SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය පිළිබඳව අදහස් සමාජ ගතවෙමින් තිබේ.

සාමාන්‍ය සමාජයේ ඒ පිළිබඳව කතා බහ වන්නේ උපරිම දඬුවම් දීම තුලින් මෙවැනි ක්‍රියා වලක්වාගත හැකි බවය.

 

 දූ 4

 

රැඩිකල් වාමාංශිකයින්ට අනුව කුඩා කල සිට ලිංගික අධ්‍යාපනය ලබා දීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම වැනි දේ සිදු නොකිරීම මෙවැනි තත්වයන්ට හේතු වී ඇත. GMOAට අනුව, ලංකාවට අදාලව නම් වෛද්‍යවරුන් යනු "ස්වභාවික වරණය" ("ස්වභාවික වරණය" යනු දෙවියන් වහන්සේගේ තීරණයයි) විසින් තෝරා ඇති සුවිශේෂීම සමාජ කොට්ඨාශයයි (ලංකාව තුල ඊට ඉහල විද්‍යාඥයින් වැනි අය නොමැති බැවින්). ඔවුනට මෙරට තුල අති සුවිශේෂී වරප්‍රසාද තිබිය යුතු බවත්, එසේම ඔවුන් සාමාන්‍ය මිනිසුන් නොවන බවත්, අභිමානවත්, ගරු බුහුමන් ලැබිය යුතු සාමාන්‍ය මිනිස් ස්වභාවයෙන් වෙනස් සහ උසස් මිනිස් කොට්ටාශයක් ලෙස සැලකිය යුතු බවටත් වන ස්ථාවරයේ පසු වේ. එය සාමාන්‍ය සමාජයේ ද පිළිගැනීමයි.

 

 

 

පවතින්නේ ධනවාදයට අදාළ පන්ති සමාජයකි. එය තුල එකිනෙකාට අදාලව ඊගොව ගොඩනැංවෙන ආකාරය තුල එම අනන්‍යකරණ ක්‍රියාවලිය විසින් පුද්ගලයන් තමන් සහ අන් අයව දකින ආකාරය හැඩගැස්වනු ලබයි [සමාජය, නීතිය සහ අධිකාරිය වැනි බාහිර බලවේග නියෝජනය කරන "අනෙකා" ("Other") අපගේ ආශාවන් හැඩගැස්වීමේදී සහ අපගේ අනන්‍යතාවය හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි]. ගොඩනගාගන්නා මෙම ප්‍රතිරූපය බොහෝ විට ඛණ්ඩනය වී ඇති අතර එය ප්‍රමාණවත් නොවීමේ හැඟීම් ඇති කරයි. එවිට මිනිස් ආශාවන් හැඩගැසෙනු ලබන්නේ මූලික අඩුවක් (lack) මගිනි.

 

 දූ2

 

 

එනම්, යමක් නැති වී ඇති (missing) බවට වන හැඟීමකිනි. මෙම අඩුව සපුරා ගැනීමේ මාර්ග රාශියක් ධනවාදය තුල විවෘතව ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම යනු එම අවස්ථා තව තවත් පුළුල් වීමට ඉඩ හැරීමයි.

 

වෛද්‍යවරුනට අදාලව පවසන්නේ නම් තම වෛද්‍ය වෘත්තිය තුලම ඉහලට යාම, ව්‍යාපාරිකයින් බවට පත්වීම - ඒ හරහා භාණ්ඩ හා සේවා පාරිභෝජනයේ හැකි තාක් ඉහලට ගමන් කිරීම වැනි ෆැන්ටසීන් කරා (ෆැන්ටසි වසංගතය තුල) ධාවනය වීමේ ආශාවල් නඩත්තු කල හැකිය. සමාජයට පෙනෙන සේ ඔවුන් භාවිතා කරන වාහන, වටිනා ඇඳුම් පැළඳුම්-විලාසිතා, සුවිශේෂී ආහාරපාන සමගින් සම ඔපවත් කිරීම ඇතුළු රූපලාවන්‍ය තුලින් ලබා ගන්න සුවිශේෂී පෙනුම වැනි දේ විසින් තම අනෙකාට අදාලව කැපී පෙනෙන සුවිශේෂී වෙනසක් නඩත්තු කිරීම වෛද්‍යවරුන් විසින් සිදු කරයි. එවිට ඔවුනගේ ලිංගිකත්වය යනු ද එම සන්ධර්භය තුල පවතින්නකි.

 

 

ඒ ආකාරයේ විශාල පන්ති පරතරයක් පැවතීම තුල, දූෂකයාගේ පරිකල්පනය, එනම් දූෂකයා විසින් තමා සහ කාන්තාව පිළිබඳව (රට තුල සුවිශේෂීම මිනිසුන් කොට්ටාශයේ ස්ත්‍රියක් පිළිබඳව) ෆැන්ටසිකරණය කරන ආකාරය (බොහෝ විට යථාර්ථය විකෘති කරයි) තුල සමාජයේ පිළිගැනෙන හැසිරීම් නිර්වචනය කරන සමාජ ව්‍යුහයන්, ප්‍රතිමාන, නීති සහ සම්මතයන් ඉක්මවා ප්‍රචණ්ඩකාරී ආවේගයන් ඇතුළුව මිනිස් අත්දැකීම්වල අමු, කඩාකප්පල් කාරීත්වය ඉස්මතු වේ (යථ සෑම විටම ඉස්මතුවන්නේ කඩාකප්පල්කාරී සහ රෝග ලක්ෂණයක් ලෙසයි. මාක්ස්ගේ නිර්ධනයා යනු ද ධනවාදයේ රෝග ලක්ෂණයයි) මෙම රාමුව තුළ ස්ත්‍රී දූෂකයෙකු පරිකල්පනය තුළ සිරවී සිටින අතර, සංකේත රටාව හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කරන අතර පාලනය පිළිබඳ විකෘති ෆැන්ටසියක් රඟ දක්වයි.

 

 දූ 1

 

එනම්, ඒ ආකාරයෙන් තම "අඩුව" - නැති වීම සපුරාගත නොහැකි සමාජ කොට්ටාශයන් තුල මිනිසුන් මෙම අඩුව බොහෝ විට සාමාන්‍ය සංස්කෘතික, සමාජ ප්‍රතිමාන සහ නීති රීති ඉක්මවා ගිය විකෘති හෝ විපරීත ආකාරවලින් සපුරා ගැනීම සඳහා සෙවීමට පෙළඹේ (වෛද්‍යවරුන් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියා නොකරන සමාජ කොටස් විපරීත නොවන බවක් මිනි කියවෙන්නේ නැත). ඒ අනුව ස්ත්‍රී දූෂකයෙකු සම්බන්ධයෙන් ගත් කල, මෙම ආශාව හුදෙක් ලිංගික තෘප්තියට වඩා බලය සහ පාලනය පිළිබඳ අවිඥානික සංජානනයකින් හැඩගැසී තිබේ. ස්ත්‍රී දූෂකයෙකුට, ස්ත්‍රී දූෂණය ලිංගික ආශාවක් ගැන නොව, වින්දිතයා තම (මානසික) පරතරය පිරවීම සඳහා වස්තුවක් ලෙස වස්තුකරණය කිරීමකි.

 

වෛද්‍යවරියක් සාමාන්‍යයෙන් විවාහ වන්නේ හෝ සම්බන්ධයකට ගමන්කරනුයේ, බොහෝ විට වෛද්‍යවරයෙකුම හෝ ඇගේ පෙනුම සහ ඇය පැමිණෙන පන්ති ස්වභාවය අනුව හැකි නම් ඊටත් වඩා උසස් උගත් - සමාජ තත්වයක් හිමි අයෙකු සමගිනි. යුධ හමුදා සොල්දාදුවෙකු හට කිසි දිනක වෛද්‍යවරියක විවාහ කරගත නොහැකි අතර එවැන්නෙකු සමග විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධයකට හෝ වෛද්‍යවරියක් යොමු නොවේ (දෙවියන් වහන්සේ විසින් සුවිශේෂ ලෙස තෝරන ලද මිනිස් කොට්ඨාශයක් බැවින්). සමාජ මාධ්‍ය වල සංසරණය වන අදහස් වලින් කියවෙනුයේ මෙම සොල්දාදුවාට ගණිකාවක් සොයා ගැනීමට තිබූ බවය. එසේම ගණිකා වෘත්තිය නීතිගත කර තිබේ නම් දූෂකයා වෛද්‍යවරිය දූෂණය කර වරදකාරයෙකු ද නොවී තම අවශ්‍යතාවය ඉටු කරගනු ඇති බවට දැක්වෙන අදහස් ද එමටය. සොල්දාදුවාට ලිංගික කාර්යන් සඳහා ස්ත්‍රියක් සොයා ගැනීම කිසි ලෙසකින් අපහසු කාර්යක් නොවේ. නමුත් ඔහුට වෛද්‍යවරියක් (ඔහුගේ ෆැන්ටසි වස්තුව) සොයා ගත නොහැක. ප්‍රශ්නය එයයි.

 

දූ 3 

 

ඒ අනුව, උගත් සහ සමාජ බලය හිමි කාන්තාවක් ලෙස, වෛද්‍යවරිය, ස්ත්‍රී දූෂකයා හට ආධිපත්‍යය දැරීමට හෝ විනාශ කිරීමට බල කරන බව හැඟෙන පරමාදර්ශී හෝ ඔහුට අදාලව නම් අත් කරගත නොහැකි වස්තුවක් සංකේතවත් කරයි. නැවතත් පැවසිය යුත්තේ වෛද්‍යවරියක් යනු සංකේතීය බලය, අධිකාරිය, දැනුම සහ ස්වාධීනත්වය සහ සමාජ බලය නියෝජනය කරන කාන්තාවක් වන අතර, එය ගැඹුරු අනාරක්ෂිත භාවයකින් පෙළෙන කෙනෙකුට තර්ජනයක් විය හැකි බවයි (මනොවිශ්ලේෂණයට අනුව මෙම රූපකාය යනු දූෂකයාට අඩු, ඌන හෝ නොමැති දෙයක් - සංකේතීය බලය, දැනුම හෝ ස්වාධීනත්වය ඇති අයෙකු ලෙස වටහා ගත හැකිය). එසේ නම්, ස්ත්‍රී දූෂණය යනු ලිංගිකත්වය පිළිබඳව කාරණයක් නොව, දූෂකයා නොදැනුවත්වම ඊර්ෂ්‍යා කරන දේ "සොරකම් කිරීමට" හෝ විනාශ කිරීමට දරන උත්සාහයකි. දූෂනයකදී දූෂණයට ලක්වන ස්ත්‍රියගේ පාර්ශවයෙන් ද ඇයට අහිමි වන්නේ එම අභිමානයයි (ලිංගිකව බෝවන රෝග හෝ වෙන යම් අඬන්න්තේට්ටම් වීම් පැත්තකින් තැබූ විට).

 

"ෆැලසය" (Phallus) යනු හුදෙක් ජීව විද්‍යාත්මක ශිෂ්ණය නොව සංකේත රටාවෙහි බලය, අධිකාරීත්වය සහ අර්ථය නියෝජනය කරන සංකේතීය කෘත්‍යකි. දූරවලිගත අධිකාරියේ තනතුරක සිටින කාන්තාවකගේ (වෛද්‍යවරියක් වැනි) රූපකාය විසින් දූෂකයාගේ පුරුෂභාවය පිළිබඳ බිඳෙනසුලු හැඟීමට අභියෝග කරමින්, "බල රහිත හෝ ප්‍රමාණවත් නොවීම" පිළිබඳව බිය අවුලුවයි (castration anxiety). එවිට ප්‍රචණ්ඩකාරී ක්‍රියාව යනු ආධිපත්‍යය නැවත තහවුරු කිරීමට සොයන සහ මෙම සංජානනීය පාඩුව සඳහා වන්දි ගෙවීමේ විකෘති ක්‍රමයක් බවට පත්වේ.

 

 

දූ 5

 

 

මෙහිදී කෙනෙකුට ප්‍රශ්න කල හැක්කේ ඉහත විස්තර කරන ලද තත්වය සමාජයේ සියලු දෙනාට අදාළ නොවන්නේ ද යන්න සහ එසේ අදාළ වන්නේ නම් එම මිනිසුන් ස්ත්‍රී දූෂණ වැනි ක්‍රියාවන් සඳහා නොපෙළඹවෙන්නේ ඇයි ද යන්නයි. එනම්, සමාජයේ සුළුතරයක් පමණක් මෙවැනි ක්‍රියාවන් (ආයුධයක් පෙන්වා බිය ගන්වා දූෂණය කිරීම වැනි) සඳහා පෙළඹෙන්නේ ඇයි ද යන්නයි. අවිඥානය ව්‍යුහගත වන්නේ "සංකේත රටාව" මගිනි. එය සමාජ ප්‍රතිමාන-සම්මතයන්, නීති, භාෂාව සහ සංස්කෘතික සංකේත වලින් සමන්විත වේ. එවිට දූෂකයාගේ ආශාව යනු මෙම සංකේතාත්මක ව්‍යුහයන්ට ඔහු සම්බන්ධ වන ආකාරය විසන්ධි වීමකින් හෝ විකෘති කිරීමකින් පැන නැගිය හැකි තත්වයකි. මෙම රාමුව තුළ ස්ත්‍රී දූෂකයෙකු පරිකල්පනය තුළ සිරවී සිටින අතර, සංකේත රටාව (නීති, සමාජ ප්‍රතිමාන, ආචාර ධර්ම) හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කරන අතර පාලනය පිළිබඳ විකෘති ෆැන්ටසියක් රඟ දක්වයි.

 

 

"ප්‍රමෝදය" (Jouissance) යනු අධිකතර, බොහෝ විට ස්වයං-විනාශකාරී සංතෘෂ්ටියකි. ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන්, ස්ත්‍රී දූෂකයාගේ ධාවකය (drive) සාමාන්‍ය අර්ථයෙන් සංතෘෂ්ටිය දෙසට නොව, ආධිපත්‍යය සහ විනාශය (දූෂකයෙකු ලෙස දඬුවමට ලක්වීමට නියමිත වීම ඇතුළු) හරහා අතිශය, ඇඹරුන (twisted) අකාරයේ තෘප්තියක් දෙසට ගමන් කරයි.

 

 

පුද්ගලයෙකු මත ඇති සමාජ බලවේග සහ අපේක්ෂාවන් නියෝජනය වන්නේ "අනෙකා" තුලිනි. වෘත්තිකයෙකු ලෙස කාන්තා වෛද්‍යවරිය ස්ත්‍රී දූෂකයාට බලවත් "අනෙකෙකු" ලෙස සංකේතවත් වේ (එනම්, උගත් කම, සංකේත බලය, සාර්ථකත්වය, ස්වාධීනත්වය සහ ගෞරවය මූර්තිමත් කරන කෙනෙකු ලෙසය). මනෝවිශ්ලේෂණයට අදාලව පවසන්නේ නම්, ස්ත්‍රී දූෂකයාට සමාජයේ සංකේත පද්ධතිය, එහි බල ව්‍යුහයන් (දූෂකයාට හැඟෙනු ඇත්තේ ඔහු ඒ වෙතින් පරරෝපනයට ලක්ව ඇති බවයි) ඇතුළුව ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ජයගත යුතු වස්තුවක් ලෙස කාන්තා වෛද්‍යවරිය පෙනී යයි. මෙම අවස්ථාවේ දී, වින්දිතයා, කාන්තා වෛද්‍යවරියක් වීම තුල හුදු කාන්තාවකට වඩා වැඩි යමක් පැහැදිලිවම සංකේතවත් කරයි (ඒ පිළිබඳව ඉහතින් විස්තර කොට ඇත). ඇයට දූෂකයාගේ අවිඥානය තුල යම් දෙයක් නියෝජනය කළ හැකිය. එනම්, අධිකාරිය, බුද්ධිය, උගත්කම හෝ සමාජ තත්ත්වය වැනි, ස්ත්‍රී දූෂකයාට තමන්ගේම බලය සහ පාලනය පිළිබඳ හැඟීම තහවුරු කර ගැනීමේ උත්සාහයක් ලෙස ආධිපත්‍යය දැරීමට හෝ "සන්තක කර ගැනීමට" අවශ්‍ය විය හැකි තත්වයයි.

 

මෙම සිද්ධිය පිළිබඳව කතා බහ දිගහැරෙන අතරම මීගමුව රෝහලේදී වෛද්‍යවරයෙකු විසින් දූෂණය කර තට්ටු ගොඩනැගිල්ලකින් බිමට තල්ලු කර මරා දැමූ ඇඟලුම් කම්හලක සේවය කල තරුණිය පිළිබඳව කතාව ද කරලියට පැමිණ තිබේ. ඉහත විශ්ලේෂණය තුලින්ම එය ද තේරුම්ගත හැකිය. එහිදී වින්දිත තරුණිය පන්තිමය වශයෙන් සමක වන්නේ යුධ හමුදා සෙබලාට වන විට දූෂකයා සමක වන්නේ මෙම සිද්ධියේ වෛද්‍යවරිය සමගය. එනම් මෙම සිද්ධියේ ප්‍රතිලෝමයයි. එහිදී ලිංගික ක්‍රියාව කෙසේ සිදු වූවා ද යන්න (කැමැත්තෙන් ද යන්න) පිළිබඳව සාක්ෂි නොමැති අතර කෙසේ වෙතත් වෛද්‍යවරයාට අවශ්‍යව වූයේ එම පහල සමාජ පන්තික තරුණිය වෙතින් සම්පූර්ණයෙන්ම ගැලවී ශුද්ධවරයට පත්වීමටය. වෛද්‍ය සංගම් ඇතුළු අනෙකුත් වෛද්‍යවරුන් ද ඊට සහය දැක්වූයේ දෙවියන් වහන්සේ විසින් තෝරන ලද්දෙකු ඇති මෙවැන්නක් සිදුවීම තම මිනිස් සුවිශේෂත්වයට හානියක් සේ සලකනු ලැබූ බැවිනි.

 

@ස්පාටකස් ලිපි

නවතම ලිපි