SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇල්පිටියේ ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරනුයේ ප්‍රාදේශීය අනුග්‍රාහක දේශපාලනය

තවමත් ශක්තිමත් බවය. එම ප්‍රතිඵලයේ සුවිශේෂීම කරුණ වන්නේ පොහොට්ටුව විසින් 9.91%ක් ලබා ගැනීමයි.

 

 

 

එනම්, අප දිගින් දිගටම සඳහන් කල පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා බලය තවමත් ගම තුල ක්‍රියාත්මක වන අකාරය ඉන් පෙන්නුම් කරයි.

 

ජනාධිපතිවරණයේදී පොහොට්ටු ඡන්ද දායකයින් ඡන්දය ලබා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ වෙත බව ඉන් පැහැදිලිව පෙනේ (ප්‍රාදේශීය සභා මැතිවරණයේදී රනිල්ගේ සහය හිමි වීමට නියමිතව තිබූයේ පොහොට්ටුව වෙතය).

 

 

 අල්පිටිය

 

 

සජබ 5.25%ක පසුබෑමක් පෙන්නුම් කල ද මාලිමාවේ ඡන්ද ප්‍රතිශතයේ වර්ධනයක් නොමැත (ජනාධිපතිවරණයේදීට වඩා 1.73%ක අඩු වීමක් පෙන්නුම් කරනුයේ එම ආසනයේ නාගරික ප්‍රදේශය වන බෙන්තර කොට්ටාශය නොමැතිවය. එබැවින් එය අඩු වීමක් හෝ වැඩි වීමක් සේ දැකිය නොහැක).

 

 

ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන ලද්දේ සජබ, UNPය, හෝ පොහොට්ටුව වූයේ නම් මෙම ප්‍රතිඵලය දැක ගත හැකි වනු ඇත්තේ අදාළ ජයග්‍රාහි පක්ෂය 65% ද ඉක්මවන ප්‍රතිඵලයකින් ජයග්‍රහණය කරන ආකාරයයි. එසේ නම් ජවිපෙට අදාලව එය එසේ නොවන්නේ ඇයි? ඊට ප්‍රධාන හේතුව ජවිපෙ අනුග්‍රාහක දේශපාලනය නඩත්තු නොකරන බවට "ජනතාවට" ඇති දැනුමයි.

 

 

ඕනෑම රාජකාරියක් කරගැනීම සඳහා, නීතිමය සීමාව ඉක්මවමින් යම් කාර්යන් සඳහා අවසර ලබා ගැනීම, පොලීසිය සමග ගනු දෙනු කිරීමේදී ඇතුළු ඕනෑම රාජ්‍ය ආයතනයකින් කාර්යක් ඉටු කරගැනීමේදී ප්‍රාදේශීය සභා සභාපතිවරයා තීරණාත්මක සාධකයක්ව පැවතියේය. ඔවුන්ට බලය අහිමිව තිබෙන තත්වයක් යටතේදී පවා විශේෂයෙන්ම පොලීසියේ කාර්යන් සඳහා මැදිහත්වීමේ හැකියාව ඔවුනට තවමත් පවතී.

 

 

 

මෙම තත්වය තුල ජවිපෙට මාවත් දෙකක් ඇත. එනම් බලය රැකගැනීම සඳහා අනුග්‍රාහක දේශපාලනයට පියමැනීම හෝ අනුග්‍රාහක දේශපාලනය සහමුලින්ම උපුටා දැමීමයි. නමුත් මහා මැතිවරණයේදී ඔවුන් ද පුද්ගල චරිත ඉස්මතුකරමින් මනාප අංක ප්‍රදර්ශනය කිරීම තුල පෙනී යන්නේ අනුග්‍රාහක දේශපාලනය වෙත නැඹුරුවීමේ ප්‍රවනතාවයයි. ඒ කෙසේ වෙතත් මෙම ප්‍රතිඵලය තුල ඉදිරියේදී මාලිමාවට බලය රැකගැනීම සඳහා විශාල මර්ධනයක් දියත් කල යුතු බව පෙන්නුම් කෙරේ.

 

 

 

සෑම ප්‍රාදේශීය සභාවකම සිටි සභාපතිවරුන් එකවර විශාල වශයෙන් මුදල් සහ දේපල උපයාගෙන ඇත්තේ කෙසේ ද යන්න සොයා බලා ඔවුන් පිළිබඳව ඉක්මන් තීරණයක් නොගන්නේ නම් ජොන්ස්ටන් වැනි අය ඇතුලට යවා ඵලක් නොවනු ඇත.

 

 

@ස්පාර්ටකස් ලිපි

නවතම ලිපි