SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාව සමග සසදන විට ලංකාව සැලකිය යුත්තේ ප්‍රතිසංස්කරන භාෂාව නොදන්නා රටක් ලෙසය.

සමහර විට එය ලංකාව මාක්ස් වාදය මිස ලිබරල් වාදය නොදන්නා කම නිසා ඇති තිබෙන විශේෂ තත්වයක්ද විය හැකිය. ඉංදියාව කෙරෙහිද මාක්ස්වාදය බලපෑවේය.

 

එහෙත් ඉංදියාව කිසිවිටෙකත් ලිබරල් වාදයට තිබුණ ප්‍රමුඛත්වය අහිමි කොට එම තත්වය මාක්ස් වාදයට ලබා දුන්නේ නැත. ගාන්ධි වාදය පවා සැලකිය හැක්කේ ලිබරල් වාදයේ ඉන්දියානු අනුවාදය ලෙසය. ලාංකික දේසපාලන චින්තනය කෙරෙහි ලිබරල් බලපෑම තිබෙන්නේ ආන්‍තික තත්වයකය.මාක්ස්වාදි බලපෑම තිබෙන්නේ උපරිම මට්ටමකය.මාක්ස්වාදි මුල් පොත් සියගනක් සිංහලට පරිවර්තනය වී ඇතත් ලිබරල් වාදයේ මුල් පොත් කිසිවක් සිංහලට පරිවර්තනය වී නැත.මාක්ස්වාදි පොත් සමාජ ගත කෙරුනේද සෝවියට් අනුග්‍රහයෙන් නොමිලේ හෝ ඉතාමත් අඩු මිලකටය.මාක්ස්වාදය හා සම්ප්‍රදායික දේශීය චින්තනය එකට මිශ්‍රවී සිංහල මනස කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන චින්තන ධාරා දෙක ලෙස සැලකිය හැකිය.

 

නීතිය, ආණ්ඩු ක්‍රමය හා සමාජ- දේශපාලන පද්ධතිය තිබෙන නීතියට අනුකූලව වෙනස් කිරිම හෝ වැඩි දියුණු කිරීම ප්‍රතිසංස්කරණ ලෙස සැලකිය හැකි අතර ආණ්ඩු ක්‍රමය හෝ සමාජ- දේසපාලන හා ආර්ථික පද්ධතිය මහජන සහාය ඇතිව නීතියට පටහැනිව බලහත් කාරී ලෙස වෙනස් කිරීම විප්ලවය ලෙස සැලකිය හැකිය.බරපතල වැරදි සිදුවන අවස්තාවලදී ඒවා නිවරදි කිරීමෙන් තොරව එම වැරදි දීර්ග කාලීන ලෙස පවතින්නට ඉඩ හැර තිබීම හා ඒ නිසා සිදුවී තිබෙන වැරදි ගල් ගැසුණු තත්වයක තිබීම ලංකාවේ පරිහානිය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය.ප්‍රතිසංස්කරන භාෂාව සැලකිව හැක්කේ රටේ දේසපාලකයින්ට පමණක් නොව උගතුන්ට සේම මහජනතාවටද නොතේරෙන හෝ අඩුවෙන් තේරෙන භාෂාවක් ලෙසය.ප්‍රතිසංස්කරන වෙනුවෙන් පෙනී සිටින්නන් සටන් කාමි ආකල්ප ඇති අයට පෙනෙන්නේ දූෂිත පාලක පක්ෂය සමඟ කල්ලි ගැසී ක්‍රියා කරන ද්‍රෝහින් ලෙසය.බලහත්කාරි විප්ලවයන් මෙන් නොව ප්‍රතිසංස්කරන දිනා ගත හැක්කේ ඒ සඳහා පාලක පක්ෂය පොලඹවා ගැනීමෙනි.එහෙත් එවැනි ප්‍රතිසංස්කරණ උත්සහායන් ඔවුන්ට පෙනෙන්නේ පාලක පක්ෂය අරක්ෂා කිරීමට දරන සට කපට උත්සහායන් ලෙසය.රටක් විනාශකල පාලක පක්ෂයකට ඒ රට ගොඩ දැමීම සඳහා වන අවංක වුවමනාවක් තිබිය නොහැකිය යන්න ඔවුන් දරන මතය වේ.

 

දකුණු අප්‍රිකාවේ සුදු වර්ණ බේදවාදි පාලකයින් ලංකාවේ පාලකයින්ටත් වඩා දුෂ්ඨ හා කුරිරු කාර්‍යභාරක් ඉටු කල පාලක පක්ෂයක් ලෙස සැලකිය හැකිය.එහෙත් ඔවුන් ගේ ජනාධිපති ඩි. කලර්ක් 1963 සිට අත් අඩංගුවේ සිටි නෙල්සන් මැන්ඩෙලාව 1990 දී නිදගස් කොට වර්ණ බේදවාදි පාලනය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ඇතිකිරීම සඳහා මැන්ඩෙලාගේද සහාය ලබාගනිමින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරන ඇති කිරීම සඳහා ක්‍රියා කලේය. එහි අවසානයේ ප්‍රතිසංස්කරන සඳහා දොර ඇරවා ගැනීම සඳහා දොරට තට්ටුකල මැන්ඩෙලාටද ප්‍රතිසංස්කරන සදහා දොර අරින ලද ඩි කලර්ක්ටද ඔවුන් දෙදෙනා කරන ලද පරිවර්තනීය කාර්‍යභාරය වෙනුවෙන් 1993 දී නෝබේල් සාම තෑග්ග හිමි විය.එය සුද්දන්ගේ සේම බහුතර කල්ලන්ගේද වාසියට හේතුවූ දේශපාලන ගනුදෙනුවක් විය.දීර්ග කාලයක් (1936- 1975) ෆැසිස්ට් පන්නයේ ඒකාධිපති පාලනයක් ලෙස පැවති ස්පාඤ්ඤයේ ප්‍රජාතන්තවාදි පාලනයක් ඇතිවූයේද තරමක් ඊට සමාන අකාරයකටය.දීර්ග කාලින විනාශකාරි පාලනයක් පවත් වාගෙන ගිය ජෙනරල් ෆ්‍රැන්සිස්කෝ ෆැරැන්කෝ 1975 දී මරනයට පත් විය.ඔහු වෙනුවට රජකමට පත්වුයේ ජෙනරල් ෆැරැන්කෝගේ මුණුපුරෙක් වන ජුවන් කාර්ලෝස් කුමාරයාය.ඔහු තමන්ට තමන්ට හිමි රජකමද පවත්වාගෙන යාහැකි අකාරයට ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රති සංස්කරණ වැඩ සටහනක් වෙනුවෙන් පෙනී සිටියේය.එය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ පිලිගැනීමට හේතුවීම නිසා එකසත් රාජධානියේ මෙන් විවස්තානු කූල කිරීටයක්ද සහිත ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමයක් ඇති කරගැනීමට හැකි විය.

 

2022 රටේ ඇතිවූ බංකොලොත් බාවය හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ අරගලය ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ දිනාගැනීමට ඉතාමත් වාසිදායක සමාජ දේසපාලන වටාපිටාවක් ඇති කලේය.ඒ නිසා ගැඹුරු ප්‍රතිසංස්කරණවලට යාමෙන් තොරව රටට එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි දේශපාලන අර්තයෙන් හිරවූ තත්වයකට රට පත්ව තිබුණි. ගෝඨාභයගෙන් පසු ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ රට මුහුණදී තිබුණු එම සුවිශේෂ තත්වය හොඳින් තේරුම් ගෙන සිටි නායකයකු විය.ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගැනීමට ප්‍රධාන වැදගත් කමක් ලබා දී තිබුනද සමාජ- දේශපාළන ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරන ඇති කිරීමේ වැදගත් කමද ඔහු පිලිගෙන තිබුණි.

 

ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීමට හේතුවන ප්‍රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු කිරීම සඳහා ඊට දොරටු විවෘත කිරීමේ අවශ්‍යතාව ඔහු තේරුම් ගෙන එවැනි ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට එකතුවන ලෙස ඔහු විරුද්ධ පක්ෂවලට ආරාධනාකලද ඒ අවස්තාවේදී ප්‍රධාන විරුද්ධ පක්ෂ කණ්ඩායම් දෙකේ ප්‍රධාන අවධානය යොමු වී තිබුනේ බලය අල්ලා ගැනීම සදහා වන ඉක්මන් වැඩ සටහන්වලට මිස ප්‍රතිසංස්කරණ වැඩ සටහන් වලට නොවේ. අරගල කරුවන්ගේ සේම ඔවුන්ගේ අනුගාමිකයින් බවට පත්ව සිටි උගතුන්ගේද උනන්දුවට හේතුවී තිබුනේ බලය අල්ලා ගැනීමේ වැඩ සටහන් මිස ප්‍රතිසංස්කරන වැඩ සටහන් නොවේ. ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කරගැනීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් කරලියට ගැනීම සඳහා ලැබුණු ඓතිහාසික අවස්තාව නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඒනිසා ලංකාව අසමත් විය. දැන් අපි ප්‍රධාන මැතිවරණ දෙකකට යමින් තිබෙනුයේ සමාජ දේසපාලන ක්‍රමයේ ඇති කරගත යුතු ප්‍රතිසංකරන ඇති කරගැනීමෙන් තොරවය. දේසපාලන අර්තයෙන් ප්‍රමානවත් තරමකට විචක්ෂන වීමට ලංකාව සමත් වී නම් ලංකාව මේවන විට සිටිය යුතුව තිබුනේ ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීම සඳහා කල යුතුව තිබුන ප්‍රතිසංස්කරනවලින් අඩක් පමණ නිමා කොට ප්‍රධාන මැතිවරන වලින් පසුව සම්පූණ කල යුතු ප්‍රතිසංකරන පමණක් ඉතිරිවූ තත්වයකය. එ මගින් රටක් වශයෙන් ලංකාව ඇති කරගෙන තිබෙන හානියේ ප්‍රමාණය අති විශාලය.

 

ප්‍රතිසංස්කරන අවශ්‍යතාව තේරුම් ගත් අප කණ්ඩායමක් ඉදිරි මැතිවරන දෙකට පෙර ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීම සඳහා මහජනයාට ප්‍රයෝජනයට ගත හැකි ප්‍රතිසංස්කරන සඳහා වන “මුව දොරක්” විවුර්ත කරගැනිම සදහා වන උත්සහායක යෙදී සිටින්නේ රට ගමන් ගනිමින් තිබෙන මගෙහි යහපත් වෙනසක් ඇති කිරීමේ අරමුණෙනි.

 

අප දිනාගැනීමට අපේක්ෂා කරන ප්‍රතිසංස්කරන මුව දොර ගැන කෙටි පැහැදිලි කිරීමක් මෙසේය. අප ඉල්ලා සිටින්නේ ලක්ෂයක් පමණ වන මහජන කණ්ඩායමකට පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීමේ බලය ලබා දිය යුතු බවය.”මහජන ප්‍රාරම්භනය” ලෙස හැඳින්විය හැකි අප යෝජනා කරන ක්‍රමයට සමාන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට එකතු කර තිබෙන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හෙවත් මහජන කණ්ඩායමකට විවස්ථාදායකයට යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය රටවල් 26 ක ක්‍රියාත්මක වේ. වෙනත් රටවලට අතිරේඛව ආසියානු රටවල් දෙකක් වන පිලිපීනයේ හා තායිවානයේද, ඇමරිකා එක්සත් ජනපදයේ ජන පද රාජ්‍යයන් 24 කද මහජන ප්‍රාරම්භණ ක්‍රම ක්‍රියාත්මක් වේ. අප යෝජනා කර තිබෙන ක්‍රමය අනුව විසඳා ගැනීමට ප්‍රස්න තිබෙන මහජන කණ්ඩායමකට ලක්ෂයක් තරම් වන ලියා පදිංචි ජන්ද දායකයින් ගේ සහාය( අත්සන් තැබීමෙන්) ලබා ගත හැකි අවස්තාවකදී ඔවුන්ට බලපාන එම ප්‍රස්නය පිලිබඳ විග්‍රහයක් සමඟ ඔවුන් ගේ විසඳුම් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීමේ අයිතිය එම මහජන කණ්ඩායමට හිමි විය යුතුය.නීතියෙන් නියම කර තිබෙන කොන්දේසිවලට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන එවැනි යෝජනාවක් කථානායක වරයා පාර්මේන්තුවේ නියාය පුස්තකයට ඇතුලත් කොට විවාදයට දින නියම කොට විවාදයට ගෙන ජන්ද විමසීමකට ලක් කල යුතුය. යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් එය ආණ්ඩුව ක්‍රියාත්මක කල යුතුය.

 

මෙම නීතිය මහජනයට තමන් පීඩාවට පත් කිරීමට බලපා තිබෙන ප්‍රස්න හා ඒවාට තිබෙන විසඳුම් මහජන යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලය දෙන ඒ මගින් විවස්ථාදායකයේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට මහජනයාට දායක වීමට අවකාශ ලබා දෙන වැදගත් හා බලත් නීතියක් වනවා සේම පුරවැසියන් ප්‍රචන්ඩ ක්‍රියා මාර්ගවලට තල්ලු වීම වලකා ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන බැඳීම් ශක්තිමත් කරන නීතියක් ලෙස ද සැලකිය හැකිය.

මැතිවරණවලදී ජන්දය පාවිච්චි කිරීම මෙතෙක් ලංකාවේ ජනයා ඔවුන්ට තිබෙන පරමාධිපත්‍ය බලය අභ්‍යාස කල ප්‍රධාන ක්‍රමය විය. අපගේ මේ යෝජනාව නීති ගත කරගැනීමට සමත් වෙතොත් පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීම මගින් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයට හා ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම මගින්ද වඩා බලවත් අකාරයකින් ඔවුන්ට හිමි පරමාධිපත්‍ය බලය අභායාස කිරීමේ හැකියාව මහජනයාට ලැබෙන්නේය. එය පරමාධිපත්‍ය බලය අබ්‍යාස කිරීමට ලැබෙන දෙවැනි ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය.වයස අවුරුදු 21 ට වැඩි ගැහැණුන්ට හා පිරිමින්ට 1931 දී සර්ව ජන ජන්ද බලය ලබාදීමෙන් රටේ ලොකු විප්ලවයක් සිදුවිය. මහජන කණ්ඩායම්වලට පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය දිනා ගත හැකි නම් එය ද ලොකු විප්ලවයක් වනු නොවැලැක්විය හැකිය.

 

@වික්ටර් අයිවන්

news centre

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි