SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලක්විජය බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර විනාශ වීමට ඉඩ හැර, බාල ගල් අඟුරු වෙනුවෙන් මහජන මුදල් ගෙවීමේ

මහා පරිමාණ දූෂණයක් මේ වන විට බලශක්ති අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන බවට සාක්ෂි හෙළිවී ඇත. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් දෙකක් එක පිට එක පැමිණ තිබියදී, සැපයුම්කරු "ටර්මිනේට්" (Terminate) කරනවා වෙනුවට ඔවුන්ට වන්දි ගෙවීමට බලධාරීන් උත්සාහ කරන්නේ කාගේ උවමනාවටද?

 

නොරොච්චෝලෙට හෙනහුරා පායයි!

බාල ගල් අඟුරු ජාවාරම සහ රජයේ නිහඬතාවය

 

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා වන ටෙන්ඩරය (LCC/25/TT/1) මේ වන විට බරපතල අර්බුදයකට ලක්ව ඇත. ලැබී ඇති නවතම තත්ත්ව වාර්තා සහ ගිවිසුම්ගත කොන්දේසි පිරික්සීමේදී පෙනී යන්නේ, මෙරට බලශක්ති සුරක්ෂිතතාවය සහ ජාතික දේපළ බරපතල අනතුරක පවතින බවයි.

 

 

 

 

1. ප්‍රමිතියේ පරතරය:

"මධ්‍ය අගය" සහ "ප්‍රතික්ෂේපිත අගය" (Standard vs Reject)

 

 

ගල් අඟුරු ගිවිසුමක පරාමිතීන් දෙකක් පවතී.

 

  • සම්මත මධ්‍ය අගය (Standard Value - Clause 5.1): සැපයුම්කරු ලබා දිය යුතු ප්‍රමිතියයි. උදාහරණ ලෙස කැලරි වටිනාකම (GCV) 6,150 kcal/kg විය යුතුය.
  • ප්‍රතික්ෂේපිත සීමාව (Reject Value - Clause 5.2): යම් හෙයකින් ප්‍රමිතිය මඳක් අඩු වුවද පැනල්ටි (Penalty) මුදලක් අය කරගෙන බාර ගත හැක්කේ එය 5,900 kcal/kg ට වඩා වැඩි නම් පමණි.

 

නමුත් 2026.01.02 දිනැති පරීක්ෂණ වාර්තාවට අනුව (Image 4), ලැබී ඇති ගල් අඟුරුවල කැලරි වටිනාකම 5,689 - 5,830 kcal/kg දක්වා පහත වැටී ඇත. මෙය 'ප්‍රතික්ෂේපිත සීමාවටත්' වඩා බාල මට්ටමකි.

 

2. එක පිට එක නැව් දෙකක්:

ගිවිසුම අහෝසි නොකරන්නේ ඇයි?

 

ගල් 3

 

 

ගිවිසුමේ 3.10.1 (b) II වගන්තියට අනුව, අඛණ්ඩව නැව් වාර දෙකකදී මෙලෙස ප්‍රතික්ෂේපිත මට්ටමේ (Reject Value) ගල් අඟුරු සැපයීම සැපයුම්කරුගේ බරපතල පැහැර හැරීමකි (Default). එවැනි අවස්ථාවක 3.11 වගන්තිය යටතේ කිසිදු වන්දියකින් තොරව ගිවිසුම අවලංගු කිරීමට රජයට පූර්ණ බලය ඇත.

 

 

ප්‍රශ්නය වන්නේ:

තාක්ෂණිකව සහ නීතිමය වශයෙන් ගිවිසුම අහෝසි කිරීමට ඉඩ තිබියදී, බලශක්ති අමාත්‍යවරයා මෙම බාල ගල් අඟුරු තොග බාර ගැනීමට සහ ගෙවීම් කිරීමට වෙහෙසෙන්නේ ඇයි?

 


ගල් 5

 

 

3. නීතිමය උගුල:

බලාගාරය විනාශ වුවහොත් වගකීම කාගේද?

 

 

මෙම ගිවිසුමේ ඇති අන්තරායකරම කොටස වන්නේ 3.5.6 වගන්තියයි. එමගින් පැහැදිලිවම දක්වා ඇත්තේ:

"ප්‍රතික්ෂේපිත සීමාවන් ඉක්මවා ගිය (Reject Limits) ගල් අඟුරු දැන දැනම බාරගන්නේ නම්, එමගින් බලාගාරයේ පද්ධතියට හෝ යන්ත්‍ර සූත්‍රවලට සිදුවන කිසිදු හානියක වගකීම සැපයුම්කරු බාර නොගන්නා බවයි."

 

 

ගල් 6ගල් 7

 

මෙහි සරල අර්ථය නම්, අළු (Ash) ප්‍රතිශතය 21% ක් වැනි ඉහළ මට්ටමක පවතින මෙම ගල් අඟුරු දහනය කිරීමෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර විනාශ වුවහොත්, එහි බිලද මහජනතාව පිට පැටවෙන බවයි. සැපයුම්කරු නීතියෙන් නිදහස්ය!

 ගල් 4

 

 

4. දේශපාලනික වගවීම සහ ජනාධිපතිවරයාගේ භූමිකාව

 

පසුගිය පාලන සමයන්හි සිදු වූ "හේලිස්" හෝ "බලශක්ති මාෆියා" ගැන දැඩි ලෙස විවේචනය කළ වත්මන් පාලනය යටතේම මෙවැනි විවෘත මංකොල්ලයකට ඉඩ ලැබීම පුදුම සහගතය.

 

  • බලශක්ති අමාත්‍යවරයාට ඇති වුවමනාව කුමක්ද?

 විද්‍යාත්මක දත්ත මගින් බාල බව තහවුරු වූ ගල් අඟුරු වෙනුවෙන් පෙනී සිටීමට අමාත්‍යවරයාට ඇති විශේෂ උනන්දුව පිටුපස ඇත්තේ කුමක්ද?

 

  • ජනාධිපති දිසානායක ගේ නිහඬතාවය:

"දූෂණය නැති කරනවා" යැයි පැවසූ ජනාධිපතිවරයා, තමා යටතේ පවතින අමාත්‍යාංශයක සිදුවන මෙම තාක්ෂණික කොල්ලය ගැන සොයා නොබලන්නේ මන්ද?

 

  • පැලවත්ත පූර්ණකාලීනයන් කොහේද?

 

දූෂණයට එරෙහිව හඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණේ හෝ මාලිමාවේ ක්‍රියාකාරීන්, තම ආණ්ඩුව යටතේම බලාගාරය විනාශ කිරීමට දරන මෙම උත්සාහය ගැන අන්ධ වී සිටින්නේ මන්ද?

 

 ගල් 8

 

 

මෙය හුදෙක් ගල් අඟුරු මිලදී ගැනීමක් නොවේ;

මෙය ජාතික දේපළක් වන ලක්විජය බලාගාරය සිතාමතා විනාශ කිරීමට සහ සැපයුම්කරුවෙකුට නීතිමය වගකීම්වලින් මිදී යාමට සකස් කළ 'රතු පලසකි'.

මෙම බාල ගල් අඟුරු තොග වහාම ප්‍රතික්ෂේප කළ යුතු අතර, ගිවිසුම කඩ කළ සැපයුම්කරු අසාදු ලේඛනගත කළ යුතුය. එසේ නොවන්නේ නම්, මෙහි වගකීම වත්මන් බලශක්ති අමාත්‍යවරයා සහ රජය සෘජුවම දැරිය යුතුය.

 

 

#සමාරා පරණවිතාන

 

 

නවතම ලිපි