SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්ලාස්ටික් කෙට්ල් එකේ බොයිල් කරපු වතුරේ එහෙම නැතිනම්

ප්ලාස්ටික් ජග් එකක හීටරයක් ගහල බොයිල් කරපු වතුර ලීටරයක මයික්රොප්ලාස්ටික් මිලියන 10ක් විතර තියෙනවා කියල තමයි මේ ගැන හොයල බලල තියෙන විද්‍යාඥයින් කියන්නේ.

 

 

ඒ කියන්නේ එහෙම බොයිල් කරපු වතුරෙන් හදපු තේ කෝප්පයක මයික්රොප්ලාස්ටික් මිලියන දෙකකට වැඩිය තියෙනවා. තවත් විද්‍යාත්මක අනාවරණයකට අනුව, ටී බෑග් එකක් උණු වතුරට දාලා හදා ගන්නා තේ එකකට මයික්රොප්ලාස්ටික් මිලියන ගාණක් එකතු වෙනවා කියල කියැවෙනවා. පුරුද්දක් විදියට එහෙම තේ බොන කෙනෙකුගේ කාලයක් යනකොට ලේවල දුවන්නේ රුධිර සෛලවලට වඩා ප්ලාස්ටික් කෑලි.

 

 

බොහෝ දෙනෙකු ලේසියට පහසුවට මේ අවදානම් සහගත වැඩේ කරනවා. සමහරු තේ හදන්නෙත් ප්ලාස්ටික් ජෝගුවල. සමහරු ප්ලාස්ටික් බෝතල්වල උණුවතුර දාගෙනත් යනවා, පස්සේ කූල් වෙනවනේ කියල හිතාගෙන. සමහරු උණුවෙන්ම තේ බොන්නෙත් , තේ එකට සීනි දාලා දිය කරන්නෙත් ප්ලාස්ටික් හැඳිවලින්.

 

අවදානම් සහගතයි කියල විද්‍යාඥයින් කියල තියෙන දේවල් එක්ක සෙල්ලම් නොකර ඉන්න එක තමයි වඩා හොඳ. උණුවතුර උණු කරන්න හොඳම විකල්පය, ලෝහමය කේතල්. සුදු යකඩ කෙට්ල් එකක්නම් වඩා හොඳයි. සුදු යකඩ ඉලෙක්ට්රික් කේතලයක වුනත් ඒකේ ලිඩ් එකේ යට පැත්තත් සුදු යකඩද කියල බලන්න. සමහර බ්රෑන්ඩ්ස්වල ලිඩ් එකේ යට පැත්ත ප්ලාස්ටික්.

 

(වැඩිදුර විස්තර අවශ්‍යනම් කියවන්න පහත ලින්කුවෙන්)

https://pubmed.ncbi.nlm.nih.gov/34986566/

 

@ ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක 

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව.

නවතම ලිපි