SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපේ ලෝකය තනි පුද්ගලයින්ගේ සහ සාමූහික වීර කාව්‍යයන්ගෙන් සුපිෂ්පිතය. 

පසුගිය දින ගණනාවක් ලෝකයේ යුක්ති සහගත සහ සහකම්පිත ජනයාගේ සිත් වසඟයට ගත් “නිදහසේ නෞකා” සයුරු තරණය මෑත කාලයේ නෑසු විරූ විර කාව්‍යකි. එහි තාරකාව වූයේ ග්‍රේතාය. 

 

ඇය මෙන්ම රිමා හුසේන්ද අනෙක් ස්වේච්ඡා සහභාගිකයින් ද සිය හුස්ම බවට පත් කර ගත්තේ මානව වංස කතාවෙහි අනවරතයෙන් දැකිය හැකි ‘අධිරාජයා අසු පිටින් බිමට ඇද දැමීමට බිය නැති’ ජීව ගුණයයි.

 

 

මේ බලන්න.

 

හැරියට් ටබ්මන් උපන්ගෙයි වහළියක ලෙස උපන්නේ මෙයට වසර 102කට පෙර ඇමෙරිකාවෙහි මේරි ලෑන්ඩ් හිදීය. ළමා කාලය කස පහර ඇතුළු වධහිංසා වලින් පිරී තිබුණි. වයස 27හි දී ඇය වහල් බන්ධනයෙන් පළා ගියාය. ඇය පළා ගියේ හුදෙක් සිය ජීවිතය වෙනස් කර ගැනීමට පමණක් නොවේ.

 

hariat 2

‘උමං දුම්රිය මාර්ගය’ ඔස්සේ වහලුන් පලා යන අවස්ථාවක් දැක්වෙන සිතුවමක්/ Collinsart.org

 

 

බලයෙන් ලද නිදහස ප්‍රයෝජනයට ගනිමින් දුම්රිය බිංගෙය ලෙස හැඳින්වා ගත් ආරක්ෂිත නිවාස ජාලයක් භාවිතා කරමින් භාවිතා කරමින් හැරියට් ට්බ්මන් ඇගේ පවුලේ අය සහ මිතුරන් ඇතුළුව වහල්භාවයට පත් වූ පුද්ගලයින් 70 ක් පමණ බේරා ගැනීම සඳහා අනතුරු දායක මෙහෙයුම් 13 ක් පමණ තනිව සිදු කළාය. පසුව ඇය වහල් ක්‍රමය අහෝසි කිරීමේ සහ ස්ත්‍රීන්ට ඡන්ද අයිතිය ලබා ගැනීමේ ව්‍යාපාරයන්හි කැපී පෙනෙන ක්‍රියාකාරිනියක් බවට පත් විය. අයගේ නාමය ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ රනින් ලියැවී ඇත්තේ සමාජ ව්‍යාපාරයන්ට දුන් නොමියන සවිය නිසාය.

 

න්ගුයෙන් වැන් තෝයි

 

න්ගුයෙන් වැන් තෝයි වියට්නාමයේ දුගී පවුලක උපන්නේ මෙයට වසර 84කට පෙරය. යෞවනයකු ලෙස ඔහු ඇමෙරිකානු විජිතවාදීන් සිය රටෙන් පළවා හැරීම අරමුණින් ජාතික විමුක්ති පෙරමුණට බැදුණි. වසය 24ක් වූ වැන් ත්‍රොයි වෙත බරපතල වගකීමක් පැවරුණි. එනම් 1964 මැයි මාසයෙහි දකුණු වියට්නාමයට පැමිණි විසකරු යුදවාදීන් වූ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරා සහ තානාපති හෙන්රි කැබට් ලොජ් ජූනියර් ඝාතනය කිරීමයි.

 

harit 3

වැන් ත්‍රොයි වියට්නාම් ජාතික විමුක්ති පෙරමුණට අයත් ප්‍රසිද්ධියේ මරණ දඩුවමට නියම වූ පළමුවැන්නාය. අවසානය දක්වාම නොබියව සිටි වැන් ත්‍රොයිට වෙඩි තැබීම වාර්තා කිරීමට කැඳවූ මාධ්‍යවේදීන් අමතා සිය අවසන් වචන ගිනි පුපුරු බවට පත් කළේය.

 

 

සැලසුම වූයේ හමුදා ඔවුන්ගේ රථ පෙළපාලිය ගමන් කිරීමට නියමිත වූ කොං ලයි පාලම පුපුරවා හැරීමයි. සිය මෙහෙයුම සම්පූර්ණ කිරීමට පෙර වැන් ත්‍රොයි ඇමෙරිකානු ගැති දකුණු වියට්නාම් හමුදා විසින් අල්ලා ගැණුනි. වහාම වැන් ත්‍රොයිට මරණ දඩුවම නියම කරන ලදී.

 

වැන් ත්‍රොයි වියට්නාම් ජාතික විමුක්ති පෙරමුණට අයත් ප්‍රසිද්ධියේ මරණ දඩුවමට නියම වූ පළමුවැන්නාය. අවසානය දක්වාම නොබියව සිටි වැන් ත්‍රොයිට වෙඩි තැබීම වාර්තා කිරීමට කැඳවූ මාධ්‍යවේදීන් අමතා සිය අවසන් වචන ගිනි පුපුරු බවට පත් කළේය.

 

 

“ඔබ මාධ්‍යවේදීන් නිසා සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔබ හොඳින් දන්නවා. අපේ රටට ආක්‍රමණ එල්ල කළේ ඇමරිකානුවන්, ගුවන් යානා සහ බෝම්බ යොදා ගෙන අපේ ජනතාව මරා දැමුවේ ඔවුන්… මම කවදාවත් මගේ ජනතාවගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කර නැහැ. මම පියවර ගෙන ඇත්තේ ඇමරිකානුවන්ට එරෙහිවයි.”

 

 

පළමු වෙඩිල්ල වැදුණූ වැන් ත්‍රොයි “වියට්නාමය දිනේවා!” යැයි කෑ නැඟු හඩ කුණාටුවක් බවට පත් විය. වැන් ත්‍රොයි වියට්නාමයෙහි මෙන්ම ලොව පුරා විප්ලවවාදී පරම්පරාවක් කරා විප්ලවයේ ජීව ගුණය ගෙන ආවේය.

 

මෙයට වසර 61කට පෙර රාසයියා පාර්තිපන් නම් දරුවකු යාපනයේ උරුම්පිරායි හි උපත ලද්දේය. ඔහු තුන් හැවිරිදි වියෙහි දී මව මිය ගියේය. ගුරුවරයකු වූ පියා දියවැඩියාවෙන් මියෑදුණි.

 

 

har 4

 

යෞවන වියෙහිම ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට බැදුණි. ඔහු ඉන්පසු තිලීපන් නම් විය. ඔහු 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කලේ ඉන්දු ලංකා ගිවිසුමට සහ ඉන්දීය හමුදාවට විරුද්ධවය. මරණය අබියස සිට ඉන් දින 12කට පසු තිලීපන් සිය අවසන් පැතුම තලයට මුසු කළේය.

 

 

“ තවත් ටික දිනකින් මා මියයාවි ..එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන විමුක්තිකාමීන් දහසකගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත.”

 

 

තිලීපන් දෙමළ සන්නද්ධ අරගලයේ ධජයක් බවට පැමිනුණි. ඊළාම් අරගලය තුල මිය ගිය දෙමළ සන්නද්ධ නායකයින්ගෙන් තිලීපන් තරම් මෙරට පරසිදු නමක් ඇත්තේ ප්‍රභාකරන්ට පමණක් විය හැකිය.

 

har 5

වරක් පොලිස් අණ නොතැකීම  නිසා ග්‍රේටා තුන්බර්ග්ට අධිකරණයක් දඩ නියම කිරීමෙන් පැය කිහිපයකට පසු, ස්වීඩනයේ මැල්මෝ හි පැවති විරෝධතාවයකින් ඇයව බලහත්කාරයෙන් ඉවත් කරන ලදී.

 

 

ග්‍රේතා ටින්ටින් එලියනෝරා තුන්බර්ග් ස්වීඩනයේ කලාකාමී මාපිය යුවලකට දාව මෙයට වසර 21කට පෙර ඉපදුනි. ලමා කාලයේ සිටම පරිසර විනාශය ගැන කණස්සලට පත් ඇය වසය 15 දී දේශගුණික විපර්යාස වැළැක්වීමේ ‘දේශගුණය සඳහා පාසල් වර්ජනය” ව්‍යාපාරයේ ආරම්භිකාව බවට පත් විය.

 

ඇය සැම සිකුරාදාවකම පාසල් නොගොස් ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක යෙදුනේ ‘පැරිස් දේශගුණික ගිවිසුම” ට අනුව ස්වීඩනය සිය කාබන් පා සළකුණ අවම කර ගත යුතුය යන ඉල්ලීම උඩය. ලොව පුරා ව්‍යාප්ත වූ “ අනාගතය සඳහා සිකුරාදා” නම් දේශගුණිය සුරැකීමේ ව්‍යාපාරය ඇරඹුවේද ඇයයි. එමගින් ඇය ලොව පුරා නව දේශගුණික තරුණ නායක නායිකාවන්ගේ පරම්පරාවකටම ආදර්ශය බවට පත් විය.

 

ග්‍රේතා ක්‍රමයෙන් සමාජ සාධාරණත්ව ජන අරගලයන්ට සිය දායකත්වය දීමට පටන් ගත්තාය. 2020–2021 වසරයන්හි පැනනැගි ඉන්දියානු ගොවීන්ගේ විරෝධතාවයට ඇයගේ සහාය නිසා ගොවීන්ගේ විරෝධතාවලට විරුද්ධ වූ මෝඩිවාදී හින්දුත්ව ජාතිකවාදීන් විසින් දිල්ලියේ දී ඇයගේ පඹයකු පුළුස්සා දමන ලදී.

 

ඇය ගාසාහි ජන ඝාතනය සහ පලස්තීන ජනයාගේ අයිතිය උදෙසා සිය දායකත්වය සැපයීම නිසා යුදවාදී ඊශ්‍රාලයේද මුග්ද පාලකයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද වෛරයට පාත්‍ර විය. “නිදහසේ නෞකා” සමූහය සමඟ එක්ව සමුදුරු තරණයට ඇය පා තැබුවේ මාරක විරෝධතා නොසළකාය. ගාසා ජන ඝාතනයට පමණක් නොව පලස්තීන ජනයාගේ ඉඩම් කොල්ලයට ද ඇය විරෝධය පළ කරයි. එම වීර කාව්‍ය දැන් අපි අකුරක් නෑර දනිමු.

 

 

දැන් මේ කතාවත් අහන්න.

 

ග්‍රේතා ඊශ්‍රායල් අනීතික අත්අඩංගුවෙන් මුදා හැරුණු ජුනි 10 දින නීති විරෝධී ලෙස යාපනයෙහි දෙමළ ජනයාගේ ඉඩම්හි ඉදි කරන ලද විහාරයක් කරා ලක්ෂයක් බොදු බැතිමතුන් ගෙන යාමට උත්සාහ දැරෙමින් තිබුණි.

 

har 6

අනීතිකව තිස්ස විහාරයට අල්ලා ගත් සිය ඉඩම් ඉල්ලා උද්ඝෝෂණය කරන දෙමළ ජනයාට විරුද්ධව ජාජබ ආණ්ඩුව පොලිසිය යොදවයි.

 

 

තිස්ස විහාරය නම් මෙම බෞද්ධ ස්තූපය ගොඩ නගා ඇත්තේ තායියිඩි දෙමළ ජනයාගේ ඉඩම් බලයෙන් කොල්ල කෑමෙනි. මෙම ඉඩම් කොල්ලයට විරෝධය පෑම නතර කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පොලීසිය ඉඩම් හිමියන් ඇතුළු දෙමළ ජාතිකයින් 27 දෙනෙකුට එරෙහිව වාරණ නියෝගයක් පණවන ලදී. එම විරෝධතාව නතර කිරීම පිණිස වතුර විදින පොලිස් වාහන ඇතුළු බළඇණියක් යොදවා තිබුණි.

 

තිස්ස විහාරයට අයත් ඉඩම් ඇත්තේ වෙන තැනක ය. මේ ඉඩම් දෙමළ ගොවීන්ගේ නීත්‍යනුකූල ඉඩම් බව උතුරු පළාතෙහි ආණ්ඩුකාරවරයා පිළිගෙන තිබේ. යාපනය නගර මධ්‍යයේ පිහිටා ඇති නාග විහාරයට දෙමළ ජනයාගෙන් විරෝධයක් නැත. නොනැවත සිංහල ජනතාව දහස් ගණනින් එහි යති.

 

පසුගිය දින කිහිපයෙහි ග්‍රේතා, රිමා හුසෙන් ඇතුළු “ නිදහසේ නෞකා” සමුදුරු තරණය ගැන ඔබ කොතෙක් අසන්නට දකින්නට කියවන්නට ඇත්ද?

 

බලහත්කාරයෙන් දෙමළ ජනයාගේ ඉඩම් කොල්ලකා ගොඩ නැගූ තිස්ස විහාරය රැක ගැනීමට අන්ත ජාතිවාදීන් සමඟ පොලිසිය එක් වූ බවට එක් ජනමාධ්‍යයක හෝ වාර්තා කළේ දැයි මෙනෙහි කරන්න. එක් විරෝධතා පුවරුවක්වත් නෑ නේද?

 

ග්‍රේතා සාධාරණත්ව අරගලය එකිනෙකට සම්බන්ධ කළේය. අප එසේ නොකරන්නේ ඇයි?

 

 

@ සුනන්ද දේශප්‍රිය

අනිද්දා පුවත්පත

නවතම ලිපි