත අවශෝෂණය විය හැකිය.

 

මේ පිළිබඳව වැඩිදුර අවබෝධය සඳහා මේ සබැඳියට යන්න:

https://www.spartacus.lk/9-4/2026

ස්පාටකස් ලිපි

නවතම ලිපි