SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහත සබැඳීන් තුල ඇති මෙම ලිපි ලිවීමට පෙර "ස්ත්රිවාදීන්" සහ ස්ත්‍රීවාදිනියන් බොහෝ දෙනෙකු

ඉතා ආඩම්බරකාරී ලෙස තම අදහස් ප්‍රකාශ කරන අයුරු දැකගත හැකි විය. දැන් එකල සිටි එවැනි ස්ත්‍රීවාදි කට්ටිය ඒ අර්ථයෙන් දැකගත නොහැක.

 

මෑතකදී දැකගත හැකි වූ ප්‍රබලතම ස්ත්‍රීවාදිනිය වූයේ ඩොක්ටර්ර්ර් කෞශල්‍යා ආරියරත්න පමණි.

 

 

"ලකාන්ට අනුව ස්ත්‍රීන් විසින් ඔවුන්ව සාමාන්‍යකරණයට ලක්වීමට ඉඩ නොදේ. 'ෆැලෝ කේද්‍රීය' (phallocentric) සාමාන්‍යකරණය වීමට පවා ඉඩ නොදේ. ස්ත්‍රිය යනු 'රෝග ලක්ෂණයක්' ("woman is a symptom of man) "වන්නේ එබැවිනි. එනම් ස්ත්‍රියකට පුරුෂ මානසික ආර්ථිකය වෙත සැමවිටම ඇතුල් විය හැක්කේ ෆැන්ටසි වස්තුවක් ලෙස පමණි (පුරුෂ "ආශාවේ වස්තු හේතුව"- object petit a)

 

 

ලකාන්ගේ ඉදිරිපත් කිරීම් තුල වඩාත්ම තීරණාත්මක ඉදිරිපත් කිරීමක් වූ 'ස්ත්‍රී ප්‍රමෝදය' (Feminine Jouissance) යනු ෆැල්ලසයට ඔබ්බෙන් යන්නකි ("beyond the phallus"). එනම් එම ප්‍රමෝදය ගූඩ ප්‍රීතිමත් බවකි (ecstasy). එය අපරිමිත පිළිවෙලකට අයත්ය. එසේම එය අර්ථවත් නොවේ. ස්ත්‍රීන් ඒ පිළිබඳව කිසිවක් නොදනී.

 

එනම්, හුදු සංකේතීය ගොඩනැංවීමක් නොවන තත්වයක් ස්ත්‍රිය සතුය. මෙම විග්‍රහය පුරුෂාධිපත්‍ය සංකේත රටාවට අභියෝගයක් ලෙස දැකිය හැක්කේ, යථ සමඟ සහභාග වූ ස්ත්‍රීත්වය, එහි පුරුෂ/ගැහැණු, විෂය/වස්තුව වැනි සුපිරිසිදු 'සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ' ('ද්විමය ප්‍රවර්ග') වලට බාධා කරන බැවිනි.

 

ස්ත්‍රීන් පුරුෂයන් හා සමව ක්‍රියා කිරීමට උත්සාහ දැරීම ආරම්භ වීමට පෙර ස්ත්‍රිය ගෘහස්ථව හෝ ගෘහ ආසන්නව කටයුතු කිරීමේදී පුරුෂයා ආර්ථිකමය කටයුතු වල නිරත වූයේ ස්ත්‍රියට දරුවන් සිටින බැවිනි. ළදරුවෙකු සිටී නම් ඇය ළදරුවාට අනීවාර්යයෙන්ම කිරි දිය යුතු අතර ළදරුවාගේ සියලු අවශ්‍යතා සැපිරිය යුතුය (එසේම අනෙක් දරුවන් ද පෝෂණය කරමින් රැක බලාගත යුතුය). ළදරුවාට මව සමග ඇත්තේ යථමය සම්බන්ධයකි (වැඩි වශයෙන්). භාෂාවෙන් සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගැනීමට හෝ එහි 'සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ' තුළ (පිරිමි/ගැහැණු, ආත්මය/වස්තුව වැනි) වර්ගීකරණය කළ නොහැකි නිසා "මාතෘ අනෙකා" ("maternal Other") සංකේතීය රටාවෙන් පිටත පවතින බව ලැකාන් යෝජනා කරයි (උදාහරණයකට ඉපුදුන ගමන් ළදරුවෙකු මවගේ තනයෙන් කිරි උරාබීම යන්න යථමය වේ).

 

මෙම "ඔබ්බට වීම" ("beyond-ness") සංකේත රටාවෙහි හුවමාරු පදනම් න්‍යායට පටහැනිව (හුවමාරු පදනම් න්‍යාය යම් අකාරයකින් තර්ජනයට ලක් වේ), පිළිගැනීමක් හෝ අන්නෝන්‍ය වශයෙන් ආපහු ගෙවීමක් බලාපොරොත්තු නොවෙමින් (ළදරුවා සමග මවගේ සම්බන්ධය යනු ඇය තම දරුවා වෙතින් පසුකාලීනව යම් යම් දේ බලාපොරොත්තුවෙන් ඇතිවන්නක් නොවේ), කොන්දේසි විරහිතව, දරුවාගේ අවශ්‍යතා සැපයීමේ මවගේ භූමිකාවට ආරෝපණය වී ඇත.

 

 

එය තවදුරටත් විස්තර කරන්නේ නම්, දරුවන් සමග ස්ත්‍රියට ඇති සම්බන්ධය පුරුෂයාගෙන් පැහැදිලි ලෙසම වෙනස් වන්නේ, ලේ පෙරාගෙන, වේදනාවෙන් ආරම්භ වන දරුවන් වැදීමේ සිට, කිරි දීම, දරුවන්ගේ අසූචි, මුත්‍ර, ඇතුළු සියල්ල සමග තම දරුවන්ට ඇති සම්බන්ධ තුලයි. දරුවන් වෙතට එවැනි සම්බන්ධයක් පිරිමියාගේ නොමැත. ඒ අනුව නැවතත් ප්‍රකාශ කල හැක්කේ එය හුදු සංකේතීය ගොඩනැංවීමක් නොවන බවය. ස්ත්‍රියගේ දරුවන්ට ඇති ආදරය යනු දරුවන්ට ඇති එම සම්බන්ධය තුල ඇති අනීවාර්ය කොන්දේසියකි. එසේම එය කොන්දේසි විරහිත සම්බන්ධයකි (එමීට පුතෙකු සිටීම, ඇය අත්කොට ගැනීමට බලාපොරොත්තු වූ අනන්‍යතාවය කරා ධාවනය වීම කඩාකප්පල් වීමට හේතු විය).

 

 

ධනවාදය තුල එය කෙතරම් පරාරෝපනයට ලක්වුව ද, එම අර්ථයන් තුල සම්පූර්ණ විය නොහැකි, අර්ථවත් විය නොහැකි, සම්බන්ධයක් එහි ඇත. නමුත් පුරුෂයා සහ තම දරුවා අතර සම්බන්ධය මේ වනවිට සම්පූර්ණ වශයෙන්ම ධනවාදී වටිනාකම් සහ දේපල සබඳතා තුල සංකේතීය ගොඩනැංවීමකි. ස්ත්‍රිය මෙම ගොඩනැන්වීම තුල නොමැත යන්න මින් අදහස් නොවේ. ස්ත්‍රිය ද සිටිනුයේ ඒ තුලය. නමුත් එහි ක්‍රියාකාරීත්වයට (ධනවාදයේ), අර්ථයන්ට බාධා පමුණුවන, අර්ථයකට ගෙන ආ නොහැකි, කොස්සක් ස්ත්‍රිය තුල පවතී.

 

දැන් කෙනෙකුට විමසිය හැක්කේ එසේනම් "ස්ත්‍රිය නොපවතී" ("Woman does not exist") යන ලකාන්ගේ සුප්‍රකට ප්‍රකාශයේ අර්ථය කුමක්ද යන්නයි. හොඳින් විමසා බැලුවහොත් ඉහත විස්තර කිරීම තුල ඇත්තේ එම ප්‍රකාශය තහවුරු කිරීමයි.

 

 

එනම් ස්ත්‍රිය පුරුෂ ගොඩනැංවීමක් තුල අර්ථවත් වී ඇති අතර එම ගොඩනැංවීම තුල වියුක්ත ස්ත්‍රිය නොපවතී. එනම් පුරුෂභාවය මෙන්, එම අර්ථයෙන් විශ්වීය ක්‍රියාකාරීත්වයක් ස්ත්‍රීත්වය සතු නොවේ ("ස්ත්‍රිය" යන්නෙහි තනි, විශ්වීය සාරයක් නොමැත. එනම්, සංකේත රටාව පුරුෂ කේන්ද්‍රීය භාෂාව සහ අර්ථය වටා ව්‍යුහගත වී ඇති බැවින් එය තුළ කාන්තාවන් සම්පූර්ණයෙන්ම නියෝජනය නොවන බවයි. ස්ථාවර කාන්තා අනන්‍යතාවයක් වෙනුවට, කාන්තාවක් වීමේ ඛණ්ඩනය වූ, බහුත්ව අත්දැකීමක් පමණක් තිබේ). ස්ත්‍රීවාදීන්, වම්මුන්, ලිබරල්වාදීන්, දිගින් දිගටම උත්සාහ දරනුයේ ධනවාදය තුල එම වියුක්ත ස්ත්‍රිය සොයා ගැනීමට සහ පුරුෂරූපීත්වයෙන් ගොඩනංවා ගැනීමටය.

 

 

ලකානියානු ස්ථාවරය ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය හෝ ඒ තුලින් ගොඩනැගුන පශ්චාත් නූතනවාදය සමග සමපාත නොවේ. ඒවායින් වෙනස්ව එය යථාවාදයකි (realism).

 

ඒ අනුව සැබෑ ස්ත්‍රීවාදය වන්නේ සියල්ලට ප්‍රථමයෙන් ස්ත්‍රිය යනු පුරුෂයා නොවේ යන්න පිළිගැනීමයි. එසේම එය කිසි දිනක සමනය කල නොහැකි ප්‍රතීඝතාවයක් (antagonism) ලෙස පිළිගැනීමයි. (antagonism යන්න පශ්චාත් මාක්ස්වාදීන් විසින් සිංහලට පරිවර්තනය කොට ඇත්තේ "පසමිතුරුතාවය" ලෙසය. නමුත් ලකානියානු අර්ථයෙන් එය පසමිතුරුතාවය ලෙස හැඳින්විය නොහැකිය).

 

පුරුෂයා හා සමාන වීමට ප්‍රයත්න දරනා බටහිර ස්ත්‍රීවාදයට ලිබරල්, සහ වාම යන ස්ථාවර දෙක තුලම එක විට කටයුතු කල හැකිය."

 

සම්පූර්ණ ලිපියේ සබැඳිය: http://www.spartacus.lk/de-24/2023/

තවත් අදාළ ලිපි දෙකක සබැඳීන්:

1. http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6.../2022/

2. http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a.../2022/

 

@ස්පාටකස් ලිපි

නවතම ලිපි