SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප රට විකිණීමේ මෑත කාලීන පුරෝගාමියා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ හිටපු ජනපති

මැතිවරණයට දින තුනකට පෙර බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කොට ලහි ලහියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF) අත්සන් තැබීය.

 

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උගුලක් වන්නේ ඇයි? අපට මේ අර්බුදයෙන් ගොඩ ඒමට අතිශය අපහසු වන්නේ ඇයි?

 

 

1) මේ අත්සන් කළ ගණුදෙනුවට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන 2027 දී අවසන් වන විට, රජය විසින් සෑම වසරකම ලබාගෙන ඇති විදේශ ණය සේවා සඳහා අපේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් ආපසු ගෙවීමට සිදු වේ.

 

2) ඒ සඳහා බදු අය කිරීම තුළින් උපයන රාජ්‍ය ආදායමෙන් 30%ක් සහ අපනයනයෙන් උපයන විදේශ විනිමයෙන් 30% ක වටිනාකම ලෙස ආපසු ගෙවිය යුතුය.

මේ ඉල්ලකම් අපගේ ආදායමෙන් අතිශය විශාල බව ඔබට නොකිවමනාය.

 

3) තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලට අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායීතාවය පදනම් වන්නේ 2027 වසරේ සිට සෑම වසරකම ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8% ක් ස්වෛරීත්ව බැඳුම්කර ලෙස ණයට ගැනීම මතය.

 

4) එමගින් විදේශ ණය ගෙවීම සඳහා නැවතත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක කොටසක් ආපසු හැරවීමට යොදා ගනු ඇත.

 

5) වෙනත් වචන වලින් කිවහොත්, 2027 සිට, ශ්‍රී ලංකාව නැවතත් සෑම වසරකම ඩොලර් බිලියන 1.5 හෝ ඊට වැඩි ස්වෛරීත්ව බැඳුම්කර ණයට ගැනීම ආරම්භ කරනු ඇත.

 

එය ඊළඟ ණය අර්බුදයට මග පාදයි.

අපේක්ෂිත නව බැඳුම්කර සන්දර්භය තුළ මේ තත්වය අවබෝධ කරගත් විට,

 

6) ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන්ට ගෙවිය යුතු මුළු වත්මන් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12.6 ක් වන නමුත්, සාර්ව සම්බන්ධිත බැඳුම්කර ලෙස හැඳින්වෙන සහ විවිධ අවිනිශ්චිත ප්‍රතිපාදන සමඟ පසුගිය සිකුරාදා පිළිගත් වංචනික ගණුදෙණුවෙන් අඩුවන ණය කොටස් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ට වඩා අඩුය.

 

පාඩුව දෙස බලන්න!

 

මේ වන විට ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍යකරුවන්ගේ වහල්භාවයට පත් කිරීමේ IMF උගුල ක්‍රියාත්මක වී ඇත. අපි රටක් සහ ජනතාවක් ලෙස එම උගුලේ රැඳී සිටීමට කැමතිද?

 

එසේ නොවන්නේ නම් අපිට ඇති විසදුම් මොනවාද?

 

*අහිලන් කදිරගාමර්ගේ ලිපියක් ඇසුරින්....

Ahilan’s article https://www.dailymirror.lk/.../Crooked-Bond.../172-293205

 

@Geethika Dharmasinghe

marrikkar

නවතම ලිපි