SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව

නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනුකරනු ලැබ තිබෙනවා.

 

 

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් 2016 වසරේදි අත්අඩංගුවටද පත්වුනා මතක ඇති. ඒත් ඒවා පසුව එම කටයුතු යටගියා. එදා වාර්තා වූ සහ සිදුවූ දේ ගැන කෙටියෙන් කියන්නම්.

 

 

2016 ජූලි මස 11 වන දින මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකය විසින් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලබන්නේ ක්‍රිස් ගෘප් නැමති සමාගමෙන් රුපියල් ලක්ෂ 700 ක මුදලක් ලබාගැනීමේ චෝදනාවටයි. ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනයට පිණිස ලබාගත් එකී මුදල පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කළ බව ප්‍රකාශ කෙරුනා.

 

 

ඇමෙරිකන් ඩොලර් මිලියන 650ක ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු ක්‍රිෂ් (Krrish Square) සමාගමට කොටුව ට්‍රාන්ස්වර්ක් ඉඩම ලබාදීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ රුපියල් කෝටි 45 ක කොමිස් මුදලක් ලබාගෙන ඇති බවයි එදා පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ.

 

මෙකී ගනුදෙනුව සඳහා ඔහු සමග තවත් කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සහ ප්‍රභූ දේශපාලනඥයන් තිදෙනකු සම්බන්ධ වී ඇති බව විමර්ශනවලදී හෙළිවුණා.

 

ක්‍රිෂ් සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර ඇතිකරගත් ගිවිසුම සඳහා නීති උපදෙස් ලබාදීමත් ගිවිසුම කෙටුම්පත් කිරීමත් සිදුකර තිබුණේ නාමල් රාජපක්ෂටම අයත් NR Associates නමැති නීතිඥ සමාගම විසිනි.

 

අදාළ නීතිඥ සමාගම මේ කටයුත්ත සඳහා යොදාගන්නා ලෙස ක්‍රිෂ් සමාගමට දැනුම් දී ඇත්තේ එවකට විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයද් වූ ආචාර්ය නාලක ගොඩහේවායි. වර්තමානයේ ඔහු සජබ සමග එක්ව සිටී

 

 

ව්‍යාපෘතියේ මූලික අවසරය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක් (රුපියල් කෝටි 45ක්) ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් ලබා ගන්නා ලෙස නාලක ගොඩහේවාට කෙටි පණිවුඩයක් (Text Message) ඔස්සේ දැනුම් දී ඇත්තේ ද නාමල් රාජපක්ෂයි. අදාළ මුදල සිංගප්පූරුවේ HSBC බැංකුවේ ගිණුමක තැන්පත් කර තිබෙනවා.

 

 

2012 වසරේ අත්සන් කළ ගිවිසුමට අනුව ක්‍රිෂ් සමාගමෙන් ලැබිය යුතු රුපියල් මිලියන 450 ක සම්පූර්ණ මුදල තමන්ට මෙතෙක් ලබා දී නැතැයි නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවත් ක්‍රිෂ් සමාගම සඳහන් කළේ ව්‍යාපෘතියට අදාළ සියලූ මුදල් තමන් ගෙවා ඇති බවයි.

 

මේ තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘතිය අක්‍රීයව පවතින අතර ප්‍රමාද ගාස්තුව ද සමඟ රුපියල් මිලියන 550 ක මුදලක් ගෙවන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රිෂ් සමාගමට දැනුම්දී තිබුණා.

 

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගේ දැනුම්දීම මත විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 40 ක මුදලක් ක්‍රිෂ් සමාගමට නැවත ගෙවා ඇතැයි එකල කියවුනා.

 

සිංගප්පූරු HSBC බැංකුවේ රුපියල් මිලියන 450 ක මුදලක තැන්පත් කිරීමට අදාළ රිසිට් පත සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් වාර්තා වාර්තා වුණා.

 

මේ දේවල් සිදුවූයේ රට යනු රාජපක්ෂවරුන් යයි  වර නැගුනු යුගයකයි. රජ කුමාරවරුන් රිසි සේ රට වළඳන්නට කටයුතු කළේ එලෙසය. මේ මුදල් අදවත් රටට හිමිවිය යුතුය.

 

 

@මහින්ද රුබසිංහ

නවතම ලිපි