SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකයේ සංවර්ධනමය කාර්යභාරය හා වගකීම දේශපාලනමය මෙන්ම කලමනාකාරීවේ.

දේශපාලනය සියලු දේ තීරනය කරන්නේය යන්න එක්තරා සමාජ මතයක් වුවත්, දේශපාලනයේ සාර්තකත්වය නූතන කලමනාකාරිත්වය මත රඳාපවතී. සමාජවාදී කදවුරට වඩා ධනවාදී කදවුර ඉදිරියට යන්නේත්, එහි ජනකොටස් වඩා යහපත් ජීවිතයක් ගත කරන්නේත් මෙම දේශපාලන හා කලමනාකරන සහයෝගය එකට එක ගැලපීම නිසාවෙනි.

 

 

 

 

තුලනාත්මකව බලන කල ලංකාවේ පවතින කම්කරු නීති හා භාවිතයන් මාක්ස්වාදී ආභාශයද ලැබූ අයිතිවාසිකම් මූලික කරගත්, වගකීම් දෙවැනි කොටගත් ප්‍රවේශයකි. එය Pro Labour ක්‍රමයකි. එය Pro Industry හෝ Pro service මතවාදයක් නොවේ. මෙහිදී ගොඩ නැගෙන තර්කය නම් කම්කරුවා නිසා ආයතනය හෝ වැඩපල පවතිනවාද? ආයතනය හෝ වැඩපල නිසා කම්කරුවා හෝ සේවකයා පවතිනවාද යන තර්කයයි.

 

 bimm

 

 

බොහෝ ආර්ථික වශයෙන් දියුනු සමාජ ලිබරල්වාදී හා ධනවාදී ආර්ථික සංවර්ධන මූලධර්ම යටතේ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකත්වය දියුනු කර ගනිමින් අද්විතීය ආර්ථික බලයන් ගොඩ නගා ගනු ලැබීය. මේ සදහා සේවකයාගේ හෝ කම්කරුවා ගේ දායකත්වය අවශ්‍යවේ. ඒ මගින් කම්කරුවා හෝ සේවකයාද තුලනාත්මකව ඉහල ජීවන තත්වයක් ලගා කරගනු ලැබීය. වැසිකිලි හෝදන්න හෝ බටහිර රටකට පැනගන්න ශ්‍රී ලංකාව වැනි රටවල PhD කාරයෝද දගලන්නේ ඒ නිසාය.

 

 

සේවකයා නොමැතිව කර්මාන්තය පවත්වා ගෙන යා නොහැක. ඒ අනුව ඔහුටද ඉල්ලුමක් ඇතිවේ. ඔහුට ලබාදෙන ප්‍රතිලාභ තීරණය වේ. ඔහුගේ දායකත්වය මත ඔහුගේ රැදී සිටීම තීරනයවේ. ඔහු ඇනයක් නම්, ඉල්ලිම් කර කර වැඩ නොකරන්නේ නම් ඇනය ක්ෂණයකින් ගලවා දැමිය යුතුය. එසේ නැත්නම් ආයතනය වසා දැමිය යුතුය. ආයතනය වැසුවොත් කොහොමත් කම්කරුවා ගෙදර යා යුතුය.

 

 

හැකියා කුසලතා මත ඉල්ලුම, පැවත්ම හා වරප්‍රසාද තීරනය වන කර්මාන්ත හා කම්කරු සබඳතාවයක් රටක ඉදිරිගමනට අවශ්‍ය වන්නෙ ඒ නිසාය. කලමනාකරුවාට ඉලක්ක ලබා දිය යුතුය. ඒ සදහා ක්‍රමවේද හදුන්වා දිය යුතුය. ඉලක්ක ඉටු නොකරන්නේ නම් ගෙදර යැවිය යුතුමය. දක්ෂයාම තෝරා ගන්නා ප්‍රවේශයකටම යා යුතුය. බැන දෙඩීමෙන්, අදෝනා නැගීමෙන් එය විසදිය නොහැක. එලෙස කිරීමෙන් ඇමතිවරුන්ට ඇමතිකමුත් එපා වීමට ඉඩ කඩ තිබේ.

 

ඇමති තුමාගේ අඳෝනාව යට සැගවුනු ශාපය මෙයයි. එය එක්තරා දුරකට 76 වසරක ශාපයේ ප්‍රධාන වගකීම් බල ප්‍රදේශයක්ද වන්නේය. එය හොරකමට, දූශනයටත් වඩා මුලු ආර්තිකය හා සමාජය පුරා ඔඩු දුව ඇති පිලිකාවක් බදුය. ඒ මත සිදුවී ඇති දීර්ගකාලීන හානිය ගනන් බැලීමට පවා නොහැකිය. වෘත්තීය සමිති වලට ඕනෑ හටියට වැඩ සිද්ධ විය. ආයතන වැසී ගියේය. සමහර ආයතන විදේශ ගතවිය. ලාභ අඩුවිය. තත්වය පිරිහුනි. සේවය පහල වැටුනි. දුක ඒකයි ඇමතිලාට. පව්!!

 

වැඩිදුර කියවීමට: 'ඒවා මෙහේ බෑ මචන්'

 

@ජිනසිරි දඩල්ලගේ

නවතම ලිපි